ශ්‍රේණිය (ගණිතය)

විකිපීඩියා වෙතින්
(ශ්‍රේණිය (ගණිත) වෙතින් යළි-යොමු කරන ලදි)

ගණිතයේ දී බොහෝ විට පද අනුක්‍රමයක එකතුවක් ලෙස ශ්‍රේණියක් නිරූපණය කෙරේ. එනම් සංඛ්‍යා අතර එකතු කිරීමේ කර්මයන් යෙදී ඇති සංඛ්‍යා ලැයිස්තුවක් ලෙස ශ්‍රේණියක් නිරූපණය කළ හැක. උදාහරණයක් ලෙස පහත සමාන්තර අනුක්‍රමය ‍සලකන්න.

1 + 2 + 3 + 4 + 5 + ... + 99 + 100

අප සලකනු ලබන සියළු අවස්ථාවල පාහේ අනුක්‍රමයේ පද කිසියම් නියමයකට යටත්ව ජනනය කෙරේ. මේ සඳහා කිසියම් සූත්‍රයක් , ඇල්ගොරිතමයක්, මිනුම් අනුක්‍රමයක් හෝ ඇතැම් විට සසම්භාවී අංක ජනකයක් පවා භාවිතා විය හැක. ශ්‍රේණියක් පරිමිත හෝ අපරිමිත විය හැක. පරිමිත ශ්‍රේණියක් ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වීජ ගණිත ක්‍රම ප්‍රමාණවත් වන නමුදු අපරිමිත ශ්‍රේණියක් කිසියම් නිශ්චිත යෙදුමක් සඳහා යොදා ගත යුතු විටෙක ගණිතමය විශ්ලේෂණ ක්‍රමවේද භාවිතා කිරීමට සිදු වේ. ශ්‍රේණි සඳහා සරල උදාහරණ අතරට ලෙස ලිවිය හැකි, සමාන්තර ශ්‍රේඪියක ඓක්‍යයෙන් ලැබෙන සමාන්තර ශ්‍රේණි සහ ලෙස ලිවිය හැකි, ගුණෝත්තර ශ්‍රේඪියක ඓක්‍යයෙන් ලැබෙන ගුණෝත්තර ශ්‍රේණි යන ඒවා අයත් වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Series_%28mathematics%29

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රේණිය_(ගණිතය)&oldid=472682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි