සාකච්ඡාව:වීදියගොඩ රජ මහා විහාරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහනුවර යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන වීදියගොඩ මහා විහාරය කලක් මල්වතු මහා විහාරයේ අනුනායක ධූරය හෙබ වූ පූජ්‍ය දෝපේ ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත වීදියගොඩ ගම්වාසීන් විසින් වස් වැසීම සඳහා කරන ලද ආරාධනයකට අනුව උන්වහන්සේ ශිෂ්‍ය හිමි නමක් වූ පූජ්‍ය බෙන්තර සුදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වස් වැසීමට යොමු කොට ඇත. අනතුරුව උන්වහන්සේ යටතේ මෙම විහාරස්ථානය ආරම්භ වී ඇති අතර වීදියගොඩ මහා විහාරයේ ප්‍රථම විහාරාධිපතිවරයන් වහන්සේ පූජ්‍ය බෙන්තර සුදස්සන හිමියන් ය. 1892 වසරේ දී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළැඳවීම හා 1896 දී බෝධීන් වහන්සේ රෝපණය කිරීම තුළින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වූ මෙම විහාරය පූජ්‍ය ගම්මන්පිළ ශ්‍රී දේවානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගයේ දී යළිත් ප්‍රතිසංස්කරණය කර ඇත. 1928 වසරේ දී විහාරය තනවා බුදු පිළිමයේ නේත්‍රා ප්‍රතිසංස්කරණය කර ඇත. ඉන් පසුව පූජ්‍ය වීදියගොඩ ආරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පූජ්‍ය වැල්මිල්ලේ හේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති ධූර දරා ඇත. මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති වල්ගම ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ උන්නතිය උදෙසා සුවිශේෂි ‍මෙහෙවරක් සිදු කරයි.