Jump to content

ශීතාද රෝගය

විකිපීඩියා වෙතින්
ශීතාද රෝගය
වෙනත් නම්මෝලර්ගේ රෝගය, චීඩ්ල්ගේ රෝගය, ස්කර්විය, ශීතාදය[1] බාර්ලෝගේ රෝගය, හයිපොස්කෝර්බේමියාව,[1] විටමින් C ඌනතාවය
ස්කර්වික විදුරුමස්, ශීතාද (ස්කර්වි) රෝගයේ රෝග ලක්ෂණයකි. දත් අතර ත්‍රිකෝණාකාර හැඩැති ප්‍රදේශයේ විදුරුමස් වල රතු පැහැයක් පෙන්නුම් කරයි.
විශේෂඥතාවඅන්තරාසර්ග විද්‍යාව
රෝග ලක්ෂණදුර්වලතාවය, වෙහෙස දැනීම, හිසකෙස් වල වෙනස්කම්, අත් සහ පාදවල වේදනාව, විදුරුමස් රෝග, පහසුවෙන් ලේ ගැලීම[1][2]
හේතූන්විටමින් C ඌනතාවය[1]
අවදානම් සාධකමානසික ආබාධ, අසාමාන්‍ය ආහාර පුරුදු, මත්පැන්, තනිව ජීවත් වන මහලු අය, බඩවැල්වල අවශෝෂණය අඩාල වීම, කාන්දු පෙරීම[2]
රෝග විනිශ්චය ක්‍රමයරෝග ලක්ෂණ මත පදනම්ව[2]
ප්‍රතිකාරවිටමින් C අතිරේක[1]
සංඛ්‍යාතයකලාතුරකින්[2]

ශීතාද රෝගය නැතහොත් ස්කර්වි යනු විටමින් C (ඇස්කෝර්බික් අම්ලය) නොමැතිකම නිසා ඇතිවන රෝගයකි.[1] මෙම ඌනතාවයේ මුල් රෝග ලක්ෂණ ලෙස ශාරීරික දුර්වලතාවය, වෙහෙස දැනීම සහ අත් සහ පාදවල වේදනාව ඇති වේ.[1][2] ප්‍රතිකාර නොකළහොත් රතු රුධිර සෛල අඩුවීම, විදුරුමස් රෝග, හිසකෙස් වල වෙනස්කම් සහ සමෙන් ලේ ගැලීම සිදුවිය හැක.[1][3] ශීතාද රෝගය උත්සන්න වන විට තුවාල සුවවීම දුර්වල වීම, පෞරුෂ වෙනස්කම් සහ අවසානයේ ආසාදනයකින් හෝ ලේ ගැලීමකින් මරණයට පත්වීම සිදු විය හැකිය.[2]

ආහාර වේලෙහි විටමින් C ස්වල්පයක් හෝ සම්පූර්ණයෙන්ම නොමැති නම් අවම වශයෙන් මාසයක් ගත වන විට රෝග ලක්ෂණ ඇති වීම ආරම්භ වේ.[1][2] වර්තමානයේ, මෙම රෝගය බහුලව දක්නට ලැබෙන්නේ මානසික ආබාධ, අසාමාන්‍ය ආහාර පුරුදු, මත්පැන් වලට ඇබ්බැහි වූවන් සහ තනිව ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් තුළ ය.[2] අනෙකුත් අවදානම් සාධක අතරට බඩවැල් අවශෝෂණ දුර්වලතාවය සහ කාන්දු පෙරීම ඇතුළත් වේ.[2] බොහෝ සතුන් තමන්ගේම විටමින් C නිපදවුවද, මිනිසුන් සහ තවත් සතුන් කිහිප දෙනෙකු එසේ නොකරයි.[2] කොලජන් ගොඩනැගීමට විටමින් C අවශ්‍ය වේ.[2] රෝග විනිශ්චය සාමාන්‍යයෙන් භෞතික සංඥා, එක්ස් කිරණ සහ ප්‍රතිකාරයෙන් පසු දියුණුව සළකා බැලීම මත පදනම් වේ.[2]

ප්‍රතිකාරය වන්නේ මුඛයෙන් ගන්නා විටමින් C අතිරේකයන්ය.[1] ප්‍රතිකාර වලින් පසු යහපත් ප්‍රතිඵල බොහෝ විට දින කිහිපයකින් පෙන්වීම ආරම්භ වන අතර සති කිහිපයකින් සම්පූර්ණ සුවය ලබයි.[2] ආහාර වේලෙහි විටමින් C ප්‍රභවයන් අතර සිට්‍රස් (පැඟිරි) අඩංගු පලතුරු සහ රතු ගම්මිරිස්, බ්‍රොකොලි සහ අර්තාපල් වැනි එළවළු ගණනාවක් ඇතුළත් වේ.[2] ආහාර පිසීමේදී බොහෝ විට ආහාරවල විටමින් C අඩු වේ.[2]

ශීතාද රෝගය වර්තමානයේ දුර්ලභයි.[2] සංවර්ධනය වෙමින් පවතින රටවල මන්දපෝෂණය හා සම්බන්ධ වී මෙම රෝගය බොහෝ විට ඇති වේ.[2] සරණාගතයින් මෙම රෝගය වැළඳීමේ අනුපාතය සියයට 5 සිට 45 දක්වා බව වාර්තා වේ.[4] ශීතාද රෝගය පුරාණ ඊජිප්තුවේ කාලයේ සිටම විස්තර කර ඇත.[2] එය දිගු දුර මුහුදු ගමන් සඳහා සීමාකාරී සාධකයක් වූ අතර, බොහෝ විට විශාල පිරිසක් මිය ගියේය.[5] රුවල් නැව් යුගයේදී, නාවිකයින්ගෙන් සියයට 50 ක් දෙන ලද ගමනකදී ශීතාද රෝගයෙන් මිය යනු ඇතැයි උපකල්පනය කරන ලදී. 1753 දී පැඟිරි අඩංගු පලතුරු යොදාගෙන ශීතාද රෝගයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව ඔප්පු කිරීමේ ගෞරවය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ස්කොට්ලන්ත ශල්‍ය වෛද්‍ය ජේම්ස් ලින්ඩ්ට හිමි වේ.[6] කෙසේ වෙතත්, ගිල්බට් බ්ලේන් වැනි සෞඛ්‍ය ප්‍රතිසංස්කරණවාදීන් නාවිකයින්ට නිතිපතා ලෙමන් යුෂ ලබා දෙන ලෙස ඉල්ලා රාජකීය නාවික හමුදාව පෙළඹවීමට 1795 වසර දක්වා කල් ගත විය.[7][6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 8 9 10 "Scurvy". GARD. 1 September 2016. 26 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 September 2016."Scurvy". GARD. 1 September 2016. Archived from the original on 26 January 2017. Retrieved 26 September 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Agarwal, A; Shaharyar, A; Kumar, A; Bhat, MS; Mishra, M (June 2015). "Scurvy in pediatric age group - A disease often forgotten?". Journal of Clinical Orthopaedics and Trauma. 6 (2): 101–7. doi:10.1016/j.jcot.2014.12.003. PMC 4411344. PMID 25983516.Agarwal, A; Shaharyar, A; Kumar, A; Bhat, MS; Mishra, M (June 2015). "Scurvy in pediatric age group - A disease often forgotten?". Journal of Clinical Orthopaedics and Trauma. 6 (2): 101–7. doi:10.1016/j.jcot.2014.12.003. PMC 4411344. PMID 25983516.
  3. "Vitamin C". Office of Dietary Supplements (ඉංග්‍රීසි බසින්). 11 February 2016. 30 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 July 2017.
  4. Renzaho, Andre M. N. (2016). Globalisation, Migration and Health: Challenges and Opportunities (ඉංග්‍රීසි බසින්). World Scientific. p. 94. ISBN 978-1-78326-889-4. 8 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. Toler, Pamela D. (2012). Mankind: The Story of All of Us (ඉංග්‍රීසි බසින්). Running Press. p. 296. ISBN 978-0762447176. 8 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  6. 1 2 Hemilä, Harri (29 May 2012). "A Brief History of Vitamin C and its Deficiency, Scurvy". 9 July 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 May 2014.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "Distillations" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ශීතාද_රෝගය&oldid=791374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි