සමාගමක ගුණාත්මක භාවය

විකිපීඩියා වෙතින්
ඇමරිකානු නාවික අහස් යානයක ඉලෙක්ට්‍රොනික උපකරණවල නඩත්තු පරීක්ෂා කිරීම

1980 වර්ෂයේදී සමාගමක ස්වභාවය යන සංකල්පය කළමනාකරණයට අනුව ගත් කල “මිනිසා” ඉදිරියට ආවේය. ඒ අනුව වටහා ගන්නා ලද්දේ විවෘත මනසකින් යුතුව ගුණාත්මකභාවයට ප්‍රවේශ වීම පිණිස කළමනාකරුවන් සංවර්ධනාත්මක ක්‍රියා මාර්ග ගන්නේ නම් සාර්ථකභාවය ළඟාකර ගත හැකි බවය.

සමාගමක ගුණාත්මකභාවය ළඟා කර ගැනිමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කෙරේ.




1. පාලනය , කාර්ය කළමනාකරණය, සුදුසු ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම , සමස්ත ක්‍රියාකාරිත්වය හා එය මනින උපමානය සහ වාර්තා හඳුනාගැනීම වැනි මූළික කරුණු.
2. දැනුම, නිපුණතාව, පළපුරුද්ද, සුදුසුකම ආදී යෝග්‍යතාවයන්
3. පෞද්ගලික අවංකභාවය , විශ්වාසදායකත්වය, සංවිධානයක සංස්කෘතිය හඳුනාගෙන ක්‍රියා කිරීම, පෙළඹවීම හා කණ්ඩායම් ජීව ගුණය වැනි සුඛනම්‍ය කරුණු.

මෙහි සඳහන් එක් කරුණක හෝ අඩු පාඩුවක් සිදුවුණි නම් එය සමාගමේ නිෂ්පා‍දනයට අවදානමක් ඇති කරයි.

ගුණාත්මක කළමනාකරණයක් සඳහා මෙහි සඳහන් වන ප්‍රවේශයන් මේනිසා නිෂ්පාදන කාර්යයේදී පමණක් නොව සියළු ව්‍යාපාර සඳහාද අදාළ වේ.

  • වැඩ සැලසුම
  • පරිපාලන සේවය
  • උපදේශනය
  • බැංකු කටයුතු
  • රක්ෂණය කිරීම
  • පරිගණක මෘදුකාංග
  • සිල්ලර වෙළඳාම
  • ප්‍රවාහනය

මෙහි ගුණාත්මක සංවර්ධන ක්‍රියාවලියක් ඇතුළත් වන අතර මෙය ඕනෑම ක්‍රියාකාරකමක් සඳහා යොදාගත හැකිවේ.සහජයෙන්ම චර්යාමය ආකාරයක් තහවුරු වන අතර එය ගුණාත්මකභාවය ලබා ගැනීමටද උපකාරීවේ.

මෙයට පෙරලා ගුණාත්මක කළමනාකරණ ක්‍රමවේදයන්ගෙන් උදව් ලැබෙන අතර ඒ සඳහා නොයෙකුත් ව්‍යාපාර ක්‍රම ඇතුළත් විය හැකිය. එසේම මෙය අපගේ අවධානයට හසුවන ව්‍යාපාර ඒකකයේ ක්‍රියාකාරකම් වලට සුවිශේෂද විය හැකිය.

නිෂ්පාදන හා ඉදිකිරීම් කටයුතුවලදී මෙම ව්‍යාපාරික ක්‍රමවේද ISO 9000 මාලාව තුළ අන්තර්ගත ජාත්‍යන්තර ප්‍රමිතීන් මඟින් නිර්වචනය කරන ලද ගුණාත්මක තත්ව සහතිකය සඳහා වන මොඩලයන්ට සහ ගුණාත්මක පද්ධතීන් සඳහා වන විශේෂීකරණයන්ට සමාන විය හැකි ය.

මේ දක්වා සමාගමේ ගුණාත්මකභාවය පද්ධතිය තුළ ක්‍රියාත්මක වූයේ ප්‍රධාන ගුණාත්මක ගැටලු පාලනය නොකල වෙළඳසැලේ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියෙනි. මෙය මෑත කාලීනව ගුණාත්මක තත්ව සහතිකය හෝ සමස්ත ගුණාත්මක පාලනය දක්වා පැමිණියේ ය.

සංඛ්‍යා ලේඛන අනුව ‍හෝ ගුණාත්මක යෙදවුම් යොදා තිබිය දීත් වෙළඳ පරිහානියක් සිදුවෙමින් පවතින අවස්ථාවකදී පරීක්ෂා කොට පාලනයක් කිරීම උදෙසා සමස්ත තත්ව පාලනය ඉතා වැදගත් වේ.

වෙළඳ පරිහානියක් ඇති කරන ප්‍රධාන ගැටලුව වන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ කුමක් ද? යන වැදගත්ම සාධකය සුවිශේෂීකරණයන්ට ඇතුලත් නොවීමයි.

නිෂ්පාදනය හා සමස්ත ව්‍යාපාරික ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමේ උත්සාහය තුළ නොසලකා හරින ලද ලක්ෂණ වූයේ,

  • විශ්වාසදායකත්වය
  • පවත්වාගැනීමේ හැකියාව
  • සුරක්ෂිතභාවය යන ඒවාය.

මෙහිදී වැදගත්ම සාධකය නොසලකා හැර ඇති බැවින් නව සංශෝධනයන් කිහිපයක් හඳුන්වා දිය යුතුව තිබේ.

1. විකිණීම් කාර්යයේදී සිය කටයුතු නිසි පරිදි සිදු කළයුතු මෙන්ම පාරිභෝගිකයාගේ සුවිශේෂී අවශ්‍යතාවන් නිර්වචනය කිරීමට හැකිවිය යුතුය.
2. එසේ නිර්වචනය කළ යුතු වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදිය.
3. ඒ සඳහා අවශ්‍ය රූපකරණයන්, සුදුසු මට්ටම්,වෙනත් අදාළ ලියවිලි භාණ්ඩ නිෂ්පාදනයේදී, සැලසුම් කිරීමේදී හා තත්ව පාලනයේදී හඳුන්වා දිය යුතුය.
4. කළමනාකරණ මණ්ඩලය වැඩ ක්‍රියාත්මක කරන්නන්ට ලබාදී ඇති වැඩ ප්‍රමාණය සමාන වන බවටත් නිවාඩු දින, උත්සව, වෙනත් ගැටුම් ආදිය නිසා ගුණාත්මක මට්ටම් පහළ යන බවටත් ස්ථිර විය යුතුය.
5. පරීක්ෂා කිරීම් කළ යුතුය.පාවිච්චි කරන සියඵ භාණ්ඩ අදාළ තත්වයන්ට ගැලපිය යුතුය. පාවිච්චි කරන සියළු මිනුම් ඉතා නිවැරදි විය යුතුය. මෙය සමාගමේ QA$QC දෙපාර්තමේන්තුවේ වගකීමයි.
6. පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ නියමිත කාලයක් තුළ ක්‍රියා කළ යුතුය.
7. පාවිච්චි කරන්නන් හා පාරිභෝගිකයාගෙන් ලැබෙන ප්‍රතිපෝෂණය ඊළඟ මෝස්තරය සම්බන්ධයෙන් සළකා බැලිය යුතුය.
8. ස්ථාවර දත්ත සටහන් කිරීම , තක්සේරු කිරීම සහ ලියවිලිවල අවංකභාවය
9. නිෂ්පාදන පිළිවෙත් වෙනස් කිරීමේ කළමනාකරණය හා ඒවා දැනුම්දීම

මුල් සුවිශේෂී අවශ්‍යතාවයන් නියමිත ගුණාත්මක අවශ්‍යතාවන් හා එකඟ නොවේ නම් ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම හෝ නිෂ්පාදිත භාණ්ඩවල ගුණාත්මකභාවයක ඇති කිරීම හෝ කළ නොහැකිය.

උදාහරණ වශයෙන්කිවහොත් පීඩන උදුනක පරාමිතීන් එය සෑදු ලෝහය හා ප්‍රමාණයන් පමණක් නොව පරිසරය තුළ ආරක්ෂාකාරීව හා විශ්වාසදායකව, පාවිච්චි කිරීමත් පවත්වා ‍ගෙන යාමට අවශ්‍ය කරුණුද සම්පාදනය විය යුතුය.

අවසාන වශයෙන් ගුණාත්මක තත්ව සහතිකය පිළිබඳ දර්ශනය ආරම්භවු පදනම සහ “අරමුණ සඳහා යෝග්‍යවීම” යනු සමාගම ගුණාත්මක භාවය සාවධානයෙන් දැන සිටීමයි.


සටහන[සංස්කරණය]

Quality_control Company_quality

"https://si.wikipedia.org/w/index.php?title=සමාගමක_ගුණාත්මක_භාවය&oldid=471521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි