සර්වජන බලය
සර්වජන බලය | |
|---|---|
| නායකයා | දිලිත් ජයවීර |
| ජ්‍යෙෂ්ඨ නායක | හේමකුමාර නානායක්කාර |
| නියෝජ්‍ය නායක | එස්.එම්. චන්ද්‍රසේන |
| සභාපති | රොෂාන් රණසිංහ |
| ආරම්භය | 11 ඔක්තෝබර් 2023 |
| මූලස්ථානය | අංක 11, උද්‍යාන පාර, කොළඹ 08. |
| මතවාදය | ව්‍යවසායකත්වය සිංහල බෞද්ධ ජාතිකවාදය සමාජවාදය[තහවුරු කර නොමැත] |
| ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 1 / 225
|
| පළාත් පාලන සභිකයන් | 226 / 8,793
|
| මැතිවරණ ලාංඡනය | |
| වෙබ් අඩවිය | |
| sarvajanabalaya.com | |
සර්වජන බලය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පිලිගත් දේශපාලන පක්ෂයකි. එය 2024 වර්ෂයේ කරන ලදි. එම අවස්ථාවේ පක්ෂ කිහිපයක් එයට සහය දුන් අතර එම පක්ෂ අතර ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය, මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රි සංසදය වේ.[1]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]දිලිත් ජයවීර කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කිරීම
[සංස්කරණය]2024 අගෝස්තු 4 වන දින, දිලිත් ජයවීර 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජයවීර "තරුව" සංකේතය යටතේ තරඟ කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළේය.[2] පළමු වටයේදී ඡන්ද 122,396ක් ලබා ගනිමින් ජයවීර හයවන ස්ථානයට පත්විය.[3]
| වසර | අපේක්ෂකයා | ඡන්ද | % | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2024 | දිලිත් ජයවීර | 122,396 | 0.92% | පරාජය |
සර්වජන බලය ලෙස පළමු මැතිවරණය
[සංස්කරණය]සර්වජන බලය 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ නමුත්, එක ආසනයක්වත් ලබා ගැනීමට අපොහොසත් වූ අතර ජාතික ලැයිස්තු ආසනයක් පමණක් දිනා ගත්තේය. සර්වජන බලය දිලිත් ජයවීර එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කළේය.[4]
| වසර | ඡන්ද | % | ආසන ගණන | +/– | ආණ්ඩු බලය |
|---|---|---|---|---|---|
| 2024 | 178,006 | 1.60% | 1 / 225
|
නව | විපක්ෂය |
2025 පළාත් පාලන ඡන්ද විමසීම
[සංස්කරණය]2025 පළාත් පාලන ඡන්ද විමසීම[5]
| වසර | ඡන්ද | % | ආසන ගණන | +/– |
|---|---|---|---|---|
| 2025 | 294,681 | 2.83% | 226 / 8,793
|
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ක්‍රිෂාන් ජයසූරිය (28 මැයි 2024). "පක්ෂ 7ක එකතුවෙන් 'සර්වජන බලය' නමින් නව සන්ධානයක්". www.mawbima.lk. මව්බිම පුවත්පත. සම්ප්‍රවේශය 9 මැයි 2025.
- ^ "Dilith Jayaweera places deposits to contest Presidential Election". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-09-09.
- ^ "Presidential Election 2024 – All island result – Without preferences" (PDF). Election Commission of Sri Lanka. 22 September 2024. 6 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 6 October 2024.
- ^ "Sarvajana Balaya nominates Dilith Jayaweera as national list MP". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2024-11-17.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - ^ "All Island Results - Cumulative". adaderana.lk. Ada Derana. සම්ප්‍රවේශය 9 මැයි 2025.