Jump to content

සංකරදේව

විකිපීඩියා වෙතින්
මහාපුරුෂ ශ්‍රීමත් ශංකරදේව
කලාගුරු විෂ්ණු ප්‍රසාද් රාභා විසින් අඳින ලද ශංකරදේවගේ කල්පිත චිත්‍රයක්
උපත1449[1]
මරණය1568[1]
Honorsමහාපුරුෂ, ජගත්ගුරු

ශ්‍රීමත් ශංකරදේව (ඉංග්‍රීසි: Srimanta Sankardev, උපත: 1449 – මරණය: 1568) ශ්‍රේෂ්ඨ ආගමික නායකයෙකු, සමාජ සංවිධායකයෙකු, ගායකයෙකු, නර්තකයෙකු, නළුවෙකු, කවියෙකු, චිත්‍ර ශිල්පියෙකු ලෙසින් කටයුතු කළේය. ශංකරදේව අසම් ජාතියේ භාෂාව, සාහිත්‍යය සහ සංස්කෘතිය නිර්මාණය කළ පුද්ගලයෙකි.[3] ඒ නිසාම ඔහුගේ ආදරණීය ගෝලයා වූ මාධවාදේ සංකරදේව "සර්වගුණකර" යන වචනය හැඳින්වූයේ එබැවිනි.[4] මහදේවන්ගේ (ශිව) ආශීර්වාදය මත ඔහු උපන් බව විශ්වාස කරන නිසා ඔහුට “ශංකරබර්” නම්ය ලැබුණු බවයි.[5] ඔහු නව වෛෂ්ණව ධර්මය හෙවත් “එක සරණ ධර්මය” ප්‍රචාරය කරමින් අසම් සමාජය එකට ගෙන ඒමට සහ ඒකරාශි කිරීමකට දායක විය.[1][3] අසම් සහ භාරතීය සංස්කෘතික ජීවිතයට ඔහු විසින් සිදු කළ දායකත්වය නිසාම ඔහුට මහාපුරුෂ සහ ආවර්ත පුර්ෂ (අවතාරයෙකු) ලෙස පිළිගැනේ.[3] ඔහු භක්ති ධර්මය මත අවධානය යොමු කරමින් මිනිසාගේ ආධ්‍යාත්මික උත්තරණය සඳහා කටයුතු කළේය.[6] සාමාන්‍ය අප්‍රබුද්ධ ජනතාවටත් ඉන්දියානු දර්ශනයේ සංකීර්ණ සම්ප්‍රදාය තේරුම් ගැනීමට හැකිවීම සඳහා, ඔහු සරල භාෂාවෙන් වේද-පුරාණ සහ ශාස්ත්‍රයන් රචනා කළේය. මහත්මා ගාන්ධි මහතා පවා ශංකරදේව ගැන මෙසේ පැවසූවාය: “මම රාමරාජ්‍යය සඳහා කල්පනා කරන ආගමික මාර්ගයත් වඩා අලංකාර ආකෘතියක් ශංකරදේව අසම් ජනතාවට දී ඇත.”[7]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c "শংকৰদেৱ". සම්ප්‍රවේශය 18 June 2022.
  2. ^ Bhuyan, Jogendra Nath (1980). මහාපුරුෂ ශ්‍රීමත් ශංකරදේව (ඇසෑම් බසින්). Guwahati: Jogendra Nath Bhuyan. pp. 18–22.
  3. ^ a b c "Sankardeva: saint-reformer of Assam". atributetosankaradeva.org. 25 September 2012. සම්ප්‍රවේශය January 12, 2013.
  4. ^ ශංකරදේව හා අංකීය නාට්‍ය - ඩො. නගේන් ශইකියා: භාවනා උතුම් සම්ප්‍රදාය හා විස්තාරය, සම්පාදක: කමල් දත්ත, අසම් භාවනා සමාරෝහ සන්ස්මරණ ග්‍රන්ථය, 2014
  5. ^ දයිත්‍යාරි තාකූර්. මහාපුරුෂ ශ්‍රීශ්‍රී ශංකරදේව-මාධවදේව චරිත. අරුණ කුමාර නාත්. p. 8.
  6. ^ ශංකරදේවගේ දර්ශනය, ඩො. ඵණීභූෂණ දාස්, ගරියසී, පිටු අංකය: 13, අගෝස්තු 2009
  7. ^ ශංකරදේව හා අංකීය නාට්‍ය - ඩො. නගේන් ශইකියා: භාවනා උතුම් සම්ප්‍රදාය හා විස්තාරය, සම්පාදක: කමල් දත්ත, අසම් භාවනා සමාරෝහ සන්ස්මරණ ග්‍රන්ථය, 2014
"https://si.wikipedia.org/w/index.php?title=සංකරදේව&oldid=740718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි