සතර අපාය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මෙම ලිපිය අපාය බිදිබඳ බෞද්ධ සංකල්පය පිළිබඳවය

අපාය යනු සත්වයින් උපදනා 31 තලය අතරින් කාම ලොකයන්ට අයත් දුගති භූමි හතරයි.අපාය ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.ඒවානම් අසුර ලෝකය,ප්‍රේත ලෝකය,තිරිසන් ලෝකය,නිරය යන්නයි.මෙම සතර අපායේ උපදින්නේ විවිධ පාපයන් සිදුකරගත් සත්වයන්ය.

අසුර අපාය[සංස්කරණය]

මෙම අපාය තුල සත්වයන් උපදින්නේ ඕපපාතිකවය.ප්‍රේත ලෝකයේ උපදනා සත්වයන්ට සමානය.කාලකන්ජික නම් අසුර ලෝකයක් පිළිබද ඇතැම් සූත්‍රවල දක්වා ඇත.අසුර නමින් හදුන්වන දේව නිකායක් පිළිබඳවද බුදු දහමේ ඉගැන්වේ.අසුර අපාය ප්‍රේත ලෝකය මෙන් මිනිස් ලොවතුල නොව මිනිස් ලොවින් බැහැරව පිහිටා ඇත.

ප්‍රේත අපාය[සංස්කරණය]

මිනිස් ලොව අැසුරු කරගෙන පවතින අපායක් ලෙස ප්‍රේත අපාය දැක්වේ.මෙම ප්‍රේතයන් උපත ලබන්නේ ඕපපාතිකවය.ඛුද්දක නිකායේ ප්‍රේථ වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.ඒනම් පාංශු පිසාචික,පුප්පිපාසික,නිජ්ඣාමතණ්නික හා පරදත්තූපජීවී යනුවෙනි.පාංශ පිසාචික ප්‍රේතයන් අපිරිසිදු ස්ථාන ඇසුරුකරගෙන වාසය කරති.ඔවුන් පසට වැටෙන සෙම්,සොටු,කෙළ,සැරව,ලේ,මුත්‍රා හා අසුචි වැනි අපවිත්‍ර දෑ ආහාරයට ගිනිමින් ජීවත් වෙයි.පුප්පිපාසික ප්‍රේතයන් දැඩි පිපාසයෙන් පෙළෙමින් දිවි ගෙවයි.ඔවුන් ගංගා ඇල දොළ ආදී ජලය ඇති තැන්වල සැරිසරමින් ජලය සොයයි.එහෙත් පෙර පාප කර්ම බලවත් නම් පිපාසය සංසිදුවීමට තරම් ජලය නොලැබේ.නිජ්ඣමතණ්නික ප්‍රේතයන්ගේ සිරුරු ඇතුලතින් ගිනිගෙන දැවෙයි.මුළු සිරුරම ගිනිගෙන දැවෙද්දී ඉතා වේදනාවෙන් කෑගසමින් ඔබමොබ ගමන් කරති.පරදත්තූපජීවී ප්‍රේතයන්ට පිං අනුමෝදන් කරගැනීමේ හැකියාව ඇත.මොවුන් පෙර ඥාතීන් වෙත පැමිණ ඔවුන් පිං අනුමොදන් කරනු දැක සතුටුවී සැපයට පත්වේ.මෙම ප්‍රේත නිකායන් හතරට අමතරව තවත් ප්‍රේත නිකායන් පිළිබද බුදු දහමේ සදහන්වේ.

තිරිසන් අපාය[සංස්කරණය]

තිරිසන් අපාය යනු අප අවට පරිසරයේ දක්නට ලැබෙන අපා දෙපා සිවුපා බහුපා ආදී සියළු තිරිසන් සතුන්ය.

නිරය[සංස්කරණය]

නිරයද ප්‍රේත හා තිරිසන් අපාය මෙන් නොව අසුර ලොකය මෙන් මිනිස් ලොවින් බැහැරව පිහිටා ඇත.නිරය ප්‍රධාන කොටස් අටකට බෙදා ඇත.ඒවානම් සංජීවය,කාලසූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,ප්‍රතාපය,අවීචිය යන්නයි.

සංජීවය[සංස්කරණය]

මහ පොළවේ සිට යොදුන් 15000 දුරින් සංජීවය පිහිටා ඇත.සංජීව අපායේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ ලක්ෂ 90 කි.එවන් දින 30ක් මාසයකි (9000000×30) එවන් මාස 12ක් අවුරුද්දකි.අවුරුදු 500 ක් එහි පරම ආයුෂවේ.සත්ව ඝාතනය තම ජීවිකාව ලෙස කරන පුද්ගලයන් අධික කෝපය හෝ මානය නිසා දුබලයන් තලා පෙලා කටයුතු කරන රජවරු පාලකයන් නිලධාරීන් මෙම අපායේ උපත ලබයි.දුප්පතුන් පෙළූ පොහොසතුන් හා අසරණ මිනිසුන්ට හිරිහැර කොට වස්තු සම්පත් උදුරාගත් සොරුන් මැරයන් අදිය මෙහි උපදිති.මෙහි උපදනා නිරි සතුන්ව යම පල්ලන් විසින් ගිනියම්වූ පොළවේ ගසා කෑලි කෑලි කොට කපයි.එසේ කපද්දීද නිරි සතුන් මැරි මැරී යලි යලිත් එම අපායේම උපදනා බැවින් සංජීවය යන නම මෙයට ලැබී ඇත.සං ජීවය යනු නැවන නැවත උපදින්නේය යන්නයි.

කාලසූත්‍රය[සංස්කරණය]

මෙම අපාය පිහිටියේ සංජීව නිරයට වඩා යොදුන් 15000 දුරින්.එනම් මිනිස් ලොව සිට යොදුන් 30000 දුරිනි.මෙම අපායේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ ලක්ෂ 90කි.එවන් දින 30 මාසයකි.මාස දොළහක් වර්ෂයකි.වර්ෂ 1000 මෙහි පරම ආයුෂවේ.මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරුකටයුතු අයට හිරිහැර කළ පුද්ගලයින් ප්‍රධාන වශයෙන් මෙහි උපදී මෙහි උපදනා නිරි සතුන්ව කලු හැහැ නූලකින් බැඳ ගිනියම්වූ පොළවේ දමා ලී දඩු රහින්නාසේ නිරි සතුන්සේ සිරුරු රහිනු ලබයි.

සංඝාතය[සංස්කරණය]

මෙම අපාය කාලසූත්‍ර නිරයට වඩා 15000 දුරින් පිහිටයි.මෙම අපාය නව යොදුනක් පමන විශාලය.මෙහි උපත ලබන නිරි සතුන් නව යොදුන් ඝක පොළවේ එරී නිශ්චලව පවතී.හෙි අහස ගුගුරන්නාසේ මහා දැවැන්ත පර්වතයන් එරී සිටින නිරි සතුන් මතට වැටී ඔවුන් අඹරවමින් ඒ මේ අත පෙරළෙයි.මෙම අපායේ උපත ලබන්නේ ඇත් අස් ගවා ආදී නොයෙත් සතන්ට අනේක වධ හිංසා පමුණුවමින් වැඩ ගත්තවූවන්ය.

රෞරවය[සංස්කරණය]

මෙම අපාය සංඝාත නිරයට යොදුන් 15000 දුරින් පිහිටයි.මෙම නරකයෙහි උපදනා සත්වයන්ගේ සිරුර තුලට වැද ඇතුලත දවාලන්නාවූ නපුරු දුමක් ඇත.ඇතුලත මෙන්ම පිටතද දවාලීම නිසා අදික වෙදනාවෙන් මරහඩ නගන නිරු සතුන්ගෙ හඩින් පිරී ඇති නිසා මෙයට රෞරව නරකයයි කියනු ලබයි.දස දහස් ගණනින් මිනිසුන් සතුන් මරා දමන සොරුන් මංකොල්ලකරුවන් ත්‍රස්තවාදීන් වැනි දාම ඝාතකයන් මෙහි උපත ලබති.

මහා රෞරවය[සංස්කරණය]

මෙහි උපදනා නිරි සතුන්ගේ සිරුරු අතිෂයිම රෞද්‍රවූ ගින්නෙන් හා දුමින් ඇතුලත හා පිතට දවාලන්නේය.මෙසේ දුක් විදින නිරි සතුන්ගේ ලෙයින් පොළව වැසී ඇති අතර අදික වේදනාවෙන් මරහඩ නගත නිරි සතුන්ගේ විලාපයෙන් පිරී ඇති බැවින් මෙම නිරය මහා රෞරවය යන නම ලැබී ඇත.තුරුණුවන් මාපියන් හො සිල්වත් ගුනවත් උතුමන්ට චධ හිංසා පමුණුවනු ලැබූවන් ඔවුන්ගේ වස්තු සම්පත් උතුරාගත්තවුන් මෙහි උපත ලබති.

තාපය[සංස්කරණය]

මෙම අපායේ උපදනා නිරි සතුන්ව යමපල්ලන් විසින් ගිනියම්වූ යහුල්වලින් ඇන ගිනියම්වූ මහ පොළවේ අමුණා තබනු ලබති.උල හිදුවන්නාසේ යහුල්වලින් ඇන තුබූ නිරි සතුන් දවාලමින් පොළවෙන් ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ උපත ලබන්නේ සතුන් පණපිටින් පුළුස්සා මරූවන් හා අනුන්ගේ නිවෙස් ගින්නෙන් දවාලූවන්ය.

ප්‍රතාපය[සංස්කරණය]

මෙම අපායේ උපදනා සත්වයෝ තාප නිරයේ උපදනා සත්වයින්ට සමානව දුකකට ලක්වේ.එහෙත් තාප නිරයට වඩා ප්‍රතාප නිරයේ ආයුෂ වැඩිය.

අවීචිය[සංස්කරණය]

මෙම අපාය අටමහා නිරයන් අතුරින් දරුණුම අපායයි.මෙම අපායේ යොදුනක් දිය යොදුනක් පළල ගිනියම්වූ යපොළවකින් තුනුන ඝූමියක් ඇත.මෙහි දොරටු සතරක් ඇති අතර දොරටු සතරෙහි යමරජවරු සතරදෙනෙක් ඇත.මෙම අපායේ එත් දිශාවක සිට අනෙක් කොන දක්වා සතර දිශාවෙන්ම ගිනිජාලා මතු වෙමිනි නිරි සතුන් පෙළනු ලබයි.එසේම උඩ සිට පහළට හා පහළ සිට උඩ දක්වා සදිශාවෙන්ම ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ පරම ආයුෂ කල්පයකි.පංචානතරීය පාප කර්ම එකම් මව මැරීම,පියා මැරීම,සංඝ භේදය,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම යන පාපප කර්ම සිදුකලවුන් මෙහි උපදිති.

කුඩා නිරයන්[සංස්කරණය]

ගූථ නිරය[සංස්කරණය]

මෙම නරකය ඉතා දුර්ගන්දයෙන් යුක්තව කැකෑරුන අසූචියෙන් පිරී පවතී.මෙහි උපදනා සතුන් අසූචියේ ගිලී යන අතර මෙහි සිටින විශාල පණුවන් නිරි සතුන්ගේ සිරුරු පසාරු කරමින් වෙදනාවට පමුණුවති.

කුක්කුල නිරය[සංස්කරණය]

මෙම අපාය අළුවලින් වැසුණු ගිනි අගුරු වලින් සැදී ඇත.මෙහි උපදනා නිරි සතුන් අළු යටින් ඇති ගිනි අගුරවල තාපයෙන් දැවි දැවී පවතී.

අසිපත් නිරය[සංස්කරණය]

අසිපත් වැනි කොළ සහිත දෙපැත්තම කැපෙන ආකාරයෙන් සැකසුන කොළවලින් ගහන වනයකින් මෙම අසිපත් නිරය සමන්විතය.නිරන්තරව හමන සුලගින් මෙම අසිපත් වැනි කොළ ඒ මේ අත වේගයෙන් ළෙවෙයි.මෙහි උපදනා සතුන් මෙම අසිපත් වැනි කොළවල ගැටී කැපි කැපී යයි.

සිම්බලිවන නිරය[සංස්කරණය]

මෙය කටු ඉඹුල් වැනි තියුනු උල් සහිත කටු අති වෘෂයන්ගෙන් සැදුන නිරයකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  • චන්දවිමල රේරුකානේ (2009) බෞද්ධයාගේ අත්පොත ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂක මණ්ඩලය ශ්‍රී විනයාලංකාරය පොකුණුවිට
"https://si.wikipedia.org/w/index.php?title=සතර_අපාය&oldid=427549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි