සාහිත්‍යමය ආධිපත්‍යය බිදැදමීම
සාහිත්‍යමය ආධිපත්‍යය බිදැදමීම
ඇමරිකානු ඉතිහාසය තුරාවටම අපිකානු- ඇමරිකානුවන් දැඩි වර්ගාබාදයට ලක්ව ඇත. අපිකානු- ඇමරිකානු සාහිත්‍යයේ මුල් අවදියේ, එම අත්දැකීම් වලින් පෙලඹවුණු කළු ජාතික ලේඛකයින්, තමන් ද සුදු ජාතික කතුවරැන්ට සම බව සමාජයට විදහාපාන්නට විය. එනම්, හෙන්රි ලුවිස් ගේට්ස් (කනිෂ්ඨ) කියු පරිදි, කළු ජාතික සාහිත්‍යයේ මුල් පදය වන්නේ කළු ජාතිකයන් හට ලිඛිත සම්පදායයක් නොමැති හෙයින් ඔවුන් පහත් සංස්කෘතියකැ'යි යන මතය බිද දැමීමයි.
කෙසේ වුවද, එම සාහිත්‍යමය ආධිපත්‍යය බිද දැමීමටත් කළු ජාතික ගත් කතුවරැන්ට තම හැකියාවන් විදහා දැක්වීමත් සමගම ඇමරිකානු එක්සත් ජනපදයේ සාහිත්‍යමය සම්පදායයන් ද වෙනස් විය.
මෙම මතධාරී විද්වතුන් පවසන්නේ සම්පදායික වශයේ ලේඛන කලාව සුදු ජාතික පුරැෂ කියාකාරකමක් ලෙස පමණක් එකල සමාජය පිලිගත් බවයි. නමුත් එම පිළිගැනීමත්, එපැවති සාහිත්‍යමය ආධිපත්‍යයත් සමගම බිද දැමීමට අපිකානු- ඇමරිකානු කතුවරැන්ට හැකිවුයේ අපිකානු ජන ජීවිතය හා වාචික සම්පදායයන් තම කෘතින් වලට සංයුක්ත කිරීමෙනී. මෙසේ අපිකානු- ඇමරිකානු සාහිතයය, දේශපාලන හා සංස්කෘතිකමය විමුක්තිය උදෙසා මෙවලක් ලෙස භාවිතා වුනු ආකාරය (විශේෂයින් ඩබ්ලියු.ඊ.බී.ඩුබොයිස් මගින්) දශක ගණනක් තුරා පකාශිත වී ඇත.