සාකච්ඡාව:මාතලේ
මාතෘකාවක් එක්කරන්නමාතලේ දිස්ත්‍රික්කය පිළිබඳ කෙටි හැඳින්වීමක් ....
ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ලෙස සැලකෙන මාතලේ දිස්ත්‍රික්කය විශාලත්වයෙන් ව.කි.මී. 1993 කින් සමන්විත වේ.
මධ්‍යම පලාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කය නැඟෙනහිර දේශාංශ 80º 28”, සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී. උතුරින් අනුරාධපුරය ද නැඟෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.
ලොව අති විශිෂ්ඨ නිර්මාණයක් වූ සීගිරිය ද, සොබාදහමේ අපූර්වතම දායාදයක් වන නකල්ස් කඳුවැටියද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු
ගම්මාන 1373 කින් සමන්විත 497,000 (2010) ක ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.
භූගෝලීය පසුබිම
ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ උතුරු අර්ධය නිරූපනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටීම හා භූගෝලීය කරුණු මිණුම් දෙපාර්තමේන්තුවේ මැනුම් සිතියමේ
(පරිමාණය 1 : 63360) දඹුල්ල, නාලන්ද, කුරුණෑගල, පොලොන්නරුව, ඇළහැර හා රංගල යන අඟලේ සිතියම් වලින් නිරූපනය කෙරේ.
දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ, ඒකකයක් වශයෙන් ගත් කල මූලික පාෂාණ වර්ගය චානොකයිට්ය. මෙම මූලික පාෂාණ වර්ගය කාලයක් ගතවීමේදි
පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන නොයෙක් බලපෑම් මත උඩු නැමි, විභේද හා යටි නැමි වලින් සංකීර්ණ ව්‍යුහ සාදයි. මෙම ලක්ෂණ නකල්ස් කඳු වැටිය ආශ්‍රිතව දැකිය හැක.
මාතලේ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර සීමාවේ පිහිටි මහවැලි නිම්නය අසල ප්‍රදේශය භූ වර්ගීකරණයට අනූව විජයන් ශ්රේ ණියට අයත් වේ.
මහවැලි ගඟේ පිටාර තැන්නක් වන මෙම කලාපයේ විශේෂයෙන්ම අවසාදිත දියළු පස් තැන්පත්ව පවතී.
මාතලේ දිස්ත්රික්කයේ භූ විෂමතාවය සැලකීමේදී එය ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්විය හැක.
1 . උතුරු දිග තැන්න
2 . මාතලේ ද්රෝණියට හා නකල්ස් ප්‍රදේශය
3 . ලග්ගල සමාන්තර හෙල්වැටි
Start a discussion about මාතලේ
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. You can use this page to start a discussion with others about how to improve මාතලේ.