Jump to content

සාකච්ඡාව:දොඩන්දූව ශ්‍රී පියරතන විද්‍යාලය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මෙම විදයාලය සම්බන්ධව

[සංස්කරණය]

මා මාස කිහිපයකට පෙර සිටම මේ විදයාලය පිළිබඳව ලිපියක් සකස් කරන්න සිටි මුත් සකස් කිරීම ප්‍රමාද වුණා.මේ විද්‍යාලය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් හා ජාතික උරුමයක් ලෙස 2008 දී රජය ගැසට් පත්‍රයක් මගින් නම් කර තිබෙනවා.නමුත් මෙය තවදුරටත් පාසලක් ලෙස ක්‍රියාත්මක වන පාසලක්.මේ ගැන තොරතුරු සොයා බැලූ විට ළමුන් 130 කටත් වඩා අඩුවෙන් සිටින ප්‍රාථමික පාසලක්.මේ ගැන ලියන්නට කැමැත්තක් ඇති වූයේ මෙය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර තිබෙන නිසා සහ එහි ඉතිහාසය රසවත් නිසා,මම හිතනවා මේක ලංකාවේ අයට මඟහැරුණු වැදගත් තොරතුරක් කියල.ගැටලුවකට තිබෙන්නේ මොකක් මාතෘකා කොටද සකස් කරන්නේ කියල?මේ ලිපිය ජාතික උරුමයක්/පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් පිළිබඳව මාතෘකා කොට ලිවීම ද යෝග්‍ය? නැතිනම් පාසලක් ලෙස මාතෘකා කොට ලිවීම ද යෝග්‍ය??? කියා අදහසක් දැනගන්නට කැමැත්තෙමි.මා දැනට ආරම්භක පියවරක් ලෙස පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සලකා මේ ලිපිය නිර්මාණය ආරම්භ කළෙමි.


@Lee @Ttheek KSLwiki24 💬 17:44, 17 අගෝස්තු 2025 (යූටීසී)Reply

මම නම් මේ ගැන වැඩි දෙයක් දන්නෙ නැ. "පළමු බෞද්ධ පාසල" කියල කියන මූලාශ්‍ර තියෙනවද? Ttheek 17:58, 17 අගෝස්තු 2025 (යූටීසී)Reply
ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බලන්න, https://amazinglanka.com/wp/shailabembaramaya-dodanduwa/ මේකේ තියෙනවා,තව පුවත් පත් වාර්තා කිහිපයක්ම තියෙනවා. KSLwiki24 💬 18:02, 17 අගෝස්තු 2025 (යූටීසී)Reply
මේක ආරම්භ කල ආදිකතෘ හිමිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවක් තියෙනවා,ඒකෙ පුංචි ඡේදයේ තියෙනවා මේ පාසල ගැන. KSLwiki24 💬 18:03, 17 අගෝස්තු 2025 (යූටීසී)Reply
මම මේ ගැන වැඩිදුර තොරතුරු හොයන විටProf. මලලසේකරගේ අදහසක් දැක්කා,එයා කියන විදිහට නම් මේ පාසල ලංකාවටත් වඩා ලෝකයේ පළමු බෞද්ධ පාසල කියල පිලිගත හැකි සාධක තියෙනවා කියල.
ඒ කෙසේ වෙතත් මට ඔයාල දරන අදහස දැනගැනීමට කැමතියි මේ ලිපිය ජාතික උරුමයක්/පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් පිළිබඳව මාතෘකා කොට ලිවීම ද යෝග්‍ය? නැතිනම් පාසලක් ලෙස මාතෘකා කොට ලිවීම ද යෝග්‍ය??? කියා. එය ලිපිය ඉදිරියට ලිවීමට වැදගත් වන නිසා KSLwiki24 💬 18:14, 17 අගෝස්තු 2025 (යූටීසී)Reply
මෙතැන දී ස්මාරකයයි, පාසලයි, දෙකම එකක් ද? -- Lee (talk) 05:55, 18 අගෝස්තු 2025 (යූටීසී)Reply
මට හමුවූ තොරතුරු අනුව විදයාලයේ පැරණි ගොඩනැගිලි තමයි පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරල තියෙන්නේ,හැබැයි ඒවත් පාසලේ ඒවා.ජාතික උරුමයක් විදිහට ගැසට් කරනකොට සම්පූර්ණ විද්‍යාලයම ගැසට් කරල තියෙනවා පැරණි ගොඩනැගිලි,අලුත් ගොඩනැගිලි කියා නොසලකා ඓතිහාසික වැදගත්කම මත KSLwiki24 💬 06:03, 18 අගෝස්තු 2025 (යූටීසී)Reply
එහෙම නම් මට හිතෙන්නේ, ප්‍රධාන වශයෙන් පාසල තමා ලිපිය. වැඩි දියුණු කිරීමට හැකියාවක් තිබේ නම් අනෙක් දෙකටත් වෙන වෙනම ලිපි පැවතීම සහ ඒවායේ සාරාංශය පාසල ලිපියේ පැවතීම හොඳ බව මගේ අදහස. (මගේ පෞද්ගලික මතය පමණයි.) -- Lee (talk) 06:26, 18 අගෝස්තු 2025 (යූටීසී)Reply
ඔබේ අදහසට ස්තූතියි,මමත් මේ ගැන ඊයේ අදත් කල්පනා කරා,තොරතුරු හෙව්වා.ඒ තොරතුරු එක්ක මෙය පාසලක් ලෙස ලිපිය නිර්මාණය කිරීමේ ගැටලු කිහිපයක් දකිනවා,අපි සාමාන්‍යයෙන් පාසලක් පිළිබඳව විකි ලිපියක් ලියනවිට ආරම්භක වර්ෂය,වර්තමාන ළමයි ප්‍රමාණය,විදුහල්පති,ගුරවරු හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය, පාසල් ගීතය,ලාංඡනය සහ කොඩිය,විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා,alumni of college වගේ දේවල් නේ ඇතුලත් කරන්නේ ඒත් මෙහි ඒවා ලියන්න තරම් දෙයක් නෑ කියල තමා පේන්න තියෙන්නේ.වාර්තා වලට අනුව ඉස්සර නම් ලමයි 2000 ඉක්මවා ඉදල තියෙනවා ඒත් අද 130 ක් වගේ ප්‍රාථමික විදයාලයක් වෙලා කියා තොරතුරු තියෙන්නේ,එතකොට සාමාන්‍යයෙන් ක්‍රීඩා,විෂය බාහිර ඒවා මොනවත් නෑනේ.ගුරුවරුත් 6,7 ක් වගේ ඇත්තේ.පාසලක් ලෙස අවශ්‍ය නම් ලිපිය ලිවිය හැකියි හැබැයි ලියන්න තරම් දෙයක් නම් නැති වෙයි කියල මට හිතෙනවා. KSLwiki24 💬 06:35, 18 අගෝස්තු 2025 (යූටීසී)Reply
නැතිනම් මෙහෙම කරන්නත් පුලුවන් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස විස්තර කරන ගමන් පාසල් ලිපියක් වශයෙන් සම්මිශ්‍රණය කර නිර්මාණය කිරීම.නැතිනම් ඔබ කීවා වගේ පැසල වෙනුවෙන් වෙනම ලිපියක් හා national heritage එක වෙනුවෙන් වෙන වෙනම ලිපි නිර්මාණය කරන්න තමා වෙන්නේ...සම්මිශ්‍රිත ලිපියක් ලෙස නිර්මාණය කරනවා නම් ඒ සදහා මෙයට ඇතුලත් කල යුතු තව දේ ගැන යෝජනා තියෙනවද??? KSLwiki24 💬 06:40, 18 අගෝස්තු 2025 (යූටීසී)Reply
පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර ඇත්තේ පැරණි ගොඩනැගිලි පමණක් නිසා infobox මෙලෙස වෙනස් කළොත් වඩා ගැළපෙයි.
{{තොරතුරුකොටුව පාසල
:::::::| name                    = ශ්‍රී පියරතන විද්‍යාලය
:::::::| former_name            = ජිනලබ්ධි විශෝධක පාඨශාලාව
:::::::| native_name             = 
:::::::| logo                    = Logo of the Historic Piyarathana College of Dodanduwa.jpg
:::::::| logo_size               = 150px
:::::::| caption                = නිල ලාංඡනය
:::::::| motto                   = 
:::::::| motto_translation       = 
:::::::| city                    = දොඩන්දූව, [[හික්කඩුව]]
:::::::| province                =  [[දකුණු පළාත]]
:::::::| postcode                = 
:::::::| country                 = ශ්‍රී ලංකාව
:::::::| coordinates             = {{coord|6|06|01.1|N|80|07|50.3|E|display=inline,title}}
:::::::| schooltype              = 
:::::::| fundingtype             = 
:::::::| religious_affiliation   = [[බෞද්ධ]]
:::::::| established             = {{circa|1869}} <small>(නිල වශයෙන්)</small>
:::::::| opened                  = 
:::::::| founder                 = දොඩන්දූවේ ශ්‍රී පියරතන තිස්ස මහානායක හිමි
:::::::| status                  = 
:::::::| district                = [[ගාල්ල දිස්ත්‍රික්කය|ගාල්ල]]
:::::::| principal               = 
:::::::| teaching_staff          = 
:::::::| employees               = 
:::::::| key_people              = 
:::::::| grades                  = 1-5
:::::::| primary_years_taught    = 
:::::::| gender                  = මිශ්‍ර
:::::::| age_range               = 6-10
:::::::| colors                  = 
:::::::| nickname                = 
:::::::| website                 = 
:::::::| picture                 = 
:::::::| picture_caption         = 
:::::::| footnotes              = 
:::::::}}
:::::::{{නිලනාම ලැයිස්තුව
:::::::| designation1 = APMSL
:::::::| designation1_date = 2006-08-18
:::::::}}
Ttheek 07:52, 19 අගෝස්තු 2025 (යූටීසී)Reply
ස්තූතියි ඒත් මම පාසලක් විදිහට වඩා පුරාවිද්‍යාත්මක ස්ථානයක ලිපියක් ලියන ආකාරයට තමයි ලියාගෙන ගියේ,පාසලක් ගැන විස්තර කරනවා නම් මට නැවත ලිපිය සමාලෝචනය කරන්න වෙනවා.සහ මම හොයාගත්ත හැම reference එකකම තියෙනවා පුරාවිද්‍යා ස්මාරකය පැරණි ගොඩනැගිලි වුනාට මේක national heritage එකක් ලෙස නම් කල බව.නම් කල දිනය පවා තියෙනවා.එතකොට මුලු පාසලම සලකා තියෙන බව පේනවා.හැබැයි ගැටලුවකට ඔයා ඊයේ කිව්වා වගේ තාම ජාතික උරුම ලැයිස්තුවක් රටේ නෑ
copied section;"Former Cultural Affairs Minister Vijitha Herath declared the school a national heritage on December 12, 2004, which was the birthday of the school's founder Ven Sri Piyaratana Tissa thera..."https://archives.dailynews.lk/2012/02/02/news40.asp ඊට අමතරව පාසලක් ලෙස inbox එක ආරම්භ කලොත් අන්තර්ගතයත් පාසලකට උචිත ලෙස සකස් කල යුතුයි නේද?අපි ගුණාත්මකව ලිපිය හදනවා නම් එවිට පාසලේ විදුහල්පති,ශිෂ්‍ය සංඛයාව,ගුරුවරු සංඛයාව,විදුහල්පති ලැයිස්තුව වගේ දේවල් ඇතුලත් කරන්න වෙනවා,හැබැයි ඒ දත්ත නම් මොනවත් මම ලග නෑ.මම මේ දැන් ලියන තොරතුරුත් හොයල හොයල ගලපල බලල ලියන්නේKSLwiki24 💬 08:22, 19 අගෝස්තු 2025 (යූටීසී)Reply
OK, ගැලපෙන විදිහකට කරගෙන යන්න. මූලාශ්‍ර එකතු කරන විට අදාළ සැකිලි භාවිතා කරන්න. WP:HOWCITE Ttheek 08:42, 19 අගෝස්තු 2025 (යූටීසී)Reply
හොදයි,පාසලක් විදිහට ලියුවොත් ඉතිහාසය ගැන සීමිත ටිකක් තමා ලියන්න වෙන්න, වර්තමාන පාසල් දත්ත නෑ කිසිවක් ලග.එහෙම ලිව්වොත් ඉතිහාසය කෙටියෙන් පමණක් ලියල,පාසලේ අනෙකුත් තොරතුරු අසම්පූර්ණව අංකුර ලිපියක් ලෙස තමයි තියන්න වෙන්නේ.මම හිතන්නේ නෑ ප්‍රාථමික පාසලක් වන මේ පාසලේ පාසලක් විදිහට ලිපියකට ඇතුලත් කල යුතු දේ තිබෙනවා කියල,මමත් මේ ගැන ලියුවට මේ පැසල දැනටමත් වැහිල ද දන්නෑ මට හම්බුන ආසන්නම කාලයේ references පවා අවුරුදු 5,6 පරණයි.ඒවයේ තියෙනවා වැසෙන්න ඉඩ තියෙනවා කියල.ඉතින් පාසලක් ගැන ලියනවා වගේ ලියුවොත් අසම්පූර්ණ ලිපියක් ලැබේවි format එකත් එක්ක බැලුවම සීමිත පරාසය නිසා.
මේ ලිපියේ අඩුපාඩු හෝ වෙනස් කල යුතු දේ වේ නම් දැනුම් දෙන්න, ඒ අදහස් ඇත්තටම වටිනවා ඒ අදහස් ලිපියක් සංවර්ධන කරනකොට,අපි එය අගය කරනවා...ස්තූතියි! KSLwiki24 💬 09:38, 19 අගෝස්තු 2025 (යූටීසී)Reply

Short description සම්බන්ධව

[සංස්කරණය]

සිංහල විකියේ ලිපියක ප්‍රධාන නමට යටින් short description එකක් යොදන්නේ කෙසේද?එහි template එක දන්නවා නම් යොමු කරන්න.

@Ttheek KSLwiki24 💬 06:38, 20 අගෝස්තු 2025 (යූටීසී)Reply

wikidata වල තමයි short description එකක් යොදන්නේ Ttheek 06:41, 20 අගෝස්තු 2025 (යූටීසී)Reply
ස්තූතියි! KSLwiki24 💬 06:47, 20 අගෝස්තු 2025 (යූටීසී)Reply
wikidata item - Q135912129 Ttheek 06:49, 20 අගෝස්තු 2025 (යූටීසී)Reply
ලිපියේ වැඩ බොහෝ දුරට අවසන් මේ වගේ ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කරන පරිශීලකවරු සිටිනවාද??මේත් සමගම ලිපිය ඉංග්‍රීසියට පරිවර්තනය කල විට සිංහල,ඉංග්‍රීසි භාෂා දෙකේම පවතින විට එය වටිනවා KSLwiki24 💬 07:30, 20 අගෝස්තු 2025 (යූටීසී)Reply