Jump to content

ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයේ දම්මුල්ල ග්‍රාමයේ බෙලිඅත්ත - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා දම්මුල්ල මංසන්ධියට ඉතාමත් නුදුරින් තරමක් උස් බිමක පිහිටා ඇති මෙම විහාරස්ථානය මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශවයට අයත් විහාරස්ථානයකි. විහාරස්ථානයට දකුණු දෙසින් සහ බටහිර දෙසින් ඉතා විශාල කෙත් යාය පිහිටා ඇති අතර පිටුපස රාමාඥ්ඥ මහා නිකායට අයත් ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය පිහිටා ඇත.

ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය
මූලික තොරතුරු
අනුබැඳියාවබෞද්ධ
පිළිවෙතථේරවාද
අංශයරෝහණ පාර්ශවය
දිස්ත්‍රික්කයහම්බන්තොට
පළාතදකුණු පළාත
රටශ්‍රී ලංකාව
නායකත්වයපූජ්‍ය මුරුතවෙල කස්සප හිමි
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියනව (වත්මන්)
ආදිකර්තෘපූජ්‍ය දම්මුල්ලේ සිද්ධාර්ථ හිමි
ස්ථාපිත දිනයක්‍රි.ව.1842

ඉතිහාසය

[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ 1842 දී පමණ ඓතිහාසික කහවත්ත රාජ මහා විහාරයේ විහාරවාසීව වැඩ විසූ පූජ්‍ය දම්මුල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් දම්මුල්ල ග්‍රාමයේ එවකට වාසය කළ ධානපතීන්ගේ සහ ගම්වැසියන්ගේ ආධාර උපකාරයෙන් ශ්‍රී සුධම්මදින්න විහාරය නමින් මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත. වර්ථමානය වන විට වසර 180 කටත් වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියනා දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය ඉතිහාසයේ සිටම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආගමික සහ සාමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ඉතාමත් වැදගත් මෙහෙ‍යක් ඉටු කළ විහාරස්ථානකි.

90 දශකයේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ලේල්වල වනරතන නාහිමියන් යනු එවකට මෙම ප්‍රදේශයේ සිටි ඉතාමත් දක්ෂ මෙන්ම ප්‍රවීණ අක්ෂි වෛද්‍යවරයෙකුව හෙයින් එම අක්ෂි වෙදකම සම්බන්ධවද එදා විහාරස්ථානය මහත් ප්‍රසිද්ධියක් උසුලා ඇත.

ආරම්භයේ පටන් දශක ගණනාවක් පුරාවට මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරස්ථානයක් ලෙස මහනුවර රාජපූජිත මල්වතු මහා විහාරය යටතේ පැවති මෙම දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය පසු කාලීනව මල්වතු පාර්ශවයෙන් වෙන්ව ස්වාධීන ලෙසට ස්ථාපිත කරනු ලැබූ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශවයට බැඳී එම පාර්ශවයට අයත් විහාරස්ථානයක් ලෙස යටත්ව පවතියි.

විහාරයේ විහාරාංග

[සංස්කරණය]

විහාරය ඉදිරිපසින් වළාකුළු බැම්ම ඉදිකොට ඇති අතර වළාකුළු බැම්ම පසුකොට පිවිසෙත්ම දාගැබ් වහන්සේ ඉදිකොට ඇත. එමෙන්ම බුද්ධ මන්දිරය, කතරගම විෂ්ණු උභය දේවාලය, බෝධිඝරය සහිත බෝධීන් වහන්සේ, විජයදාස රාජපක්ෂ ධර්ම මන්දිරය, දාන ශාලාව, ලේල්වල වනරතන පුස්තකාලය, ඝණ්ඨාර කුළුණ, ඉපැරණි සංඝාවාසය සහ නව දෙමහල් සංඝාවාසය යන විහාරයක් සමන්විත විය යුතු බොහෝ විහාර අංගයන්ගෙන් විහාරස්ථානය සමන්විතවේ.

වත්මන් දියුණුව

[සංස්කරණය]

මෙම විහාරස්ථානයේ දියුණුවේ ඇරඹුම සැලසුනේ විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ගාල්ලේ මණිරතන නාහිමියන් දවස සිටය. විහාරයේ වත්මන් විහාරාධිපති ධූරය හොබවන පූජ්‍ය මුරුතවෙල කස්සප නාහිමියන් විසින් මෙම විහාරස්ථානයේ වත්මන් දියුණුව තකා කටයුතු සිදු කරයි.

විහාරාධිපති ධූරාවලිය

[සංස්කරණය]

විහාරාධිපති දම්මුල්ලේ සිද්ධාර්ථ හිමි ( I ) විහාරාධිපති තාරපේරියේ පියදස්සි හිමි ( II ) විහාරාධිපති කහවත්තේ පියරතන හිමි ( III ) විහාරාධිපති බඹරැන්දේ ඉන්ද්‍රජෝති හිමි ( IV ) විහාරාධිපති ගාල්ලේ මණිරතන හිමි ( V ) විහාරාධිපති ලේල්වල වනරතන හිමි ( VI ) විහාරාධිපති මුරුතවෙල කස්සප හිමි ( VII )

දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයේ වත්මන් විහාරාධිපති ධූරය හොබවනු ලබන්නේ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශවයේ බටහිර ගිරුවාපත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක, බෙලිඅත්ත දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය සහ බෙලිඅත්ත කෝවිල්වත්ත ශ්‍රී අභිනවාරාම පුරාණ විහාරය යන විහාරාද්ව්‍යාධිපති, මාතර මුචලින්ද මහ පිරිවෙණේ විශ්‍රාමලත් පරිවේණාධිපති, සාම විනිසුරු, සරභඤ්ඤ විශාරද, ශාස්ත්‍රපති, කීර්ති ශ්‍රී වනරතනාභිධාන, පූජ්‍ය මුරුතවෙල කස්සප නායක මාහිමිපාණන් වහන්සේයි.

සඝ පරපුර

[සංස්කරණය]

රාජපූජිත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ එක් ශිෂ්‍ය රත්නයක් වන වටරක්ගොඩ ධම්මපාල නාහිමි මගින් ඓතිහාසික මුල්කිරිගල රාජ මහා විහාරය මූලික කොට ගෙන ව්‍යාප්ත වන ලද මුල්කිරිගල සඝ පරපුරෙන් පැවත එන ශ්‍රී සුධම්මදින්න විහාරීය සඝ පරපුර උගත් යතිවරුන් රැසක් වැඩ සිටි මහ සඝ පරපුරකි.

මුල්කිරිගල සඝ පරපුරෙන් පැවත එන ශ්‍රී සුධම්මදින්න විහාරීය සඝ පරපුර මෙසේය.

වැලිවිට සරණංකර සංජෝත්තමයන් වහන්සේමල්වතු මහා විහාරයසංඝරාජ පදවිය
වටරක්ගොඩ ධම්මපාල නාහිමිමුල්කිරිගල රාජ මහා විහාරයපරපුරේ ආදිකතෘ
නළගම මණිරතන හිමිකහවත්ත රාජ මහා විහාරයවිහාරාධිපති (I)
ගල්වැවේ සෝභිත හිමිකහවත්ත රාජ මහා විහාරයවිහාරාධිපති (II)
කහවත්තේ බුද්ධරක්ඛිත හිමිකහවත්ත රාජ මහා විහාරයවිහාරාධිපති (III)
දම්මුල්ලේ සිද්ධාර්ථ හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (I)
තාරපේරියේ පියදස්සි හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (II)
කහවත්තේ පියරතන හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (III)
බඹරැන්දේ ඉන්ද්‍රජෝති හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (IV)
ගාල්ලේ මණිරතන හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (V)
ලේල්වල වනරතන හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (VI)
ගල්වැවේ පුඥ්ඥරතන හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරවාසී
කදුරුපොකුණේ සීලවංස හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරවාසී
දම්මුල්ලේ පඥ්ඥාලෝක හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරවාසී
මුරුතවෙල කස්සප හිමිදම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයවිහාරාධිපති (VII)

අනුබද්ධිත ආයතන

[සංස්කරණය]

ශ්‍රී මණිරතන ධර්ම විද්‍යාලය

දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයට අනුබද්ධිත ආයතනයක් වශයෙන් ශ්‍රී මණිරතන ධර්ම විද්‍යාලය පවත්වා ගෙන යනු ලබන අතර මෙය විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ගාල්ලේ මණිරතන නාහිමියන් අනුස්මරණය වීම පිණිස උන් වහන්සේගේ නමින් 2003 වසරේ විහාරාධිපති පූජ්‍ය මුරුතවෙල කස්සප නාහිමියන් විසින් ආරම්භ කොට ඇත. වර්ථමානය වන විට විහාරාධිපති පූජ්‍ය මුරුතවෙල කස්සප නාහිමියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේත් විහාරාධිකාරී පූජ්‍ය බෝවල පදුම හිමියන්ගේ ප්‍රධාන අචාර්‍යත්වය යටතේත් විස්සකට ආසන්න ආචාර්‍ය මණ්ඩලයේ ඉගැන්වීම් කටයුතු මත දෙසීයකට ආසන්න දරු දැරියන් පිරිසක් ශ්‍රී මණිරතන ධර්ම විද්‍යාලය මගින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරනු ලැබෙයි.

ප්‍රධාන මූලාශ්‍ර

[සංස්කරණය]