සද්ධර්‍මපුණ්ඩරීක සූත්‍රය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුද්ධාමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

අභිධර්මය
මූලාශ්‍ර හා සබැඳි
පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

ධම්ම සාකච්ඡා
සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

අභිධර්මය ප්‍රභවය සහ අභිධර්ම සාහිත්‍යය

පෙර-අපර දෙදිගත් මුළු මහත් ලෝකයාත් වර්තමානයෙහි බුදු දහම යැයි හඳුනා ගන්නේ ත්‍රිපිටක පෙළ දහමයි. දීර්ඝ කාලීනව සංවර්ධනය වූ පෙළ දහම පෙර-අපර දෙදිග වියතුන්ගේ විමසුමට ලක්ව ඇති සහ පුද්ගලයාගේ දෛනික ජිවිතයට සමීපතම කල්‍යාණ මිත්‍රයා ලෙස ද පෙළ දහමට අත් වන්නේ වැදගත් තැනකි. සුත්ත පිටකය, විනය පිටකය යන පිටකද්වය තුළ උද්ගත වූ නිකායාන්තරික මත සහ විචාරාත්මක මතවාද නිරාකරණය කරගැනීමට අවකාශය තිබුණ ද අභිධම්ම පිටකය සම්බන්දයෙන් ඇති වූ මතවාද තවමත් මතබේදාත්මක ය. යම් අවස්ථාවන්හි විද්වතුන් විසින් කරුණු සහිතව අභිධර්මය සම්බන්දයෙන් කරුණු දක්වා ඇති නමුත් ස්ථීර වශයෙන් නිගමයන් තවමත් නැති තරම්ය. අභිධර්ම සප්තප්පකරණයම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් යැයි කියතත් අත්ථසාලනී අටුවාව විමසීමෙන් පෙනී යන්නේ ශ්‍රද්ධාව මුලික කරගෙන අටුවාචාරීන් වහන්සේ සර්වඥභාෂිත යැයි කීමට උත්සහා දැරුවද ද එසේ නොවන බවය. යම් යම් කරුණු කාරනා ඇති නමුත් අභිධර්ම පිටකය සම්බන්දයෙන් එවන් පසුබිමක් තුළ ස්ථීර නිගමනයන් කෙරෙහි යොමු වීම අපහාසු ය. කෙසේ නමුත් බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ ධර්මාවස්ථාවේදී දක්නට ලැබෙන ඇතැම් දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විසින් විග්‍රහ විවරණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අභිධර්ම පිටකය ඇති වූ බව කරුණු පරීක්ෂා කිරීමේ දී පෙනී යන බවය. මෙහි දී දැක්වීමට අදහස් කෙරෙනුයේ අභිධර්ම සාහිත්‍යය පිළිබඳවය. අභිධර්ම පිටකයෙන් තොරව අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳ කතා කළ නොහැකිය. අභිධර්ම සාහිත්‍යය යනු අභිධර්ම පිටකයම මුල් වූ සංවර්ධිත පුළුල් අභිධර්ම සාහිත්‍යය වේ. අභිධර්මයේ ප්‍රභවය සහ විකාශනයත් අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ සහ ටීකා සාහිත්‍යය දක්වා වූ අභිධර්ම සාහිත්‍යයත් පිළිබඳව උද්ධරන ප්‍රාමාණිකත්වයෙන් කරණු දැක්වීම මෙහෙදී සිදු කෙරේ.

අභිධම්ම පිටකය පිළිබඳ නිකායාන්තරිකයන් අතර මතවාද තිබුණ ද වැඩි වශයෙන් අභිධර්ම පිටකය කෙරෙහි අවධානය යොමු කරන්නේ සර්වාස්තිවාදි ගුරුකුලය සහ විභජ්ජවාදී ථෙරවාද සම්ප්‍රදාය යන ද්විත්වය වේ. මුල් බුදු සමයාගතව පිටකයක් වශයෙන්  අභිධර්මය නොතිබුණ බව කාගෙත් පිළිගැනීම ය. කාලයත් සමඟ උද්ගත වූ නිකායාන්තර මතයන්හි ප්‍රතිඵලයක් ලෙස අභිධර්ම පිටකයේ අවශ්‍යතාව ඇති වූ බව ශාසන ඉතිහාසය විමසීමේදී පෙනී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස අභිධර්මය පිටිකයක් වශයෙන් සකස් වුයේ යැයි කීම පිළිගත හැකි කරුණකි. එහෙත් එම කාරනාව නිසාම අභිධර්ම පිටකය සකස් වුයේ යැයි කිව නොහැකිය. මක් නිසාදයත් අභිධර්ම පිටකයේ ධර්ම විස්තර සුත්‍රාන්ත තුළ ශේෂව පවත්නා බැවිනි. සුත්‍රාන්ත තුළ දැක්වෙන අභිධර්ම කරුණු සුත්‍ර දේශනාව හා මුහුව පවත්නා ඒවාය. එහෙත් එම කරුණුම සත්ත්ව පුද්ගල සඤ්ඤා රහිතව ඉදිරපත් කිරීමේ අවශ්‍යතාව ථෙරවාදීන් හට තදින්ම දැනුනේ ථෙරවාද අර්ථකථනය අනුව බුදු දහම පරමාර්ථ වශයෙන් සත්ත්ව පුද්ගල ග්‍රහණයෙන් තෝරව පරමාර්ථ ධර්ම විග්‍රහ කෙරෙන නිසාය. මෙවන් නිකායාන්තරිකයන් අතර ඇති වූ විවාදාපන්න කුරුණු සමුදායක ප්‍රතිඵලයක් වශයෙන් අභිධර්මය පිටකයක් වශයෙන් තුන්වන ධර්ම සංගීතිය පවත්නා කාලය වන විට සම්පූර්ණ වී ප්‍රභවය වුවක් ලෙස සැලකීමට අවකාශය උදා වේ. මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් නම් ‘අභිධම්ම’ යන වචනය සම්බන්දව ය. මුල් බුදු සමයාගත සුත්‍ර ධර්ම, විනය පඤ්ඤප්ති දැක්වීම සඳහා ‘ධම්ම,විනය’ වචනද්වය භාවිත වූ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ බව පරිනිබ්බාන විමසීමෙන් දත හැකිය.  එහි සඳහන් කාරණයෙන් පෙනී යන්නේ සුත්ත යන්නෙන් අදහස් කළේ නිකාය පස බවත් විනය යනුවෙන් අදහස් කළේ පාරාජිකා පාළි ආදී විනය ග්‍රන්ථ බවත් මනාව චුල්ලවග්ගපාළි ප්‍රථම සංගීති වාර්තාව සඳහන් කරයි.

කරණු මෙසේ වුවත් සුත්‍රාන්තයන්හි සහ විනය ග්‍රන්ථ තුළ ඇති ‘අභිධම්ම’ වචනය පිටකයක් දැක්වීම සඳහා භාවිත වුයේ යැයි නොකිය වේ. සුත්‍ර සහ විනය තුළ සඳහන් අභිධම්ම යන වචනය ස්වාධීනව යෙදී නැති බව ද පදයන් හා සමාස වී යෙදී ඇති බව ද සඳහන් වේ. එසේම සමාස වී යෙදී ඇති ‘අභිධම්මකථං’ ආදී පදයන් මඟින් විශේෂ ධර්ම කොටසක් හෝ අභිධර්ම පිටකය එයින් අර්ථ ගැන්වෙතැයි කිව නොහැකිය. පෙළ දහමේ හමුවන “අභිධම්ම සහ අභිවිනය” යන පද ද්වය මඟින් අභිධම්ම යන්නෙන් අභිධම්ම පිටකය අදහස් වේ නම් අභිවිනය යන්නෙන් විශේෂ පර්යාය, විනය පර්‍යප්ති කොටසක් සඳහන් විය යුතුය. එහෙත් එසේ සඳහන් නොවේ. සුත්‍ර, විනය කෘතීන්හි සඳහන් අභිධම්ම යන පදයෙන් දැක් වෙන්නේ අර්ථ උද්දීපනයක් බව මෙයින් සිතිය හැකිය. එසේම අටුවාචාරීන් වහන්සේලා ද අභිධම්ම යන පදය සම්බන්දයෙන් ඒකමතික අදහසක නොසිටි බව අටුවා විමසීමෙන් පෙනී යයි. දීඝ නිකායේ සංගීති සුත්‍රයේ සඳහන් අභිධම්ම යන පදය අර්ථකථාව තුළ අර්ථ දෙකක් බුදුගොස් අටුවාචාරීන් වහන්සේ දක්වයි. එනම් අභිධම්ම යන්නෙන් සප්තප්පකරණය යන අදහස ඇති බවත් මාර්ග ඵල යන අර්ථයත් යන අර්ථ දෙකම අභිධම්ම යන පදය තුළ ඇති බව කීහ. මජ්ඣිම නිකායේ කින්ති සුත්‍රයේ අභිධම්ම යන පදය සඳහන් වේ. මෙය බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේ පෙන්වා දෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙසය. අංගුත්තර නිකාය අටුවාවේ එක තැනක දක්නට ලැබෙන ‘අභිධම්ම’ පදය අටුවාචාරීන් වහන්සේ අර්ථ දක්වන්නේ ‘උත්තමකථා’ ලෙසය එසේම තවත් තැනක “අභිධම්මකථං” යන පදයට අර්ථ දක්වන්නේ ‘අභිධම්මිස්සකං’ යන නොපැහැදිලි වූ අර්ථයකි. මෙයින් ද පෙනී යන්නේ අටුවාචාරීන් වහන්සේලා තුළ ද අභිධම්ම යන පදය සම්බන්දයෙන් ඒකමතික අර්ථවිවරණයක නොසිටි බවය. මුල් කෘතිවල දක්නට ලැබෙන අභිධම්ම යන වචනයේ නිවැරදි අර්ථය - අවස්ථාවෝචිත අර්ථය - ‘ධර්මයට අදාළ’ ‘ධර්මයට අයත්’ යන්න බව පෙන්වා දී ඇත. මෙවන් අවස්ථා බොහොමයක් අටුවා තුළ සඳහන් වේ. අටුවා ග්‍රන්ථ තුළ අභිධම්ම යන වචනය මඟින් අභිධම්ම පිටකය හෙවත් සප්තප්පකරණය අදහස් කළ බව කියවෙයි. එහෙත් පෞරාණික සංගීති වාර්තා දෙක තුළ අභිධම්ම පිටකයක් සඳහන් නොවන නිසාත් සුත්ත පිටකයේ සහ විනය පිටකයේ සඳහන් අභිධම්ම යන පදයෙන් අභිධම්ම පිටකය හෝ විශේෂ ධර්ම පර්යායක් අදහස් නොවන නිසාත් අටුවා මතය බැහැර වේ. අභිධර්ම සාහිත්‍යය පිළිබඳ දැක්වීමේ දී ප්‍රභවය, විකාශනය සහ කාල පරාසයන් තුළ අභිධර්මය මුලික කරගෙන ඇති වූ ශාස්ත්‍රීය කර්තව්‍යය දැක්විය යුතු ය. මෙසේ දැක්වීමේ දී දුෂ්කරතා ඇති නමුත් සත්‍ය වශයෙන් ශේෂව ඇති සාධක පාදක කරගෙන විස්තර කිරීම කළ යුතුය. ශාසන ඉතිහාසය විමසීමේ දී ද පෙනී යන්නේ අභිධර්ම සාහිත්‍යය කෙමින් කෙමින් සංවිධිතව ගොඩ නැගුණ පිටක සාහිත්‍යයක් බවය. මුල් අවදියේ අභිධර්ම පිටකාගත කරුණු සුත්‍රාන්ත තුළ දැකිය හැකි අතර ඒවා බොහමයක් ශ්‍රාවකයන වහන්සේලාගේ දේශනා බව පෙනී යයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව තථාගත දේශනාව ව්‍යාප්තකාර්යය පැවරුනේ ශ්‍රාවකයන් වහන්සේලාට ය. කාලයක් ගෙවී යාමත් සමඟ ශ්‍රාවකයන් වහන්සේලා අතරම පරියාප්ති ධර්මමය වශයෙන් උද්ගත වූ මතවාදයන්හි ඵලයක් වශයෙන් ද ධර්මය විවරණය කිරීමේ අග්‍රගන්‍ය ඵලයක් ලෙස අභිධර්ම පිටකය පිටකයක් දක්වා සංවර්ධනය වූ බව සඳහන් වේ. මෙම අභිධර්ම සාහිත්‍යය විස්තර කිරීමෙහිලා කාණ්ඩ කිහිපයක් යටතේ කරුණු දක්වන්නෙමු. පහත සඳහන් කාණ්ඩ තුළින් අභිධර්ම ටීකා, සන්න දක්වා වර්ධනය වූ අභිධර්ම සාහිත්‍යය ආවරණය වන බව හැඟීම වේ.

01. මුල් බුදු සමයේ අභිධර්මය. 02. සප්තප්පකරණ සාහිත්‍යය. 03. අභිධර්ම අටුවා සාහිත්‍යය. 04. අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ සාහිත්‍යය. 05. අභිධර්ම ටීකා සාහිත්‍යය. 06. අභිධර්ම ග්‍රන්ථයන්ට සැප යූ සිංහල සන්න සහ සන්න .

 මුල් බුදු සමයේ අභිධර්මය. මෙහි පළමුවෙනි ශීර්ෂය යටතේ දක්වන්නේ මුල් බුදු සමය වන විට අභිධර්මය පිටකයක් වශයෙන් නොව දේශනාවක් වශයෙන් හෝ තිබුනේ ද යන්න විමසා බැලීම වේ. මෙතෙක් ඇති වූ ප්‍රශ්නය නම් අභිධර්මය පිටකය හෙවත් සප්තප්‍රකරණය සර්වඥභාෂිත යැයි කීම පිළිබඳවය. අභිධර්මය බුද්ධභාෂිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එයට අවැසි සාධක සෑහෙන තරම් අටුවා විස්තර තුළ දක්නට ලැබේ. මුලින් සඳහන් කළ ආකාරයට සුත්‍රාන්ත ධර්ම කාරනා තුළ අභිධර්ම නය සහ අභිධර්ම දේශනා ඇතුලත් බව සුත්ත පිටකය විමසීමෙන් මනාව පැහැදිළි වේ. සුත්‍ර පිටකයේ සමහර තැන සම්පුර්ණයෙන්ම විස්තර කර දැක්වෙන්නේ අභිධර්ම කාරනා බව විමසීමෙන් පෙනී යයි. පටිසම්භිධාමග්ග පාලිය තුළ සඳහන් ඤාණ, දිට්ඨි, ආණාපාණ, ඉන්ද්‍රිය, ආදී ධර්මය පිළිබඳ කරණු 30ක් පිළිබඳ සඳහන් වේ. මෙම අවස්ථාවම වැඩි වශයෙන් කරුණු දක්වමින් ක්‍රමානුකූලව විභංගප්‍රකරණයේ සඳහන් වේ. මේ නයින් බලන විට අභිධර්මයේ මුලික ස්වභාවය සුත්ත පිටකය තුළ ඇති බව සහ දේශනා නයින් මුල් අවස්ථාවේ ධම්ම, විනය තුළ බහා තිබුණ බව කිව හැකිය. මෙවැනි අවස්ථා බොහොමයක් පෙළ විමසීමෙන් පෙනී යයි. ඒ සෑම තැන්හිම අභිධර්ම නය සහ අභිධර්ම විස්තර දක්වා ඇති නමුත් මෙය අභිධර්මය යැයි සඳහන් කළ තැන් නැත. සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට අපහසු ගැඹුරු තැන් බව හඳුනා ගත හැකිය. පහත සඳහන් කරනු ලබන්නේ අභිධර්ම නය සහ අභිධර්ම විස්තර මුල් අවදියේ හෙවත් මුල් බුදු සමයේ සුත්‍රාන්ත තුළ දැකිය හැකි අවස්ථා කිහිපයකි.  දීඝ නිකාය - සංගීති සුත්‍රය.  දීඝ නිකාය - දසුත්තර සුත්‍රය.  මජ්ඣිම නිකාය - විභංග වග්ගය.  මජ්ඣිම නිකාය - ඡචක්ක සුත්‍රය.  මජ්ඣිම නිකාය - මහාවේදල්ල සුත්‍රය.  මජ්ඣිම නිකාය - චුල්ලවේදල්ල සුත්‍රය.  මජ්ඣිම නිකාය - බහුධාතුක සුත්‍රය.  සංයුත්ත නිකාය - සළායත සංයුත්තය.  සංයුත්ත නිකාය - ධාතු සංයුත්තය.  සංයුත්ත නිකාය - ඛන්ධක සංයුත්තය.  ඛුද්දක නිකාය - පටිසම්භිදාමග්ගය. සඳහන් කරන්නට යෙදුන ඉහත අවස්ථාවන්හි අභිධර්ම පිටකයේ නය සහ සිද්ධාන්ත මුල් බුදු සමයේ දේශනා තුළ අන්තර්ගත බව හඳුනා ගත හැකිය. මෙවන් අවස්ථා බොහොමයක් පෙළ තුළ දැකිය හැකිය. මේ තුළින් කිව හැක්කේ අභිධර්මය පිටකයක් වශයෙන් බිහිවීමට ප්‍රථමව අභිධර්මය සුත්‍රාන්ත තුළ තිබූ බවත් මුල් අවදිය වන විට අභිධර්ම පිටකයක හෙවත් නිෂ්පුද්ගල, අකර්තෘක, පාරිභාෂික, භාව කාරක භාෂා වාග් මාලාවකින් සම්ප්‍රයුක්ත පිටක සාහිත්‍යයක අවශ්‍යතාව ශ්‍රාවකයන් වහන්සේලා අතර තදින් නොදැනුන බවය. එහෙත් කල් යාමත් සමඟ එහි අවශ්‍යතාව මතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අභිධර්ම පිටකය ඇති බව ඉහත ද කියන ලදී. මුල් බුදු සමයාගත අභිධර්මය වශයෙන් හඳුනා ගත හැක්කේ ද කර්තෘක, පුද්ගල සහිත, කතෘකාරක, කර්මකාරක වාග් මාලාවෙන් සම්ප්‍රයුත්ත සුත්‍රාන්ත ධාතු, ආයතන, ඛන්ධක විභාගයන් බව සඳහන් කළ යුතුය. මෙම ලක්ෂණ මුල් බුදු සමය තුළ දැක ගත හැකි නිසාත් අභිධර්ම පිටකය සම්පාදිත කාලයෙන් වෙන් කරගත හැකි නිසාත් මුල් බුදු සමයාගත අභිධර්මය යැයි වෙන් වශයෙන් කරුණු ගෙනහැර දැක් වූ යෙමු.  සප්තප්පකරණ සාහිත්‍යය. අභිධර්ම සාහිත්‍යය දැක්වීමේ දී දෙවන ශිර්ෂය ලෙස ඉහත දක්වන්නට යෙදුනේ සප්තප්පකරණය වේ. විනය පිටකයේ සඳහන් පැරණිතම සංගායනා වාර්තා දෙක වන පංචසතිකක්ඛන්ධකය සහ සත්තසතිකක්ඛන්ධය තුළ අභිධර්මයක් බුද්ධභාෂිතව හෝ ශ්‍රාවකභාෂිතව සංගායනා වී පැවත ආවේ යැයි සඳහන් නොවේ. එහෙත් ධම්ම-විනය සම්බන්දයෙන් මෙවන් මතවාදයක් හෝ නොමැත. ප්‍රථම සහ දෙවන සංගායනා කාලය වන විට නොතිබුණු අභිධර්ම පිටකයක් තුන්වන සංගායනාව සිදු වන කාලය වන විට සම්පූර්ණ වී පිටකයක් වශයෙන් ඇති වුයේ යැයි අටුවා තුළ දැක්වේ. අටුවා තුළ සඳහන් මෙම කාරණය පිළිගත හැකිය. කථාවත්තුප්පකරණය මොග්ගලීපුත්තතිස්ස මහාරහතන් වහන්සේ විසින් සම්පාදිතව පරවාද මථනය කිරීමට සබ්බමත්ථි කතාවෙන් ආරම්භ වී අභිධර්මය පිටකයට අයත් ග්‍රන්ථයක ලෙස පැවත එන්නේ යැයි අටුවාව විස්තර දක්වයි. එහෙත් අටුවා විස්තරය තුළ ඇති පරස්පරතාවය නම් පැරණි සංගායනා වාර්තා දෙක තුළ සඳහන් නොවන කරුණු අහේතුකව අටුවා තුළ දක්නට ඇති බවය. ප්‍රථම, දෙවන සංගීති වාර්තා තුළ අභිධර්ම පිටකය සංගායනා වූ බවක් සඳහන් නොවේ. එහෙත් ඊට සියවස් කිහිපයකට පසුව සැපයෙන අටුවා තුළ අභිධර්මය ප්‍රථම සංගායනාවේ දී සංගායනාවට ලක් වුයේ යැයි සඳහන් වීම පරස්පර විරෝධී කරුණ කී. “............ඉදං සුත්‌තන්‌තපිටකං නාම. ධම්‌මසඞ්‌ගහො, විභඞ්‌ගො, ධාතුකථා, පුග්‌ගලපඤ්‌ඤත්‌ති, කථාවත්‌ථු, යමකං, පට්‌ඨානන්‌ති ඉදං අභිධම්‌මපිටකං නාම.” සමන්තපාසිකාවේ බාහිර නිදානයේ පඨම සංගීති වාර්තාව තුළ දැක්වෙන මෙම පාඨයෙන් කියවෙන්නේ පළමු සංගායනා අවස්ථාවේ දී අභිධර්මයට අයත් සප්තප්‍රකරණය සංගායනා වූ බවය . මින් ද නොනැවතී බුදුගොස් හිමියන් මෙම සප්තප්‍රකරණය බුද්ධභාෂිත බව ද කියයි. පරමාර්ථ බාහුල්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් අභිධර්මය දේශනා කළ බැවින් අභිධර්මය පරමත්ථ දේශනාවක් යැයි ද බුදුගොස් අටුවාචාරීන් වහන්සේ තවදුරටත් සඳහන් කරති. එහෙත් ප්‍රථම සහ දෙවන සංගීති වාර්තාවන්හි මෙවන් ප්‍රකාශනයක් සඳහන් නොවේ. අටුවාචාරීන් වහන්සේ සමන්තපාසාදිකාව තුළ සඳහන් කළ මෙම ප්‍රකාශනයම අත්ථසාලිනියේ දී ප්‍රථම සංගීති අවස්ථාවේ අභිධර්ම පිටකය ඇතුලත්ව පිටකත්‍රයම සංගායනාව පත් වූ බව දක්වයි. “එවමෙතං සබ්‌බම්‌පි බුද්‌ධවචනං පඤ්‌චසතිකසඞ්‌ගීතිකාලෙ සඞ්‌ගායන්‌තෙන මහාකස්‌සපප්‌පමුඛෙන වසීගණෙන අයං ධම්‌මො අයං විනයො, ඉදං පඨමබුද්‌ධවචනං, ඉදං මජ්‌ඣිමබුද්‌ධවචනං, ඉදං පච්‌ඡිමබුද්‌ධවචනං, ඉදං විනයපිටකං, ඉදං සුත්‌තන්‌තපිටකං, ඉදං අභිධම්‌මපිටකං, අයං දීඝනිකායො.....” ප්‍රථම සහ දෙවන සංගීති වාර්තාවන්හි සඳහන් නොවන එහෙත් අටුවා විවරණයන්හි සඳහන්වන අභිධර්ම පිටකය සම්බන්දයෙන් ඇති ව්‍යාකූලතාව මෙසේය. කෙසේ නමුත් තුන්වන සංගායනාව වන විට අභිධර්මය සම්පූර්ණ වී සම්භවය වූ බව සඳහන් වේ. මෙසේ අභිධර්මය සම්පූර්ණත්වයට පත් වන්නේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ කථාවාත්ථුප්පකරණය එක් වීමත් සමඟ ය. අටුවාචාරීන් වහන්සේලා දක්වන ආකාරයට මෙම කථාවත්ථුව ද බුද්ධභාෂිත යැයි පිළිගනී. භාග්‍යවතුන් වහන්සේ විසින් මාතෘකා වශයෙන් දෙන ලද දේ විස්තර විභජන නයින් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් කරන ලද්දක් ලෙස කථාවත්ථුව සැලකේ. මේ බව අටුවාව තුළ සඳහන් වන්නේ මෙසේය. “තස්‌මිං සමාගමෙ මොග්‌ගලිපුත්‌තතිස්‌සත්‌ථෙරො පරප්‌පවාදං මද්‌දමානො කථාවත්‌ථුප්‌පකරණං අභාසි. තතො සට්‌ඨිසතසහස්‌සසඞ්‌ඛ්‍යෙසු භික්‌ඛූසු උච්‌චිනිත්‌වා තිපිටකපරියත්‌තිධරානං පභින්‌නපටිසම්‌භිදානං තෙවිජ්‌ජාදිභෙදානං භික්‌ඛූනං සහස්‌සමෙකං ගහෙත්‌වා යථා මහාකස්‌සපත්‌ථෙරො ච කාකණ්‌ඩකපුත්‌තො යසත්‌ථෙරො ච ධම්‌මඤ්‌ච විනයඤ්‌ච සඞ්‌ගායිංසු; එවමෙව ධම්‌මඤ්‌ච විනයඤ්‌ච සඞ්‌ගායන්‌තො සබ්‌බං සාසනමලං විසොධෙත්‌වා තතියසඞ්‌ගීතිං අකාසි.” කරුණු මෙසේ හෙයින් සප්තප්පකරණය තුන්වන සංගීතියේ දී ප්‍රභවය වීම අභිධර්මයෙහි ප්‍රතුර්භූතභාවය ලෙස සඳහන් කිරීමට පිළිවෙන. මෙහි දත යුතු කරුණක් නම් කථාවත්ථුවෙන් අභිධර්ම පිටකය සම්පූර්ණ වූ බව හා ඊට ප්‍රථමව අන්‍ය ඡප්පකරණය සකස් වී තිබුණේ යැයි දත යුතු ය. අභිධර්ම සාහිත්‍යය පෙන්වා දී මෙහිලා මෙම අවස්ථාව අභිධර්ම සාහිත්‍යයේ සම්භවය සඳහන් කළ හැකි ප්‍රථම අවස්ථාව ලෙස ගැනීම ප්‍රාමාණික වේ. අභිධර්ම පිටකය සකස්වීමට අනුව ග්‍රන්ථ සත පෙළගැසුව හොත් කථාවත්ථුවට මිහිවන්නේ අවසාන තැන වුව ද සෑම තැනකම කථාවත්ථුවට දී ඇත්තේ පස්වන තැනය. ඒ අනුව ප්‍රකරණ සත පහත පරිදි වේ. 01. ධම්මසඞ්ගණිප්පකරණ. 02. විභඞ්ගප්පකරණ. 03. ධාතුකථාප්පකරණ. 04. පුග්ගලපඤ්ඤත්තිප්පකරණ. 05. කථාවාත්ථුප්පකරණ. 06. යමකප්පකරණ. 07. පට්ඨානානප්පකරණ. අභිධර්ම සාහිත්‍යයයේ ප්‍රථමික අවස්ථාව සප්තප්‍රකරණ සාහිත්‍යය වේ. සමස්තයක් වශයෙන් පිටකයක ගෞරවය සප්තප්‍රකරණය හිමි වේ. ධම්මසංගණි ප්‍රකරණය අභිධර්ම පිටකයේ ප්‍රථම ප්‍රකරණය ලෙස දැක්වේ. මෙම ප්‍රකරණ සත තුළම ඇති පකරණ යන නාමය පොදු නාමය වේ. අභිධර්මය මුල් බුදු සමයෙන් වෙන්කර දැක්වීම සඳහා ද එම පොදු නාමය සාධකයක් ලෙස දක්වා ඇත. පිටක ග්‍රන්ථ සඳහා පකරණ යන නාමය පසු කාලීනව එකතු වුයේ යැයි විචාරකයන්ගේ මතය වේ. කෙසේ නමුත් ධම්මසංගණි ප්‍රකරණය තුළ දැක්වෙන්නේ 01. චිත්ත විභත්ති, 02. රූප විභත්ති, 03. නික්ඛේපරාසි, 04. අත්ථුද්ධාර යන විභක්ති සතර මුලික කරගත් ආභිධම්මික ධර්ම විවරණය යි. මෙහි චිත්ත විභක්තිය යටතේ කාමාවචර කුසලාකුසල, විපාකාදී වශයෙන් සිත් 89ක බෙදීම දක්වයි. ධම්මසංගණි ප්‍රකරණයේ දැක්වෙන මෙම චිත්ත විභාග නය සර්වඥභාෂිත බව ද අටුවා ව පෙන්වා දේ. විභංගප්‍රකරණය තුළ දැක්වෙන්නේ ඛන්ධක විභංග, ආයතන විභංග, ධාතු විභංගාදී භණවර 35කින් යුක්ත අට්ඨාරසවිභංගයන් පිළිබඳව ය. මෙහි සුත්තන්තභාජනිය, අභිධම්මභාජනිය, පඤ්හපුච්ඡ ආදී වශයෙන් එක් එක් විභංගයන්ට නය තුනකී. සෑම විභංගයකටම මෙම නය අයත් නොවන අතර ඇතැම් විභංගයකට එක් ක්‍රමයකින් පමණක් විභංගය විවරණය කොට ඇති බව සඳහන් වේ. මෙම විභංගප්‍රකරණයේ ඇති විභංග විවරණයන් සුත්‍රාන්ත තුළ ද දත හැකිය. උද්ධරනයක් ලෙස මජ්ඣිමනිකායේ බහුධාතුක සුත්‍රය පෙන්වා දිය හැකිය. ධාතුකථාප්‍රකරණයේ සඞ්‌ගහො අසඞ්‌ගහො, සඞ්‌ගහිතෙන අසඞ්‌ගහිතං, අසඞ්‌ගහිතෙන සඞ්‌ගහිතං, සඞ්‌ගහිතෙන සඞ්‌ගහිතං ආදී වශයෙන් භණවාර සයකින් සහ විභක්ති නය 14කින් අභිධර්ම විස්තරය සඳහන් වේ. පුග්ගලපඤ්ඤප්‍රකරණයේ දී භණවාර පසකින් ඛන්ධපඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ආදී වශයෙන් විභක්ති නය සයක් මඟින් ආභිධම්මික විස්තර දක්වා ඇත. පන්සියයක් පරවාද මථනය කොට සකවාද පන්සියයක් සුත්‍රයන් ගළපා කළ කථාවත්ථුප්‍රකරණය දීඝ නිකාය තරම් භණවාර (64ක් භණවාර) සංක්‍යාවකින් යුක්ත විශාල ග්‍රන්ථය කී. එහෙත් කථාවත්ථුවේ ඇත්තේ භණවර 35ක් යැයි කතාවත්ථුප්‍රකරණයේ අවසානයේ දැක් වේ. සබ්බමත්ථි කතාවෙන් ආරම්භ වන කථාවත්ථුව ශාසන පරියාප්ති ධර්මය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියට ගෙන යාමේදී ශ්‍රාවකයන් වහන්සේලා අතර ධර්ම විභජනමය වශයෙන්, ශාසනික වශයෙන්, නිකායික වශයෙන් උත්ගත වූ මතවාද මථනය සඳහා පිළියෙල කරන ලද්දක් බව දැකිය හැක. යමකප්‍රකරණය තුළ අන්තර්ගත වන්නේ ද මූලයමක, ඛන්ධකයමක, ආයතනයමක ආදී ආභිධම්මික විභජන නය දහය කී. මෙහි භණවර 120ක් ඇත. පට්ඨානප්‍රකරණය හෙවත් මහාප්‍රකරණය නමින් හැඳින් වෙන ආවසානික ප්‍රකරණ ග්‍රන්ථයේ ඇත්තේ හේතුපච්චය, ආරම්මණ පච්චය, අධිපතිපච්චය ආදී ප්‍රත්‍ය 24ක් පිළිබඳ විභජන නය වේ. මෙම ප්‍රකරණයට මහාප්‍රකරණය යැයි දක්වන්නේ සූවිසි ප්‍රත්‍ය අනුලෝම ප්‍රත්‍ය සයකින් ද පටිලෝම ප්‍රත්‍ය සයකින් ද අනුලෝමපච්චනීය ප්‍රත්‍ය සයකින් ද පච්චනීයානුලෝම ප්‍රත්‍ය සයකින් ද යන ප්‍රත්‍ය සූවිසි ආකාරයෙන් විග්‍රහ විවරණය කෙරෙන බැවිනි. ඉහත සඳහන් කරන්නට යෙදුනේ ථෙරවාද විභාජ්ජවාදී ආභිධම්මික සාහිත්‍යය සම්භවයේ ප්‍රාථමික අවස්ථාව වන සප්තප්‍රකරණ සාහිත්‍යය පිළිබඳවය. මෙම සප්තප්‍රකරණ අභිධර්මයේ ප්‍රථම ආභිධම්මිකයාණන් වහන්සේ ලෙස අටුවා ග්‍රන්ථයන්හි සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ය. ශාසනික පරම්පරාවෙන් අභිධර්මය ඉදිරියට පවත්වාගෙන යාමෙහි ප්‍රතුල කාර්යය පවරන ලද්දේ ශාරිපුත්ත මහරහතන් වහන්සේට බව අටුවාව දක්වයි. උන් වහන්සේගෙන් ආරම්භ වී තුන්වන සංගායනාව දක්වා අභිධර්මය රැගෙන ආ.. ශාසනික අභිධර්ම පරම්පරාවක් ද අටුවා තුළ දත හැකිය. මෙහි ලංකාවට අභිධර්මය දායාද වෙන්නේ මහින්ද මහාරහතන් වහසේගෙන් බවත් සඳහන් වේ. අභිධර්මයට අටුවා ග්‍රන්ථ සැපයීමේ දී මෙම කාරනාව විශේෂ වේ. මක්නිසාද යත් ප්‍රභල වශයෙන් සප්තප්‍රකරණයට පසුව ඇතිවන අභිධර්ම සාහිත්‍යයයේ වගකිවයුත්තන් ලෙස එහි ගෞරවය හිමි වන්නේ ලක්දිව ශාසන පරම්පරාවට වන බැවිනි. මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් නම් අන්‍ය සම්ප්‍රධායන් තුළ විද්‍යමාන අභිධර්ම පිටිකය කිනම් ස්වාභාවකින් පැවැතුනේ ද යන්න විමසා බැලීමය. දෙවන හා තෙවැනි සංගායනා කාල පරාසය තුළ නිකාය වශයෙන් හටගත් අර්බුදකාරී වටපිටාව තුළ අභිධර්මය කෙරෙහි අවදානය යොමු කළේ ප්‍රධාන වශයෙන් සර්වාස්තිවාදීන් සහ විභජ්ජවාදී ථෙරවාද සම්ප්‍රධාය දෙක බව ශාසන ඉතිහාසය විමසීමෙන් පෙනීය යි. දෙවන තෙවන සංගීති කාල පරාසය තුළ බුදු දහම නිකාය වශයෙන් අටළොස් නිකායකට කණ්ඩනය වූ බව සඳහන් වේ. මෙයින් සෞත්‍රාන්තික නිකාය අභිධර්මය බැහැර කරණ අතර බුද්ධභාෂිත සුත්‍ර පමණක් බුදු දහම හැටියට පෙන්වා දීමට උත්සහා ගෙන ඇත. සර්වාස්තිවාදී ගුරුකුලය වැඩිමනක් අවදානය යොමු කරන්නේ අභිධර්මය කෙරෙහි ය. එම නිසාම මහාවිභාෂා නම් ග්‍රන්ථ විශේෂයක් ද සම්පාදනය වීම දැකිය හැකිය. ථෙරවාද අටුවා විමසීමෙන් අභිධර්මය බුද්ධභාෂිත දේශනාවක යැයි කීමට සාම්ප්‍රධායික වශයෙන් යොමු වෙතත් සර්වාස්තිවාදී අභිධර්ම විමසීමෙන් පෙනී යන්නේ එය ථෙරවාද අර්ථකථනය වඩා හාත්පසින් වෙනස් මඟක් ලඟන්නා සුළු බවය. සර්වාස්තිවාද අභිධර්ම පිටකයේ කතෘත්වය ශ්‍රාවකයන් අතරත පැවතීමත්, සමහර කතෘහු බුද්ධ කාලීනයෙහි වැඩ සිටි උතුමන් වහන්සේලා වීමත්, එක් එක් ප්‍රකරණයකට කතෘවරයෙකු වශයෙන් කතෘවරු සතදෙනෙක් දැක්වීමත් සර්වාස්තිවාද අභිධර්මයේ විශේෂයක් වශයෙන් දැකිය හැකිය. එසේම මෙහි විභජන කර ඇති ආභිධම්මික කරුණුවල වෙනස් බවක් ද ගම්‍ය වේ. අන්‍ය නිකායන්හි සසඳා බලන විට විනය කරුණු සහ සුත්‍ර කරුණු තුළ එතරම් අසමාන බවක් දැකිය නොහැකි වුවත් සර්වාස්තිවාද සහ හීනයානික අභිධර්මයෙහි ඇති ධර්ම විස්තර අතර විශාල වෙනසක් දැකිය හැකිය. පහත දැක්වෙන්නේ කතෘවරුන් සහිත ඔවුනට අයත් සර්වාස්තිවාද නිකායේ සප්තප්‍රකරණ වේ. i. ඥානප්‍රස්තාන - ආර්ය කාත්‍යායනීපුත්‍ර. ii. සංගීතිපර්ය්‍යාය - මහා කෞෂ්ඨිල. iii. ප්‍රකරණපාද - වසුමිත්‍ර ස්ථවිර. iv. විඥානකාය - දේවශර්ම ස්ථවිර. v. ධාතුකාය - පුර්ණ ස්ථවිර. vi. ධර්මස්කන්ධ - ආර්ය ශාරිපුත්‍ර. vii. ප්‍රඥප්තිශාස්ත්‍ර - ආර්ය මෞද්ගල්‍යායන. මේ ආකාරයෙන් සර්වාසතිවාදීන්ගේ අභිධර්මය පිළිබඳ දළ අදහසක් ලබාගත හැකි අතර අභිධර්ම සාහිත්‍යය ඉතිහාසය විමසීමේ දී පෙනී යන්නේ මෙම නිකායන් දෙකට අමතරව අන්‍ය නිකායන්හි ද අභිධර්ම සම්ප්‍රදායන් පැවති බවය. ඒ අනුව • ශාරිපුත්‍රාභිධර්මශාස්ත්‍ර - මෙම අභිධර්ම ශාස්ත්‍රය ධර්මගුප්තික නිකාය අයත් යැයි සැලකේ. • සම්මිථීයශාස්ත්‍ර - පුද්ගලවාදය ගණ සඳහන්වන මෙම ශාස්ත්‍රය සම්මිතීය නිකායට අයත් ලෙස සැලකේ. • තත්වසිද්ධී ශාස්ත්‍ර - අභිධර්මය නොපිළිගත් සෞත්‍රාන්තික නිකාය අභිධර්මයේ මත විචාරය කරන ශාස්ත්‍රය වශයෙන් මෙය පෙන්වා දේ. විවිධ නිකායන් තුළ ඇති අභිධර්ම සම්ප්‍රදායන් මෙසේ හඳුනාගත හැකිය. ප්‍රථමයෙන් ථෙරවාද අභිධර්මයේ සමාරම්භක අවස්ථාව වන සප්තප්පකරණ අභිධර්ම සාහිත්‍යය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සඳහන් කළේය. ආවසානික වශයෙන් කිව යුතු වන්නේ මෙසේ දීර්ඝ කාලින වෑයමක අග්‍රගණ්‍ය ඵලයක් වන සප්තප්පකරණයේ සම්භවය පුළුල් අභිධර්ම සාහිත්‍යයක් දක්වා සංවර්ධනය වීමට පාදක වූ බව ය. අභිධර්ම සාහිත්‍යය ආගමික හා දර්ශනික වශයෙන් ඒ ඒ අවස්ථාවල දී උද්ගත වූ ගැටළු විසදීම් සෙවීමට යාමේ ප්‍රතිඵලයක් හැටියට සම්භව වුයේ යැයි හඳුන්වාදිය හැකි ය. අභිධර්ම අටුවා සාහිත්‍යය - සප්තප්පකරණයෙන් විකාශනය වූ අභිධර්ම සාහිත්‍යය අවස්ථා කිහිපයම සංවර්ධනය වී ඇති බව සාධක සහිත වේ. එහි කාල නිර්ණය ක්‍රි.පූ තුන්වන සියවසයේ සිය ක්‍රි.ව. ආරම්භය දක්වා දිව යයි. තෘතීය සංගීතියේ සංගීතිකාරක මහතෙරුන් වහන්සේලාගේ සහ මොග්ගලීපුත්තතිස්ස මහාරහතන් වහන්සේ විසින් අනාගත ශාසන අභිවෘද්ධි සඳහා ගත් ක්‍රියාපටිපාටියේ නවරට සසුන් පිහිටු වීම විශේෂ අවස්ථාවක බව හඳුනාගත හැකිය. මේ නයින් ලක්දිවට මිහිඳු මහරහතන් වහන්සේගෙන් සපැමිණි පෙළ දහම ලක්වැසියා අතර නොබිඳෙන සුහඳවතාවක් ඇති කරගැනීම දක්වාත් ඉන්පසු ප්‍රධානතම ආගමික පූජනීයත්වය ද බුදු දහමට හිමි වේ. ලක්දිව බුදු දහම ස්ථාපනය වීමෙන් පසුව පෙළ දහම සඳහා ගත් ප්‍රථම ක්‍රියාමාර්ගය ලෙස සැලකෙන්නේ පාලියෙන් ගෙන ආ.. ත්‍රිපිටකය සිහළ බසට පරිවර්තනය කිරීම සහ ඒ සඳහා අර්ථකථන සැපයීම ය. මෙහි කාල පරිචය දළ වශයෙන් ක්‍රි.පූ තුන්වන සියවසයේ සිට ක්‍රි.ව පස්වන සියවසය දක්වා වූ සියවස් 8ක කාලය ගිණිය හැක. මුල්භාගයේ දී සිහළ බසෙන් රචිත අටුවා ඇති බව සඳහන් වෙතත්, සකස් වූ සිහළ අර්ථකථන ශේෂව නැත. ඇත්තේ නාමමාත්‍රික ග්‍රන්ථ කිහිපයක් පමණි. උත්තරවිහාරට්ඨකථා, සීහළට්ඨකථා සහ කුරුන්දි අටුවා යන අටුවා නාම කිහිපයක් පමණක් සහ මහාටුවා පාඨ අල්පයක් පමණක් ශේෂව ඇත. මෙම හෙළටුවා පාදක කරගනිමින් පාලි අටුවා සකස් කළ බව ද හඳුනා ගත හැකිය. ඒම සිහළ අර්ථකථන පාදක කරගනිමින් ක්‍රි.ව. 5 වන සියවයේ භාදන්තාචරිය අටුවාචාරී බුද්ධඝෝස මහතෙරුන් වහන්සේ විසින් සහ අටුවාචාරීන් වහන්සේලා විසින් මහාවිහාර සාම්ප්‍රධායානුකූලව සකස් කළ අටුවා සැපයීම ලක්දිව දී පෙළ දහම සඳහා ගත් දෙවන පියවර ලෙස සැලකිය හැකිය. එහි දී අභිධර්ම පිටකයට සපයන ලද්දේ අටුවා තුනක් පමණි. පහත ආකාරයෙන් එක දැකිය හැකිය. • ධම්මසඞ්ගණිප්පකරණ. 01.අත්ථසාලිනි අටුවාව. • විභඞ්ගප්පකරණ. 02.සම්මෝහවිනෝදනි අටුවාව. • ධාතුකථාප්පකරණ. • පුග්ගලපඤ්ඤත්තිප්පකරණ. • කථාවාත්ථුප්පකරණ. 03.පරමත්ථදීපනී නම් පඤ්චප්පකරණ • යමකප්පකරණ. අටුවාව. • පට්ඨානානප්පකරණ. මෙහි ධම්මසංගණියට සැපයෙන අත්ථසාලිනි අටුවාව සහ අනිත් අටුවා ග්‍රන්ථ දෙකෙහි කතෘත්වය බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින් ආරාධනා කරනු ලදුව ලක්දිව මහාතෙර නමක විසින් කරන අටුවා ය. ආරාධක තෙරුන් වහන්සේ අටුවාචාරී බුද්ධඝෝස තෙරුන් වහන්සේ නොවන බව විචාරකයෝ පෙන්වා දෙති. ප්‍රණාම ගාථා තුළ ද ආවසානික පාඨ දැක්වීමෙහි ද දිස්වන්නේ අත්ථසාලිනිය බුද්ධඝෝස නම් තෙරනමකගේ ආයාචනාව මත භික්ෂුව විසින් කරන ලද බවය. බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම අත්ථසාලිනි අටුවාව අටුවාචාරී බුදුගොස් තෙරුන් වහන්සේගේ බවය. එහෙත් මහාචාර්‍ය බාපත්ගේ අදහස වන්නේ අටුවාචාරී බුද්ධඝෝස තුරුන් වහන්සේ විසින් කරණ ලද්දක් නොවන බවමය. මහාචාර්‍ය බාපත් මහතා මෙම අත්ථසාලිනිය අටුවාචාරී බුදුගොස් හිමියන්ගේ නොවන බවය විසුද්ධිමග්ගයේ ඇති පදාර්ථ විවරණ සහ අත්ථසාලිනි අටුවාපදාර්ථ සමඟ සසඳා බලමින් අර්ථමය වශයෙන් වෙනස් ආකාරයකට අත්ථසාලිනියේ පදාර්ථ දක්වා ඇති තැන් විසිපහක් දක්වයි. මෙම කරුණ ප්‍රාමාණික ලෙස ගෙන අටුවාචාරී බුදුගොස් හිමියන්ගේ නොවේ යැයි සඳහන් කරයි. මහාචාර්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරාධක තෙරුන් වහන්සේ අටුවාචාරී බුද්ධඝෝසතුමා යැයි සැලකීමේ වරදක් නොවන බවය. “ආරාධක තෙරනමට භික්ඛුනා 😊 භික්ඛුව විසිනැ) යි යොදා තිබීම නිසාත්, ස්ථවිර - ආචාර්‍ය යන විශේෂණයක් යොදා නැති නිසාත්, අර්ථකථාචාර්ය බුද්ධඝෝසතුමා යයි නිශ්චය වශයෙන් කීමට බියවෙයි. වැඩි මහලු තෙරනමක් විසින් බාලතෙරනමකට භික්ෂු යන වචනය යෙදිය හැක. බුද්ධඝෝෂාචාර්යයන වැඩිවියට පත්ව පැවිදි වූ බව හැම ප්‍රවෘත්තියකින්ම පැහැදිලිය. එතුමාගේ දැනුම උසස් වූවත් පැවිදිවස් ප්‍රමාණයෙන් අඩුව සිටිය හැක. එබැවින් මේ සැකය ගණන්ගත යුත්තක් නොවේ. ඒ ආරාධකයාට යොදා තිබෙන “විශුද්ධාචාරශීල ඇති නිපුන නිර්මල බුද්ධි ඇති, නොපැකිළෙන බුද්ධි ඇති, ස්ථිර ගුණ ඇති” යන විශේෂණ පදවලින් ඉතා උසස් පුද්ගලයෙකු කියවෙන බැවින් මේ ආයාචකයා අර්ථකථාචාර්ය බුද්ධඝෝස ස්ථවිර තුමාම යයි නිශ්චය කිරීමේ වරදක් නොපෙනේ.” කෙසේ නමුත් අභිධර්ම පිටකයේ ධම්මසංගණිප්‍රකරණයේ ඇති චිත්ත විභත්ති, රූප විභත්ති ආදී ධර්ම විස්තර ඉතා සරල ආකාරයෙන් අර්ථ විවරණය කොට ඇති බව දැක් වේ. මුද්‍රිත පිටු 353කින් සහ භණවර 39කින් සම්ප්‍රයුත්ත අත්ථසාලිනි අටුවාව නාගරී අකුරෙන් ද මුද්‍රිතව ඇත. අත්ථසාලිනි අටුවාවට මෙන්ම සම්මෝහවිනෝදනි අටුවාව තුළ ද ඇති ප්‍රශ්නය නම් මෙම අටුවාව ද අටුවාචාරී බුදුගොස් මහතෙරුන් වහන්සේගේ අටුවාක් ද යන්න ය. සම්මොහවිනෝදනී අටුවාවේ ප්‍රණාමගාථා තුළ සඳහන් වන්නේ අත්ථසලිනිය මෙන් බුද්ධගෝෂ නම් තෙරනමකගේ ආරාධනාව මත ලක්දිව මහාතෙරනමක විසින් කළ බවය. “විභංගයේ අර්ථ දැක්වීම සඳහා ස්ථිර ගුණ ඇති වහාවැටහෙන ගුණ ඇති බුද්ධඝෝෂයතීහු විසින් ආරාධිත වූ මම” - යන ගාථාර්ථයෙන් නිගමනය කළ හැක්කේ අත්ථසාලිනිය මෙන් මෙය ද බුදුගොස් නම් තෙරනමක විසින් ආරාධිතව ලක්දිව මහතෙරනමක විසින් කළ අටුවාවක් බවය. මෙම සම්මෝහවිනෝදනී අටුවාව තුළ සඳහන් වන්නේ විභංගප්‍රකරණයේ ඇතුළත් ඛන්ධකවිභංග ආදී විභංගාර්ථ විවරණය වේ. විභංග අටුවාවේ ඇති විශේෂත්වයක් ඤාණවිභංග වර්ණනාවේ දී උදාහරණ දැක්වීමෙහිලා ලක්දිව කථාප්‍රවෘත්ති දැක්වීම ය. මෙය පැරණි ලක්දිව ඉතිහාසය අධ්‍යනයෙහිලා වැදගත් බව දැක්වේ. මුද්‍රිත පිටු 373කින් යුත්ත වූ භණවර 41කින් සමන්විත සම්ම්හවිනෝදනි අටුවාව අත්ථසාලිනියට වඩා විශාල ය. අභිධර්ම පිටකයට සැපයෙන අට්ඨකථා සාහිත්‍යයයේ තෙවන අටුවාව පරමත්ථදීපනී නම් පඤ්චප්පකරණට්ඨකථාව වේ. ඉහත සඳහන් පරිදී මෙම අටුවාව විභංගප්‍රකරණයෙන් පසුව ඇති ප්‍රකරණ ග්‍රන්ථ පහටම පොදුවේ සැපයෙන අටුවාවක ලෙස හඳුනාගත හැකිය. මෙම අටුවාවෙහි කථාවත්ථුප්‍රකරණයේ අටුවා විස්තරය තුළ දීපවංශයෙන් ගන්නා ලද ගාථා විසිපහක් ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද මාතෘකාවන්ට අනුව මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ විසින් කථාවත්ථුව සම්පාදනය කළ බව දැක්වෙන පුවත ද ධර්මාශෝක රාජ්‍ය කාලේ අන්‍ය ලභ්දිකයන් ශාසනයට ඇතුළත්ව කළ විනාශයත් ශාසනයෙන් ඔවුන් නෙරපීමත් අන්‍යදෘෂ්ටි මථනය කරමින් කථාවත්ථුප්‍රකරණය කිරීමත් යන කාරනා බොහොමයක් පිළිබඳ විස්තරය කථාවත්ථුප්‍රකරණ අටුවාවේ මුලදී සඳහන් කිරීම වැදගත් කරුණු ලෙස දත හැකිය. ඉහතින් සඳහන් කළ ප්‍රකරණ සාහිත්‍යයයේ ධාතුකථාප්‍රකරණයේ සිට මහාපට්ඨප්‍රකරණය දක්වා ඇති ප්‍රකරණ ග්‍රන්ථ පසෙහි විභජන නය සහ අභිධම්ම විස්තරයන්ගේ අර්ථ විභාගය මෙම පරමත්ථදීපනී අටුවාව තුළ ඇති බව දැකිය හැකිය. මෝහවිච්ඡේදනී නම් ග්‍රන්ථය ද පොල්වත්තේ බුද්ධදත්ත මිහියන් පෙන්වා දෙන ආකාරයට අභිධර්මයට කරන ලද අටුවාවක් බව උන්වහන්සේ ප්‍රකාශ කරයි. අභිධර්මය පිළිබඳ අවදානය යොමු කරණ සර්වාස්තිදී නිකායට ද අටුවා ග්‍රන්ථ ඇති බව සඳහන් වේ. ඒවායේ ද ඔවුනගේ අභිධර්ම පිටකයේ විස්තර අර්ථකථනය කර ඇති බව සඳහන් වේ. එම ග්‍රන්ථ ලෙස දැක් වෙන්නේ 01. අභිධර්ම මහාවිභාෂා ශාස්ත්‍ර. 02. අභිධර්ම විභාෂා ශාස්ත්‍ර.- (කාත්‍යායනීපුත්‍ර ස්ථවිර.) යන ග්‍රන්ථද්වය වේ. අභිධර්ම අටුවා සාහිත්‍යය ශීර්ෂය යටතේ සමස්තයක් වශයෙන් සඳහන් කළේ අභිධර්මය අටුවා සාහිත්‍යමය විස්තර වේ. ලක්දිව දී ථෙරවාද අභිධර්මය අටුවා සැපයීම සිදුවන අතර එය ලක්දිව ශාසනික ප්‍රබෝධය අතින් ද වැදගත් කරුණක් වශයෙන් ගැනීම වටි. ථෙරවාද අභිධර්ම අටුවා සාහිත්‍යය වශයෙන් කතා කළ හැක්කේ ඉහත සඳහන් ලක්දිව දී සැපයුණු අභිධර්ම අටුවා ත්‍රිත්වය පිළිබඳ පමණි. අභිධර්මය අධ්‍යනයයේ දී ඇතිවන අර්ථ වරද්දා ගැනීම් විශේෂයෙන් අටුවා පිරික්සීමෙන් මඟහරවා ගත හැකිය. අභිධර්මාධ්‍යනයේ දී අටුවාවේ වැදගත්කම එයයි. මෙලෙස අභිධර්ම අටුවන්හි ඇති වැදගත්කම සහ සාහිත්‍යමය වටිනාකම හඳුනාගත හැකිය.

 අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ සාහිත්‍යය. මෙම ශීර්ෂය යටතේ දක්වන්නේ අභිධර්ම පිටකය හා අභිධර්ම අටුවා මූලික කරගත් සම්පාදිත සංග්‍රහ ග්‍රන්ථ පිළිබඳව ය. අභිධර්ම පිටකයේ ප්‍රකරණ සාහිත්‍යය විස්තරාර්ථකථනයට අටුවා ග්‍රන්ථ සම්පාදිත වූ බව දැක්වූයෙමු. අටුවා ග්‍රන්ථ සැපයෙන්නේ ත්‍රිපිටකයේ පදාර්ථකථනයට වේ. ඒවා බොහොමයක් බුදුගොස් අටුවාචාරීතුමන් විසින් රචිත බව පෙනී යයි. අභිධර්මයට ද ලියන ලද අටුවා බුදුගොස් තුමන්ගේ බව බොහෝ දෙනාගේ පිළිගැනීම වුවත් එහි ඇති ස්වභාවය ඉහත සඳහන් කළෙමු. කෙසේ නමුත් අභිධර්මය සඳහා සංග්‍රහ ග්‍රන්ථයන්ගේ උවමනාව තදින්ම දන්නේන්ට පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවයෙන් පසුව ඇති වූ ශාසනික ප්‍රබෝධය නිසාය. අභිධර්මාධ්‍යනයෙහි නියුතු ආධුනිකයන්ට අටුවා විස්තර පසුවෙන් අවබෝධ කරගැනීම නොහැකි නිසා සංග්‍රහ ග්‍රන්ථයන්ගේ අවශ්‍යතාව මතු විය. ඒ අනුව ක්‍රි.ව 5වන සියවයෙන් පසුව ගත වූ සියවස් පහ-හය තුළ සංග්‍රහ ග්‍රන්ථ බිහි වූ කාල පරිචය ලෙස හඳුනා ගත හැකිය. මෙලෙස සකස් වූ මුලික සංග්‍රහ ග්‍රන්ථ නවයක් පිළිබඳ ප්‍රභවය වූ කාලානුව හඳුනා ගත හැකිය. ඒවා නම්... I. අභිධම්මාවතාර II. රූපාරූපවිභාග III. නාමරූපසමාස IV. අභිධම්මත්ථසංගහ V. පරමත්ථවිනිච්ඡය VI. නාමරූපපරිච්ඡේද VII. සච්චසංඛේප VIII. නාමාචාරදීපක IX. මෝහවිච්ඡේදනී ඉහත සඳහන් සංග්‍රහ ග්‍රන්ථයන්හි පළමු ග්‍රන්ථය බුදුගොස් අටුවාචාරීන් වහන්සේ හා සමකාලීනව කාවේරි පටුනෙහි කණ්හදාස විසින් කළ ආරාමයෙහි විසු බුද්ධදත්ත ආචාර්‍යතුමා විසින් සම්පාදිත සංග්‍රහ ග්‍රන්ථය වේ. අභිධම්මාවතාර සංග්‍රහ ග්‍රන්ථය පැරණිතම අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථය ලෙස සැලකේ. ගාථා බන්ධනයෙන් ඇති අභිධම්මාවතාරයෙහි සඳහන් වෙන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන සතරපරමාර්ථ විවරණය සහ පඤ්ඤත්තිනිද්දේස, කාරකනිද්දේස ආදී විසුද්ධිමග්ගයේ සඳහන් සත්තවිසුද්ධිය පිළිබඳ නිද්දේසය ද කිලෙසප්පහාණ කථා සහ පච්චයනිද්දේස යන කරුණු මෙම සංග්‍රහ ග්‍රන්ථයේ දී දැක් වේ. මුද්‍රිත පිටු 142කින් යුක්ත මෙම අභිධම්මාවතාරය රෝමන් අකුරෙන් සහ සිංහල අකුරෙන් පළකරන ලද්දේ පොල්වත්තේ නාහිමියන් විසිනි ඒතාක් මුද්‍රිත අභිධම්මාවතාරයක් නොතිබුන බව ද සඳහන් වේ. රූපාරූපවිභාගය නම් වූ සංග්‍රහ ග්‍රන්ථය අටුවාචාරී බුද්ධගෝෂතුමන් විසින් සම්පාදිත බව කිය වෙතත් බුද්ධදත්ත අටුවාචාරිතුමන්ගේ යැයි ද සැක සහිත බව පොල්වත්තේ නාහිමියෝ සඳහන් කරයි. නාමිහියන් විසින් මුද්‍රිතව පළකරන ලද අභිධම්මාවතාරය සමඟ මෙම සංග්‍රහ ග්‍රන්ථය ද මුද්‍රණය කොට එංගලන්ත පාළි පොත් සමාගම විසින් පළකරණ ලද බව සඳහන් කරයි. එහි මුද්‍රිත පිටු 12කින් යුක්ත බව ද දැක්වේ. නාමරූපසමාස සංග්‍රහ ග්‍රන්ථය ඛේම නම ආචාර්‍යවරයා විසින් රචිත බව දැක්වෙන අතර බුරුම රට මෙම සංග්‍රහ ග්‍රන්ථය ප්‍රසිද්ධව තිබූ නිසා ඛේමප්පකරණ යන නාමයෙන් ප්‍රසිද්ධව ඇත. නාමරූපසමාසයට පුර්වයෙන් සන්නයක් “සිලිපිටපත” නාමයෙන් තිබූ බව දැක් වේ. බටපොල සුභද්‍රාරාමාධිපතිව විසූ ශ්‍රී ධර්මපාල අනුනාහිමියන් විසින් සන්නයක් සහිතව මුද්‍රණය කොට ඇති අතර මෙහි ටීකාව ද බලා ශුද්ධ විය යුතු තැන් ශුද්ධ කළ බව ද පොල්වත්තේ නාහිමියන් සඳහන් කරයි. අභිධර්මයට ලියන ලද සංග්‍රහ ග්‍රන්ථ අතරින් අතිශය ප්‍රකට ග්‍රන්ථය වන්නේ අභිධම්මත්ථසංගහ නම් ග්‍රන්ථය වේ. දකුණු ඉන්දියාවේ උපන් අනුරුද්ධාචාරයන් විසින් ලක්දිව දී රචිත යැයි සැලකෙන මෙම ග්‍රන්ථය බුරුමරට පැවිදි අපේක්ෂාකයා හෝ සාමණේර පැවිද්දා විසින් පරිශීලනය කළ යුතුම ග්‍රන්ථයක් ලෙස වත්මනෙහි ද සැලකේ. පරිච්ඡේද 11කින් ද මුද්‍රිත පිටු 40කින් පමණ සංග්‍රහ වී ඇති මෙම ග්‍රන්ථයට ලක්දිව එකම සන්නයක් ශාරිපුත්ත සංඝරාජ හිමියන් විසින් සපයන අතර බුරුමරට මෙයට කළ සන්න බොහොමයක් දක්නට ඇති බව සඳහන් වේ. ගාථා පමණක් ඇති මෙම අභිධමාර්ථසංග්‍රහය මහාවිහාරියන්ගේ හෙවත් ථෙරවාදී අභිධර්මය ඉතා දක්ෂ අන්දමින් හකුවා කරන ලද්දක් බව කියයි. අනුරුද්ධාචාරයන් විසින් සපයන ලද සංග්‍රහ ග්‍රන්ථ ලෙස පරමත්ථවිනිච්ඡය සහ නාමරූපපරිච්ඡේදය යන සංග්‍රහ ග්‍රන්ථ දෙක ද සැලකේ. මෙම ග්‍රන්ථ ත්‍රිත්වය පිළිබඳ කරුණු බොහොමයක් පොල්වත්තේ නාහිමියන්ගේ පාළි සාහිත්‍යය ග්‍රන්ථයේ ඇති බව දක්නට ලැබේ. සච්චසංඛේප නම් අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථය බදරතිත්ථවාසි ධම්මපාල ආචාර්‍යතුමන්ගේ කෘතිය යැයි බුරුම ශාසනවංශයේ සඳහන් වෙතත් ධර්මකීර්ති සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයෙකු විසින් කළ සද්ධම්මසංගහ නම් කෘතියෙහි දී මෙම ග්‍රන්ථයේ කතුවරයා ලෙස දක්වන්නේ ආනන්ද නම් ආචාර්‍යවරයා ය. ගාථා 387කින් යුක්ත මෙම සංග්‍රහ ග්‍රන්ථයට සන්නයක් සහිතව සම්පූර්ණ මුද්‍රිත පිටු 205කින් සමන්විත ග්‍රන්ථය මොරටුවේ මේධානන්ද මහාතෙරුන් වහන්සේ විසින් 1912 දී පළකරන බව සඳහන් වේ. නාමචාරදීපක නම් සංග්‍රහ ග්‍රන්ථය කලක් ලක්දිව විසූ බුරුම රට අරිමද්දන නුවර වැසි සද්ධම්මජෝතිපාල ඡප්පට තෙරුන් වහන්සේගේ ග්‍රන්ථයකි. පරිච්ඡේද 7කින් සහ රෝයල් පිටු 23කින් මුද්‍රිතව ඇති මෙම ග්‍රන්ථය සම්පූර්ණ ගාථාමය සංග්‍රයක් වන අතර බුරුමයේ මුද්‍රිතව ඇත. මෝහච්ඡේදනී අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථය සපයන ලද්දේ විමතිවිනෝදනී නම් ටීකාව කළ චෝළිය කාශ්‍යප මහාතෙරුන් වහන්සේ බව සඳහන් වේ. මෙම සංග්‍රහ ග්‍රන්ථයේ සඳහන් වන්නේ සප්තප්‍රකරණයෙහි මාතෘකාවන්ට කළ වර්ණනාවකී. ඉහත ආකාරයෙන් සඳහන් කළ සංග්‍රහ ග්‍රන්ථ නවයට අමතරව තවත් ථෙරවාද ආභිධම්මික සංග්‍රහ ග්‍රන්ථ කිහිපයක් දත හැකිය. ඒවා නම් a) රූප විභාගය. b) සුචිත්තාලංකාරය. c) පට්ඨාගණනානය. d) පට්ඨානසාරදීපනීය. රූප විභාගය සංග්‍රහ ග්‍රන්ථයේ කතුවරයෙක් පිළිබඳ සඳහන් නොවන අතර රෝයල් පිටු පනහක් පමණ ඇති අතර රූප විභාගය සහ අරූප විභාගය ද සඳහන්ව ඇති බව දක්වා ඇත. සුචිත්තාලංකාරය සංග්‍රහ ග්‍රන්ථ අතර ඉතා අලුත්ම ග්‍රන්ථය ලෙස මෙය හඳුන්වා දිය හැකි බව සඳහන් වේ. එසේම පරිච්ඡේද 19කින් යුක්ත සහ මුද්‍රිත ඩිමයි පිටු 63කින් යුක්ත බව දැක්වේ. මෙය ගද්‍යමය සංග්‍රහ ග්‍රන්ථයකි. කතුවරයා ලෙස දක්වන්නේ බුරුම රට රතනපුර නුවරින් දකුණුදෙසට යොදුන් තුනක් පමණ තැන ඇති ‘තිත්ත නුවර’ නැගෙනහිර ප්‍රදේශයෙහි ඛදිරනාරාමයෙහි විසු කල්‍යාණසාර තෙරුන් වහන්සේ ය. පට්ඨාගණනානය සංග්‍රහ ග්‍රන්ථය දැනට දක්නට නොමැති අතර ඡප්පට තෙරුන් වහන්සේ විසින් සම්පාදිතව ඇති අතර පට්ඨානය ඉගෙන ගැනීමට උපකාරී වන්නක් බව ද නාමය අනුව හඳුනාගත හැකි බව සඳහන් කරයි. පට්ඨාසාරදීපනී සංග්‍රහ ග්‍රන්ථය රාමඤ්ඤ දේශයේ හංසවතී නුවර විසූ සද්ධාම්මාලංකාර තෙරුන්ගේ රචනයක් වන අතර පට්ඨානය ඉගෙන ගැනීමට උපකාරීවන බව දක්වයි. ක්‍රි.ව. 1551 දී පමණ මෙම ග්‍රන්ථය සම්පාදනය වූ බව බුරුම පාළිසාහිත්‍යය වංශයේ සඳහන් වේ. එසේම විසුද්ධිමග්ගය ද සංග්‍රහ ග්‍රන්ථයක් වශයෙන් නොසැලකුව ද සංග්‍රහ ග්‍රන්ථ සැපයීමේ ප්‍රථම පියවර විසුද්ධිමග්ගයේ ඇති බව මහාචාර්‍ය සුමනාපාල ගල්මංගොඩ මහතා පෙන්වා දෙයි. කරුණු සහිතව විසුද්ධිමග්ගයේ අභිධර්ම විස්තරවන බව පෙන්වමින් එසේ සඳහන් කරයි. ඉහත කරුණු සියල්ලන්ගෙන්ම දැක්වුයේ ථෙරවාද අභිධර්ම පිටකයට සකසන ලද සංග්‍රහ ග්‍රන්ථවන අතර අන්‍ය නිකායික සම්ප්‍රදායන් තුළ ද ඔවුනගේ අභිධර්ම පිටකයට සපයා ලද සංග්‍රහ ග්‍රන්ථ දැකිය හැකිය. පහතින් දක්වන්නේ සර්වාස්තිදීන්ගේ අභිධර්මය සඳහා සපයන ලද සංග්‍රහ ග්‍රන්තයෝය. එහි කතෘවරුන් ද ග්‍රන්ථය ඉදිරියෙන් සඳහන් කරන්නෙමු. එය මෙසේය.  අභිධර්මකෝශ - වසුබන්ධු හිමි.  අභිධර්මකෝෂමූලකාරිකා - වසුබන්ධු හිමි.  අභිධර්මකෝශශාස්ත්‍රතත්වාර්ථටීකා- ස්ථිරමති හිමි.  අභිධර්මමෘත - ඝෝෂක ස්ථවිර.  අභිධර්මහෘදය - ධර්ම ශ්‍රී හිමි.  අභිධර්මහෘදය සුත්‍ර - උපශාන්ත හිමි.  අභිධර්මහෘදයව්‍යාඛ්‍යා - ධර්මත්‍රාණ හිමි.  අභිධර්මන්‍යායානුසාර - සංඝභද්‍ර හිමි.  අභිධර්මසමයප්‍රදීපිකා - සංඝභද්‍ර හිමි.  අභිධර්මාවතාර - ස්කන්ධිල හිමි.  අභිධර්මදීප - කතෘ අඥාතය.  අභිධර්මකෝශටීකා ලක්ෂණානුසාරිනී - පූර්ණවර්ධන හිමි.  අභිධර්මකෝශටීකෝපායිකා - Shignas – Iha.  අභිධර්මවෘත්තිමර්මදීප - Phyogas-kyi-glan-po.  සාරසමුච්චයනාම - කතෘ අඥාතය. මෙයාකාරයෙන් සර්වාස්තිවාද අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ සහ ඒවායෙහි කතෘවරු සඳහන් කළ හැකිය. අභිධර්ම සාහිත්‍ය විශාලය. එහෙයින් සම්පූර්ණ වශයෙන් කරුණු දැක්වීම කළ නොහැකිය. මෙහි දී විශේෂයෙන්ම දැඩි අවදානය යොමු කළේ ථෙරවාද අභිධර්ම සාහිත්‍යය දැක්වීමට ය. මුලින් සඳහන් කළ ශිර්ෂපාඨයන්ට අනුව ථෙරවාදී අභිධර්ම සාහිත්‍යය පිළිබඳ සහ ග්‍රන්ථ කතුවරු සහ අන්තර්ගතය යන කාරණාවන් ප්‍රාමාණිකත්වයෙන් සඳහන් කළෙමු. සංග්‍රහ ග්‍රන්ථ යටතේ ථෙරවාද ආභිධම්මික සංග්‍රහ ග්‍රන්ථ පිළිබඳ ප්‍රාමාණික විස්තරයක් ඉහත සඳහන් වේ.  අභිධර්ම ටීකා සාහිත්‍යය. අභිධර්ම ටීකා සාහිත්‍යය මැයින් හඳුනා ගත හැක්කේ හුදෙක් අභිධර්ම පිටකයටම සැපයෙන ටීකා ග්‍රන්ථ පමණක් නොවේ. අභිධර්ම ටීකා බොහොමයක් ලියවෙන්නේ සංග්‍රහ ග්‍රන්ථයන්ට වීම වැදගත් කරුණක් ලෙස සිතිය හැකිය. සප්තප්‍රකරණයට අටුවා ග්‍රන්ථ ලියවෙන අතර අභිධර්ම සහ අටුවාවන් යන දෙකම මුලික කරගෙන ටීකා ග්‍රන්ථ ද ලිය වේ. අභිධර්ම පෙළ සහ අටුවා ග්‍රන්ථයන්ට හා සංග්‍රහ ග්‍රන්ථයට ලියවෙන ටීකා, මූලටීකා, අනුටීකා ග්‍රන්ථ පහත පරිදී හඳුනා ගත හැකිය. ඒවා මෙසේය. i. පරමත්ථප්පකාසිනී නාම අභිධම්මමූලටීකා. ii. අභිධම්මඅනුටීකා. iii. ලීනත්ථවණ්ණනා.(ත්‍රිපිටක මූලටීකාව.) iv. ලීනත්ථවණ්ණනා.(ත්‍රිපිටක අනුටීකාව.) v. මධුසාරත්ථදීපනී. vi. මධුසාරත්ථදීපනී අනුටීකා. vii. මණිදීපටීකා. viii. අත්ථසාලිනී අත්ථයෝජනා. ix. සම්මෝහවිනෝදනී අත්ථයෝජනා. x. අභිධම්මත්ථවිකාසිනී. xi. සාරත්ථසාලිනීටීකා. xii. අභිධම්මත්ථසංගහ පුරාණටීකා. xiii. අභිධම්මත්ථවිභාවිනී. xiv. මණිසාරමංජුසා අනුටීකා. xv. සංඛේපවණ්ණනාටීකා. xvi. පරමත්ථදීපනීටීකා. xvii. නාමරූපපරිච්ඡේදටීකා. xviii. පරමත්ථවිනිච්ඡයටීකා.

අභිධර්ම අටුවා අර්ථකථන සියල්ලටම ආනන්ද වනරතන මහාතෙරුන් වහන්සේ විසින් සම්පාදිත පරමත්ථප්පකාසිනී නම් වූ මූලටීකාව බුරුම රටේ මුද්‍රිත පිටු 576කින් දත හැකි අතර මුල් කොටස ලංකාවේ ද මුද්‍රිතව ඇති බව සඳහන් වේ. මෙම මූලටීකාවට අභිධම්ම අනුටීකාව ලියන ලද්දේ ධම්මපාල ආචාර්යන් වහන්සේ බව බුරුම ශාසන වංශයත්, පාළිසාහිත්‍යය වංශයත් දක්වයි. අටුවා සඳහා ලියවෙන ටීකා ග්‍රන්ථයක් වන මූලටීකාවකට අනුටීකාවක් ලියවෙන්නේ අභිධර්ම මූලටීකාවට පමණි යැයි සඳහන් වේ. මින් අමතරව ත්‍රිපිටකයට ලියවෙන මූලටීකාවක වන ලීනත්ථවණ්ණනා මූලටීකාවට අනුටීකාවක් ලියන ලද්දේ බදරතිත්ථවාසි ධම්මපාල ආචාර්යන් වහන්සේ බව බුරුම පාළිසාහිත්‍යය වංශයේ දැක් වේ. එහෙයින් කොටසක් අභිධර්මයට ලියැවෙන මූල සහ අනුටීකා දෙකක් ලෙස මෙයද සඳහන් කළ හැකිය. පරමත්ථප්පකාසිනී මූලටීකාවට ලියවෙන තවත් අනුටීකාවක ලෙස මණිදීපටීකාව හඳුනා ගත හැක. මෙම අනුටීකාව ක්‍රි.ව. 1442 බුරුම රජු වූ ‘නරපතීජී’ රජුගේ කාලයේ විජයපුර නිවරින් දකුණු පෙදේශයේ ‘සගාඑං’ ගමෙහි උපන් අරියවංස ධම්මසේනාපති තෙරුන් වහන්සේ විසින් සම්පාදිත වුවකි. මධුසාරත්ථදීපනී නම් වූ ටිකාව ලියන ලද්දේ මහානාම නම් තෙරුන් වහන්සේ නමක යැයි සඳහන් වෙතත් පොල්වත්තේ නාමිහියෝ උදාහරණ සතරක් පෙන්වා දෙමින් කියා සිටින්නේ මෙම ටීකාව ආනන්ද නමැති තෙරුන් වහන්සේගේ බවය. මෙම නමින්ම මෙම ටීකාවට අනුටීකාවක් රාඤ්ඤ රට හංසවතී නුවර විසූ මහාධම්මරාජගුරු ආනන්ද නම් තෙරුන් වහන්සේ විසින් සම්පාදිත බව කියවේ. අත්ථසාලිනී අත්ථයෝජනා යන ග්‍රන්ථයෙහි අත්ථයෝජනා යන විශේෂණ පදයෙන් හඳුනාගත හැක්කේ යම් ග්‍රන්තයක පද සම්බන්දය දැක්වීම සඳහා රචිත ග්‍රන්ථයක් බවය. මෙය අත්ථසාලිනී අටුවාවෙහි පද සම්බන්දය දැක්වීම සඳහා රචිත ග්‍රන්ථයක් වන බැවින් ටීකා ග්‍රන්ථයක් ලෙස ද දත හැකිය. මෙහි කතුවරයා සිරිමංගල නමැති තෙරුන් වහන්සේ බව කියවෙතත් ග්‍රන්ථයෙහි ඇත්තේ ඤාණකිත්ති තෙරුන් වහන්සේ විසින් කළ බවය. සම්මෝහවිනෝදනී අත්ථයෝජනාව ද අත්ථසාලිනී අත්ථයෝජනාව කළ තෙරුන් වහන්සේගේ සම්පාදනයකි. මෙහි දැක්වෙන්නේ සම්මෝහවිනෝදනී අටුවාවේ පද සම්බන්දය විස්තර වන නිසා ටීකාවක සාහිත්‍යයෙහිලා සැලකිය හැකිය. අභිධර්මයට සැපයෙන පැරණිතම සංග්‍රහ ග්‍රන්ථය අභිධම්මාවතාරය බව ඉහත සංග්‍රහ ග්‍රන්ථ දක්වන තැන කියන ලදී. එම අභිධම්මාවතාරයට කෙරෙන ටීකාව අභිධම්මත්ථවිකාසිනීය නම් වේ. මෙම ටීකාවෙහි කතුවරයා ලක්දිව පොළොන්නරුවේ විසූ සංඝරාජ මාහතෙරුන්ගේ ශිෂ්‍ය නන්දි පිරිවනෙහි විසූ සුමංගල මහා තෙරුන් වේ. සංග්‍රහ ග්‍රන්ථයෙහි විස්තරවන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, යන සතරපරමාර්ථ පිළිබඳව සහ පඤ්ඤත්තිනිද්දේ, සකාරකනිද්දේස, ආදී සප්ත විසුද්ධියේ ටීකා විස්තර මෙහි සංගෘහිතව ඇත. මෙම ටීකාවට පසුව සුමංගල මහා තෙරුන් වහන්සේ විසින් සම්පාදනය වන ටීකාව අභිධම්මත්ථසංගහවිභාවනීය නම් වේ. එය අභිධම්මත්ථසංගහට ලියන ලද ටීකාව ය. අභිධම්මත්ථවිභාවනී ටීකාවට කළ අනුටීකාවක් ද වෙයි. එය මණිසාරමංජුසාවයි. මෙහි කතුවරයා ලෙස සඳහන් වෙන්නේ බුරුම රට රතනපුර නුවර විසූ මහරියවංස තෙරුන් වහන්සේය. සච්චසංඛේප සංග්‍රහ ග්‍රන්ථයට ශාරිපුත්‍ර සංඝරාජ තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වාචිස්සර මහාසාමීන් විසින් ලියන ලද ටීකාව සාරත්ථසාලිනී ටීකාවයි. පොළොන්නරුවේ විසූ සංඝරාජ මාහතෙරුන්ගේ ශිෂ්‍ය නන්දි පිරිවනෙහි විසූ සුමංගල මහාතෙරුන් වහන්සේ විසින් ලියන ලද අභිධම්මත්ථසංගහවිභාවනීය නම් වූ අභිධර්මාර්ථ ටීකාවට අමතරව අභිධර්මාර්ථ සංග්‍රහයට ලියවෙන අන්‍ය ටීකාව නම් අභිධම්මත්ථසංගහ පුරාණටීකාවයි. ඒ අනුව අභිධර්මාර්ථ සංග්‍රහයට ටීකා දෙකකී. මෙම ඉතා කුඩා වූ අභිධම්මත්ථසංගහ පුරාණටීකාවෙහි කතුවරයාන් වහන්සේ මහාපැරකුම් රජු දවස විසු දිඹුලාගල කාශ්‍යප මහාතෙරුන් වහන්සේය. අභිධර්මාර්ථ සංග්‍රහයට ලියවෙන ටීකා දෙකම ලක්දිව මහතෙරුන් වහන්සේලා අතින් සම්පාදනය වීම ලක්දිව ශාසනයේ මහත්වය පෙන්වා දෙයි. අභිධර්මාර්ථ සංග්‍රහයට සංක්‍ෂිප්ත ටීකාවක් බුරුමරට අරිමද්දන නුවර විසූ සද්ධම්ම ජෝතිපාල යන නාමයෙන් ප්‍රසිද්ධ ඡප්පට තෙරුන් වහන්සේ විසින් සම්පාදනය වේ. එය සංඛේපවණ්ණනා නම් ටීකාව වේ. අභිධර්මාර්ථ සංග්‍රහයට ලියන ලද විශාලතම සහ නව්‍යතම ටීකාව ලෙස දැක්වෙන්නේ පරමත්ථදීප ටීකාව වේ. සඳහන් කරන පරිදී මෙය විභාවිනී ටීකාවේ අඩුතැන් පිරවීමට හෝ විස්තර කිරීමට ක‍රන ලද්දක් නොව විභාවිනී ටීකාවේ දොස් දැක්වීම සඳහාම කරණ ලද ටීකාවක් ලෙස සඳහන් කරයි. මෙම ටීකාවෙහි කතෘ වහන්සේ බුරුම රට ශ්‍රෙෂ්ඨ ග්‍රන්ථ කතුවර වහන්සේ නමකවන අග්ගමහා පණ්ඩිත ඤාණධජ තෙරුන් වහන්සේය. නාමරූප පරිච්ඡේදය සංග්‍රහ ග්‍රන්ථයට ලියන ලද ටීකාව නාමරූප පරිච්ඡේද ටීකාව වේ. බුරුම රට තෙරුන් වහන්සේ නමකගේ සම්පාදනයක් බව පොල්වත්තේ නාහිමියන් පෙන්වා දෙයි. පරමත්ථවිනිච්ඡය ටීකාව අභිධර්මාර්ථ සංග්‍රහය සහ නාමරූපපරිච්ඡේදය සංග්‍රහ ග්‍රන්ථය කළ අනුරුද්ධාචාර්ය වහන්සේ විසින් කළ බව කිය වේ. ගාථා බන්ධනයේ විශාරද බව හා කරණු සම්පිණ්ඩනය කිරීමේ විශේෂ කුශලතාවක් ඇති නිසාම අනුරුද්ධ ආචාර්යන් වහන්සේ විසින් මෙය කළ බව සඳහන් කරයි. මෙසේ ථෙරවාද අභිධර්මයට ලියන ලද ටීකා සාහිත්‍යය විස්තර සහිතව හඳුනා හත හැකි ය. එසේම ථෙරවාදට අන්‍ය නිකායක් ලෙස සැලකෙන සර්වාස්තිවාදී නිකායේ අභිධර්මයට ද ටීකා සම්පාදනය වුවා සේ ඔවුනගේ අභිධර්මයට ටීකා ග්‍රන්ථ ද ලිය වේ. නාම මාත්‍රික දත හැකි එවැනි ටීකා කිහිපයක් ලෙස අභිධර්මකෝශශාස්ත්‍රතත්වාර්ථටීකා, අභිධර්මකෝශටීකා ලක්ෂණානුසාරිනී, සාරසමුච්චයනාම අභිධර්මාවතාරටීකා යන ග්‍රන්ථ දැක්විය හැකිය. සමස්තයක් වශයෙන් ඉහත දක්වන්නට යෙදුනේ ලක්දිව සහ බුරුම ආදී දේශයන්හි සම්පාදිත, ථෙරවාද අභිධර්මය සඳහා සංග්‍රහ කළ ටීකා ග්‍රන්ථ සාහිත්‍යය වේ. දීර්ඝ කාලයක ප්‍රතිඵලයක් ලෙස සම්පාදිත ටීකා සාහිත්‍යය අභිධර්මය පිළිබඳ අධ්‍යනයේ දී වැදගත් වන බව බුරුම ආදී දේශයන්හි තොරතුරු විමසා බැලීමෙන් පෙනී යැයි. සාහිත්‍යයක් වශයෙන් ද ඉතා වැදගකම් ඇති බව කිව යුතුය. එම කාරනා බොහොමයක් පිළිබඳ ප්‍රාමාණික විස්තරයක් පස්වන ප්‍රධාන ශිර්ෂය යටතේ සඳහන් කළෙමු.  අභිධර්මට සැප යූ සිංහල සන්න සහ සන්න . ථෙරවාද අභිධර්මය සඳහා අටුවා, සංග්‍රහ ග්‍රන්ථ, ටීකා ග්‍රන්ථ ආදිය දීර්ඝ කාලය වෑයමක ප්‍රතිඵල වශයෙන් අභිධර්ම සාහිත්‍යය පුළුල් වශයෙන් සංවර්ධනය වූ බව ඉහත සියල්ල විමසීමෙන් පෙනී යයි. මේ අතර විශේෂයෙන් ටීකා ලියවෙන කාලය වන විටත් ඉන් පසුවත් ලක්දිව සහ බුරුම ආදී ථෙරවාද දේශයන්හි ධර්මධර තෙරුන් වහන්සේලා විසින් සන්න සහිත සංග්‍රහ ග්‍රන්ථ සහ සන්න සහිතව ටීකා ග්‍රන්ථ ඉදිරිපත් කොට ඇත. එය ද අභිධර්මය පැවැත්ම සඳහා ගත් වෑයමක් ලෙස දැකිය යුතුය. මෙලෙස සකස් වූ සන්න කිහිපයක් දැකිය හැකිය. සියල්ලමපාහේ සඳහන් කිරීම අපහාසුය අභිධර්මාර්ථ සංග්‍රහයට පමණක් බුරුම දේශයේ සන්න තිහහතලිහක ප්‍රමාණයක් ලිය වී ඇතැයි සඳහන් වේ. එම නිසා ප්‍රධාන වශයෙන් සංග්‍රහ ග්‍රන්ථ සහ ටීකා ග්‍රන්ථයන්ට ලියවෙන සන්න කිහිපයක් පමණක් සඳහන් කරන්නෙමු. එය මෙසේය. • සච්චසංඛේප සංග්‍රහ ග්‍රන්ථයට සිංහල සන්නයක් ලියා 1912 දී මුද්‍රණය කොට පළ කිරීම ආභිධර්මික මොරටුවේ මේධානන්ද මාහතෙරුන් වහන්සේ විසින් සිදු කරයි.

• නාමරූපසමාස සංග්‍රහ ග්‍රන්ථය ලියන කාලයට පෙර මහා තෙරනමක විසින් “සිලිපිටපත” නම් පුරාණ සන්නයක් තියෙන ලදුව සන්නය සහිතව නාමරූපසමාසය 1908 දී බටපොලේ සුභාද්‍රාරාමාධිපතිව සිටි ශ්‍රීධර්මපාල අනුනාහිමියන් විසින් මුද්‍රණය කරන ලදී. • අභිධම්මත්ථසංගහ ග්‍රන්ථයට ශාරීපුත්‍ර සංඝරාජ හිමියන් විසින් ලියන ලද සිංහල සන්නය.

• පරමත්ථවිනිච්ඡයට අම්බලන්ගොඩ රන්කොත් විහාරාධිපතිව විසූ දේවානන්ද උප සංඝරාජයන් වහන්සේ විසින් ලියන ලද සිංහල සන්නයක් සහිතව 1926 දී මුද්‍රණය කරණ ලදී.

• මෝහවිච්ඡේදනී ග්‍රන්ථයට පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමියන්ගේ දැනුම්දීම නිසා උත්සුක වූ බුරුම රට අග්ගමහා පණ්ඩිත රට්ඨපාල-චක්කපාල මාහතෙරුන් වහන්සේ බුරුම බසින් සන්නයක් කළහ. පසුව පොල්වත්තේ බුද්ධදත්ත නාමිහියන්ට ලැබුන පිටපත් සමඟ බලා ශුද්ධකොට සන්නය සහිතව 1956 අප්‍රේල් මාසයේ දී බුරුම රට බුද්ධශාසන මණ්ඩලයේ උපසභාපතිතුමාට පළ කිරීම සඳහා දෙන ලදී.

• පෙන්වා දෙන ආකාරයට විසුද්ධිමග්ගය සඳහා කලිකාලසාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජ තෙමේ විසින් සම්පාදනය කරන ලද විශුද්ධිමාර්ග සන්නය ද අභිධර්මය අධ්‍යනයෙහිලා උපකාරවන සන්නයක් බව කියයි. මේ ආකාරයෙන් අභිධර්ම සාහිත්‍යය සඳහා සම්පාදිත සන්න කිහිපයක් හඳුනා ගත හැකි අතර තවත් බොහෝ සන්න ලිය වී ඇති බව සඳහන් වේ. සිංහල බසින් සහ බුරුම බසින් සන්න ලියවීම මෙහි දී වැදගත් කරුණකි. අභිධර්මය තේරුම් ගැනීමට අපහසු තැන අටුවා, සංග්‍රහ ග්‍රන්ථ, ටීකා උපකාරී වන්නා සේ සන්න තුළින් ද යම් තරමක හෝ පිටුවහලක් අභිධර්ම අධ්‍යනයෙහිලා උපකාරී වේ. ශිර්ෂ පහක් යටතේ දක්වන්නට යෙදුනේ ප්‍රධාන වශයෙන් ථෙරවාද අභිධර්ම සාහිත්‍යය වේ. ඒ අතරත අභිධර්මයට මුල් තැනක් දෙන සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍යය ද නාම මුලිකව දක්වන්නට යෙදුනේ ය. සඳහන් කළ උක්ත කරුණු මඟින් සමස්ත ථෙරවාද අභිධර්ම සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

ප්‍රාථමික මුලාශ්‍ර. • අත්ථසාලිනී නාම ධම්මසංගණිප්පකරණට්ඨකථා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-ප්‍රකාශනය, 125, ඇන්ඩසං පාර, නැදිමාල, දෙහිවල.

• කථාවත්ථුප්පකරණය, බුද්ධ ජයන්ති මුද්‍රණය.

• දීඝ නිකාය - බුද්ධ ජයන්ති මුද්‍රණය. • පපඤ්චසූදනී නාම මජ්ඣිම නිකායට්ඨකථා චතුත්ථ භාගය , බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-ප්‍රකාශනය, 125, ඇන්ඩසං පාර, නැදිමාල, දෙහිවල.

• සම්මෝහවිනෝදනි නාම විභංගප්පකරණට්ඨකථා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-ප්‍රකාශනය, 125, ඇන්ඩසං පාර, නැදිමාල, දෙහිවල.

• සුමංගලවිලාසිනී නාම විනයට්ඨකථා තෘතීය භාගය , බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ - ප්‍රකාශනය, 125, ඇන්ඩසං පාර, නැදිමාල, දෙහිවල.

ද්විතීයික මුලාශ්‍ර. • මහාචාර්‍ය ගල්මංගොඩ.සුමනපාල, ආභිධාර්මික විවරණය සහ බෞද්ධ චින්තාවේ සවර්ධනය, 2008 මුද්‍රණය. සරස්වතී ප්‍රකාශන, 2/60 රවුම් පාර, දිවුලපිටිය. • මහාචාර්‍ය අබේනායක.ඔලිවර්, බෞද්ධ අධ්‍යයන විමර්ශනය, මහමිතව පඤ්ඤාරතන හිමි. පහළගම ධම්මික හිමි - සංස්කාරකවරු, 2009 මුද්‍රණය-ගුණසේන මුද්‍රණාලය, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය- ප්‍රකාශනය, 812, මරදාන පාර, පුංචි බොරැල්ල. • තිලකරත්න.අසංග - සංස්කරණය, අභිධර්ම අධ්‍යයන, 2012 මුද්‍රණය- චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය, ඇස්. ගොඩගේ- ප්‍රකාශනය, කුලරත්න මාවත, කොළඹ. • මහාචාර්‍ය අග්ගමහා පණ්ඩිත බුද්ධදත්ත හිමි.පොල්වත්තේ, පාලි සාහිත්‍යය, 2012 මුද්‍රණය- රත්න මුද්‍රණාලය, බත්තරමුල්ල, රත්න පොත් ප්‍රකාශනය, මරදාන. කොළඹ 10, වෙනත්. නිවන් මග - සඟරාව 22 කලාපය, අභිධර්ම විමර්ශනය අංකය, රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය- ප්‍රකාශනය.

සැකසුම :- පූජ්‍ය උනන්තැන්නේ විමලධම්ම හිමි. මහායාන ධර්‍ම ග්‍රන්ත අතුරින් උසස් යයි පොදුවේ පිලිගන්නා ග්‍රන්තයකි. මහායාන ධර්‍මය ඈත පෙරදිග කරා යාමේදී, ප්‍රතමයෙන් ඒ රටවලට ගියා වූ ද, එ‍මෙන්ම ඒ රටවල ඉතා ගැඹුරු ආකාරයෙන් මුල් බැසගත්තා වූ ද සූත්‍රයයි. ආරම්භය අවිනිශ්චිතයි. මෙය ක්‍රි.ව. 1 වන විට, සංස්කෘත බසින් සැකසී තිබී ඇතැයි සැලකේ. ක්‍රි.ව. 255 සිට 601 දක්වා චීන පරිවර්තන 6 ක් කෙරී ඇත. ඒ අතුරින් ක්‍රි.ව. 401 දී චීනයට පැහැරගෙන යනු ලැබූ කුමාරජීව හිමියන් කළ පරිවර්තනය උසස්ම ලෙස සැලකේ.
ජපානයේ මෙම සූත්‍රයට ජීවමාන බුදුන්වහනන්සේට මෙන් “නමුම්‍යේෙහා් රෙන්ගෙ ක්‍යේ“ ලෙස නමස්කාර නරති.
මෙම සූත්‍රය භක්තියෙන් කියවීමේදී බුදුන්දැකිය හැකිය. -හැදින්වීම[1]

ආශ්‍රය[සංස්කරණය]

  1. සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය - මහාචාර්‍ය ගුණපාල ධර්මසිරි පරිවර්‍තනය, 2003