සාකච්ඡාව:අනුරාධපුර මහා විහාරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:මහා විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)

පිළිගත් මුලාශ්‍ර වලට අනුව “මහමෙවුනා මහා විහාරය” නොහොත් “මහාවිහාරය” යනු “මහමෙවුනා උයන” නොහොත් “මහාමේඝ වනෝද්‍යානය” තුල එකල්හි පිහිටි අනුරාධපුර යුගයෙදී තිබුණු විහාර සංකීර්ණයකි.යථාර්තය යනු එයයි. එබැවින් මහමෙව්නාව මහා විහාරය ලෙස පවතින ලිපියත් [මහා විහාරය]ලෙස පවතින ලිපියත් මහමෙව්නාව ලෙස පවතින ලිපියත් වෙන් වෙන්ව පවත්වාගෙන පෝෂණය කලයුතු බව මගේ අදහසයි.මෙම ලිපි එකිනෙක අතර ඒකාබද්ධ කිරීම සුදුසු නොවේ. මේ මතබේදය නිරාකරණය වී නොමැති බැවින් මේ ලිපි එකක්වත් සංවර්දනය කිරීමට නොහැකි තත්වයක දැනට ඇත. මෙය වසරක් පුරාවට පැවති ගැටලුවකි. මෙම ගැටලුව නිරාකරණය කර ලිපි වල මාතෘකා නිදහස්කර සංස්කරණය කිරීම පිණිස එහි විශ්වාසනීත්වය ගොඩනගා දෙන්න.--Rsekanayake (talk) 12:16, 12 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් Rsekanayake
මහමෙවුනා උයන” නොහොත් “මහාමේඝ වනෝද්‍යානය” තුල “මහාවිහාරය” පිහිටා තිබූ බවට මා හටද පිළිගත හැකි මුලාශ්‍ර හමුවියත එනමුත් “මහාවිහාරය” ට “මහමෙවුනා මහා විහාරය” ලෙස යෙදූ බවට පිළිගත හැකි මුලාශ්‍ර හමුනොවුනි. අදාල මූලාශ්‍ර පෙන්වා දෙන්නේනම් මැනවි. Singhalawap (talk) 08:40, 15 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් ,Singhalawap , ඔබගේ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි!ඔබ විසින් අපේක්ෂිත පරිදි “මහාවිහාරය” ට “මහමෙවුනා මහා විහාරය” ලෙස යෙදූ බවට මුලාශ්‍ර ගෙනහැර දැක්වීමට තරම් මා විසින් ඉතිහාසය ගවේෂණය කර නොමැත.මේ සදහා බුද්ධිමය සංවාදයක්, කතිකාවතක් පළමුව ඇති කළ යුතුය.(L Manju විසින් මහමෙව්නාව ලිපිය මහා විහාරය ලිපිය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කිරීම තුල මෑතදී මෙම ගැටලුව පැන නැගුණ බව සලකන්න ,එය අනුමත කල නොහැක ) කෙසේ වෙතත් මා පෙන්වාදෙමින් සිටින මතවාදයේ හරය වනුයේ "මහමෙවුනාව" හෝ "මහාවිහාරය" හෝ "මහමෙව්නා මහා විහාරය"..... යන ආදී පෞරාණික එතිහාසිකත්වය සිංහල "විකීපීඩියා නිදහස් සංචලනය" නැමැති අවිය උපයෝගී කරගෙන දැනුවත්ව හෝ නොදැනුවත්ව අපහරණය වන බවයි.මෙවැනි තත්වයක් වලක්වාගැනීම පිණිස විකීපීඩියාවේ රීති ප්‍රතිපාදන තිබේද නැද්ද යන්න මා නොදනී.මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක යන නාමය ගෙන ෛඑතිහාසික යතාර්ථය භක්ෂණය කිරීම අනුමත කල නොහැක,මහාවිහාරය යන නම ගැනීමම සුදුසු නොවේ ඉහත ෛඑතිහාසික නාමයන් වීකිපීඩියා වැනි විශ්වාශනීයත්වය ගොඩනගාගෙන ඇති අඩවීන් තුල ලබා දීමේදී විශේෂ අවධානයක් යොමු කර ලබාදිය යුතුය.එකගතාවයක් ඇතිකරගෙනම ලබාදිය යුතුය.එය මංකොල්ල කෑමට ඉඩ නොදිය යුතු යනු පොදු අදහසයි. ප්‍රමුකත්වය දිය යුත්තේ බුද්දිමතුන් අතර ප්‍රචලිත මතවාදයටමය.ඔබට ස්තුතියි --Rsekanayake (talk) 18:23, 21 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]