සයිඩ් ආබිඩ් අලි

විකිපීඩියා වෙතින්
සයිඩ් ආබිඩ් අලි
පුද්ගලික තොරතුරු
උපත9 සැප්තැම්බර් 1941 (1941-09-09) (වයස 82)
හයිද්‍රබාද්, හයිද්‍රබාද් ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද-වේග
භූමිකාවතුන් ඉරියව්
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1959/60–1978/79හයිද්‍රබාද්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පපෙ ලැ ඒ
තරග 29 5 212 12
රැස් කල ලකුණු 1018 93 8732 169
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 20.36 31.00 29.30 28.16
100ඒවා/50ඒවා 0/6 0/1 13/41 0/1
වැඩිම ලකුණු 81 70 173* 70
යැවුනු පන්දු 4164 336 25619 783
කඩුළු 47 7 397 19
පන්දු යැවීමේ සාමාන්‍යය 42.12 26.71 28.55 19.31
ඉනිමකදී කඩුළු පහක් 1 0 14 0
තරගයකදී කඩුළු 10 ක් 0 n/a 0 n/a
හොඳම පන්දු යැවීම 6/55 2/22 6/23 3/20
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 32/– 0/– 190/5 5/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2008 30 සැප්තැම්බර්

සයිඩ් ආබිඩ් අලි (උපත 9 සැප්තැම්බර් 1941) යනු, හිටපු තුන් ඉරියව් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පිතිකරු ලැයිස්තුවෙහි පහළින් පිතිකරණයෙහි යෙදුනු ඔහු මද වේග පන්දු යවන්නෙකි.

මුල් දිවිය[සංස්කරණය]

ආබිඩ් අලි අධයාපනය ලැබුවේ හයිද්‍රබාද්හී ශාන්ත ජෝර්ජ් ග්‍රැමර් පාඨශාලාවෙහි සහ සියළු සාන්තුවරයන්ගේ උසස් පාසැලෙහිය. 1956 දී, තෝරා ගැනීමේ කමිටු සාමාජිකයන් විසින් හයිද්‍රබාද් පාසැල් වෙනුවෙන් තරග කිරීමට ඔහු තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පන්දු රැකීම පිළිබඳව ඔවුන් සතුටට පත්වූ නිසාය. කේරල කණ්ඩායමට එරෙහිය ඔහු ලකුණු 82 රැස් කල අතර හොඳම පන්දු රකින්නා ත්‍යාගය දිනා ගති. වසර කිහිපයකට පසුව හයිද්‍රබාද් රාජ්‍ය බැංකුව විසින් ක්‍රිකට් කණ්ඩායමක් ඇරඹු විට, ඔහුට එහි රැකියාවක් ලැබුණි. පන්දු යවන්නකු වීමට පෙර ඔහු ඇරඹුවේ කඩුළු රකින්නකු ලෙසිනි.

ක්‍රීඩා අභිවෘත්තිය[සංස්කරණය]

1958–59 තරග වාරයෙහිදී හයිද්‍රබාද් කණිෂ්ඨ කණ්ඩායම වෙනුවෙන් තරග කල ආබිඩ් ඊළඟ වසරෙහිදී ප්‍රාන්ත රංජි කුසලාන කණ්ඩායමෙහි තරග වැදුනි. පළමු වසර කිහිපය තුල ඔහු පන්දු යැවුවේ නැති තරම් වන අතර 1967 වන තුරු පළමු රංජි ශතකය වාර්තා නොකලේය. එම වසරෙහිදී පෙර බලාපොරොත්තුවකින් තොරව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත තරග සංචාරක කණ්ඩායම සඳහා ඔහු තෝරා ගන්නා ලදි.

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කල කණ්ඩායමට ඔහු තෝරා ගන්නා ලද්දේ බොහෝ විට ආබාධයක් නිසා කණ්ඩායමෙන් බැහැරවූ නායක එම්. ඒ. කේ. පටාවුඩිගේ ස්ථානය ගනිමිනි. ඉනිම දෙකෙහිම ලකුණු 33 රැස් කල ආබිඩ් ලකුණු 55 සඳහා කඩුළු 6 දවා ගත්තේ,[1] එම අවස්ථාව වන විට මංගලාවතරණයෙහිදී ඉන්දියානුවෙකු විසින් සිදු කල හොඳම ක්‍රීඩා කිරීම සනිටුහන් කරමිනි. තුන්වන ටෙස්ට් තරගයෙහිදී ආරම්භක පිති හරඹය සඳහා යැවුනු ඔහු, ලකුණු 47 ක් රැස් කළේය. මෙයින් පසුව අවසන් ටෙස්ට් තරගයෙහිදී ඔහු ඉනිම දෙක සඳහා ලකුණු 81 සහ 78 රැස් කළේය.

1971 පෝට් ඔෆ් ස්පේන් ටෙස්ට් තරගයෙහිදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සුනිල් ගවස්කාර් විසින් දිනුම් ලකුණ ලබා ගනිද්දී පන්දුවට පහර නොදෙන අන්තයේ සිටි ක්‍රීඩකයා වූයේ ආබිඩ්ය. තරගමාලාවෙහි අවසන් ටෙස්ට් තරගයෙහිදී අසීරු ඉලක්කයක් හඹා යෑමට බටහිර ඉන්දී කොදෙව්වන් ප්‍රයත්න දරද්දී, අනුයාත පන්දු වලදී රෝහාන් කැන්හායි සහ ගැරී සෝබර්ස් දවා ගැනීමට ආබිඩ් සමත් විය. මාස කිහිපයකට පසුව, ඕවල් ක්‍රීඩාංගණයෙහිදී ඉන්දියාව විසින් එංගලන්තය කඩුළු සතරකින් පරාජය කරද්දී ඔහු විසින් ජයග්‍රාහී ලකුණු සතර රැස් කරන ලදි.[2]

එම තරගමාලාවෙහිදීම මැන්චෙස්ටර් ටෙස්ට් තරගයෙහිදී, දිවා ආහාරයට පෙර ලකුණු 19 ලබා දී පළමු කඩුළු සතර දවා ගත් ඔහු එංගලන්තය කඩුළු 4 ට ලකුණු 41 තත්ත්වයට ඇද දැමීය.

තවද ටෙස්ට් තරග නවයක් ක්‍රීඩා කල ඔහු, 1975 ලෝක කුසලාන තරගයෙහිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 70 ක් රැස් කර ගති. තවද වසර කිහිපයක් ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළේය. රංජි කුසලානය සඳහා හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 2000 අභිබවා රැස් කළ ආබිඩ් අලි සියයකට වඩා කඩුළු දවා ගත්තේය. ඔහුගේ ඉහළම පුද්ගලික ලකුණු රැස් කිරීම වන්නේ 1968-69 තරග කාල වාරයෙහිදී කේරල කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 173 වන අතර හොඳම පන්දු යැවීම වන්නේ 1974 දී සරේ කන්ඩායමට එරෙහිව දි ඕවල් ක්‍රීඩංගණයෙහිදී ලකුණු 23 ක් ලබා දෙමින් කඩුළු 6 ක් දවාලීම වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "1st Test: Australia v India at Adelaide, Dec 23-28, 1967". espncricinfo. සම්ප්‍රවේශය 2011-12-13.
  2. වී. වී. සුබ්‍රමානියම්, ආබ්ඩ් නීඩ්ස් හෙල්ප්, ස්පෝට්ස්සටාර්, 4 මාර්තු 2006 [1]
"https://si.wikipedia.org/w/index.php?title=සයිඩ්_ආබිඩ්_අලි&oldid=387528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි