Jump to content

සාකච්ඡාව:කොළඹ නාලන්ද විදුහලේ චිරප්‍රකට ආදි සිසු ලැයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මේ ලිපිය අවශ්‍ය ද​?

[සංස්කරණය]

මෙම ලිපිය අවැසි නැත​. ආදි නාලන්දියයෝ යන ප්‍රවර්ගය සෑහේ. නංගයා මතන්න 13:08, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මෙය වැරදි පූර්වාදර්ශයන් සපයන ලිපියකි. චරිතාපදාන ලිපි සහ විකිපීඩියා ලිපියක් වීමට ඇති සුදුසු කම් ගැන සිංහල විකියේ ප්‍රතිපත්ති මාලාවක් සකසා ගත යුතු යයි යෝජනා කරමි.   | අනංගයා | සංවාදය​ | 17:55, 19 ජූලි 2016 (යූටීසී)Reply
ප්‍රවර්ගයක් පමණක් සෑහේ යන්න මමද සිතමි.--L Manju (talk) 08:31, 20 ජූලි 2016 (යූටීසී)Reply
අපේ ගමේ ඉස්කෝලේ ලැයිස්තුවත් තියෙනවා දාන්නද ?--RsEkanayake 15:38, 28 අගෝස්තු 2016 (යූටීසී)Reply
ප්‍රවර්ග වල භූමිකාව සහ ලැයිස්තු වල භූමිකාව එකම නොවේ. ලැයිස්තුවල සෑම සාමාජිකයෙක්ම ලිපියක් නොසදයි. ප්‍රවර්ග එසේ නොවේ. මෙවන් ලැයිස්තු විකීපීඩියාවෙහි පවතින බැවින් මෙය නොපැවතීමට හේතුවක් නොමැත. ගමේ ඉස්කෝලේ ලැයිස්තුවත් තියෙනවා නම් එය සඳහා විකිපීඩියාව විවෘතයි. පරිශීලකයන් ඉදිරිපත්වී එය සදන්න. තහනමක් නැත. ---- Shwetha (talk) 15:55, 28 අගෝස්තු 2016 (යූටීසී)Reply
චිරප්‍රකට යැයි කියන ආදි සිසුන් හදුනාගන්නා නිර්ණායක මොනවාද? ලැයිස්තු කියලා අපිට ආස ආස අයගේ නම් පවා මීට එක්කල හැකියි. notability ප්‍රතිපත්ති අනූව මෙම ලිපියෙන් නම් ගණනාවක් අඩුකර දැමිය හැකි බව පෙනෙයි. --L Manju (talk) 18:36, 28 අගෝස්තු 2016 (යූටීසී)Reply
විකිපීඩියාවේ ඕනෑම අයෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත්කිරීමද ඕනෑම ලිපියක් සංස්කරණය කිරීමද හැකිවෙයි. අවශ්‍ය අඩුකිරීම් ඔබ සිදු කරන්න. ලැයිස්තුවෙහි මුඛ්‍ය ඡේදයෙහි මෙසේ සඳහන් කල හැකියි: "මෙම ලැයිස්තුවෙහි චීරප්‍රකට යැයි සැලකෙන්නේ විද්‍යාලයෙහි A වසර ගණනක් උගත්, කිසියම් රජයේ හෝ පුද්ගලික ආයතනයක හෝ සේවාවක B වසර ගණනකට වඩා සේවය කර ඇති පුද්ගලයන් වෙති" ....... ආදි වශයෙන් (නිදසුනක් ලෙසිනි).එවිට ඔබට පසුව මෙය සංස්කරණය කරන අයට එය අනුගමනය කල හැකියි. ----Shwetha (talk) 23:43, 28 අගෝස්තු 2016 (යූටීසී)Reply

ඉන්ද්‍රාණි ඊරියගොල්ල

[සංස්කරණය]

සිංහල කාන්තාභිවෘද්ධි හා සංවර්ධන පදනමෙහි සභාපතිනිය ඉන්ද්‍රාණි ඊරියගොල්ල නාලන්ද විදුහලේ ආදි සිසුවියක්ද? ---ශ්වෙත (talk) 01:28, 5 අප්‍රේල් 2012 (යූටීසී)Reply

භික්ෂු ලැයිස්තුව සම්බන්ධව

[සංස්කරණය]

මෙම ලැයිස්තුවේ භික්ෂු ලැයිස්තුවට එම විදයාලයේ කවුරුන් හෝ පැවිදි වුවහොත් ද ඇතුලත් කරන්නේ?නැතිනම විශේෂ සුදුසුකම් යුතු ගෞරවනාම භික්ෂූන්ගේ නම් ද ඇතුලත් කරනුයේ?මේ ලැයිස්තුව බැලූවිට ඒ ඒ භික්ෂූන් වහන්සේලා කිසියම් තනතුරක් හෝ වැදගත් ධුරයක් දැරූ බවක් නොපේනේ. විහාරයේ විහාරාධිපති ධූරීන බව හෝ වැඩවාසය කරන ස්ථානය පමණක් යොදා තිබෙනු දක්නට වේ.මේ ලැයිස්තුව නිකන් හදල තියෙන්නේ මේ විද්‍යාලයෙන් කවුරුන් හෝ පැවදි වූයේ ද ඒ පැවිදි භික්ෂුව නමින් විකිපීඩියා පිටුවක් ආරම්භ කර විදයාලයේ alumni සමූහය වෙත එක් කිරීමක් වගේ පේන්නේ.භික්ෂු ලැයිස්තුවේ සියලු නම් වල විකිපීඩියා පිටු එකම ආකෘතියකට නිර්මාණය කර ඇති බවත්,ඒ පිටුවල පේලි 4 ක පමණ කෙටි විස්තරයක් ලෙස වැඩවාසය කරන ස්ථාන පමණක් දක්වා තිබේ.

@Lee KSLwiki24 (talk) 06:51, 4 අගෝස්තු 2025 (යූටීසී)Reply

මේ ලැයිස්තුවට සබැඳියක් එක් කිරීමේ අරමුණින්ම සමහර ලිපි නිර්මාණය කර ඇති බවක් තමයි මටත් පේන්නෙ. Notability අනුව වැදගත් නොවන ලිපි CSD A7 යටතේ මකා දැමීමට යොමු කරමු. -- Ttheek 07:39, 4 අගෝස්තු 2025 (යූටීසී)Reply
ඔව් ඒක හොදයි,වෙන විදයාල වලත් මේ අයුරින්ම ඇතුලත් කිරීම් සිදු කරල ද දන්නෑ සමහරවිට... KSLwiki24 (talk) 08:38, 4 අගෝස්තු 2025 (යූටීසී)Reply
පාසල් පිලිබදව ලියූ විකිපීඩියා ලිපි වල මේ ආකාරයේ සහ වෙනත් ආකාරයේ ගැටලු සහිත ඇතුලත් කිරීම් පේන්න තියෙනවා නේද??මම දැන් නාලාන්දා විද්‍යලයේ පිටුවත් සමග ආනන්ද විදයාලයේ පිටුව බැලුවා.ඒකේ නමට යටින් "ශ්‍රීලංකා බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ"වගේ වදන් පවා යොදා තිබෙනු දක්නට තියෙනවා.ඒක නිකන් ආගන්තුක පරිශීලකයෙක්ම පාසල අතිශෝක්තියෙන් වර්ණනා කිරීමට යොදා ඇති ආකාරයක් තමා පේන්නේ.මට හිතෙන්නේ පාසල් පිලිබදව විකිපීඩියාව පිටු නැවත සමාලෝචනයකට ලක් කලොත් වටිනවා මේ දෝෂ ඉවත්කර ගුණාත්මක ලිපියක් නිර්මාණය උදෙසා...
ස්තූතියි.
@Ttheek @Lee KSLwiki24 (talk) 08:48, 4 අගෝස්තු 2025 (යූටීසී)Reply
එකගයි. -- Ttheek 10:24, 4 අගෝස්තු 2025 (යූටීසී)Reply

Few updates

[සංස්කරණය]

Dr. G. A. Lamindu Niroshana Consultant Orthopedic Surgeon

Dr. A. D. Praneeth Athukorala Radiologits

Dr. Jayan Dewnith Jayasinghe General and Colorectal Surgeon

Dr. Anira Hewage Nephrologist

~2026-11347-69 (talk) 10:29, 20 පෙබරවාරි 2026 (යූටීසී)Reply