ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමා
සෙබෑස්ට්හී බ්ලාසියුස් තුමා | |
---|---|
![]() ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමා රෝමානු ආණ්ඩුකාරවරයාට අභියෝග කරමින් - සොයිසොන්ස් (පිකෙඩෙි, ප්‍රංශය) ප්‍රදේශයෙහි පාට වීදුරු ජනේලයක දර්ශනයක් , මුල් 13වන සියවස | |
පූජක ප්‍රාණපරිත්‍යාගවරයා, ශුද්ධවූ උදව්කරු | |
උපත | 3 පෙබරවාරි (නැගෙනහිර: 11 පෙබරවාරි) ? ක්‍රිව සෙබස්තියා, ඓතිහාසික සුළු ආර්මේනියාව |
මරණය | 316 ක්‍රිව (එතුමාගේ වයස 30 ගණන් සහ 40 ගණන් අතරදී) |
ගරු කරනු ලබනුයේ | කතෝලික සභාව නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව පෙරදිග ඕර්තඩොක්ස් සභාව ඇංග්ලිකානු සංසදය |
ප්‍රධාන සිද්ධස්ථාන | ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ දේවස්ථානය |
මංගල්‍යය දින | 3 පෙබරවාරි (කතෝලික, ඇංග්ලිකානු සංසදය)
සාමාන්‍යයෙන් ජනවාරි මාසයෙහිදී (දිනය වෙනස් වෙයි)(ආර්මේනියානු අපෝස්තලික) 11 පෙබරවාරි (නැගෙනහිර ඕර්තඩොක්ස් සහ ග්‍රීක කතෝලික) |
ලාක්ෂනික ගුණාංග | රාජගුරුප්‍රසාදීන්වහන්සේ, සතුන්, හරස් ඉටිපන්දම්, අනුබාධනය සහිත පිරිමි ළමයෙකුට ප්‍රතිකාර කිරීම, ලොම් පීරනය |
අනුග්‍රාහකත්වය | ළදරුවන්; සතුන්; ගොඩනැගිලි තනන්නන්; ගල් කපන්නන්; කැටයම්කරුවන්; රෙදිපිළි වෙළෙඳුන්; ලොම් වැඩකරුවන්; ලොම් කර්මාන්තය; පශු වෛද්‍යවරුන්; වෛද්‍යවරුන්; සුවකිරීම; උගුර; ලෙඩුන්; අනුබාධනයට එරෙහිව; ENT ආබාධ; බ්‍රැඩ්ෆර්ඩ්; සලෙර්නෝ; මැරතේයා; සිසිලිය; ඩුබ්රොවින්ක්; සියුඩාඩ් ඩෙලෙස්ට්, පැරගුවේ; කම්පනාරියෝ, මැඩයිරා; රුබියේරා සහ සෙබැස්ටි, පෞරාණික. |
සෙබෑස්ට්හී බ්ලාසියුස් තුමා (ග්‍රීක: Ἅγιος Βλάσιος, Hágios Blásios; ලතින්: Blasius ප්‍රාණපරිත්‍යාගය ක්‍රිව 316 ) යනු ක්‍රිස්තියානි සාන්තුවරයෙක් සහ ප්‍රාණපරිත්‍යාගවරයෙක් ලෙසින් වන්දනාවට පාත්‍රවන ඓතිහාසික සුළු ආර්මේනියාවෙහි (වර්තමාන සිවාස්, තුර්කිය) වෛද්‍යවරයෙක් සහ සෙබස්තියාහී රාජගුරුප්‍රසාදිතුමෙකි.එතුමා ශුද්ධවූ ආරක්ෂක මුනිවරයන් දහහතරදෙනා අතරෙන් එක් අයෙකු ලෙසින් සැලකෙයි.
බ්ලාසියුස් මුනි තුමා, කතෝලික, බටහිර සම්ප්‍රදාය ඕර්තඩොක්ස් සභාවන්, නැගෙනහිර ඕර්තඩොක්ස් සහ පෙරදිග ඕර්තඩොකස් සභාවන් යන්නන්ගේ සාන්තුවරයෙක් වන අතර ලොම් කටින්නන්ගේ සහ ENT ආබාධ වලින් පෙලෙන්නන්ගේ රැකවල් සාන්තුවරයා වෙයි. ලතින් සභාවෙහි, එතුමාගේ මංගල්‍යය පැවැත්වෙන්නේ පෙබරවාරි 3 දිනදීය. නැගෙනහිර සභාවන්හී එය පැවැත්වෙන්නේ පෙබරවාරි 11 දිනදීය.[1] අක්ටා සන්ක්ටෝරුම් පරිදී, එතුමා ප්‍රාණපරිත්‍යාගය කලේ පහර දෙනු ලැබීමෙන්, යකඩ උල්වලින් ඇනීමෙන්, සහ හිස ගසා දැමීමෙනි.
මුල් වාර්තා
[සංස්කරණය]බ්ලාසියුස් මුනිතුමන් පිළිබඳ පළමුවන ආශ්‍රීතය වනුයේ, අයිටිස් ඇමිඩෙනස් (ප. ක්‍රිව 500) විසින් ලියැවුනු වෛද්‍ය ලියැවිලි තුල වන අතර, උගුරෙහි හිරවුනු දේවල් සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි ඔහුගේ උදවු සඳහන් වෙයි.
මාර්කෝ පෝලෝ විසින්, "බ්ලාසියුස් මුනිතුමා ප්‍රාණපරිත්‍යාගයෙහි තේජාන්විත කිරුළ ලබාගත් ස්ථානය ", සෙබස්තියා පිළිබඳ වාර්තා කරයි.[2] 1253 වර්ෂයෙහිදී රබ්රක්හී විලියම් විසින් බලකොටු කඳුවැටිය අසල සිද්ධස්ථානය පිළිබඳ සඳහන් කර ඇතත්, එහි නෂ්ටාවශේෂ දැනට දක්නට නැත.[3]
දිවිය
[සංස්කරණය]ශාරිරික ආබාධ සුව කරන්නෙකු සිට, ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමා ආත්මයන් පිළිබඳ විශේෂඥයෙක් වූ බවට සඳහන් වන අතර, ඉන් පසුව එතුමා කාලයකට ගල්ලෙනක් තුලට ගොස් යාච්ඥාවෙහි නිරත විය. සෙබස්තියාහී රාජගුරුප්‍රසාදීන්වහන්සේ වශයෙන්, බ්ලාසියුස්තුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ වචන සහ ඔහුගේ නිදර්ශන පිළිපදින ලෙසට වන අතර, එතුමාගේ මහා ගුණදම් සහ එතුමාගේ ශුද්ධවන්තකම සඳහා සාක්ෂි දැරුවේ බොහෝ ප්‍රාතිහාර්යයන් විසිනි. ශාරිරීක සහ ආත්මික ආබාධවලින් සුවය පතා ජනතාව එතුමා වටා රොක්වූ බව කියැවේ.[4] ඔවුන් විසින්ම උපකාර පතා එතුමා වෙත පැමිණි සතුන් සුව කල බව කියැවෙන අතර එම සතුන් එතුමාට ප්‍රතිඋපකාර කල බවද කියැවේ.
වර්ෂ 316දී ලිකිනියුස් අධිරාජ්‍යයාගේ අණ පරිදී, කැප්පඩෝකියා සහ සුළු ආර්මේනියාවෙහි ආණ්ඩුකාර ඇග්‍රිකෝලා විසින් , බ්ලාසියුස් මුනිතුමාට වධහිංසා පැමිණවීම ආරම්භ කරන ලද අතර එතුමා අත්අඩංගුවට ගන්නා ලදි. එතුමාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව හා මහත් වධහිංසා පැමිණවීමෙන් පසුව, එතුමා සිර කරන ලද අතර [4] පසුව හිස ගසා දමන ලදි.
ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ ක්‍රියා
[සංස්කරණය]
ජනප්‍රවාදගත ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ ක්‍රියා ලියැවී ඇත්තේ එතුමාගේ මරණයෙන් වසර 400 කට පසුවය.[1][5]
ජනප්‍රවාදයෙහි කතාවස්තුව පහත පරිදී වෙයි:
එතුමාගේ යෞවන වියෙහිදී දර්ශනවිද්‍යාව හැදෑරූ බ්ලාසියුස් මුනිතුමා, ආර්මේනියාවෙහි සෙබෑස්ට්හී එනම් එතුමාගේ උපන් නගරයෙහි වෛද්‍යවරයෙක්වූ අතර එතුමාගේ කාර්යයන් ප්‍රාතිහාර්යමය හැකියාවෙන්, හොඳ හිතින් සහ සුසිල්වත් බවින් සිදු කලහ. නගරයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ මිය ගිය විට, එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙසින් බ්ලාසියුස් මුනිතුමා තෝරා ගැනුනේ සමස්ත ජනතාවගේ ගෞරවනීය පිළිගැනීම මධ්‍යයේය. එතුමාගේ ශුද්ධත්වය ප්‍රත්‍යක්ෂවූයේ බොහෝ ප්‍රාතිහා්යන් තුලිනි: සතර දිශාවෙන් ජනතාව එතුමා වෙත පැමිණියේ ඔවුන්ගේ ආත්මයෙහි සහ ශරීරයෙහි ආබාධයන් සුව කර ගැනුමටය; එතුමාගේ ආශිර්වාදය පතා, වන සතුන් පවා රංචු පිටින් පැමිණියහ. ලිකිනියුස් අධිරාජ්‍යයාගේ අණ පරිදී ක්‍රිස්තියානුවන් මරා දැමීම සඳහා වර්ෂ 316දී සෙබස්තියා වෙත පැමිණි කැප්පඩෝකියා සහ සුළු ආර්මේනියාවෙහි ආණ්ඩුකාර ඇග්‍රිකෝලා විසින් රාජගුරුප්‍රසාදීන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලදි. එතුමාව සිරගෙදරට රැගෙන යන අතරතුර, උගුරෙහි මාළු කටුවක් සිරවී හුස්ම හිරවීමට ලක්ව සිටි තම එකම පුතා මවක් විසින් බ්ලාසියුස් මුනිතුමන්ගේ දෙපා මුල හොවන ලද අතර විගසින් දරවා සුවපත් කරන ලදි. ඒ කෙසේ වෙතත්, බ්ලාසියුස් මුනිතුමන්ගේ විශ්වාසය අත්හැරවීමට අපොහොසත්වූ ආණ්ඩුකාරවරයා, එතුමාට දණ්ඩකින් පහරදී, යකඩ උල් වලින් එතුමාගේ මස් ඉරා දමා එතුමාගේ හිස ගසා දමන ලදි.[6]
ආණ්ඩුකාරයාගේ පිරිස බ්ලාසියුස් මුනිතුමා නැවතත් සෙබස්තියා වෙත රැගෙන එද්දී, අතරමගදී, ඔවුන්ට හමුවුනේ තමන්ගේ සුකරයා වෘකයෙකු විසින් ඩැහැගෙන ගොස් තිබුණු දුගී කාන්තාවකි. බ්ලාසියුස් මුනිතුමාගේ අණ පරිදී, වෘකයා විසින් සුකරයා උගේ හිමිකරු වෙත නිදහස් කලේ පණපිටින් සහ අනතුරක් නොමැතිවය. එතුමා අගනගරය වෙත පැමිණි කල, මරණයට පත්කෙරෙන තෙක් සිපිරිගෙය තුල දමන ලද අතර, තම සුකරයා එතුමා විසින් නිදහස් කර දුන් මහළු කාන්තාව, එතුමා බැහැදැකීමට පැමිණියේ අඳුරු සිරකුටිය ආලෝකවත් කිරීමට අනගි ඉටි පන්දම් දෙකක් සමගිනි. බටහිර ලෝකයේ, බ්ලාසියුස් මුනිතුමන් සමූහ වන්දනය 8වන සියවසට පෙර දක්නට නොමැති විය.[7]
ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ ආශිර්වාදය
[සංස්කරණය]
ක්‍රියා තුල සඳහන් වන ආකාරයට, බ්ලාසියුස් මුනිතුමන් අත්අඩංගුවට ගනිමින් පවතින අවස්ථාවෙහිදී, ඇයගේ එකම දරුවාගේ උගුරෙහි මාළු කටුවක් හිර වීම නිසා හුස්ම ගැනීමට නොහැකිව සීටීමෙහි දුක නිසා සිත කැළඹුණු මවක්, එතුමාගේ දෙපා මුල ඇද වැටී එතුමාගේ මැදිහත්වීම ඉල්ලා සිටියාය. ඇයගේ දොම්නස පිළිබඳව සිතෙහි අනුකම්පාවක් උපන් බ්ලාසියුස් මුනිතුමා විසින් එතුමාගේ යාච්ඤා වෙතින් දෙවි පියාණන් වෙතින් ඉල්ලා සිටි අතර කුඩා දරුවා සුවපත් විය. සාම්ප්‍රදායික ලෙසින්, උගුරෙහි තුවාල සහ රෝග පිළිබඳව රැකවරණය පතා, ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ ආශිර්වාදය පතනු ලැබේ.
බොහෝ ස්ථානයන්හී, එතුමන්ගේ මංගල්‍යය දිනයෙහිදී ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ ආශිර්වාදය දානය කරනු ලැබේ: සමිඳුන් පුදදුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය දිනයෙහිදී (ඉටි පහන් දිව්‍ය යාගය) ආශිර්වාද කරන ඉටිපහන් දෙකක් (සමහරවිට දල්වා), පියතුමෙකු විසින් කුරුසියක හැඩයට විශ්වාසදායකයන්ගේ හිස් ඉහලින් අල්ලනු ලැබීම හෝ ඒවා සමගින් ජනතාවගේ උගුර ස්පර්ශ කරනු ලැබේ.[8] එවිටම, පහත දැක්වෙන ආශිර්වාදය දානය කරනු ලැබේ: "රාජගුරුප්‍රසාදිතුමෙකු සහ ප්‍රාණපරිත්‍යාගවරයෙකු වූ ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ මැදිහත්වීම මගින්, දෙවි පියාණන් වහන්සේ උගුරෙහි සියළු රෝග වෙතින් සහ අනෙකුත් සියළු රෝග වලින් ඔබ නිවාරණය කරන සේක්වා ". ඉන්පසු, පියතුමා කුරුසියෙහි සලකුණ විශ්වාසකයින් මත හස්ත පිහිටුවනු ලැබේ.
ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන් වන්දනාකිරීම
[සංස්කරණය]
ශුද්ධවූ ආරක්ෂක මුනිවරයන් දහහතරදෙනාගෙන් එක් අයෙකු වන බ්ලාසියුස් මුනිතුමා මධ්‍යතන යුගයන්හිදී වඩාත් ජනප්‍රිය සාන්තුවරයන් අතරින් එක් අයෙකු විය.[1] 11වන සහ 12වන සියවස් වන විට යුරෝපයෙහි එතුමාගේ අනුගාමිකයන් පුළුල් ලෙස පැතිර ගිය අතර එතුමා පිළිබඳ ජනප්‍රවාදය 13වන-සියවසෙහි ලෙගෙන්ඩා අවුරියා තුල පුනඃකථනය කර ඇත. ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමා යනු වන සතුන් පිළිබඳ සාන්තුවරයා වෙයි.
එතුමා, ආර්මේනියානු ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ නිකායෙහි අනුග්‍රාහක සාන්තුවරයා වෙයි. ඉතාලියෙහිදී එතුමා හැඳින්වෙන්නේ සන් බියාජෝ ලෙසිනි. ස්පාඥ්ඤ-කථාකරන රටවල, එතුමා හැඳින්වෙන්නේ සන් බ්ලාස් ලෙසින් වන අතර, එතුමාගේ නම විවිධ බොහෝ ස්ථාන නාම සඳහා භාවිතා කෙරෙයි (බලන්න සන් බ්ලාස්). පෘතුගාලයෙහි සහ බ්‍රසීලයෙහි ස්ථාන කිහිපයක් එතුමාගේ නම භාවිතා කරමින් නම් කර ඇති අතර, එහිදී එතුමා හැඳින්වෙන්නේ, සවෝ බ්රාස් ලෙසිනි (බලන්න සවෝ බ්රාස්).
බ්ලැක් ෆොරස්ට්හී ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ගේ පැරණි තාපසාරාමය සහ බල්ව දේවස්ථානය ඇතුළු බොහෝ ජර්මානු දේවස්ථාන, ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ට කැප කර ඇත.
ක්‍රොඒෂියාවෙහි
[සංස්කරණය]
ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමා (ක්‍රොඒෂියානු: Sveti Vlaho or Sveti Blaž) යනු, ඩුබ්රෝවින්ක් නගරයෙහි රැකවල් සාන්තුවරයා සහ පූර්වයෙහි, ස්වාධීන රගූසා සමූහාණ්ඩුවෙහි ආරක්ෂකයා විය. ඩුබ්රෝවින්ක් නගරයෙහිදී, එතුමාගේ මංගල්‍යය වාර්ෂිකව පැවැත්වෙන්නේ පෙබරවාරි 3 වනදා වන අතර, එහිදී සාන්තුවරයාගේ ශුද්ධ වස්තූන් වන එතුමාගේ හිස් කබල, එතුමාගේ උගුරෙන් සහ දකුණු හා වම් අත් වලින් අස්ථි කොටස් කරඬුවල බහා වීදි සංචාරය කෙරෙයි. [9] උත්සවයන් ඇරඹෙන්නේ පෙර දිනයෙහි එනම්, ඉටි පහන් දිව්‍ය යාගය මංගල්‍යය හා සමගින් වන අතර, එහිදී සුදු පරෙවියන් නිදහස් කෙරෙති.
ශ්‍රී ලංකාවෙහි
[සංස්කරණය]ශුද්ධවූ බ්ලාසියුස් මුනිඳුන්ට කැපකර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙව්මැදුර වන්නේ කොළඹ පදවියේ මොරටුව දිසාවේ කඩලාන මීසමට අයත් ඉහළ ඉඳිබැද්දේ කටුගස්තුඩුව ප්‍රදේශයෙහි පිහිටි ශුද්ධවූ බ්ලාසියුස් මුනි තුමන්ගේ දේවස්ථානයයි. ක්‍රි.ව. 1930 දී මෙම දේවස්ථාන භූමියේ ශු. බ්ලාසියුස් මුනිඳුන්ට කැපකල ප්‍රථම දෙව්මැදුර ඉදිවූ අතර ක්‍රි.ව. 1958 දී අද පවතින දෙව්මැදුර ඉදිකරන ලදී. අතීත කරුණු සොයායාමේදී ඉඳිබැද්ද සංඝයේ ඉතිහාසය ඊටත් වඩා දශක ගණනාවක් අතීතයට දිවෙන බැව් ඓතිහාසික සාධක මගින් සනාථ වේ. උගුරේ සහ කථනයේ ආබාධ සහිත වූවන්ට දිව්‍ය සුවය ලබා දීමට දෙවිඳුන් වෙතින් විශේෂ වරම් ලද්දා වූ මෙතුමා ශුද්ධවු සභාවේ රෝග පීඩාදිය සඳහා වූ විශේෂ ආරක්ශක මුනිවරුන් 14 දෙනා අතුරින් එක් අයෙකු වේ. ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණෙන සැදැහැවතුන් මෙතුමන්ගේ මැදිහත් පිහිට පතා මෙම දේවස්ථානය කරා පැමිනෙන්නේ එතුමන්ගේ මැදහත්කම තුල ලද දේව ආශිර්වාදයන් අපමණ නිසාවෙනි. [10]
පෙබරවාරි මස පළමුවන ඉරුදින සිය මංගල්‍ය පවත්වන ඉඳිබැද්ද දෙව්මැදුර, ගෞරවණීය ජේ.එච්.මැසනෝල් පියනමගේ පාලන සමයේ බිහිවිය.පාවුළු පෙරේරා මහතාගේ පළමු ඉඩම් කොටස් සහ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගි ගෞරවණීය ජේ. ට්‍රොන්සි පිය පාලන සමයේ විශ්මයාර්ථ ලෙස ඉදිකිරීම් නිමවන ලදී. වෛද්‍ය සි.එල්.එක්ස්.මුතුකුමරු,ටයිටස් ලිවේරා,එස්.සි.ප්‍රනාන්දු යන අයගේ නම් අතීත ඉඳිබැද්ද දෙව්මැදුර හා බද්ධව පවතී. [11]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b c Kirsch, ජොහාන් පීටර්. "සෙන්ට් බ්ලේස්" ද කැතලික් එන්සයික්ලොෆීඩියා. වෙළුම. 2. නිව්යෝර්ක්: රොබට් ඇපල්ටන් සමාගම, 1907. 3 පෙබරවාරි 2013
- ^ මාර්කෝ පෝලෝ, ට්‍රැවල්ස් ඔෆ් මාර්කෝ පෝලෝ, ද වෙනීෂියන් (1260-1295), I, පරි. 46.
- ^ විලියම් වුඩ්විල් රොක්හිල්, සංස්., tr.ද ජර්නි ඔෆ් විලියම් ඔෆ් රබ්රක් ටු ද ඊස්ටර්න් පාර්ට්ස් ඔෆ් ද වර්ල්ඩ්, 1253-55 1900:276.
- ^ a b "ලයිෆ් ඔෆ් සෙන්ට් බ්ලේස්, බිෂොප් ඇන්ඩ් මාටර්", කොලිජියෝ ඩි සැන්ටා කැටලිනා ඇලෙජැන්ඩ්‍රියා සංරක්ෂණය කළ පිටපත 2012-02-19 at the Wayback Machine
- ^ ෆෝලි ඕ.එෆ්.එම්., ලෙනාඩ්, "සෙන්ට් බ්ලේස්", සේන්ට් ඔෆ් ද ඩේ, ලයිව්ස්, ලෙසන්ස්, ඇන්ඩ් ෆීස්ට්ස්, (පැට් මැක්ක්ලෝස්නි ඕ.එෆ්.එම්. වීසින් සංශෝධනය කෙරිණි), ෆ්‍රැන්සිස්කන් මීඩියා ISBN 978-0-86716-887-7
- ^ වොලට්, ඊ. එච්., ග්‍රාන්ඩා ඔන්සික්ලෝෆිඩී s.v. බ්ලේස් (සේන්ට්); බිබිලියෝතේක්කා හේගියෝග්‍රෆියා ග්‍රායිකා "ඕක්ටාරියොම්" තුල ප්‍රකාශයට පත් කෙරුණු, 1969, 278, col. 665b.
- ^ "සෙන්ට් බ්ලේස්, මාටර්", ලයිව්ස් ඔෆ් සේන්ට්ස්, ජෝන් ජේ. ක්‍රෝලි සහ සමාගම, සංස්ථාපිත.
- ^ ලැටෝනා, මයික් (2022-01-31). "සෙන්ට් බ්ලේස් ත්‍රෝට් බ්ලෙසින්ස් ඔෆර් ෆිස්කල්, ස්පිරිචුවල් කොම්ෆර්ට්". කැතලික් කූරියර් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-08-12.
- ^ "සෙන්ට් බ්ලේස් ෆෙස්ටිවිටි - ඩුබ්රෝවින්ක්ස් ඩේ". tzdubrovnik.hr. සම්ප්‍රවේශය 2016-02-24.
- ^ https://www.facebook.com/stblaizeindibedda/
- ^ https://www.stanthonyskadalana.org/about/parishofindibedda