සාගර ආම්ලීකරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
The CO2 වායුගොලය සාගරය අතරමෑදි කලාපය

සාගර ආම්ලිකරණය[සංස්කරණය]

වායුගොලය හා සාගරය අතරමෑදිකලාපය

මානවයා විසින් නිකුත් කරන ලද කාබන් ඩයොක් සයිඩ් මගින් මුහුද මතු පිට PH අගය 1700 හා 1990 වකවානුවලදී වෙනස් වේ.

සාගර ආම්ලීකරණය යනු පෘථිවි සාගරවල සිදුවන pH අගය අඩුවීමට දී ඇති නමයි. වායු ගෝලයේ කාබන් ඩයොක් සයිඩ් ප්‍රමාණය මිනිසා විසින් වැඩි කරනු ලැබීම නිසා (මිනිස් ක්‍රියාකාරකම් මගින්) මේ තත්ත්වය උදාවී ඇත. වර්ෂ 1751 සිට 1994 දක්වා සාගර මතු පිට pH අගය දල වශයෙන් 8.179 සිට 8.104 දක්වා එනම් -0.75ක වෙනසක් ලෙසින් අඩුවී ඇති බවට ගණන් බලා ඇත.

කාබන් චක්‍රය[සංස්කරණය]

ස්වභාවික කාබන් චක්‍රයේදී වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වායුගෝලය, භෞමික ජෛව ගෝලය හා සාගර අතර ප්‍රවාහයන්ගේ සමබරතාවය නිරූපණය කෙරේ. භූමි පරිහරණය කිරීමේ වෙනස්කම් පොසිල ඉන්ධන දහනය හා සිමෙන්ති නිෂ්පාදනය වැනි මානව ක්‍රියාකාරකම් වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයක් ගලා ඒමට හේතු වී ඇත. ඒවායින් ඇතැම් කොටසක් වායු ගෝලයේ ඉතුරු වී ඇත. (ඒවා වායු ගෝලීය සාන්ද්‍රණය වැඩි වීමට වග කියයි.) ඇතැම් කොටස් භෞමික ශාක මගින් ලබාගන්නා බවත් ඇතැම් ඒවා සාගර මගින් අවශෝෂණය කර ගන්නා බවත් විශ්වාස කෙරේ.

CO2 දිය වූ විට එය ජලයත් සමග ප්‍රතික්‍රියා කොට අයනික හා අයනික නොවන රසායනික විශේෂ අතර තුලිතතාවයක් ඇති කරයි. ඒ ජලීය කාබන්ඩයොක්සයිඩ් (CO2 (aq)) කාබනික් අම්ලය (H2CO3) බයිකාබනේට් HCO3- හා කාබනේට් CO32- අතර වේ. මෙම විශේෂ අතර අනුපාතය රඳා පවතින්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය හා භාෂ්මිකතාවය යන සාධක මතයි. (සාගරයේ ද්‍රව්‍ය පොම්පය) ලිපිය වැඩි විස්තර සඳහා බලන්න.

CO2 මුහුදු ජලයේ දියවීම නිසා සාගරයේ H+ අයන සාන්ද්‍රණය වැඩි කරයි. එමනිසා මුහුදු ජලයේ pH අගය අඩුවේ. මෙම ක්‍රියාවලිය විස්තර කිරීමට සාගරික ආම්ලිකරණය යන පදය 2003 දී කැල්ඩේරියා හා විකට් විසින් හඳුන්වා දෙන ලදී.

කාර්මික විප්ලවය ආරම්භ වීමත් සමග ඒකක දශම 1 කින් පමණ සාගරික pH අගය පහත වැටුණු බව විශ්වාස කෙරේ. මිනිසා විසින් නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවශෝෂණය කළහොත් 2100 වන විට තවත් ඒකක දශම 3 සිට 5 දක්වා සාගරික pH අගය පහත වැටෙතැයි ගණනය කොට ඇත.

සාගරය ආම්ලීකරණය වුවද එහි pH අගය ජලයේ උදාසීන 7 ට වඩා වැඩි බව හඳුනා ගන්න. එබැවින් සාගරය භාෂ්මික තාවයෙන් අඩුවන බවට විශ්වාස කළ හැක.


විය හැකි සංඝට්ඨන

Average surface ocean pH[1]

Time pH pH change Source Pre-industrial (1700s) 8.179 0.000 analysed field[2]

Recent past (1990s) 8.104 -0.075 field[2]

2050 (2×CO2 = 560 ppm) 7.949 -0.230 model[1]

2100 (IS92a)[3] 7.824 -0.355 model[1]



ලෝකයේ සාගර මගින් ස්වභාවිකවම Co2 අවශෝෂණය මිනිසා විසින් නිකුත් කරන Co2 වල ආචරණයන් දේශ ගුණය සම්බන්ධයෙන් අවම කිරීමට උදවු වුවත් Ph අගය අඩු වීම සෘණාත්මක ප්රගතිඵල ඇති කරවිය හැකි බවට විශ්වාස කෙරේ. ඒ ප්රාාථමිකවම සාගරයේ කැල්සි භූ ගත ජීවීන් සඳහාය.කැල්සයිට් හෝ කැල්සියම් කාබනේට් හි ආගනයිට් බහුරූපී ආකාර සෛල ආවරණයන් හෝ සැකිලි ඇති කිරීමට ඔවුන් යොදා ගනු ලැබේ. කැල්සි කෘත ජීවීන් ආහාර දාමවල ස්වයංපෝෂීන්ගේ සිට විෂම පෝෂීන් දක්වා පැතිර යන අතර කොකෝ ලිතෝ පොරාවන්, කොරල්, ෆෝරනිමි ෆේරාවන්, එකයිනෝ ඩමාටවන්, ක්රසෂ්ටේෂියාවන් හා මොලුස්කාවන් අන්තර්ගත කර ගනී.

සාමාන්යා තත්ත්ව යටතේ කාබනේට් අයන සුපිරි සංතෘප්ත සාන්ද්ර ණ යටතේදී ඇති බැවින් කැල්සයිට හා ආගනේට මතුපිට ජලයේදී ස්ථායී වේ. කෙසේ නමුත් සාගර Ph අගය පහත වැටීමත් සමග එම අයනයේ සාන්ද්රීණය පහත වැටෙන අතර කාබනේට් අයන අසංතෘප්ත වන අතර CaCO3 වලින් සෑදුණු ව්යුපහයන් ද්රාටවණය වීමේ අවධානමක් ඇත. පරීක්ෂණ දැනට සොයා ගෙන ඇති අන්දමට කොරල්, කොකොලිකෝබෝන් ඇල්ගී, කොරලයින් ඇල්ගී, කොරණිමි ෆෙරාවන්, කවච මාළුවන් හා ටෙරෝ පෝඩාවන් වැඩිකල CO2 තත්ත්ව යටතේදී කැල්සිභූත වීම අඩුවීමට හෝ ද්ර ව්යවවීමට නැඹුරු වේ. 2005 ජුනි මාසයේදී ලන්ඩන් රාජකීය සමාජය සාගර ආම්ලීකරණය සහ එහි විභව ප්ර තිඵලයන් පිළිබඳ විස්තීරණ දැක්මක් ප්රේකාශයට පත්කළේය.

කෙසේ නමුත් ඇතැම් අධ්යියනයන් සොයා ගත් අන්දමට වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් ආංශක පීඩනය වැඩි කල තත්ත්ව යටතේ දී ප්රනභාසංස්ලේෂණය සහ කොකෝලිතෝ පොරාවන්ගේ කැල්සිභවනය ද වැඩි වීමත් සමග සාගර ආම්ලීකරණයට විවිධ ප්රලතිචාර පවතී. Co2 වැඩිකල තත්ත්ව යටතේ දී ප්රා ථමික නිෂ්පාදනය සහ කැල්සිභවනයේදී මීට සමානවම අවනතීන්ද ඇත. ප්ර්තිචාර දිශානතිය විශේෂය අනුව වෙනස් වේ. උතුරු අත්ලන්තික් අවසාධිත හරයේ මෑත කාලීන පර්යේෂණයන් 1780 සිට 2004 දක්වා කර්මාන්ත යුගයේදී කොකෝලිතෝ පොරාවන්ගේ විශේෂයේ සංඝඨනාව‍ නොවෙනස්ව පවතිව බව සොයා ගන්නා ලදී. ඒ අතරතුරදීම ඔවුන්ගේ කැල්සිභූත වීම 40% කින් වැඩි වී ඇත.

මුළු පාරසරික ප්රවතිඵලයන් කැල්සිභූත වෙනස්වීම අනුව තවමත් අවිනිෂ්චිතය. පෙනෙන අන්දමට බොහෝ කැල්සිභූත විශේෂ අහිතකර බලපෑමට ලක්වී ඇත. මේ අනුව කොකෝලිතෝ පොරාවන්ගේ අවනතිය දේශගුණික වෙනස්වීමේ ද්විතීක ආචරණයක් නිසා සිදුවූවා විය හැකිය. සාගරික වලාකුළු ආවරණයේ ආචරණයන් මත පෘථිවි ඇල්බිඩෝවේ අඩුවීම ඊට හේතු වන්නට ඇත. කැල්සිභවනය වීමට අමතරව ප්රදජනක හෝ කායික විද්යාේත්මක ආචරණයන් (උදා - දේහ තරලවල Hyperpnia ලෙස දන්නා Co2 ප්රේ‍රිත ආම්ලීකරණය) වැනි අහිතකර ආචරණයන් වලින් ද විශේෂයෙන් පෙළෙනු ඇත. එසේත් නැතහොත් ඒ ආහාර ප්රපභවවලට ඇති වන සෘණාත්මක බලපෑම නිසා වක්රාකකාරයෙන් ඇතිවූවා යැයි කිව හැක. කෙසේ නමුත් කැල්සිභවනයෙන් මෙන්ම ජලජ ජීවීන්ගේ හෝ පාරසරික පද්ධතිවල මෙම ක්රිායාවලීන් පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නොමැත.

සෘජු ජීව විද්යාාත්මක ආචරණයන් හරුණු විට ශත වර්ෂ කිහිපයක් සඳහා කාබනේට් අවසාධිත තැන්පත් වීමේ ලාක්ෂණික අඩුවීමකට අනාගතයේදී සාගර ආම්ලීකරණය හේතු වනු ඇත. එමෙන්ම ඇතැම්විට පවතින කාබනේට් ආසාධිත දියවීමට ද හේතු වනු ඇත. මෙය සාගරික ක්ෂාරීයතාවයේ වැඩිවීමක් ඇති කරනු ඇත. එමගින් සාගරය Co2 සඳහා සංචායකයක් ලෙස ක්රි්යාකරනු ඇති අතර (ඵලදායී විභවයක් සහිතව)


http://en.wikipedia.org/wiki/Ocean_acidification

"https://si.wikipedia.org/w/index.php?title=සාගර_ආම්ලීකරණය&oldid=204807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි