සතර අගති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පාලකයා කවර කරුණකදී වුව අන්තගාමී වනුයේනම් එවැනි රටක/රාජ්‍යයක සාධාරණය, යුක්තිය ඉෂ්ට නොවේ. අනිසා ජනතා සුබ සිඬිය උදෙසා පාලකයා සතර අගතියෙන් වැළැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලසේක.

සතර අගති[සංස්කරණය]

ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං අතිවත්තතී

නිහීයති තස්ස යසෝ කාල පක්ඛේව චන්දිමා

ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාති වෘකති

ආපුරති තස්ස යසො සුක්ඛ පකෙඡව චන්දිමා

ජන්දය – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.

දෝස - යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.

භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.

මෝහ - මෝඩකමෙන් අගතියට යෑම.

සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සඳහන් යටකී පළමු ගාථාවෙන් ප්‍රකාශ වන්නේ මෙම කරුණු සතරින් යමෙක් අගතියට පත්ව කටයුතු කරන්නේ නම්, අව පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ඔහුගේ යසස පිරිහෙන බව යි. එසේ අගතියට නොයන තැනැත්තාගේ යසස පුර පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් වර්ධනය වන බව දෙවැනි ගාථවෙන් අර්ථවත් වෙයි.

  1. ඡන්දය
  2. ද්වේශය
  3. භය
  4. මෝහය

ඡන්දය[සංස්කරණය]

මින් අදහස් වන්නේ යම් යම් දෑ ගැන ඇති පුද්ගල කැමැත්ත යි. ස්වතන්ත්‍රව ගන්නා තීරණ හා කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ ගන්නා තීරණ මීට අදාල ය. එබැවින් පාලකයා යුක්තිය, සර්‍ව සාධාරණත්වය ඉටුවන පරිදි නිවැරැදි තීරණ ගැනීම අගතියෙන් වෙන් වීමෙකි.

ද්වේශය[සංස්කරණය]

යුතුකම්, සුදුසුකම් හා සාරධර්ම පිළිබඳ යථාවබෝධය නොමැතිව සමගිය හා සාමදානය පිටුදැක කටයුතු කිරීම ‍ද්වේශය යි. රටවැසියා හෝ නිලධාරීනට දඬුවම් කිරීම ඔවුනගේ අභිවෘඬිය උදෙසා ම සිදුකළ යුතුවේ. එසේ නොමැතිව පාලකයා දැඩි අන්තවාදී දූෂිත මනෝභාවයකින් හෙබි නම් හේ තුළ මධ්‍යස්ථ සිතුවිලි ඇති නොවේ. යහ පාලනයක් උදෙසා ද්වේශය පිටුදැකිය යුතුබව බුදුදහම අවධාරණය කරයි.

භය[සංස්කරණය]

මෙහිදී පාලකයා සෑමවිට ම මැති ඇමතීන්, සෙසු නිලධාරීන් හා ‍අන් පාලකයන් පිළිබඳ මහත් භීතියකින් පසුවීම භය නම් වේ. එහෙත් විශිෂ්ට චරිතයක් ඇති පාලකයා කිසිදු විටෙක බිය නොවේ. හෙතෙම බුඬිමත්ව ක්‍රියා කරයි. භය ඉස්මතු වනුයේ ආත්මාර්ථය නිසා ය. එබැවින් බියෙන් පෙලෙන පාලකයා ජනතාව ද නිලධාරීන් ද අයථා ලෙස පෙළීමට පත් කරන හෙයින් බුදුදහම භය අගතියක් ලෙස උගන්වයි.

මෝහය[සංස්කරණය]

මෝහය යනු මුළාව යි. රාජ්‍ය පාලනයේදී පාලකයාට තීක්‍ෂණ බුඬියක් තිබීම අත්‍යාවශ්‍ය ය. එබැවින් හේ මෝහය මුලිනුපුටා දැමිය යුතුය. එය සියළු වැරැදි ක්‍රියාවලට මුල්වන අකුසල මූලයක් හෙයින් එය අගතියක් ලෙස බුදුදහම උගන්වයි. පාලකයා බුඬිහීන, අඥාන මෝඩයකු නම් ඔහුට යහ පාලනයක් ගෙනයාම ඉතාමත් අපහසු ය. යුක්තිය, සාධාරණත්‍වය වටහා ගැනීමට පාලකයකු මුළාවෙන් තොරවිය යුතු ය. ඉන් අගතිගාමී නොවිය යුතු ය.

"https://si.wikipedia.org/w/index.php?title=සතර_අගති&oldid=387923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි