සාකච්ඡාව:පලතුරු ඉදීම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ පර්යේෂණවලදී නිර්දේශ කරන ලද නව ක‍්‍රමයක් හඳුන්වාදී තිබේ.පලතුරුවල ස්වාභාවිකවම නිපදවන එතිලීන් නම් වායුව නිසා එම පලතුරු ඉදීම සිදු වේ. මෙම සිද්ධාන්තය අනුව අපට බාහිරව එතිලීන් වායුව සැපයිය හැකිනම් එමගින් පලතුරු ඉක්මනින් ඉදවාගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නමුත් මෙරට එතිලීන් වායුව කර්මාන්තයක් ලෙස නිෂ්පාදනය නොකෙරේ. නමුත් එතිලීන් නමැති රසායකිත ද්‍රව්‍ය පහසුවෙන් නිපදවීම සඳහා භාවිතා කළ හැකි ක‍්‍රමයක් සොයාගෙන තිබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ වායු හුවමාරු නොවන බඳුනක්, පෙට්ටියක් හෝ කාමරයක් එත්රල් මිලි ලිටර් 1ක් ජලය ලීටර් එකක දියකර හදාගත් ද්‍රාවණයක් හා හුණු ග‍්‍රෑම් 100ක් ජලය ලීටර් එකක දියකර හදාගත් ද්‍රවණයක් වේ.ඉදවීමට අවශ්‍ය පලතුරු පෙට්ටියක හෝ කාමරයක අසුරා එහි හතෙන් එකක පරිමාවක් හිස්ව තැබිය යුතු වේ. භාවිතා කරන භාජනය හෝ කාමරයේ පරිමාව ගණනය කොට සෑම ඝන අඩි එකකටම පිළියෙළ කරගත් එත්රල් ද්‍රාවණයෙන් මිලි ලීටර් 3ක් හෝ 4ක් බැගින් භාවිතා කළ යුතුය. අවශ්‍ය වන්නේ එත්රල් ද්‍රාවණය ප්ලාස්ටික් හෝ මැටි භාජනයක දමා පලතුරු ඇසුරු භාජනයේ හෝ කාමරයේ කොනක තැබීමයි. භාජනයේ හෝ කාමරයේ ඝන අඩි ප‍්‍රමාණය අනුව ඝන අඩි එකකට හුණු ද්‍රාවණයෙන් මිලි ලීටර් 5ක් වනසේ එත්රල් භාජනයට දමා භාජනයේ පියන හෝ කාමරයේ දොර වහාම වැසිය යුතු වේ.පැය 24කට පසු දොර විවෘත කොට තැබිය යුතු අතර දින දෙකක් ඇතුළතදී පලතුරු ස්වාභාවික ආකාරයෙන් ඉදීම සිදු වේ.මෙලෙස නියමාකාරයෙන් කෘතිමව ඉදවා ගන්නා පලතුරුවල සුවඳ හා රසය ස්වභාවිකව ඉදුණු පලතුරුවලට සමාන වේ. එම නිසා කෘතිමව පලතුරු ඉදවීමේදී නිර්දේශිත ප‍්‍රමාණ භාවිතා කොට නියමාකාරයෙන් පමණක් පලතුරු ඉදවීම ඉතා වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ආහාර පර්යේෂණ ඒකකයේ පර්යේෂණ නිලධාරී ආචාර්ය කේ.එච්.සාරානන්ද මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 09 වෙනි බදාදා, 11:34

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පලතුරු_ඉදීම&oldid=206463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි