සාකච්ඡාව:හෙළ හවුල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:හෙළ හවුල (සංවිධානය) වෙතින් යළි-යොමු කරන ලදි)

හෙළ හවුලෙහි අය සිංහල ලියන විට ඇ කාරකය යොදා ලියන බව ඇත්තකි. මෙම ලිපියද එසේ ලිවිය යුතුද? --- Shwetha (talk) 01:34, 28 මැයි 2016 (යූටීසී)[reply]

ලේඛනයේ දී තමන් අභිමත භාෂා රීතියක් යොදාගන්නට කාහට වුවත් අයිතියක් ඇතත් හෙල හවුල පිළිබඳ විශ්වකෝෂ ලිපිය හෙල හවුලේ රීතියෙන් ලිවීම තුළ එම මතවාදය සියුම් ව ඉස්මතු කෙරෙතැයි සිතමි. මෙය විකිපීඩියාවේ නොනැඹුරු දෘෂ්ටිකෝණයට හානිකර විය හැකි ය. අනෙක් අතට පොදුජනතාවට හුරු වදන් තිබියදී පැරණි නිතර භාවිත නොවන වදන් භාවිතය නිසා සාමාන්‍ය පාඨකයෙකුට මේ ලිපිය දුරවබෝධ වීමට ද පුලුවන. හෙල හවුලේ භාෂා රීතිය ඔවුන්ගේ ලේඛන වල උධෘතයන් තුළින් පෙන්වා දීම මැනවැයි සිතමි.--Sasithmadu (talk) 02:20, 10 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

ඔහොම කියලා අතිශය ව්‍යාකරණ විරෝධ කාණු පල්ලේ හඩු බසින් මේ ලිපිය විකෘත කිරීම ඉතා පිළිකුලෙන් හෙළා දකිමි. මුළු ලිපිය ම අර්ථ විකෘත වන සේ උළා කා ඇත. සකසුරු යන්න භාණ්ඩාගාරික යනුවෙන් පරිවර්තනය කිරීමෙන් ම හෙළ හවුල ගැන දන්නා තරම පෙනේ. සකසුරු යනු ලේකම් යන්න යි. ලිපිය පුරාඅ උක්ත-ආඛ්‍යාත සම්බන්ධය, අක්ෂර වින්‍යාසය පද බෙදීම යන හැම අතින් ම දෝෂ වැහි වැහැලා ය. මේ ලිපිය විකෘත කිරීම හෙළ හවුලට කළ පරම නිග්‍රහයකි.

අප අතින් මෙය සංස්කරණය කිරීමේ දී භාෂා ව්‍යවහාරයට හානි සිදුවන පිළිගනිමි. ඒ නිසා විකිපීඩියාවේ මධ්‍යස්ථ දෘෂ්ටිකෝණය ද සුරකිමින් (නිද: මෙහි හෙල හවුල් ගුරුකුලය පරිච්ඡේදය බලන්න) මෙය නිසි පරිදි ඔබ ම සංස්කරණය කරන්න. විකිපීඩියාව යනු කාහටත් සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂයකි. හෙල හවුල් ව්‍යවහාරය දන්නෝ අල්පය හ. ඉතින් මෙවැනි පොදු විශ්වකෝෂයක ලිපියක් ඔවැනි ප්‍රචලිත නොවූ ව්‍යවහාරයකින් ලියූ විට සිදුවන්නේ මෙයට යම් යම් කොටස් කෙනෙක් එක්කරන හැමවිට ම ඔබට එය නිවැරදි කරමින් ඉන්නට සිදුවීමයි. දැනට රජය පිළිගෙන පාසල්වල උගන්වන අපට හුරු බසක් ඇත. මේ ලිපිය අපට හුරු මිශ්‍ර සිංහලයෙන් ලියන්න. වියරණ දොස් ඇත්නම් සකසන්න. එය නිසැකව ම කළ යුතු ය. අප අතින් බරපතළ වියරණ වැරදි වී ඇත්නම් ඒ අත්වැරැද්දකින් බව සලකන්න. (අද වන විට ඇතැම් නිපාත එක් කර ලිවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් අප ද එලෙස පද බෙදා ඇත. මෙය අද කොතැනත් දකින්නට ලැබෙන විදිය යි. අක්ෂර වින්‍යාස නම් නොදැනුමකින් සිදු වූ ඒවා විය යුතු ය. මෙය විවෘත විහ්වකෝෂයක් කර ඇත්තේත් අප අතින් නොදන්නාකමින් වන වැරදි ඔබ වැනි දන්නා අය අතින් නිවැරදි වනු දකින්නයි.) මේ ලිපිය සාමාන්‍ය භාෂාවෙන් ලියා හෙල හවුල් ව්‍යවහාරය හැදිනීමට නිදසුනක් ලෙස ඔබ ලිපියක උපුටාගැනීමක් දැක්වීම නොවේ ද වඩා හොඳ විදිය? Sasithmadu (talk) 20:01, 14 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:හෙළ_හවුල&oldid=556121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි