සම්මාදිට්ඨි
(සම්මා දිට්ඨි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි. සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි.
- දස වස්තුක සම්මාදිට්ඨි
- චතුසත්‍ය සම්මාදිට්ඨි
දස වස්තුක සම්මාදිට්ඨි[සංස්කරණය]
- අත්ථි දින්නං (දන් දීමෙහි විපාක ඇත)
- අත්ථි යිට්ඨං (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)
- අත්ථි හුතං (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)
- අත්ථි සුකට දුක්කට කම්මානං ඵලං විපාකෝ(හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
- අත්ථි අයං ලෝකෝ (පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත)
- අත්ථි පරෝ ලෝකෝ (මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත)
- අත්ථි මාතා (මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
- අත්ථි පිතා (පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
- අත්ථි සත්තා ඕපපාතිකා (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත)
- අත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං
අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති (යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)
චතුසත්‍ය සම්මාදිට්ඨි[සංස්කරණය]
- දුක්ඛෙ ඤාණං (දුක්ඛ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
- දුක්ඛ සමුදයෙ ඤාණං (දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
- දුක්ඛ නිරොධෙ ඤාණං (දුක්ඛ නිරොධ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
- දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං (දුක්ඛ නිරොධ මාර්‍ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය)