Jump to content

සමාජ විරෝධී පෞරුෂ ආබාධය

විකිපීඩියා වෙතින්
සමාජ විරෝධී පෞරුෂ ආබාධය
වෙනත් නම්සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය, අසමාජීය පෞරුෂ ආබාධය (DPD), සමාජ ව්‍යාධිය, මනෝ ව්‍යාධිය[1]
ක්ලස්ටර් B පුද්ගලත්ව රෝග සම්බන්ධ වීඩියෝ විවරණය
විශේෂතාවමනෝචිකිත්සාව
රෝග ලක්‍ෂණඅනෙක් අයගේ හිමිකම් නොසලකා හැරීම, අපරාධ කිරීම, නැවත නැවත බොරු කීම, සැලසුම් කිරීමේ දුර්වල බව, ප්‍රබල ආක්‍රමණශීලී හැසිරීම්, අනෙකුත් අයට හානි කළ පසු පවා ඒ ගැන තැකීමක් නොකිරීම [1]
Usual onsetළමා කාලය[2]
කාලපරාසයදීර්ඝ කාලීනව[1]
අවදානම් සාධකපවුල් ඉතිහාසය, දරිද්‍රතාවය, ළමා අපයෝජනය[1][3]
රෝග විනිශ්චය ක්‍රමමනෝචිකිත්සක තක්සේරුවක් මත පදනම්ව[3]
Differential diagnosisචර්යා අක්‍රමිකතාව, ද්‍රව්‍ය භාවිතයේ අක්‍රමිකතාව, ද්විධ ධ්‍රැව අක්‍රමිකතාව, භින්නෝන්මාදය, දේශසීමා පෞරුෂ අක්‍රමිකතාව, ස්වාභාවික පෞරුෂ අක්‍රමිකතාව, අපරාධකාරී හැසිරීම[1]
ප්‍රතිකාරවිශේෂිත රෝග ලක්ෂණ මත පදනම්ව[3]
සංඛ්‍යාතයවසරකදී සාමාන්‍යයෙන් 1.8%ක් පමණ[1]

සමාජ විරෝධී පෞරුෂ ආබාධය (ASPD හෝ APD) යනු අන් අයගේ අයිතිවාසිකම් නොසලකා හැරීමේ දිගුකාලීන රටාවකින් හඳුනාගත හැකි පෞරුෂ ආබාධයකි. [1] බොහෝ විට අපරාධ කිරීම, නැවත නැවත බොරු කීම, දුර්වල සැලසුම් කිරීම, ආක්‍රමණශීලී හැසිරීම්, අන් අයගේ ආරක්ෂාව පිළිබඳ අවධානයක් නොදීම සහ අන් අයට හානි සිදු කිරීමෙන් පසු පවා ඒ ගැන එතරම් තැකීමක් නොකිරීම වැනි හැසිරීම් ඉතිහාසයක් ඇත. [1] මෙම ආබාධය ආශ්‍රිත සංකූලතා අතර විරැකියාව සහ සියදිවි නසා ගැනීම් වැනි ගැඹුරු බලපෑම් ද පවතින බව දක්වා ඇත. [1] [3]

අවදානම් සාධක අතර පවුල් ඉතිහාසය, දරිද්‍රතාවය සහ ළමා අපයෝජනය හෝ ළමයින් නොසලකා හැරීම ඇතුළත් වේ. [1] [3] අවම වශයෙන් වයස අවුරුදු 15 සිට මේ රෝග ලක්ෂණ දක්නට ලැබෙන අතර හැසිරීම් ආබාධ එම වයසට පෙර සිටම පවතී. [1] විධිමත් රෝග විනිශ්චය සඳහා වයස අවුරුදු 17 ට වැඩි අයෙකු වීම අවශ්‍ය වේ. [1] සමාජ විරෝධී පෞරුෂ ආබාධයේ රෝග ලක්ෂණ මනෝ ව්‍යාධිය, සමාජ ව්‍යාධිය සහ සමාජ විරෝධී පෞරුෂ ආබාධය (DPD) ආදී ලෙසද නම් කර ඇත. [1] එය ක්ලස්ටර් බී වර්ගයේ පෞරුෂ ආබාධයකි . [3]

මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර, රෝග ලක්ෂණ වැඩිදියුණු කිරීමට පමණක් උත්සාහ කෙරේ. [3] රෝහල්ගත කිරීම ප්‍රයෝජනවත් බව සොයාගෙන නොමැත. [3] සමාජ විරෝධී පෞරුෂ ආබාධය දී ඇති වසරක් තුළ පුද්ගලයින්ගේ 0.2% සිට 3.3% දක්වා බලපායි. [1] කාන්තාවන්ට වඩා පිරිමින්ට තුන් ගුණයකින් පමණ වැඩි පුර බලපායි. [1] [3] පිරිමි ජනගහනය තුළ මත්පැන් අනිසි භාවිතය හේතුවෙන් ඇතිවන ආබාධ අනුපාතය 70% ට වඩා වැඩි විය හැකිය. [1] එමෙන්ම මෙම තත්වය වයසින් සමඟ අඩුවිය හැකි අතර, [3] බලපෑම් ලැබූ පුද්ගලයින් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මිය යාමට වැඩි අවදානමකට ලක් වේ. [1]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d e f g h i j k l m n o p q ඇමරිකානු මනෝචිකිත්සක සංගමය (2013), මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොත (5 වන සංස්කරණය), ආර්ලිංටන්: ඇමරිකානු මනෝචිකිත්සක ප්‍රකාශනය, pp. 659, , https://archive.org/details/diagnosticstatis0005unse/page/661 
  2. ^ "සමාජ විරෝධී පෞරුෂ ආබාධය". ජාතික වෛද්‍ය පුස්තකාලය (ඉංග්‍රීසි බසින්). 2018 සැප්තැම්බර් 21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018 මැයි 16. {{cite web}}: Check date values in: |access-date= and |archive-date= (help)
  3. ^ a b c d e f g h i j ෆිෂර්, KA; හැනි, M (January 2020). "සමාජ විරෝධී පෞරුෂ ආබාධය". StatPearls. PMID 31536279.