සාම ගිවිසුම්

විකිපීඩියා වෙතින්

දෙපිරිසක් අතර ඇතිවූ මොනයම් හෝ ගැටුමක් එම දෙපිරිස එක්වී සම්මත කරගත් ගිවිසුමක් මත සමථයකට පත්කරගනීනම් එම ගිවිසුම සාම ගිවිසුමක් ලෙස හැඳින්වීම සම්මතයයි.එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකික අපට "සාම ගිවිසුම්" යන්න හුරුපුරුදු වදනක් බවට පත්කරන්නට හේතු භූත විය.

සාම ගිවිසුම් සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

<font="1"> අතීතයේදීද විදේශීයරටවලින් කෙරුණු ආක්‍රමණමෙන්ම රට අභ්‍යන්තරයේ රජවරු අතර කෙරුණු ආක්‍රමණද හිඟනොවිණි.මෙවන් පසුබිමක්තුළ"සාමගිවිසුම්"අපට අද ඊයේ සිට ඇසුණු වදනක් පමණක්ම නොවන බව සිතන්නට පමණක්නොව ප්‍රත්‍යක්‍ෂකොට දැනගැනීමට අවශ්‍ය සාධකද අපගේඉතිහාසය අපටඋරුමකර දී තිබේ.


මෙහිදී "සෙල් ලිපි" වෙනත් බොහෝ කරුණුකාරණා හෙළිකරදීමට සමත් වන්නාක් මෙන්ම ඉහත කී සාධකයද සනාථ කරන්නට අවශ්‍යයෙන්ම හේතුප්‍රත්‍යවේ.

පැරණි සෙල් ලිපියක්



රාජකීය සාම කතිකාවත[සංස්කරණය]

<font="1">

සංගමු විහාර සෙල් ලිපිය

12වන ශතවර්ශයේ දී දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු රජවරුන් විසින් ලියවා පිහිටුවනලද සංගමු විහාර සෙල් ලිපිය පැරණි අභිලේඛන අතර වැදගත් තැනක් හිමිකරගත්තකි.එයට හේතුව මෙය වංශාගත කරුණක්ද සනාථකරවණු ලබන රාජකීය සාම කතිකාවතක් වන හෙයිනි.


කුරුණැගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ගමින් සැතපුම් දෙකක් ඊසාන දෙසට ගියවිට හමුවන උඩබුලත්ගම ප්‍රදේශයේ සංගමු විහාර සෙල් ලිපිය පිහිටා තිබේ.


මෙය දිගින් අඩි 4ක් හා පළලින් අඩි 3ක් හා අඟල්භාගයකින් ද යුක්ත වේ.කොටවා ඇති අකුරක්අඟල්2ක්පමණ උසය.


සංගමුව විහාර ලිපියේ බ්‍රාහ්මීය අක්ෂරයෙන් දක්වා තිබෙන අදහස සිංහල පෙළට නැගූවිට ඉස්මතු වනුයේ පහත දැක්වෙන ආකාරයේ අදහසක් වේ.


"ස්වස්ති ශ්‍රී මහා සම්මත පරම්පරාවෙන් නොපිරිහී පැවති ආ සත්‍යධන වූ ගජබාහු පරාක්‍රමබාහු දෙසුරුබඩු වම්හ.අප කළ සන්ධානයට ජීවිතාන්තදක්වා විග්‍රහයක් නොකරම්හ.ඔවුනොවුන් අයාමයෙහි පළමුව කෙනෙකුන්ගෙ.......පසුවූවන් අත්පත්වන්න..........එක්කෙනෙකුන්......වැ...මෙ....රාජ්‍ය වී ලුප්තවන නියායෙන් ........අප දෙදෙනා කෙරෙන් එක් කෙනෙකුන් හට සතුරු වූ රජ දරු කෙනෙක් ඇත්නම් දෙදෙනාටම සතුරහ.මෙයට විරුද්ධයක් කළොමො නම් තුණුරුවන් ආඥා මැකූවම්හ.නරකයෙන් මුක්ත නොවුවම්හ".


ඉහත දක්වා ඇති සිංහල පෙළ බ්‍රාහ්මීය අක්‍ෂර එලෙසින්ම සිංහලයට නැගූවකි සංගමු විහාර ලිපිය ස්භාවික උපද්‍රවයනට ලක්වීමෙන් එහි ඇතැම් අක්‍ෂර මැකීගොස් ඇති අතර ඇතැම් කොටස් කියවා ගැනීමද අසීරු වෙයි.මේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ"එපිග්‍රැපියා සෙයිලනිකා-Epigraphia Zeylanica"යනග්‍රන්ථයේ දැක්වෙන ඡායා අනුපිටපතින්ද පැහැදිළි වෙයි.


ඉහත සිංහල පෙළින් නැගූ අදහස සංක්‍ෂිප්ත කොට මෙසේ ලිවිය හැකිය."යහපතක් වේවා,ශ්‍රීමත් මහා සම්මත රාජ පරම්පරාවෙන් නොසිඳී පැමිණ සත්‍යයම ධනය කොට ඇති අපි ගජබාහු පරාක්‍රමබාහු ඥාති සොහොයුරෝ(දෙමස්සිනෝ)වෙමු.අප කළ මේ පොරොන්දුවට අනුව අප දෙදෙනාගෙන් පළමුව මැරුණකුගේ රාජ්‍යය නොමැරී ජීවත්වන්නාටඅයිතිවේ.එක්කෙනෙක් මේ රාජ්‍යය වැනසෙන අයුරින්(කටයුතු නොකළ යුතුය).......අප දෙදෙනාගෙන් එක්කෙනෙකුට සතුරුවූරජකෙනෙක් ඇත්නම් ඔවුහු අප දෙදෙනාටම සතුරුය.මෙය(ගිවිසුමට)විරෝධයක් (විරුද්ධයමක් )අප කළොත් තුණුරුවන්ගේ ආඥාව කඩකළෝ (ඉක්මවූවෝ)වෙමු.අපායෙන්ද නොමිදුණෝ වෙමු"


මේ සෙල්ලිපිය අවසානයේදී සංස්කෘත ශ්ලෝකයක්ද සඳහන්කර තිබේ.එහි දළඅදහසමෙසේය. "අනුන්ගේ යහපතම ධනය කොටඇති අප දෙදෙනගේ මේ ලියවිල්ල සඳහිරු පවත්නාතුරු ලොව ආරක්‍ෂාකෙර්වා".


ඉහත පරිදි සංගමුව විහාර සෙල් ලිපියෙන් දැක්වෙනුයේදෙමස්සිනාවරුන් වූ ගජබාහු සහ පැරකුම්බා යන රජවරුන් විසින් ගැටුම් සහගත යුධමය අවස්ථාවක් මඟහරවා ඇතිකරගනුලැබූ සමඟි සමාධාන ගිවිසුමක් හෙවත් "සාම ගිවිසුමකි".

සාම ගිවිසුමට හේතු වූ වියවුල[සංස්කරණය]

<font="1"> මහා වංශයේද සංගමු විහාර ලිපියෙන් දැක්වෙන වියවුල එහි70වන පරිච්ඡේදය මඟින් සවිස්තරව දක්වා තිබේ.


"කීර්ති ශ්‍රී මේඝ රජුගෙන් පසු දක්‍ෂිණ දේශයේ බලය අත්පත් කරගත් පරාක්‍රමබාහු රජු ලක්දිවම යටත්කරගැනීමේ අරමුණින් තම මස්සිනා වූ ගජබාහු රජුගේ යටතේ පැවති පොළොන්නරුව ලබා ගැනීමේ අරමුණින් සටන් කළේය.මේ සටනින් ජයගත් පරාක්‍රමබාහු රජු ඉතා පහසුවෙන් පොළොන්නරුව තමන් යටතට පත්කරගන්නා ලදී.


රජුගේ සේනාව ගජබා රජු අල්ලා මාළිඟයෙහිම සිරකොට තැබීය.එමෙන්ම මේ සේනාවෝ සිය ජයග්‍රණයෙන් උදම් වී පොලොන්නරු නගරය කොල්ලකන්නට වීය.මේනිසා පොළොන්නරුවේ වැසියෝ ඉතාම පීඩාවට පත්විය.මේනිසා ඔවුන් ඇමතිවරුන් සමඟ කතිකාකොටගෙන තමනට සිදුවූ විපත දන්වා තම රට වන පොළොන්නරුව බේරාගැනීමට උදව්වන ලෙස රුහුණේ රජකළා වූ මාණාභරණ රජුගෙන් ඉල්ලා සිටීය.


මෙතෙක්කල් පොළොන්නරුව දෙස ඇස ගසාගෙන සිටි මානාභරණ රජුට මෙය අඟනා අවස්ථාවක් විය.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ඔහු පොළොන්නරුව බේරාදීමේ මුවාවෙන් යුද කර පොළොන්නරුව අත්පත්කර ගත්තේය.එසේකොට අවසානයේ ගජබා රජු දඟගෙයි දම්මවා මරන්නට සැරසුණි.


මෙයින් භියටපත්වූ ගජබා රජු පැරකුම්බා රජුට පණිවුඩයක් යවමින් "පින්වත හැර මට අන් ආරක්ෂාවක් නැත.දුක්ඟින්නෙන් තැවෙන මා ඔබ වහන්සේගේ කරුණා ජලය ඉස සනසනු මැනවි."යනුවෙන් ඉල්ලා සිටියේය.පැරකුම්බා රජුද හෙතෙමේ මා නිසා දුක් වින්දේය.ඔහු දුකින් මුදාගැනීම මගේයුතුකමය"යයි සිතා මාණාභරණ රජු සමඟ බිහිසුණු සටනක් කොට ඔහුව පන්නා හැරීය.ඉන්පසුව ගජබා රජුව නිදහස් කිරීමට සැරසෙද්දී ඔහුගේ මිත්‍රද්‍රෝහී සෙනෙවියෝ පැරකුම්රජු කෝපකරවා රජු මරන්නට සිතා පැරකුම් රජුගේ භටයන්ට පහර දුනි.එයින් කෝපයට පත් පැරකුම්බා රජු යළිත් ගජබාහු රජුව අල්ලාගැනීමට සේනාව මෙහෙය වීය.


මෙසේ ඇතුළතින් හා පිටතින් පොළොන්නරුවට පහර දෙන්නට වූ කලගජබා රජු ත්‍රෛයිනිකායික භික්‍ෂූණ්වහන්සේලා වෙත ගොස් පිහිට ඉල්ලා සිටියේය.මහා සංගයාද ගිරිතලේ සිටි පැරකුම්බා රජු හමුවී බණ දේශනා කරන ලදී.එහිදී ගජබා රජු මහලු බවත්,සොහොයුරෙකු හෝ පුතෙකු නොනැති බවත් එහෙයින් මැරෙනතුරු ඔහුට රජකම් කිරීමට ඉඩදිය යුතු ඉවත් කියා සමඟි සන්ධානයක් (සාම ගිවිසුමක්)ඇති කළහ."


සංගමුව විහාර සෙල්ලිපිය පිහිටුවන ලද්දේ මේ ගිවිසුම මුල්කරගනිමිනි.පසුකාළීනව ගජබා රජුද මැදිරිගිරි විහාරයේ වූ ගලක "රජ රට මා විසින් පැරකුම්බා රජුට දෙන ලද්දේය"යනුවෙන් ගිවිසුම අනුදක්නා තවත් ලිපියක් කොටවන ලදී.

ඉපැරණි සාම ගිවිසුමේ වැදගත්කම[සංස්කරණය]

<font="1"> මේ ලිපිය ඉපැරණි සාම ගිවිසුමක් පමණක් නොව සිංහල රජුන් පිළිබඳව මහා වංශයේ වන තොරතුරුද සනාථකරවන්නකි.එයනම් සිංහලයේ ප්‍රාදේශීය රජුන් අතර පැවති අභ්‍යන්තරික යුද ගැටුම් ආදිය බෞද්ධාගම හා මහා සංඝයාගේ අනුදැනීම පිට සමථයකටපත්කොට සාමය උදාකරලීමට සිංහල රජවරුන් ක්‍රියාකළ බවය.මේ ලිපිය පිළිබඳව ඇතිවන තවත් ගැටලු සහගත කාරණාවක් කෙරේ පිළිතුරු සැපයීමේදීද මේබව සනාථ වෙයි.එම ගැටලුවනම් මේ රජුන් දෙදෙන මේ ගිවිසුම් ලිපිය තම රාජ්‍යයන්හි නොපිහිටුවා සංගමුව හා මැදිරිගිරිය යන විහාරයන්හි පිහිටවූයේ ඇයිද? යන්නයි.මහාචාර්ය පරණවිතාන මහතා මෙයට දෙන පිළිතුර වනුයේ "සාම ගිවිසුම ඇතිකරන්නට මුල්වූයේ මහා සංඝරත්නය නිසා සංගමුව හා මැදිරිගිරිය විහාරයන්හි ප්‍රධාන හිමිවරුන් ඉදිරිපිට මේ සෙල්ලිපි කොටවා එහිම පිහිටුවීම ගිවිසුමේ ස්ථීරත්වයට හා හිතවත්කමට වඩා යෝග්‍යයැයි සිතුවා විය හැකිය"යන්නයි.අනෙක් අතට බලනකලද තත්කාලීන රජවරුන් මහ ජනයා ගැවසෙන විහාරාමවල මේ ගිවිසුම් ස්ථාපිත කරවා ප්‍රසිද්ධ කිරීමෙන් මහා සංඝසා හා බෞද්ධාගම කෙරෙහි වූ භක්තිය ප්‍රදර්ශනය කොට යුද ගැටුම් නිසා අප්‍රසාදයෙන් පසු වූ මහජනතාවගේ ප්‍රසාදය යළි ලබාගත්බවද සිතිය හැකිය.මෙසේ මේ සංගමුව විහාර ලිපිය කිහිපාකාරයකින්ම අතීතයේ තොරතුරු අප වෙත ගෙන එන සන්දේශකයෙකු වී තිබේ.


ඒ සියලු කරුණු කාරණා යටපත් කරලමින් මෙහි වැදගත්කම වඩ ඩාත් ඉස්මතු වනුයේ,බෙහෙවින්ම විහාරාරාම පූජාදියට සීමිතව පවත්නා සෙල්ලිපි අතර රාජකීය සමඟි සන්ධානයක් ස්වදේශීයව සඳහන් වූ සෙල් ලිපියක් ලෙස' ඇත්තේ මේ සංගමුව විහාර සෙල් ලිපිය පමණක් වනහෙයිනි.


"මේ නිසා මේ සංගමුව විහාර සෙල් ලිපිය"සාම ගිවිසුම්"අතර "ඉපැරණි සාම ගිවිසුමක්"ලෙස අපගේ අතීත උරුමයන් තුළ බබළමින් අනාගතයේද පවතිනු ඇත".



මූලාශ්‍ර[සංස්කරණය]

"දිවයින බදාදා අතිරේකය",දිවයින, 2002,ඔක්තෝබර් 02වන බදාදා, ලේක්හවුස්,කොළඹ 10.


විශේෂ සටහන[සංස්කරණය]

<font="1"> ශ්‍රී ලංකාව හා බැඳුනු සාම ගිවිසුම්හි ඉතිහාසය දෙස බලනවිට, 12වන ශතවර්ශයේ ලියූ සෙල් ලිපියක්, "ඉපැරණි රාජකීය සමඟි සන්ධානයක් පිළිබඳ හෙවත් දැනට සොයාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ ඉපැරණිම සාම ගිවිසුම" පිළිබඳ තොරතුරු හෙළිකර දීමට සමත්වී තිබෙන අයුරු ඉහත කරුණු මඟින් පැහැදිළිකරදෙයි.


ඔබට ලෝකයේ සාම ගිවිසුම් සහ සාමය සම්බන්ධ තොරතුරුද ශ්‍රී ලංකාවේ සාම ගිවිසුම් සහ සාමය සම්බන්ධ තොරතුරුද පිළිබඳ වැඩිදුර අධ්‍යනයක් කිරීමට අවශ්‍යනම් කරුණාකර පහත දැක්වෙන ‍වෙනත් පිටු සහ අඩවියෙන් පිටත පිටු වෙත යොමුවෙන්න.

මේ පිටුත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සාම_ගිවිසුම්&oldid=593713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි