සාකච්ඡාව:සතර දළදා වහන්සේලා(දාඨා ධාතූන් වහන්සේලා)
මාතෘකාවක් එක්කරන්නමෙම පිටුව වැඩිදියුණු කිරීම පිළිබඳව
[සංස්කරණය]මම දළදා වහන්සේලා පිලිබදව පිටු කිහිපයක් දුටුවා,දළදා වහන්සේ නමින් තව පිටුවක් දකුණු දලදා වහන්සේ නමින් තව පිටුවක් සහ සතර දළදා නමින් තව පිටුවක් ලෙස.මම මේ පිටු තුනම එකතු කර දළදා වහන්සේලා පිලිබදව සම්පූර්ණ විස්තර විකිපීඩියා පිටුවක් මේ පිටුවේ නිර්මාණය කරන්න කැමතියි.එතකොට ඉහත කී දලදා වහන්සේ,සහ දකුණු දලදා වහන්සේට යන පිටු ද මේ පිටුව සමග සම්බන්ධ කර තනි එකක් ලෙස පවත්වා ගමු ද?? ඉන් පසුව මේ පිටුවේ අනුමාතෘකා ලෙස ඒ ඒ දලදා වහන්සේලා 4 නම ගැන සදහන් තොරතුරු විස්තර කරමු.අදහස් දක්වන්න.මම දැනට මූලික පියවරක් ලෙස වගුවක් යොදා තිබේ.ඔබලාගේ අදහස් දක්වන්න.
අනුමාතෘකා කිහිපයක් යෙදුවා,පුලුවන් නම් ඒකේ නුවර දලදා වහන්සේ කියන මාතෘකාවට වාම දළදා වහන්සේ කියන පිටුවේ තියෙන තොරතුරු ටික migrate කරල දෙන්න.සෝමාවතිය දකුණු දලදා වහන්සේ කියන අනුමාතෘකාව සදහා දකුණු දළදා වහන්සේ කියන පිටුවේ තොරතුරු ටිකත් migrate කරල දෙන්න.ඔක්සකොම අවසන් වුනාම පිටුව improve කරන එක හිමීට කරන්නම්...අමතරව, මේ පිටුවට විස්තර ඇතුලත් කල පසු ඒ පිටු දෙක දිගටම පවත්වාගන්නවද නැද්ද කියල ඔයාලගේ අදහසත් කියන්න @Lee@VihirLak007 KushanSL2419wiki (talk) 11:00, 12 ජූලි 2025 (යූටීසී)
- මම නම් වෙනස් මාතෘකා සඳහා වෙනස් පිටු පවතින එක ව්‍යාපෘතියේ දියුණුවට වැදගත් බව සිතන කෙනෙක්. -- Lee (talk) 12:43, 12 ජූලි 2025 (යූටීසී)
- හොදයි,එහෙම නම් ඒ පිටු ටිකත් තියාගෙන මේ පිටුව improve කරන්නම්.ඒක හොදයි වගේ හැම පැත්තෙන්ම KushanSL2419wiki (talk) 17:15, 12 ජූලි 2025 (යූටීසී)
ස්තුතිය
[සංස්කරණය]ම විසින් ලියන ලද මෙම ලිපියෙහි යම් දෝෂ නිවැරදි කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.@Ttheek KSLwiki24 (talk) 11:41, 30 ජූලි 2025 (යූටීසී)
දළදා අනුරූ පිළිබඳව
[සංස්කරණය]ඔයාලගෙන් කවුරුහරි තායිලන්තයේ ඇති දළදා අනුරූ ගැන තොරතුරු දන්නවා නම් හෝ තොරතුරු මූලාශ්‍ර තියෙන තැනක් දන්නවා නම් කරුණාකර මගේ පරිශීලක පිටුවේ පණිවිඩයක් තබන්න.
@Lee@Ttheek @VihirLak007@Shwetha KSLwiki24 (talk) 07:08, 15 අගෝස්තු 2025 (යූටීසී)
- @KSLwiki24, සමාවන්න. මගේ නම් ඒ ගැන දැනුමක් නෑ. -- Lee (talk) 00:33, 16 අගෝස්තු 2025 (යූටීසී)
@KSLwiki24, ලිපිය සඳහා අන්තර්ගතය සකස් කිරීමට/කටු සටහන් තැබීමට ඔබේ පරිශීලක අවකාශය භාවිතා කරන්න, හොඳින් මූලාශ්‍ර එකතු කර සූදානම් වූ විට ප්‍රධාන ලිපියට අන්තර්ගතය එක් කරන්න. ★ Ttheek ⏵ 07:56, 16 අගෝස්තු 2025 (යූටීසී)
- හොදයි,මම තවම විකිපීඩියාවට පැමිණ වැඩි කලක් නොවන නිසා ගැටලු ඇතිවෙනවා.මේ ලිපියේ හිතුවාට වඩා අන්තර්ගතය එන්න එන්නම වැඩි වන නිසා එසේ පහසුවට කලේ.අනුරූ පිළිබඳ කොටස සකස් කිරීමට පෙර මා දැන සිටියේ බුරුමයට 2 ක්,චීනයට 2 ක් සහ කෝට්ටේ අනුරූ කතාව පමණි.නමුත් එක සිදුවීමක් අවසන් වනවිට තවත් සිදුවීම් වාර්තා වෙනවා😁 KSLwiki24 (talk) 08:20, 16 අගෝස්තු 2025 (යූටීසී)
- ඇත්තට දැන් රටවල් වල තියෙන අනුරූ මොනවාද ලංකාවේ අනුරූ මොනවාද එහෙන් මෙහාට ගෙන ගියේ මොනවාද මෙහට ාවේ මොනවාද ඔක්කොම පැටලිලා වගේ,හොදයි මම ඔයා කියපු විදියට පරිශීලක අවකාශය භාවිතා කරන්නම් KSLwiki24 (talk) 08:22, 16 අගෝස්තු 2025 (යූටීසී)
- ලිපිවල දිග වැඩි වෙනව නම් ඒ එක් එක් මාතෘකාවට වෙනම පිටු නිර්මාණය කළොත් ඔය පැටලිලි නැතිවෙයි. ඒ වගේම Lee මෙහි කිව්වා වගේ හොදින් සැකසූ ලිපි ප්‍රමාණය වැඩිවෙන එක ව්‍යාපෘතියේ දියුණුවට හේතු වෙනව. ★ Ttheek ⏵ 08:52, 16 අගෝස්තු 2025 (යූටීසී)
පැහැදිලි කිරීම් - No original research
[සංස්කරණය]...බුරුමය වෙත යැවූ බව සිතීම සාධාරණ ය.
...අනුරුව යැයි ද සිත ය හැක.
...බවට සීතිමේ ගැටලුවක් නොමැත.
@KSLwiki24, මම හිතන්නේ මේ සටහන් විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනවා. ★ Ttheek ⏵ 05:47, 17 අගෝස්තු 2025 (යූටීසී)
- සමාවෙන්න, මම ඒ ගැන යම් ප්‍රමාණයකට දැනුවත්ව සිටිමූත් සමහර කොටස් සදහා ලිපිය ලිවීමේ දී එකම ප්‍රස්තුථය පිළිබඳව විවිධ මූලාශ්‍ර වල කුඩා වෙනස් කම් වලින් විස්තර කරල තියෙනවා.විශේෂයෙන්ම කෝට්ටේ දළදාව සම්බන්ධ කොටස් වල මේ ගැටලුව තියෙනවා,මම උත්සහ කරන්නම් මේ ගැටලු අවම කරගැනීමට.ස්තූතියි දැනුවත් කිරීම් වලට KSLwiki24 [[User talk:KSLwik 07:34, 17 අගෝස්තු 2025 (යූටීසී)
- දැන් එම අඩුපාඩු නිවැරදි කර ඇත. KSLwiki24 💬 07:45, 17 අගෝස්තු 2025 (යූටීසී)