ශුද්ධවූ තාර්සියස් මුනිතුමා

විකිපීඩියා වෙතින්

අරක්ගත් ගත් මුණිවරයාණෝ :ප්‍රථම වරට සත්ප්‍රසාද ලබන දරුවන්ගේ

මංගල්‍ය දිනය:අගෝස්තු 15

ආයු කාලය: 3වන සියවස

රට හෝ ග්‍රාමය : රෝමය

1වන ශු.ඩැම්සියස් පාප්තුමා (366-384)ප්‍රාණ පරිත්‍යාගීවරුන්ට විශේෂ තැනක් දුන්හ.එසේම පිරිමි,ගැහැණු ,ළමා සාන්තුවරයන්ගේ විශ්වාසය ආදර්ශයක් ලෙස පෙන්වා දුන්හ. එතුමා ම ප්‍රාණ පරිත්‍යාගීවරුන් 60 දෙනෙකු ගැන විස්තර ලියූ අතර ශුද්ධවූ තාර්සියස් තුමා එතුමන්ලා අතර කෙනෙකු විය.මෙ⁣ම පාප්තුමාට අනුව ශු.තාර්සියස් තුමා පුජා සහයක නව යොවුන් වියේ දරුවෙක් විය.එහෙත් වයස සදහන් කර නොමැත.මෙම තේවාව පුජක දිවියට ඇතුළු වීම සදහා ලබන්නාවු එක් වරයකි.මෙතුමා සිරකදවුරු වල සිටින ක්‍රිස්තියානින් වෙත දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගෙන ගියේය.එකල එය ඉතා භයානක කාර්යයක් විය.නව යොවුන් වියේ දරුවෙකු වූ ඔහු ගැන රෝම හේවායින් සැක කරමින් පරීක්ෂා කරන්නට වන්හ. වරක් රෝම පවුරෙන් එපිට වූ අප්පියන් මාවතේ තාර්සියස් ගමන් කරන විට මිත්‍යා දුෂ්ටින් පිරිසක් මුණ ගැසින.එතුමා තම ඇදුම් වල සගවා ගෙන යමක් ගෙනයන බව සැක කළ ඔවුන් එය පෙන්වන ලෙස ඉල්ලීය .නැවත නැවත ඉල්ලුවද එතුමා එය ප්‍රතික්ෂේප කළේ තමා සිරකරුවන් සඳහා ගෙන යන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සුරැකිව තබා ගැනීම සඳහා ය.ඔවුන් ඔහුව මරණයට පත්කළ විට රෝමයේ විසු ක්‍රිස්තියානිවරු එතුමාව අප්පියා මාවතේ ඇති සා.කැලිස්ටස් කැටකුම්බ් එකේ භූමදාන කරන ලදී.සිය වසර ගණනකට පසුව දිව්‍ය සත්ප්‍රසාද වෙනුවෙන් පණදුන් එතුමාගේ ශු.ධාතු කැපිටෙ හී සා.සිල්වෙස්තර් දෙව්මැදුරට ගෙන එන ලදී.සමහරු ඔවුන්වහන්සේගේ අත් ඔවුන් පිට තබා ගනු පිණිස,තම ළදරුවන් පවා උන්වහන්සේ වෙත උන්වහන්සේ වෙත ගෙන ආවෝය .ශ්‍රාවකයන් ඒ දැක ඔවුනට තරවටු කළහ.එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමා වෙත කැඳවා ළදරුවන් මා වෙතට ගෙන එන්නට ඉඩ දෙන්න .ඔවුන් නොවළක්වන්න මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු වන්නී ය .ඇත්තෙන් ම මම ඔබට කියමි,යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් නොපිළිගන්නේ ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේය.(ලුක් 18:15-17)