සාකච්ඡාව:දළදා වහන්සේ වැඩමකරවූ ඇතුන් ලැයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වන ශ්‍රී දන්ත ධාතු වහන්සේට නිකම්ම නිකං දළදාව කියා ඇමතීම ලංකාව තුල සිදු වීම ඛේදනීය ශෝචනීය තත්ත්වයක් යැයි මම සිතනවා. --- ශ්වෙත (talk) 13:05, 4 අගෝස්තු 2011 (යූටීසී)[reply]

පිලිතුර[සංස්කරණය]

නිකං දළදාව කියන්නෙනං ශ්වෙත පමණයි වෙන්න ඇති. මම ලිවුවෙ දළදාව කියලා.

  1. ඒ රජු දවස්‌ නවවන වස එක්‌තරා බැමිණියක්‌ තොමෝ බුදු රජුහු දළදාව මෙහි ගෙනාවා.... (මහවංසේ තිස්‌හත් වැනි පරිච්ඡේදෙ 92 - 97 වැනි ගාථා සුමංගල බටුවන්තුඩාවේ අනුවාදය)
  2. පණ්‌ඩු නම් රජතුමා සමග යුද්ධයක පැටලීමට ගුහසීවට සිදු විය. මෙම තත්ත්වය සිය අමාත්‍ය මණ්‌ඩලය ද සමග සාකච්ඡා කළ රජු සියලු දෙනාගේම අනුමැතිය ඇතිව 'දළදාව ආරක්‌ෂාව සඳහා ලංකාවට එවිය යුතු යෑයි තීරණය කළේය. නමුත් දළදාව' ලංකාවට යවන්නේ කෙසේද ...... (ඇස්‌. බී. කරල්ලියද්ද)
  3. දළදාව වැඩමවූයේ කිනම් රටකින්ද? (1971 අගෝස්‌තු මස "රසවාහිනී" සඟරා කලාපයට මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සැපයූ ලිපිය)
  4. හෙළ සාහිත කෙත පෝෂණය කළ දළදාව (silumina 2009/08/02)
  5. ඉංගිරිසින් හමුවේ දළදාව රැකදුන් කිතුල්පේ (කේ.එස්.විජේවර්ධන - silumina 2010/08/01)
  6. සියලුම රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන්ම දළදාවට ලැබුණේ අපරිමිත ගෞරවයකි (ඩේවිඩ් හේවාපතිරණ - http://www.hondaokkoma.com/three%20sinhale%20asirimath%20buddovandanava.htm)
  7. එකා දාඨා තිදසපුරෙ [=එක් දළදාවක් තව්තිසා දෙව්ලොවේ](ධාතුවංශය)
  8. එකා හි දාඨා තිදිවෙහි පූජිතා [=එක් දළදාවක් තව්තිසා දෙව්ලොව පූජා ලබයි] (මහා පරිනිර්වාණ සූත්‍රය)
  9. ඒ මහා පුරුෂෝත්තමයාණන්ගේ වාම දළදාව අදත් නිරුපද්‍රිතව කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින බව අපි දනිමු. (ධර්මරත්න තෙන්නකෝන් Divaina 10-07-2011)
  10. දළදාව මෙරටට වැඩම වූ පසු එකල රජවරුන් විසින් වාර්ෂිකව දළදාව පෙරහරින් වැඩමවා පුද පූජා කළ අතර කාලයත් සමඟ එය ආගමික උත්සවයක් බවට පත් වූ බව පෙනී යයි. (මංජුල දිසානායක - http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=16815%3A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B7%9C%E0%B6%AD&catid=101%3Ainvention&Itemid=140&lang=si)
  11. ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයෙන් ලබාගත් වාම දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට දන්තපුරයෙහි බඹදත් නම් රජෙකුට භාර කළ බව දාඨාවංශය සඳහන් කරයි. (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි - silumina 2010/08/22)
  12. සිංහලයේ අවසන් රාජ්‍යයවූ සෙංකඩගල නගරයට දළදාව සැපත් වූයේ දහසය වැනි සියවසේදීය. (මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න - සිළුමිණ 2007 අගෝස්තු 26)
හැම එකටම ශ්‍රී දාන එක පුහු සු‍චරිතවාදීන්ගෙ අළුත් Style එක. ඕක පටංගත්නෙ මයෙ හිතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ශයෙන්. ඉස්සෙල්ලා පක්‍ශය‍ට දැම්මා. පස්සෙ වාහන වල ගැහුවා. ශ්‍රී නැතුවත් හැමෝම ගරු කරපු ලංකාව ශ්‍රී ලංකාව කලා.
Singhalawap (talk) 18:17, 4 අගෝස්තු 2011 (යූටීසී)[reply]
ඔබ විසින් ගරු කරනු ලබන හා ඔබ අගැයීමට ලක් කල නිර්මාතෘ  ජීමී වේල්ස් කියලා තියෙන්නේ විකිපීඩියාවෙන් දේශපාලනය බැහැර කල යුතු කියලයි. ඒක නිසා මෙහිදී දේශපාලනය ගාව ගන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳමු. --- ශ්වෙත (talk) 01:44, 5 අගෝස්තු 2011 (යූටීසී)[reply]
එහෙම කියලා තියනවද කියලා මං නං දන්නෑ. කිවුවත් මට අදාලත් නෑ. මොකොද මං දේශපාලනය අනුව තීරණ ගන්නෑ. But facts are facts. You have ignored all the points I have given & talked about 1 miner point I have mentioned at last. If community want is as දළදා වහන්සේ or ශ්‍රී දළදා වහන්සේ I do not oppose. But my point is using the word "දළදාව" is accepted, used in the history, used by many accepted people & not an insult. Singhalawap (talk) 05:35, 5 අගෝස්තු 2011 (යූටීසී)[reply]
But I consider it as an insult as I am a Buddhist and cultured to be one such. I have not forgotten the Dhamma school teachings, how we venerated the triple gem. I have seen the world, technology, mathematics, electronics, telecommunications, I have represented my motherland internationally, still I have not forgotten how we should venerate what needs to be venerated. That is my life line. Thanks. --- ශ්වෙත (talk) 09:28, 5 අගෝස්තු 2011 (යූටීසී)[reply]