ශ්‍රී සුභූති දහම්පාසල

විකිපීඩියා වෙතින්

ශ්‍රී සුභූති දහම්පාසල (1959 දෙසැම්බර් 19) වෙනිදා සුභීතිපුර බෞද්ධ සංගම් සමිති ශාලාවේ ආරම්භකලා. ශ්‍රී සුභූති දහම් පාසල ආරම්භ කිරීම සඳහා යෝජනා කලේ හෙලයේ මහා ගත්කතුවරයකු වූ මාටින් වික්‍රමසිංහ ශූරීන්. එම යෝජනාව ස්ථිර කලේ හෙලයේ මහා ගාන්ධර්වයාණන් ලෙස හැදින්වූ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව ශූරීන් විසින්. ඒ අනුව එවකට ශ්‍රී සුභූති බෞද්ධ සංගමයේ සභාපතිව සිටි ටී.පී.වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් දහම්පාසල ආරම්භ කලා. දහම් පාසල පවත්වාගෙය යාමේ වගකීම පැවරැණේ එවකට කීර්තිධර සමාජසේවකයකු වූ බී.ජී.ධර්මසේන මහතාටයි. එහෙත් ඔහු එම වගකීම තවත් සමාජයේ කීර්තිධර සමාජ සේවකයකු වූ ඩී.ඩී.එදිරිසිංහ මහතාට පවරා ඔහු එහි අතිරේඛ විදුහල්පති ලෙස ක්‍රියාකලා. ඒ අනුව 1959 දෙසැම්බර් 19 වෙනිදා කෝට්ටේ සෝමානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් දහම් පාසල ආරම්භ කලා. ආරම්භයේදී සිටියේ ළමුන් 40 දෙනෙකු පමණයි. ළමුන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමත් සමග ශ්‍රී සුභූති දහම්පාසල පසුව බත්තරමුල්ල ශ්‍රී සුභූති මධ්‍ය මහා විද්‍යාලය වෙත රැගෙන ආවා. ශ්‍රී සුභූති දහම් පාසල ප්‍රදේශයේ දහම් අධ්‍යාපනයේ සරු කෙතක් වූණා. එහි විදුහල්පතිවරයා ලෙස ඩී.ඩී.එදිරිසිංහ මහතා වසර 50 ක් ප්‍රදේශයේ දූ දරැවන්ගේ සදහම් නැණස පෑදීමට ක්‍රියා කලා. වසර 50 ක් හෙල දිවයිණට නෑණවත් ධාර්මික දරුකැලක් බිහිකල ශ්‍රී සුභූති දහම් පාසලේ විදුහල්පති ධූරය බන්දුල එදිරිසිංහ භාරගත්තේ 2010 වසරේදීයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_සුභූති_දහම්පාසල&oldid=426783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි