දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය

විකිපීඩියා වෙතින්
(සාග් වෙතින් යළි-යොමු කරන ලදි)


“දකුණු ආසියානු සහයෝගීතා සංවිධානය ” ( SAARC)[සංස්කරණය]

සාර්ක් සංවිධානය හෙවත් දකුණු ආසියානු සහයෝගීතා සංවිධානය යනු දකුණු ආසියාතික රටවල් 08 ආර්ථික හා දේශපාලනික සහයෝගීතාවය උදෙසා පිහිටුවන ලදි. 1985 දෙසැම්බර් 08 වන දින ශ්‍රී ලංකාව, බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ඉන්දියාව යන රටවල සහභාගීත්වයෙන් සාර්ක් සංවිධානය ආරම්භකරන ලදි. 2007 අප්‍රේල් මස පැවති දහ හතරවන සමුළුවේදී ඇෆ්ගනස්ථානය ද මෙහි සාමාජිකත්වය ලබාගන්නා ලදි.

ඉතිහාසය[සංස්කරණය]

1970 දී බංගලාදේශයේ ජනාධිපති වූ සියාවුර් රහ්මාන් විසින්, කළාපීය පොදු ප්රදශ්න අරඹයා පොදු ආකල්පයක් අනුව කටයුතු කිරීමේ අරමුණින් මෙම සංවිධානය පිළිබඳ සංකල්පය යෝජනා කරන ලදී. 1981 අප්‍රේල් මස ,කොළඹ දී රටවල් හතේම විදේශ ලේකම්වරු ප්‍රථම වරට හමුවී කළාපීය සහයෝගීතාවය ගොඩනංවාගත හැකි අංශ පහක් (5ක්) කෙරෙහි අවධානය යොමුකරන ලදි.


මෙතෙක් පැවැත් වූ සමුළු[සංස්කරණය]

  ඩැකා                                   1985    දෙසැම්බර්         07-08 
  බැංගලෝර්                            1986    නොවැම්බර්       16-17
  කත්මන්ඩු                              1987    නොවැම්බර්        02-04	
  ඉස්ලාමාබාත්                        1988    දෙසැම්බර්          29-31
  මාලෙ                                     1990    නොවැම්බර්        21-23
  කොළඹ                                 1991    දෙසැම්බර්          21
   ඩැකා                                    1993    අප්රේෙල්               10-11
  නවදිල්ලිය                            1995    මැයි                   02-04
  මාලෙ                                    1997    මැයි                   12-14
  කොළඹ                              1998    ජූලි                    29-31
  කත්මන්ඩු                              2002   ජනවාරි                 04-06
  ඉස්ලාමාබාත්                      2004   ජනවාරි                 02-06
  ඩැකා                                   2005   නොවැම්බර්         12-13
  නවදිල්ලිය                           2007   අප්රේ ල                   02-03
  කොළඹ                              2008   අගෝස්ත              01-03
  භූතානය                              2010  පෑවෑත්විය

සාමාජිකයන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • ලෝක සංවිධාන 02 - චාමින්ද සෙනෙවිරත්න