ස්කීපියෝ ආෆ්රිකානුස්
| පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ | |
|---|---|
| වෘද්ධ ස්කීපියෝ ආෆ්රිකානුස්ගේ උඩුකය, පුෂ්කින් කෞතුකාගාරය, මොස්කව්. | |
| රෝමානු ජනරජයේ කොන්සල්වරයා | |
| නිලය දැරීම 205–202 ක්‍රිපූ, – [?] ක්‍රිපූ |
|
| පූර්වප්‍රාප්තිකයා | කුයින්ටුස් කයිකිලියුස් මෙටෙලුස් සහ ලූකියුස් විටූරියුස් ෆීලො |
| අනුප්‍රාප්තිකයා | මාර්කුස් කොර්නේලියුස් කේතේගුස් සහ පුබිලියුස් සැම්ප්‍රෝනියුස් ටුඩිටනුස් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 236 ක්‍රිපූ රෝමය, රෝමානු ජනරජය |
| මරණය | 183 ක්‍රිපූ (වයස 53) ලිටර්නම් |
| කලත්‍රයා(යන්) | අයිමිලියා පවුලා |
| දරුවන් | පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ, ලූකියුස් කොර්නේලියුස් ස්කීපියෝ, කොර්නේලියා, කොර්නේලියා ස්කීපියොනිස් ආෆ්රිකානා |
| හමුදා සේවය | |
| පක්ෂපාතිත්වය | |
| තනතුර | ජෙනරාල් |
| සටන්/යුද්ධ | දෙවන පියුනික් යුද්ධය ටීකීනුස් සටන ත්‍රේබියා සටන කැනායි සටන කාර්ටජේනා සටන බයිකුලා සටන ඉලීපා සටන ඌතිකා සටන මහා තැන්නේ සටන සාමා සටන රෝමානු-සිරියානු යුද්ධය මග්නීසියා සටන |
අප්‍රිකානු ස්කීපියෝ, ස්කීපියෝ ආෆ්රිකානුස්-වයෝපූර්ණ, වෘද්ධ ස්කීපියෝ ආෆ්රිකානුස්, සහ මහා ස්කීපියෝ ලෙසින්ද හැඳින්වෙන,[1] පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ ආෆ්රිකානුස් (ක්‍රිපූ 236–183) යනු, , පුරාතන රෝමයෙහි පමණක් නොව, සමස්ත කාලයෙහිම, ජෙනරාල්වරුන් අතර මහා අයවළුන්ගෙන් එකෙකු ලෙසින් පුපතල අයෙකි. ඔහුගේ ප්‍රධාන මස්තකප්‍රාප්තීන් සාක්ෂාත් කර ගත හැකි වූයේ දෙවන පියුනික් යුද්ධය අතරතුරදී වන අතර ඒ අතුරින් ඔහු වඩාත් සුපතල වන්නේ සාමා හී අවසන් සටනෙහිදී හැනිබල් පරාජය කිරීම පිළිබඳ වන අතර, ආෆ්රිකානුස් යන අපර නාමය ඔහුට හිමි කර දුන් වීර ක්‍රියා මාලාව අතරින් එය එකක් විය.
චරිතාපදානය[සංස්කරණය කරන්න]
මුල් අවධිය[සංස්කරණය කරන්න]
පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ, කොර්නේලියා ගෝත්‍රයෙහි ස්කීපියෝ පාර්ශවයට උපන්නේ සිසේරියානු කැපුම තුලිනි [2]. ඔහුගේ දිවියෙහි සමහරක් සිදුවීම් වන විට ඔහුගේ වයස කොපමණ විදැයි පුරාතන ඉතිහාඥයින් විසින් (ප්‍රධාන වශයෙන් ලිවී සහ පොලිබියුස්) සිදු කරන ලද ප්‍රකාශ අනුව යමින් ඔහුගේ උපන් අවුරුද්ද ගණනය කරන අතර, එය ක්‍රිපූ 235/236 විය හැකි අතර, සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ක්‍රිපූ 236 පමණ ලෙසිනි.[3]