සබීන් ස්ත්රීන්ගේ මැදිහත්වීම
මෙවලම්
කාර්යයන්
සාමාන්ය
මුද්රණය/අපනයනය
වෙනත් ව්යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
| සබීන් ස්ත්රීන්ගේ මැදිහත්වීම | |
|---|---|
සබීන් ස්ත්රීන්ගේ මැදිහත්වීම ( ප්රංශ: Les Sabines [a] ) යනු 1799 දී ප්රංශ චිත්ර ශිල්පී ශාක්-ලුවී ඩේවිඩ් විසින් අඳින ලද සිතුවමක් වන අතර, රෝමයේ ආරම්භක පරම්පරාව විසින් සබීන් කාන්තාවන් පැහැර ගැනීම පිළිබඳ වූ පුරාවෘත්ත කථාංගයක් පෙන්වයි.
1796 දී ඔහුගේ වෙන් වූ බිරිඳ සිරගෙදරදී ඔහුව බැලීමට පැමිණි පසු සිතුවමේ වැඩ ආරම්භ විය. ගැටුම්වලට වඩා ආදරය ජය ගැනීම සහ දරුවන්ගේ ආරක්ෂාව යන තේමාව යටතේ තම බිරිඳට ගෞරව කිරීම සඳහා නිර්මාණයක් කිරීමේ අදහස ඔහු තුළ ඇති විය. විප්ලවයේ ලේ වැගිරීම් වලින් පසු ජනතාව නැවත එක්වන ලෙස කරන ලද ආයාචනයක් ලෙසද මෙම සිතුවම සැලකේ. එය සාක්ෂාත් කර ගැනීමට ඔහුට වසර හතරක් පමණ ගත විය.
ආශ්රිත
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ↑ ප්රංශ pronunciation: [le sabin]
| ජාතික | |
|---|---|
| වෙනත් | |
"https://si.wikipedia.org/w/index.php?title=සබීන්_ස්ත්රීන්ගේ_මැදිහත්වීම&oldid=794158" වෙතින් සම්ප්රවේශනය කෙරිණි