සතරදෙනාගේ කල්ලිය
පෙනුම
සතරදෙනාගේ කල්ලිය (සරල චීන: 四人帮; සම්ප්‍රදායික චීන: 四人幫; පින්යින්: Sì rén bāng) යනු, චීන කොමියුනිස්ට් පක්ෂ (CCP) නිලධාරීන් සතරදෙනෙක් වෙතින් සමන්විතවූ මාඕවාදී දේශපාලන පිලකි. සංස්කෘතික විප්ලවය (1966–1976) තුලදී ඔවුන් ප්‍රමුඛත්වයට පැමිණියද, සංස්කෘතික විප්ලවය තුලදී සිදුවී තිබූ සීමාව ඉක්මවීම් සහ අසමර්ථ වීම් සඳහා ඔවුන්ගේ වගකීම නිසාවෙන් රාජ්‍ය-විරෝධී අපරාධ මාලාවක් වෙනුවෙන් මොවුන්ට විරුද්ධව පසුව චෝදනා එල්ල කෙරිණි. කල්ලියෙහි නායකත්ව චරිතය වූයේ ජං චිං (මාඕ සේතුංගේ අවසාන බිරිඳ) විය. අනෙකුත් සාමාජිකයන් වූයේ චං චුවෙන්කියාඕ, යාඕ වෙනියුඈන්, සහ වං හොංවෙං යන්නන් වූහ.[1]
- ^ "යාඕ වෙනියුඈන්". දි ඉකෝනොමිස්ට්. . http://www.economist.com/node/5381892.