ශචී
පෙනුම
(සාචී වෙතින් යළි-යොමු කරන ලදි)
| ශචී | |
|---|---|
| ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ | |
ඉන්ද්‍ර (හෙවත් ශක්‍ර) සහ ශචී ඓරාවත නම් දිව්‍යමය හස්තියා මත නැග යන අයුරු, පංච් කල්‍යාණක (ජින රිෂාභනාථගේ දිවියේ ශුභ සිද්ධීන් පහ) නම් ජෛන ග්‍රන්ථයේ පත්‍රයකි, ආ. 1670 – ආ. 1680, LACMA කෞතුකාගාරයේ ඇති සිතුවමකි, මුලින් රාජස්ථානයේ ඇම්බර්වලිනි. | |
| දේවනාගරී | शची |
| අනුබැඳිය | මාත්‍රිකාවෝ |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | ඉන්ද්‍ර |
| දෙමාපියන් | පූලෝමාන් (පියා) |
| දරුවන් | ජයන්ත, ජයන්තී, මිධූස, නිලම්බර, ඍභූස්, ඍසාභ සහ චිත්‍රගුප්ත |
| වාහනය | සිංහයා, අලියා |
හින්දු ආගමෙහි (විශේෂයෙන්ම, මුල්කාලීන වෛදික වාර්තාවන්හි), ශචී (සංස්කෘත: शची) හෙවත් ඉන්ද්‍රාණී (ඉන්ද්‍රගේ රැජින), ඓන්ද්‍රී, මහේන්ද්‍රී, පූලෝමජා හෝ පෞලෝමී යනුවෙන් හැඳින්වෙන්නේ කෝපයට සහ ඊර්ෂ්‍යාවට අධිපති දෙවඟනයි. ඇය වෙනුවෙන් කිසිවකු බලානොහිඳි හෙයින් දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළුණු මැය පූලෝමාන් නැමැති අසුරයාගේ දියණියයි. පූලෝමාන්ව ඉන්ද්‍රාණිගේ අනාගත සැමියා වූ ඉන්ද්‍ර විසින් මරාදමන ලදී. ඇය සප්ත මාත්‍රිකාවන්ගෙන් (මාතෘ දේවතාවියන්) අයකු ද වේ. ඇය රූමත් බවත්, අලංකාර නෙත් හිමිවූ බවත් පැවසේ.
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Kinsley, David (1998) [1987]. Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions. Delhi: Motilal Banarsidass Publishers. ISBN 81-208-0379-5. OCLC 750640724.