Jump to content

සාකච්ඡාව:තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය වසර 300 කටත් වඩා ඉපැරණිය. වැලිවිටි අසරණ සරණ සංරණංකර සංඟරාජ හිමියන් මෙහි වැඩම කර ඇති අතර සංඟරාජ සාධු චරියාවේ මෙම විහාරස්ථානයේ එවකට වැඩ සිටි භික්ෂූන් වහන්සේ “තලම්මැහැර උන්නාසේත් නෑර සිටිනවාය“ යනුවෙන් සඳහන් කර ඇත. මෙහ ඇති අතුපතර විහිදී ගිය බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කළ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවෙන් පැන නැඟුණ දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේලාගෙන් ද පැන නැඟුණ ශාඛාවක් ලෙස සැලකේ. එම නිසා “ශ්‍රී මහා බෝධී“ යනුවෙන් සිටවූ ශිලා ස්ථමභයක් ද වේ. මෙහි ඉපැරණිම විහාරය ටැම්පිට විහාරය යි. එය ද නුවර යුගයට අයත් වන අතර දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍ර‍තිසංස්කරණය කොට කිසිදු සිතුවමක් නැතිව ගොඩ නැගිල්ල පමණක් පවතී.

Start a discussion about තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය

Start a discussion