ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා වෙතින්
ශාන්තිනාථ දේවාලය
शान्तिनाथ मन्दिर
අතිශයින් නවීකරණය කළ ශාන්තිනාථ දේවාලය
ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම
ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ is located in ඉන්දියාව
ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ
ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°50′39″N 79°56′10″E / 24.844241°N 79.936022°E / 24.844241; 79.936022ඛණ්ඩාංක: 24°50′39″N 79°56′10″E / 24.844241°N 79.936022°E / 24.844241; 79.936022
අනුබැඳියාවජෛන ආගම
දේවතාවාශාන්තිනාථ
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව‍. 11වන සියවස

ශාන්තිනාථ දේවාලය (හෙවත් ශාන්තිනාථ මන්දිරය) යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි ජෛන දේවාලයකි. මෙය ජෛන තීර්ථංකර ශාන්තිනාථ වෙනුවෙන් පුදකොට ඇත.

ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේවාලය ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත.[1] මෙම දේවාලය ඇතුළු ඛජුරාහෝ ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස සැලකේ.

ඉතිහාසය[සංස්කරණය]

ශාන්තිනාථ දේවාලයේ ආදිනාථගේ ප්‍රතිමාවක පාදමෙහි ක්‍රි.ව. 1027-1028 අතර කාලයට අයත් අභිලේඛනය්ක දැකගත හැක. මෙම අභිලේඛනය වර්තමානයේ බදාමයට යට වී ඇත. මුල් දේවාලය අතිශයින් නවීකරණයට ලක්ව ඇති අතර, එය වර්තමානයේ ඛජුරාහෝවේ ප්‍රධාන ජෛන වන්දනා මධ්‍යස්ථානය ‍බවට පත්ව ඇත.[2]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

වර්තමානයේ දේවාල ව්‍යූහය තුළ නූතන නවීකරණයන් සිදුකොට තිබුණ ද, දේවාලයේ මධ්‍යය පැරණි ය.[2] එහි පැරණි ප්‍රතිමා තැන්පත් කළ වන්දනා කුටි සහිත දිගටි ගෘහයකින් සමන්විත ය.[3]

ප්‍රතිමා[සංස්කරණය]

දේවාලයේ ගර්භගෘහය තුළ 4.3 උසැති ශාන්තිනාථගේ ප්‍රතිමාවක් දක්නට ලැබේ.[3] 11වන සියවසට අයත් මීටර 4.5ක් උසැති ආදිනාථ ප්‍රතිමාවක් ඇතුළු පැරණි ජෛන ප්‍රතිමා ගණනාවක් මෙම දෙවොල තුළ දැකගත හැක.[2] ඉන් එක් කැටයමක දැක්වෙන මහාවීරගේ දෙමාපියන්ගේ රූ[3] කලාත්මක ගුණයෙන් පිරිපුන් ය.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2. {{cite book}}: Invalid |ref=harv (help)
  • "Santhinatha Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
  • "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.