සාකච්ඡාව:විශ්ලේෂණ රසායන විද්‍යාව
මාතෘකාවක් එක්කරන්නවිශ්ලේෂණ රසායන විද්‍යාව විශ්ලේෂණ රසායන විද්‍යාව පදාර්ථ වෙන්කිරීමට, හඳුනාගැනීමට හා ප්‍රමාණනය කිරීමට අවශ්‍ය උපකරණ හා ක්‍රමවේද පිළිබඳව සොයා බැලේ. ප්‍රායෝගිකව වෙන්කිරීම, හඳුනාගැනීම හෝ ප්‍රමාණනය සමස්ථ විශ්ලේෂණයක් හෝ තවත් ක්‍රමයක් සම්බන්ධ කිරීමෙන් සිදු විය හැක.
වෙන්කිරීම විශ්ලේෂකය වෙන් කෙරේ. ගුණාත්මක විශ්ලේෂණය විශ්ලේෂකය හඳුනා ගනියි. ප්‍රමාණාත්මක විශ්ලේෂණය විශ්ලේෂකයේ සාන්ද්‍රණය තීරණය කරයි.
විශ්ලේෂණ රසායන විද්‍යාවේ තෙත් රසායනික ක්‍රමවේද මෙන්ම නවීන උපකරණමය ක්‍රමවේද ඇත. සාම්ප්‍රදායක ගුණාත්මක ක්‍රමවේද අවක්ෂේපණය, නිස්සාරණය හා ආසවනය වැනි වෙන්කිරීමේ ක්‍රම භාවිත කෙරේ. හඳුනා ගැනීම වර්ණය, ගන්ධය, ද්‍රවාංකය, තාපාංකය, විකිරණශීලීතාවය හෝ ප්‍රතික්‍රියාශීලිත්වය වෙනස් වීම මත පදනම් විය හැක. සාම්ප්‍රදායික ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රම ප්‍රමාණය තීරණය කිරීම සඳහා ස්කන්ධයේ හෝ පරිමාවේ වෙනස් වීම සැලකිල්ලට ගැනේ. උපකරණමය ක්‍රමවේද වර්ණලේඛ ශිල්පය (Chromatography), විද්‍යුතාගමනය (Electrophoresis) හා ක්ෂේත්‍ර ප්‍රවාහ භාගීකරණය (Field flow fractionation) ආදී ක්‍රම නියැදි වෙන් කිරීම සඳහා භාවිත කෙරේ. නවීන උපකරණ යොදා සිදුකරන විශ්ලේෂණයේදී ප්‍රමාණාත්මක හා ගුණාත්මක විශ්ලේෂණය එකම උපකරණය යොදාගෙන සිදුකළ හැකි වන අතර නිතරම ආලෝක අන්තර්ක්‍රියා, තාප අන්තර්ක්‍රියා, විද්‍යුත් ක්ෂේත්‍ර හෝ චුම්භක ක්ෂේත්‍ර භාවිත වේ. ඇතැම් විට එකම උපකරණය විශ්ලේෂකය වෙන්කිරීම, හඳුනා ගැනීම හා ප්‍රමාණනය කිරීම සිදු කරයි. විශ්ලේෂණ රසායන විද්‍යාව පර්යේෂණ ආකෘතිය වැඩි දියුණු කිරීම හා නව මැනීමේ උපකරණයන් නිර්මාණය සඳහා ඉවහල් වේ. වෛධික විද්‍යාව (Forensics), වෛද්‍ය විද්‍යාව (medicine), විද්‍යාව (science) හා ඉංජිනේරු විද්‍යාව (engineering) ආදී ක්ෂේත්‍රයන්හි විශ්ලේෂ්ණ රසායන විද්‍යාවේ යෙදීම් ඇත.
විශ්ලේෂණ රසායන විද්‍යාව විවිධ ද්‍රාවණ, සංයෝග, මිශ්‍රණ විශ්ලේෂණය කිරීම සම්බන්ධ ක්‍රමවේද පිළිබඳව හැදෑරීම වැදගත් අංශයකි. මෙහිලා අනුමාපන වලට වැදගත් සන්ධිස්ථානයක් හිමිවේ.
Start a discussion about විශ්ලේෂණ රසායන විද්‍යාව
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. You can use this page to start a discussion with others about how to improve විශ්ලේෂණ රසායන විද්‍යාව.