Jump to content

සාකච්ඡාව:රත්නසාර විද්‍යාලය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 4කට පෙර by 175.157.120.179

== *බද්දෙගම හැඩිදෙමළාකන්ද දුටුගැමුණු රජමහ විහාරය*

දුටුගැමුණු රාජ සමයෙහි සිදු වූ එළාර යුද්ධය හා සම්බන්ධ යැයි සැලකෙන සන්දර නම් වූ ද්‍රවිඩ සේනාධිපතියෙකු ස්වකීය වස්තුව තැන්පත් කළේ යයි සැලකෙන "සන්දර වල" අසබඩ කඳුගැටයක පිහිටා ඇති රමණීය පුදබිම හැඩිදෙමළ+ආ+කන්ද (සන්දර නම් වූ ද්‍රවිඩයා පැමිණි කන්ද) යන පුරාණෝක්තියට අනුව හැඩිදෙමළාකන්ද යනුවෙන් දැනුදු හැඳින්වේ. තිස්සමහාරාම විහාරාධිපති ව වැඩ විසූ කදුරුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත මාහිමියන් වෙත පැවිදි වූ, සිටිනාමළුවේ ධම්මජෝති මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රවෘජ්‍යාන්තේවාසීවරයෙකු ලෙස සැලකෙන, 1753 දී ශ්‍යාමදේශීය ප්‍රවර උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වෙතින් වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස අධිශීලසංඛ්‍යාත උපසම්පත්තිප්‍රතිලාභය කළ ශ්‍රී පාදස්ථානාධිපති වේහැල්ලේ ධම්මදින්න දකුණු සබරගමු දෙදිශාව සහිත පහතරට ප්‍රධාන මාහිමියන් වහන්සේගේ තෘතීය ශිෂ්‍යවර තොටගමු පුරාණ රහත්පත් රජමහ විහාරාධිපති පල්ලත්තර පුඤ්ඤසාර මහ තෙරුන් වහන්සේට හබරකඩ සීලරක්ඛිත යයි ශිෂ්‍යවරයෙක් වූයේ ය. උන් වහන්සේගේ ශිෂ්‍යවරයා අම්බන ඉන්දජෝති මහ තෙරණුවෝ ය. උන් වහන්සේගේ ශිෂ්‍යවර ගණේගම උපනන්ද මහ තෙරණුවෝ හැඩිදෙමළාකන්දේ විහාරාධිපති වූහ. එතැන් සිට උන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වන වේරගොඩ සෝණුත්තර මාහිමි, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය ධුරන්ධර කහවේ ශ්‍රී සුමංගලරතනසාරාභිධාන විද්‍යෝදය පරිවෙණාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන නායක මාහිමි, වැලිවිටියේ සුගතපාල මාහිමි, වේරගොඩ අමරමෝලි ගාලු කෝරළේ නායක මාහිමි, දාම්මල සීලවිමල නායක මාහිමි යන මහ තෙරුන් වහන්සේලා හැඩිදෙමළාකන්දේ ආධිපත්‍යය හෙබවූ අතර ගණේගම ශ්‍රී සරණංකරාභිධාන ගාලු කෝරළේ ප්‍රධාන නායක මාහිමියන්ගේ කාලයේ දී මෙම විහාරස්ථානය ලෝක ප්‍රසිද්ධ තත්වයට පත් වූයේ ය. ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩී ගිය සිතැති උන් වහන්සේ හැඩිදෙමළා කඳුමුදුනේ දසමහා යෝධයන්ගේ පිළිරූ තනවා දැවැන්ත විහාර මන්දිරයක් නිර්මාණය කොට එහි දුටුගැමුණු රාජ චරිතය අඹා මෙතෙක් රත්නගිරි විහාරය යැයි හැඳින්වුණු මෙම විහාරය දුටුගැමුණු රජමහ විහාරය යනුවෙන් නම් කළ සේක. වර්තමාන විහාරාධිපති වැලිවිටියේ ශ්‍රී සුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාලනය යටතේ විහාරස්ථානය ශීඝ්‍ර දියුණුවක් කරා ගමන් කරමින් පවතියි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ මෙම විහාරස්ථානය සියලු බෞද්ධයන් විසින් වැඳපුදා ගත යුතු ශුද්ධ භූමියක් වෙයි. ==

  • බද්දෙගම හැඩිදෙමළාකන්ද දුටුගැමුණු රජමහ විහාරය*

දුටුගැමුණු රාජ සමයෙහි සිදු වූ එළාර යුද්ධය හා සම්බන්ධ යැයි සැලකෙන සන්දර නම් වූ ද්‍රවිඩ සේනාධිපතියෙකු ස්වකීය වස්තුව තැන්පත් කළේ යයි සැලකෙන "සන්දර වල" අසබඩ කඳුගැටයක පිහිටා ඇති රමණීය පුදබිම හැඩිදෙමළ+ආ+කන්ද (සන්දර නම් වූ ද්‍රවිඩයා පැමිණි කන්ද) යන පුරාණෝක්තියට අනුව හැඩිදෙමළාකන්ද යනුවෙන් දැනුදු හැඳින්වේ. තිස්සමහාරාම විහාරාධිපති ව වැඩ විසූ කදුරුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත මාහිමියන් වෙත පැවිදි වූ, සිටිනාමළුවේ ධම්මජෝති මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රවෘජ්‍යාන්තේවාසීවරයෙකු ලෙස සැලකෙන, 1753 දී ශ්‍යාමදේශීය ප්‍රවර උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වෙතින් වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස අධිශීලසංඛ්‍යාත උපසම්පත්තිප්‍රතිලාභය කළ ශ්‍රී පාදස්ථානාධිපති වේහැල්ලේ ධම්මදින්න දකුණු සබරගමු දෙදිශාව සහිත පහතරට ප්‍රධාන මාහිමියන් වහන්සේගේ තෘතීය ශිෂ්‍යවර තොටගමු පුරාණ රහත්පත් රජමහ විහාරාධිපති පල්ලත්තර පුඤ්ඤසාර මහ තෙරුන් වහන්සේට හබරකඩ සීලරක්ඛිත යයි ශිෂ්‍යවරයෙක් වූයේ ය. උන් වහන්සේගේ ශිෂ්‍යවරයා අම්බන ඉන්දජෝති මහ තෙරණුවෝ ය. උන් වහන්සේගේ ශිෂ්‍යවර ගණේගම උපනන්ද මහ තෙරණුවෝ හැඩිදෙමළාකන්දේ විහාරාධිපති වූහ. එතැන් සිට උන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වන වේරගොඩ සෝණුත්තර මාහිමි, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය ධුරන්ධර කහවේ ශ්‍රී සුමංගලරතනසාරාභිධාන විද්‍යෝදය පරිවෙණාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන නායක මාහිමි, වැලිවිටියේ සුගතපාල මාහිමි, වේරගොඩ අමරමෝලි ගාලු කෝරළේ නායක මාහිමි, දාම්මල සීලවිමල නායක මාහිමි යන මහ තෙරුන් වහන්සේලා හැඩිදෙමළාකන්දේ ආධිපත්‍යය හෙබවූ අතර ගණේගම ශ්‍රී සරණංකරාභිධාන ගාලු කෝරළේ ප්‍රධාන නායක මාහිමියන්ගේ කාලයේ දී මෙම විහාරස්ථානය ලෝක ප්‍රසිද්ධ තත්වයට පත් වූයේ ය. ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩී ගිය සිතැති උන් වහන්සේ හැඩිදෙමළා කඳුමුදුනේ දසමහා යෝධයන්ගේ පිළිරූ තනවා දැවැන්ත විහාර මන්දිරයක් නිර්මාණය කොට එහි දුටුගැමුණු රාජ චරිතය අඹා මෙතෙක් රත්නගිරි විහාරය යැයි හැඳින්වුණු මෙම විහාරය දුටුගැමුණු රජමහ විහාරය යනුවෙන් නම් කළ සේක. වර්තමාන විහාරාධිපති වැලිවිටියේ ශ්‍රී සුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාලනය යටතේ විහාරස්ථානය ශීඝ්‍ර දියුණුවක් කරා ගමන් කරමින් පවතියි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ මෙම විහාරස්ථානය සියලු බෞද්ධයන් විසින් වැඳපුදා ගත යුතු ශුද්ධ භූමියක් වෙයි. 175.157.120.179 10:24, 12 ජනවාරි 2022 (යූටීසී)Reply