සංඥා භාෂා
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2026 ජනවාරි) |

සංඥා භාෂාව යනු කථිකයාගේ අදහස් පහසුවෙන් ප්‍රකාශ කිරිම සදහා ශබ්දය වෙනුවට එක්වරම අතේ හැඩයත් එකතු කර ගනිමින් අත් බාහු සහ සිරුර දිශාබිමුඛ කිරිමෙන් සහ චලනයෙන් ද මුහුණේ භාව ප්‍රකාශනයන් ද හස්ත මුද්‍රා සන්නිවේදනය සහ තොල් හැසිරවිම ද යොදා ගැනිමයි. සංඥා භාෂාවන් සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ, බිහිරි ප්‍රජාවන්හිය. ඔවුන් අතර පරිවර්තකයන්, යහලූවන්, පවුලේ සාමාජිකයන් මෙන්ම වෙනත් බිහිරි හෝ ඇසිම අඩු පුද්ගලයන් සිටිය හැකිය.
බිහිරි පුද්ගලයන් සිටින ප්‍රජාවන් ඇති ඕනැම තැනක සංඥා භාෂාව වර්ධනය වේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සංකිර්ණ ව්‍යාකරණ ක්‍රමය කථාකරන භාෂාවෙහි ව්‍යාකරණ වලින් සැලකිය යුතු ලෙස වෙනස්ය. ලෝකය පුරා සංඥා භාෂා සිය ගණනක් භාවිතයේ පවතින අතර ඒවා ප්‍රාදේශිය බිහිරි සංස්කෘතින්හි හරය වෙයි. සමහර සංඥා භාෂාවන් යම් ආකාරයක නීතිමය පිළිගැනිමක් ලබාගෙන තිබෙන අතර අනෙක් ඒවාට එවැනි තත්වයක් නොමැත.
සංඥා භාෂාවලට අමතරව සංඥාමය ඉංග්‍රීසි සහ වාල්පිරි සංඥා භාෂාව වැනි කථාකරන භාෂාවන්හි විවිධ සංඥා සංකේතයන් ගොඩනගා ඇත. මේවා කථික හෝ සංඥාමය භාෂාවන් සමග පටලවා නොගත යුතුය. කථික භාෂාවක සංඥාමය සංකේතයක් යනු ලිඛිත මාධ්‍යයට ලිවිමේ ක්‍රමය මෙන් වාචික භාෂාවේ එම භාෂාව රැගෙන යන සංඥාමය මාධයයි. කතික භාෂාවේ සංඥාමය කේතයන් එම භාෂාව ඉගෙන ගැනිමට හෝ එම භාෂාවන්හි වච්‍යාර්ථ උපුටා ගැනිමේ ප්‍රකාශයට හා සාකච්ඡා කිරිමහට ප්‍රයෝජනවත් විය හැකිය. නමුත් ඒවා සාමාන්‍ය භාවිතයේ දී ඉතා නුහුරු මෙන්ම හැසිරවිමට අපහසු ද වෙයි. උදාහරණ වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ ගුරුවරයෙක් හා ඉංග‍්‍රිසි ඉගෙන ගන්නා බිහිරි ශිෂ්‍යයෙක් ඉංග‍්‍රිසි භාෂාව භාවිතායේදී උදාහරණ වෙන්විම සදහා සංඥාමය ඉංග්‍රීසි යොදාගැනිමට ඉඩ ඇත. නමුත් එම උදාහරණ සාකච්ඡා කරනුයේ ඇමරිකානු සංඥා භාෂාවෙනි.
සංඥා භාෂාවන්හි පරිණත බවට උදාහරණ වනුයේ සංඥා භාෂාව කාව්‍ය හා අනෙකුත් වේදිකා රඟ දැක්විම්ය. සංඥාමය කවියන් වෙත ඇති කාව්‍යමය උපක්‍රමයන් කථික කවියෙකුට නොතිබිය හැකිය. මෙය කාව්‍යයන්ට ශ්‍රාවක පිරිස් වෙත ළගාවිමට ඔවුන් සලිත කිරිමටත් නව උද්දීපනය ඇති කරවන ක්‍රම ඉදිරිපත් කරයි.
අමතර අවධානයට
[සංස්කරණය]- Animal language
- Body language
- Braille
- Fingerspelling
- Chereme
- Chinese number gestures
- Cued speech
- Legal recognition of sign languages
- List of international common standards
- List of sign languages
- List of sign languages by number of native signers
- Manual communication
- Modern Sign Language communication
- Origin of language
- Origin of speech
- Sign language glove
- Sign language in infants and toddlers
- Sign language media
- Sign name
- Sociolinguistics of sign languages
- Tactile signing
- Machine translation of sign languages
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය] සංඥා භාෂා ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
| වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
| කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
| විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
| විකිපොත් වෙතින් පෙළපොත් | |