Jump to content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය, 2025 වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025
ශ්‍රී ලංකාව
 2024 6 මැයි 2025

පළාත් පාලන ආයතන 339ක්
(මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක්)
ලියාපදිංචි ඡන්දදායකයින්17,296,330[1]
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය තෙවන පක්ෂය
 
නායකයා අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ
පක්ෂය ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අවසන් මැතිවරණය 5.75%,
පළාත් පාලන ආයතන 0[a]
නැත[b] 40.47%,
පළාත් පාලන ආයතන 231
පෙර තිබූ ආසන 434 නැත 3,436
දිනා ගත් ආසන 3,927 1,767 742
ආසන වෙනස Increase 3,493 Increase 1,767 2,694
ජනප්‍රිය ඡන්ද 4,503,930 2,258,480 954,517
ප්‍රතිශතය 43.26% 21.69% 9.17%
වෙනස්වීම Increase 37.51 pp Increase 21.69 pp 31.30 pp

  සතරවන පක්ෂය පස්වන පක්ෂය හයවන පක්ෂය
 
ITAK
නායකයා රනිල් වික්‍රමසිංහ එස්. ශිවඥානම් අනුර ප්‍රියදර්ශන යාපා
පක්ෂය එක්සත් ජාතික පක්ෂය ඉලංගෙයි තමිළ් අරසු කච්චි පොදු ජන එක්සත් පෙරමුණ
අවසන් මැතිවරණය 29.42%,
පළාත් පාලන ආයතන 34[c]
2.73%,
පළාත් පාලන ආයතන 41[d]
12.10%,
පළාත් පාලන ආයතන 9[e]
පෙර තිබූ ආසන 2,433 417 1,048
දිනා ගත් ආසන 381 377 300
ආසන වෙනස 2,052 40 748
ජනප්‍රිය ඡන්ද 488,406 307,657 387,098
ප්‍රතිශතය 4.69% 2.96% 3.72%
වෙනස්වීම 24.73 pp Increase 0.23 pp 8.38 pp

ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය, 2025 යනු, ශ්‍රී ලංකාවෙහි 17 වන පළාත් පාලන මැතිවරණය වෙයි. මෙම ඡන්ද විමසීමෙන් වසර 4ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත.[2] 2025 මාර්තු 17 සිට මාර්තු 20 දක්වා නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2025 මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතය.[3] පළාත් පාලන ආයතන 336කට සභිකයින් තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදුසුකම් ලබයි.[4]

පසුබිම

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2018 වසරේදීය. එහිදී අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්විය.[5]

එම පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර, ඔහුගේ සොහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ 2020 වසරේ පැවති මහ මැතිවරණයද ජයග්‍රහණය කළේය.[6][7] ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය බවට පත්වුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය, දරුණු ආර්ථික අර්බුදය ඇතුළු සමාජීය, දේශපාලනික සහ පරිපාලනමය අභියෝගවලට මුහුණ දීමට සිදු විය.[8] මෙම අභියෝග හේතුවෙන් 2022 වසරේදී දිවයින පුරා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට හෝ අරගලයකට තුඩු දුන් අතර මෙරට දේශපාලනික අර්බුදයකට ලක්විය.[9]

එල්ලවූ මහජන විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ රටින් පළා ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර මහින්ද රාජපක්ෂ ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඔහු වැඩබලන ජනාධිපතිධුරයටට පත්විය.[10] ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා 2022 ජූලි 21 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ ඡන්ද විමසීමකදී, රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.[11]

2024 සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කරමින් ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්විය.[12] ඉන්පසු පැවති මහ මැතිවරණයේදී, ජාතික ජන බලවේගය ආසන 159ක් සහ ඡන්ද 61.56%ක් ලබා ගනිමින් අති බහුතරයක් දිනා ගැනීමට සමත්විය.[13] ඒ හේතුවෙන් ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය බවට පත්වනු ඇත.[14]

ඡන්ද විමසීම කල් දැමීම

[සංස්කරණය]

මෙම පළාත් පාලන මැතිවරණය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේදීය. කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැතිවරණය කල් දමන ලදී.[2] ඡන්දය නැවතත් කල් දමා බවට ඇති චෝදනා නොදැකමින්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව 2023 වසරේ මාර්තු 9 වැනිදා පවත්වන දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.[15]

2023 පෙබරවාරි 13 වැනිදා රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ සම්පූර්ණ පිරිවැය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නොහැකි වනු ඇති බවයි.[16] එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දිනයක් නොමැතිව කල් දැමීමට සිදුවිය. පෙබරවාරි අග වන විට, මේ මැතිවරණය සඳහා රජය මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රසම්පාදන ලබා දී නොතිබූ බැවින් මැතිවරණය නොපවත්වනු ඇතැයි සැකයක් පැවතුනි. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මුදල් නොමැතිකම හේතුවෙන් මැතිවරණය නොපැවැත්විය යුතු බව එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.[17] 2023 පෙබරවාරි 24 වැනිදා, මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අතර, පළමුව එම වසරේ අප්‍රේල් 25 වැනිදාට නැවත මැතිවරණය නියම කළ නමුත් පසුව ඡන්දය නැවතත් කල් දැමීය.[18][19]

නීතිමය පියවර

[සංස්කරණය]

2024 අගෝස්තු 22 වැනිදා, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියම කළ පරිදි නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ එවක මුදල් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.[20]

2024 දෙසැම්බර් 3 වැනිදා, 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවනු ලැබූ නාමයෝජනා ආපසු කැඳවීම පිණිස ලැබුණු නාමයෝජනා අවලංගු කර නව නාමයෝජනා කැඳවීම සඳහා විශේෂ පනත් කෙටුම්පත සකස් කර ගැනීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.[21] මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 1 වැනිදා ගැසට් කර අතර 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.[22]

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් ඇතුළු පාර්ශ්ව විසින් පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය 2025 ජනවාරි 27 වැනිදා පෙත්සම් විභාගය අවසන් කරමින් එහි තීන්දුව කථානායක ජගත් වික්‍රමරත්නට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළේය.[23] 2025 පෙබරවාරි 14 වැනිදා, කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය බලාත්මක කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය වන බවත් එහි තීන්දුව සඳහන් කළේය.[24] මෙම පනත් කෙටුම්පත 2025 පෙබරවාරි 17 වැනිදා විවාදයට ගෙන සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් සම්මත විය.[25] එදිනම කථානායක ජගත් වික්‍රමරත්න පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක විය.[26]

2025 පෙබරවාරි 17 වැනිදා, පළාත් පාලන ආයතන 337 ක ධුර කාලය 2025 ජුනි 2 වැනිදා සිට ආරම්භ කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.[14] පළාත් පාලන ආයතන 337ට මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක් ද ඇතුළත් වේ.[27]

2025 මාර්තු 3 වැනිදා, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමිසම සඳහා නාමයෝජනා භාරගැනීමේ කාලය 2025 මාර්තු 17 සිට 2025 මාර්තු 20 වැනිදා පස්වරු 12:00 දක්වා පිළිගනු ලබන බවයි. අංක 2424/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති පරිදි, පළාත් පාලන ආයතන 337ක් සඳහා නාමයෝජනා පිළිගනු ලැබේ. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් කල්ගිය, කල්මුණේ මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය, මන්නාරම, පුනාකරි යන ප්‍රාදේශිය සභා සදහා 2025 මාර්තු 10 වන දින නාමයෝජනා භාරගත් අතර ඒ්වායේ ඡන්දයද 2025 මැයි 06 පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කලහ.[28] නමුත් ඇල්පිටිය යන ප්‍රාදේශීය සභා සඳහා මැතිවරණ කලින් පැවැත්විය.[29]

මැතිවරණ කාල රාමුව

[සංස්කරණය]
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ විශේෂ දිනයන්
දිනයදවසසිදුවීමමූලාශ්‍ර
2024 සැප්තැම්බර් 21 සෙනසුරාදා 2024 ජනාධිපතිවරණය: ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි. [30]
2024 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා 2024 මහ මැතිවරණය: ජාතික ජන බලවේගය අති බහුතරයක් දිනා ගනිමින්, ආසන 159ක් සහ ඡන්ද 61.56%ක් ලබා ගැනියි. [13]
2025 මාර්තු 3–19 සඳුදා සිට බදාදා දක්වා ඇප තැන්පත් කිරීමේ කාලය. [29][31]
[32]
2025 මාර්තු 17–20 සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා නාමයෝජනා භාර ගැනීමේ කාලය. [29][31]
[33]
2025 මැයි 6 අඟහරුවාදා මැතිවරණය පැවැත්වෙන දිනය. [3][34]
[35]
2025 ජූනි 2 සඳුදා පළාත් පාලන ආයතන 337ක් (මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක්) සඳහා නිල කාලය ආරම්භ වන දිනය. [14][36]

ඡන්ද ක්‍රමය

[සංස්කරණය]

2012 අංක 22 දරන, 2016 අංක 1 දරන සහ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත්වල දක්වා ඇති පරිදි, මිශ්‍ර සමානුපාතික ක්‍රමය භාවිතා කරමින් පළාත් පාලන ආයතන මැතිවරණ පවත්වනු ලැබේ. ඒනම් 60% ක් කොට්ඨාශ වලින් ද (තනි-මන්ත්‍රී සහ බහු-මන්ත්‍රී යන දෙකම) සහ 40% ක් සමානුපාතික නියෝජනය ලැයිස්තු වලින්ද වන ආකාරයටයි. සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සංඛ්‍යාව නිර්වචනය කර ඇති අතර, එම විස්තර ගැසට් මගින් (2015 අගෝස්තු 21 දින අංක 1928/26 සහ 2017 පෙබරවාරි 17 දින අංක 2006/44) ප්‍රකාශයට පත් කර ඇත.

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතු අතර, එමඟින් මුළු අපේක්ෂක සංඛ්‍යාව පළාත් පාලන ආයතනයේ අවශ්‍ය සාමාජිකත්වයට සමාන විය යුතුය. ඊට අමතරව, සමානුපාතික ලැයිස්තුවට අමතර අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළත් විය යුතුය.[37]

කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා, තේරී පත් වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් 10%ක් කාන්තාවන් විය යුතු අතර, එය කොට්ඨාශ සහ සමානුපාතික ක්‍රම දෙකෙහිම බෙදා හරිනු ලැබේ. තරුණ නියෝජනය මුලින් 25%ක් ලෙස නියම කරන ලද අතර පසුව එය 30% දක්වා වැඩි කරන ලදී, නමුත් එය අනිවාර්ය කර නොමැත.[37]

2025 දී, මැතිවරණ කොමිසම නාමයෝජනා ලැයිස්තු වල තරුණ නියෝජනය 25% ඉක්මවිය යුතු බවට නියෝග කළේය. කොට්ඨාශ මට්ටමේ නාමයෝජනා ලැයිස්තු වල අවම වශයෙන් කාන්තා අපේක්ෂකයින් 25% ක් ඇතුළත් වන බව දේශපාලන පක්ෂ සහතික කළ යුතු අතර, සමානුපාතික නාමයෝජනා ලැයිස්තු වල කාන්තා නියෝජනය 50% ක් තිබිය යුතුය.[38]

2025 මාර්තු 1 වන දින මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක මගින්, එක් එක් පළාත් පාලන ආයතනය සඳහා නම් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව, පළමු සහ දෙවන නාමයෝජනා පත්‍රවල අවශ්‍ය නාමයෝජනා, තැන්පතු මුදල් සහ අවම කාන්තා සහ තරුණ අපේක්ෂකයින් සංඛ්‍යාව විස්තර කර ඇත. 25% ක නියෝජනයක් පවත්වා ගැනීම සඳහා සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම තෝරා පත් කර ගත යුතු කාන්තා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද එහි සඳහන් කර ඇත.[39]

පළාත් පාලන ආයතන ලැයිස්තුව

[සංස්කරණය]

මැතිවරණ කොමිසම මගින් නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඇති පලාත් පාලන ආයතන ලැයිස්තුව.[39]

කොළඹ දිස්ත්‍රික්කය

[සංස්කරණය]
කොළඹ දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
කොළඹ මහනගර සභාව47113
දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව2751
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව2138
කඩුවෙල මහනගර සභාව2849
මොරටුව මහනගර සභාව2951
කොලොන්නාව නගර සභාව921
සීතාවකපුර නගර සභාව1226
මහරගම නගර සභාව2544
කැස්බෑව නගර සභාව2039
බොරැලස්ගමුව නගර සභාව1019
කොටිකාවත්ත ප්‍රාදේශිය සභාව2139
සීතාවක ප්‍රාදේශිය සභාව2646
හෝමාගම ප්‍රාදේශිය සභාව2849
සමස්ත303582

ගම්පහ දිස්ත්‍රික්කය

[සංස්කරණය]
ගම්පහ දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
මීගමුව මහනගර සභාව2951
ගම්පහ මහනගර සභාව1731
වත්තල-මාබෝල නගර සභාව619
කටුනායක-සීදුව නගර සභාව1131
මිනුවන්ගොඩ නගර සභාව818
ජා-ඇල නගර සභාව919
පෑලියගොඩ නගර සභාව1019
වත්තල ප්‍රාදේශිය සභාව2138
කටාන ප්‍රාදේශිය සභාව2444
දිවුලපිටිය ප්‍රාදේශිය සභාව2646
මීරිගම ප්‍රාදේශිය සභාව2951
මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාව2849
අත්තනගල්ල ප්‍රාදේශිය සභාව2553
ගම්පහ ප්‍රාදේශිය සභාව2239
ජා-ඇල ප්‍රාදේශිය සභාව2646
මහර ප්‍රාදේශිය සභාව3258
දොම්පේ ප්‍රාදේශිය සභාව2544
බියගම ප්‍රාදේශිය සභාව3256
කැලණිය ප්‍රාදේශිය සභාව2343
සමස්ත403745

කළුතර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
කළුතර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
කළුතර මහනගර සභාව1934
පානදුර නගර සභාව1019
හොරණ නගර සභාව714
බේරුවල නගර සභාව919
පානදුර ප්‍රාදේශීය සභාව2649
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව2036
හොරණ ප්‍රාදේශීය සභාව2953
මදුරාවල ප්‍රාදේශීය සභාව918
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව1428
මතුගම ප්‍රාදේශීය සභාව1936
දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව1326
කළුතර ප්‍රාදේශීය සභාව1934
බේරුවල ප්‍රාදේශීය සභාව2344
පාලින්දනුවර ප්‍රාදේශීය සභාව1326
අගලවත්ත ප්‍රාදේශීය සභාව1223
වලල්ලාවිට ප්‍රාදේශීය සභාව1426
මිල්ලනිය ප්‍රාදේශීය සභාව1223
සමස්ත268507

මහනුවර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මහනුවර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
මහනුවර මහනගර සභාව2244
වත්තේගම නගර සභාව918
කඩුගන්නාව නගර සභාව918
ගම්පොළ නගර සභාව1731
නාවලපිටිය නගර සභාව918
තුම්පනේ ප්‍රාදේශිය සභාව1833
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව2239
අකුරණ ප්‍රාදේශිය සභාව1733
පූජාපිටිය ප්‍රාදේශිය සභාව1731
පාතදුම්බර ප්‍රාදේශිය සභාව1833
පන්විල ප්‍රාදේශිය සභාව1019
උඩුදුම්බර ප්‍රාදේශිය සභාව1019
මිනිපේ ප්‍රාදේශිය සභාව1324
මැදදුම්බර ප්‍රාදේශිය සභාව1934
කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාව2444
පාතහේවාහැට ප්‍රාදේශිය සභාව2344
මහනුවර කඩවත් සතර සහ ගගවට කෝරලය ප්‍රාදේශිය සභාව1324
යටිනුවර ප්‍රාදේශිය සභාව2646
උඩුනුවර ප්‍රාදේශිය සභාව2341
උඩපලාත ප්‍රාදේශිය සභාව2546
ගඟ ඉහල කෝරලය ප්‍රාදේශිය සභාව1324
පස්බාගේ කෝරලය ප්‍රාදේශිය සභාව1123
සමස්ත368686

මාතලේ දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මාතලේ දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
දඹුල්ල මහනගර සභාව1224
මාතලේ මහනගර සභාව1124
පල්ලේපොල ප්‍රාදේශිය සභාව1019
ගලේවෙල ප්‍රාදේශිය සභාව1731
දඹුල්ල ප්‍රාදේශිය සභාව1629
අඹන්ගඟ කෝරලය ප්‍රාදේශිය සභාව919
නාවුල ප්‍රාදේශිය සභාව1019
ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය සභාව1019
විල්ගමුව ප්‍රාදේශිය සභාව1019
මාතලේ ප්‍රාදේශිය සභාව1633
යටවත්ත ප්‍රාදේශිය සභාව1019
උකුවෙල ප්‍රාදේශිය සභාව1629
රත්තොට ප්‍රාදේශිය සභාව1528
සමස්ත162312

නුවරඒළිය දිස්ත්‍රික්කය

[සංස්කරණය]
නුවරඒළිය දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
නුවරඒළිය මහනගර සභාව924
හැටන් - දික්ඔය නගර සභාව618
තලවාකැලේ - ලිඳුල නගර සභාව514
මස්කෙලිය ප්‍රාදේශිය සභාව1019
නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව1223
අඹගමුව ප්‍රාදේශිය සභාව1324
ආගරපතන ප්‍රාදේශිය සභාව918
කොටගල ප්‍රාදේශිය සභාව1019
නුවරඒළිය ප්‍රාදේශිය සභාව1426
කොත්මලේ ප්‍රාදේශිය සභාව2856
හඟුරන්කෙත ප්‍රාදේශිය සභාව2443
වලපනේ ප්‍රාදේශිය සභාව2858
සමස්ත168342

ගාල්ල දිස්ත්‍රික්කය

[සංස්කරණය]
ගාල්ල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
ගාල්ල මහනගර සභාව2038
අම්බලන්ගොඩ නගර සභාව1223
හික්කඩුව නගර සභාව1121
බලපිටිය ප්‍රාදේශිය සභාව1934
අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව1223
වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශිය සභාව918
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව
කරන්දෙණිය ප්‍රාදේශිය සභාව1223
බෙන්තොට ප්‍රාදේශිය සභාව1324
නෙළුව ප්‍රාදේශිය සභාව1019
තවලම ප්‍රාදේශිය සභාව1019
නාගොඩ ප්‍රාදේශිය සභාව1528
නියාගම ප්‍රාදේශිය සභාව1019
බද්දේගම ප්‍රාදේශිය සභාව1934
යක්කලමුල්ල ප්‍රාදේශිය සභාව1223
රත්ගම ප්‍රාදේශිය සභාව1731
අක්මීමන ප්‍රාදේශිය සභාව1529
බෝපේ-පෝද්දල ප්‍රාදේශිය සභාව1223
ඉමදුව ප්‍රාදේශිය සභාව1019
හබරාදුව ප්‍රාදේශිය සභාව1528
සමස්ත253476

මාතර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මාතර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
මාතර මහනගර සභාව1731
වැලිගම නගර සභාව1121
පිටබැද්දර ප්‍රාදේශිය සභාව1223
කොටපොල ප්‍රාදේශිය සභාව1326
කිරින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාව714
මුලටියන ප්‍රාදේශිය සභාව1324
පස්ගොඩ ප්‍රාදේශිය සභාව1629
අතුරළිය ප්‍රාදේශිය සභාව1019
අකුරැස්ස ප්‍රාදේශිය සභාව1429
මාලිම්බඩ ප්‍රාදේශිය සභාව1019
හක්මන ප්‍රාදේශිය සභාව919
කඹුරුපිටිය ප්‍රාදේශිය සභාව1019
තිහගොඩ ප්‍රාදේශිය සභාව1019
දෙවිනුවර ප්‍රාදේශිය සභාව1223
දික්වැල්ල ප්‍රාදේශිය සභාව1629
මාතර ප්‍රාදේශිය සභාව1731
වැලිගම ප්‍රාදේශිය සභාව2544
සමස්ත222416

හම්බන්තොට දිස්ත්‍රික්කය

[සංස්කරණය]
හම්බන්තොට දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
හම්බන්තොට මහනගර සභාව1024
තංගල්ල නගර සභාව821
වීරකැටිය ප්‍රාදේශිය සභාව2038
කටුවන ප්‍රාදේශිය සභාව1731
බෙලි අත්ත ප්‍රාදේශිය සභාව1629
තංගල්ල ප්‍රාදේශිය සභාව1629
අගුණුකොලපැලැස්ස ප්‍රාදේශිය සභාව1121
අම්බලන්තොට ප්‍රාදේශිය සභාව1833
තිස්සමහාරාම ප්‍රාදේශිය සභාව1324
සූරියවැව ප්‍රාදේශිය සභාව613
හම්බන්තොට ප්‍රාදේශිය සභාව816
ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාව1019
සමස්ත153298

යාපනය දිස්ත්‍රික්කය

[සංස්කරණය]
යාපනය දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
යාපනය මහනගර සභාව2748
වැල්වෙටිතුරෙයි නගර සභාව918
පේදුර තුඩුව නගර සභාව918
චාවකච්චේරි නගර සභාව1121
කරෙයිනගර් ප්‍රාදේශිය සභාව613
කයිට්ස් ප්‍රාදේශිය සභාව816
ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාව816
වෙලනායි ප්‍රාදේශිය සභාව1223
වලිකාමම් බටහිර ප්‍රාදේශිය සභාව1528
වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාව2138
වලිකාමම් නිරිත ප්‍රාදේශිය සභාව1731
වලිකාමම් දකුණ ප්‍රාදේශිය සභාව1833
වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාව2239
වඩමාරච්චි ප්‍රාදේශිය සභාව1934
පේදුර තුඩුව ප්‍රාදේශිය සභාව1223
චාවකච්චේරි ප්‍රාදේශිය සභාව1731
නල්ලූර් ප්‍රාදේශිය සභාව1223
සමස්ත243453

මන්නාරම දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මන්නාරම දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
මන්නාරම නගර සභාව718
නානාට්ටාන් ප්‍රාදේශිය සභාව819
මූසලී ප්‍රාදේශිය සභාව1019
මාන්තෙයි බටහිර ප්‍රාදේශිය සභාව1124
සමස්ත3680

වව්නියාව දිස්ත්‍රික්කය

[සංස්කරණය]
වව්නියාව දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
වව්නියාව මහනගර සභාව1023
වව්නියාව උතුර ප්‍රාදේශිය සභාව1426
වෙංගලසෙට්ටිකුලම් ප්‍රාදේශිය සභාව1021
වව්නියාව දකුණ දමිල ප්‍රාදේශිය සභාව1329
වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාව919
සමස්ත368686

මුලතිව් දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මුලතිව් දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය සභාව816
තුණුක්කායි ප්‍රාදේශිය සභාව816
පුදුකුඩිරිප්පු ප්‍රාදේශිය සභාව1223
මාරිටිමේපත්තු ප්‍රාදේශිය සභාව1324
සමස්ත4179

කිලිනොච්චි දිස්ත්‍රික්කය

[සංස්කරණය]
කිලිනොච්චි දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
පච්චිලායිපල්ලි ප්‍රාදේශිය සභාව816
කරච්චි ප්‍රාදේශිය සභාව2138
සමස්ත2954

මඩකලපුව දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මඩකලපුව දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
මඩකලපුව මහනගර සභාව2036
ඒරාවුර් නගර සභාව1019
කාත්තන්කුඩි නගර සභාව1019
කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාව1121
ඒරාවුර් පත්තු ප්‍රාදේශිය සභාව1833
කෝරලේපත්තු ප්‍රාදේශිය සභාව1426
කෝරලේපත්තු උතුර ප්‍රාදේශිය සභාව1021
මංමුණෙයි දකුණ සහ ඒරාවුර් පත්තු ප්‍රාදේශිය සභාව1123
මංමුණෙයි ප්‍රාදේශිය සභාව1019
මංමුණෙයි බටහිර ප්‍රාදේශිය සභාව1019
මංමුණෙයි නිරිත ප්‍රාදේශිය සභාව1019
පෝරතිව්පත්තු ප්‍රාදේශිය සභාව1019
සමස්ත144274

අම්පාර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
අම්පාර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
අක්කරෙයිපත්තු මහනගර සභාව1223
අම්පාර නගර සභාව1019
දමන ප්‍රාදේශිය සභාව1019
උහන ප්‍රාදේශිය සභාව1731
මහඔය ප්‍රාදේශිය සභාව1121
නාමල්ඔය ප්‍රාදේශිය සභාව1019
පදියතලාව ප්‍රාදේශිය සභාව1223
නවිතාවේලි ප්‍රාදේශිය සභාව716
සමන්තුරෙයි ප්‍රාදේශිය සභාව1023
ඉරකාමම් ප්‍රාදේශිය සභාව716
අක්කරෙයිපත්තු ප්‍රාදේශිය සභාව511
පොතුවිල් ප්‍රාදේශිය සභාව1223
අඩාලච්චේන ප්‍රාදේශිය සභාව1121
අලයාදිවෙම්බු ප්‍රාදේශිය සභාව1019
ලාහුගල ප්‍රාදේශිය සභාව1121
කරෙයිතිවු ප්‍රාදේශිය සභාව714
නින්දවුර් ප්‍රාදේශිය සභාව816
තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභාව1019
සමස්ත180354

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

[සංස්කරණය]
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
ත්‍රිකුණාමලය මහනගර සභාව1228
කින්නියා නගර සභාව816
වේරුගල් ප්‍රාදේශිය සභාව816
සේරුවිල ප්‍රාදේශිය සභාව1019
කන්තලේ ප්‍රාදේශිය සභාව1324
මොරවැව ප්‍රාදේශිය සභාව919
ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාව1019
පදවිය - ශ්‍රී පුර ප්‍රාදේශිය සභාව1019
ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සභාව821
කුච්චවේලි ප්‍රාදේශිය සභාව1019
තඹලගමුව ප්‍රාදේශිය සභාව1019
මූතුර් ප්‍රාදේශිය සභාව1324
කින්නියා ප්‍රාදේශිය සභාව816
සමස්ත129259

කුරුණෑගල දිස්ත්‍රික්කය

[සංස්කරණය]
කුරුණෑගල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
කුරුණෑගල මහනගර සභාව1324
කුලියාපිටිය නගර සභාව919
ගිරිබාව ප්‍රාදේශිය සභාව1019
ගල්ගමුව ප්‍රාදේශිය සභාව1934
පොල්පිතිගම ප්‍රාදේශිය සභාව1833
නිකවැරටිය ප්‍රාදේශිය සභාව2138
කොබෙයිගනේ ප්‍රාදේශිය සභාව1019
මහව ප්‍රාදේශිය සභාව1936
ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාව2544
වාරියපොල ප්‍රාදේශිය සභාව2341
පඩුවස්නුවර ප්‍රාදේශිය සභාව2239
බිංගිරිය ප්‍රාදේශිය සභාව1324
උඩුබද්දාව ප්‍රාදේශිය සභාව1121
පන්නල ප්‍රාදේශිය සභාව2444
කුලියාපිටිය ප්‍රාදේශිය සභාව2544
අලව්ව ප්‍රාදේශිය සභාව1528
නාරම්මල ප්‍රාදේශිය සභාව1123
පොල්ගහවෙල ප්‍රාදේශිය සභාව2241
කුරුණෑගල ප්‍රාදේශිය සභාව2544
මාවතගම ප්‍රාදේශිය සභාව1629
රිදීගම ප්‍රාදේශිය සභාව2239
සමස්ත378683

පුත්තලම දිස්ත්‍රික්කය

[සංස්කරණය]
පුත්තලම දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
පුත්තලම මහනගර සභාව1121
හලාවත නගර සභාව1223
කල්පිටිය ප්‍රාදේශිය සභාව1734
පුත්තලම ප්‍රාදේශිය සභාව1426
වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාව1121
කරුවලගස්වැව ප්‍රාදේශිය සභාව1121
නවගත්තේගම ප්‍රාදේශිය සභාව918
ආණමඩුව ප්‍රාදේශිය සභාව1833
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාව1224
හලාවත ප්‍රාදේශිය සභාව1834
නාත්තන්ඩිය ප්‍රාදේශිය සභාව2443
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව2544
සමස්ත182342

අනුරාධපුර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
අනුරාධපුර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
අනුරාධපුර මහනගර සභාව1428
මැදවච්චිය ප්‍රාදේශිය සභාව1223
රඹෑව ප්‍රාදේශිය සභාව1121
කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව1021
පදවිය ප්‍රාදේශිය සභාව1019
කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාව1019
හොරොව්පතාන ප්‍රාදේශිය සභාව1223
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය සභාව1121
තලාව ප්‍රාදේශිය සභාව2036
නුවරගම්පලාත නැගෙනහිර ප්‍රාදේශිය සභාව1121
නුවරගම්පලාත මධ්‍යම ප්‍රාදේශිය සභාව1629
නොච්චියාගම ප්‍රාදේශිය සභාව1223
රාජාංගනය ප්‍රාදේශිය සභාව1019
ගල්නෑව ප්‍රාදේශිය සභාව1019
ඉපලෝගම ප්‍රාදේශිය සභාව1019
මිහින්තලේ ප්‍රාදේශිය සභාව1019
තිරිප්පනේ ප්‍රාදේශිය සභාව1019
කැකිරාව ප්‍රාදේශිය සභාව1631
පලාගල ප්‍රාදේශිය සභාව1019
සමස්ත225429

පොලොන්නරුව දිස්ත්‍රික්කය

[සංස්කරණය]
පොලොන්නරුව දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
පොලොන්නරුව මහනගර සභාව513
ඇලහැර ප්‍රාදේශිය සභාව1019
හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාව2036
මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව1934
ලංකාපුර ප්‍රාදේශිය සභාව1326
වැලිකන්ද ප්‍රාදේශිය සභාව1019
දිඹුලාගල ප්‍රාදේශිය සභාව1224
පොලොන්නරුව ප්‍රාදේශිය සභාව919
සමස්ත98190

බදුල්ල දිස්ත්‍රික්කය

[සංස්කරණය]
බදුල්ල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
බදුල්ල මහනගර සභාව1328
බණ්ඩාරවෙල මහනගර සභාව819
හපුතලේ නගර සභාව714
මහියංගණය ප්‍රාදේශිය සභාව1426
රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව1121
සොරණාතොට ප්‍රාදේශිය සභාව919
මීගහකිවුල ප්‍රාදේශිය සභාව1019
කන්දකැටිය ප්‍රාදේශිය සභාව1019
පස්සර ප්‍රාදේශිය සභාව1224
ලුණුගල ප්‍රාදේශිය සභාව1023
බදුල්ල ප්‍රාදේශිය සභාව1019
හාලි-ඇල ප්‍රාදේශිය සභාව2043
ඌව පරණගම ප්‍රාදේශිය සභාව2038
වැලිමඩ ප්‍රාදේශිය සභාව2444
බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාව1019
ඇල්ල ප්‍රාදේශිය සභාව1024
හපුතලේ ප්‍රාදේශිය සභාව923
හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව1023
සමස්ත217445

මොණරාගල දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මොණරාගල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
බිබිල ප්‍රාදේශිය සභාව1019
මැදගම ප්‍රාදේශිය සභාව1019
මඩුල්ල ප්‍රාදේශිය සභාව1121
සියඹලාන්ඩුව ප්‍රාදේශිය සභාව1426
මොණරාගල ප්‍රාදේශිය සභාව1021
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව1121
බුත්තල ප්‍රාදේශිය සභාව1121
කතරගම ප්‍රාදේශිය සභාව718
වැල්ලවාය ප්‍රාදේශිය සභාව1326
තණමල්විල ප්‍රාදේශිය සභාව2036
සමස්ත117228

රත්නපුර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
රත්නපුර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
රත්නපුර මහනගර සභාව1428
බලංගොඩ නගර සභාව1019
ඇඹිලිපිටිය නගර සභාව816
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව1834
රත්නපුර ප්‍රාදේශීය සභාව2239
කුරුවිට ප්‍රාදේශීය සභාව2646
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව2139
බලංගොඩ ප්‍රාදේශීය සභාව2138
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව1326
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව1633
කහවත්ත ප්‍රාදේශීය සභාව919
වැලිගේපොල ප්‍රාදේශීය සභාව1021
නිවිතිගල ප්‍රාදේශීය සභාව1426
අයගම ප්‍රාදේශීය සභාව1019
කලවාන ප්‍රාදේශීය සභාව1019
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව1731
කොලොන්න ප්‍රාදේශීය සභාව1021
සමස්ත249474

කෑගල්ල දිස්ත්‍රික්කය

[සංස්කරණය]
කෑගල්ල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනයකොට්ඨාස සංඛ්‍යාවසභික සංඛ්‍යාව
කෑගල්ල මහනගර සභාව1223
වරකාපොල ප්‍රාදේශීය සභාව2444
ගලිගමුව ප්‍රාදේශීය සභාව2036
කෑගල්ල ප්‍රාදේශීය සභාව1934
රඹුක්කන ප්‍රාදේශීය සභාව2138
මාවනැල්ල ප්‍රාදේශීය සභාව2443
අරණායක ප්‍රාදේශීය සභාව1833
යටියන්තොට ප්‍රාදේශීය සභාව1731
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව1121
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව1631
දැරණියගල ප්‍රාදේශීය සභාව1223
දෙහිඔවිට ප්‍රාදේශීය සභාව2036
සමස්ත214393

මෑත ශ්‍රී ලාංකික මැතිවරණ ප්‍රතිඵල

[සංස්කරණය]
ඡන්ද විමසීම ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ[f] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉලංගෙයි තමිළ් අරසු කච්චි වෙනත් පක්ෂ සිතියම
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
2024 ජනාධිපතිවරණය[g] 5,634,915 42.31% 4,363,035 32.76% 2,299,767 17.27% 342,781 2.57% N/A N/A 407,473 3.06%
2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 17,295 47.64% 7,924 21.83% N/A N/A 3,597 9.91% N/A N/A 7,489 20.62% N/A
2024 මහ මැතිවරණය 6,863,186 61.56% 1,968,716 17.66% 500,835 4.49% 350,429 3.14% 257,813 2.31% 1,207,027 10.22%

තරග කරන පක්ෂ

[සංස්කරණය]
තරගකරන පක්ෂ
පක්ෂයේ නම ලකුණ ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය, 2018
ඡන්ද % ජයගත් ආසන හිමිකර ගත්
පළාත් පාලන ආයතන
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
40.74%
3,436 / 8,708
231 / 340
 එක්සත් ජාතික පක්ෂය
29.42%
2,433 / 8,708
34 / 340
 පොදු ජන එක්සත් පෙරමුණ[e]
12.10%
1,048 / 8,708
9 / 340
 ජාතික ජන බලවේගය
5.75%
434 / 8,708
0 / 340
 ඉලංගෙයි තමිළ් අරසු කච්චි
2.73%
417 / 8,708
41 / 340
 සමගි ජන බලවේගය[b]
N/AN/AN/A

මතභේද සහ ප්‍රචණ්ඩක්‍රියා

[සංස්කරණය]

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග

[සංස්කරණය]

2025 මාර්තු 21 වන දින, මැතිවරණ නීතිවල දක්වා ඇති නිර්ණායක සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් නාමයෝජනා ලැයිස්තු 400 කට අධික සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිසම වාර්තා කළේය. කාන්තා සහ තරුණ නියෝජනය සඳහා අනිවාර්ය ප්‍රතිශතයන් ලබා ගැනීමට අපොහොසත් වීම මෙන්ම අපේක්ෂකයින් සඳහා අවශ්‍ය ලියකියවිලි වල ගැටලු ඊට හේතු විය.[40][41][42]

2025 අප්‍රේල් 4 වන දින, අභියාචනාධිකරණය කලින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා ලැයිස්තු 37 ක් පිළිගැනීමට නියෝග කළ අතර, එම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කළේය.[43][44] අප්‍රේල් 10 වන දින, අභියාචනාධිකරණය කලින් ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා පත්‍ර 35 ක් පිළිගැනීමට නියෝග කළේය.[45] 2025

2025 අප්‍රේල් 7 වන දින, අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව (CMC) සහ හාරිස්පත්තුව, කුලියාපිටිය, පන්විල, පාතදුම්බර සහ උඩපලාත යන ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ පැවැත්වීම සම්බන්ධ වැඩිදුර ක්‍රියාමාර්ග අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. පෙත්සම් විභාගය සඳහා අධිකරණය විසින් දින නියම කරන ලද දිනය වන මැයි 16 වන දින දක්වා මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.[46][47] කෙසේ වෙතත්, 2025 අප්‍රේල් 11 වන දින, අභියාචනාධිකරණය විසින් එම තහනම් නියෝගය ඉවත් කර CMC ඇතුළු පළාත් පාලන ආයතන 18 ක් සඳහා මැතිවරණ පැවැත්වීමට අවසර දෙන ලදී. මෙම පළාත් පාලන ආයතන සඳහා කලින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර පිළිගැනීමට ද අධිකරණය නියෝගයක් නිකුත් කළේය.[48][49][50]

ඝාතනය

[සංස්කරණය]

2025 අප්‍රේල් 22 වන දින, කොලොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්, පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.[51][52][53]

ඡන්ද භාවිතය

[සංස්කරණය]

රට පුරා ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330 න් 17,156,338 ක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, කල්මුණේ මහ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ නොපැවැත්වේ. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙන අතර, පිළිගත් දේශපාලන පක්ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 75,589 ක් ඉදිරිපත්ව සිටිති.[54][55][56][57]

තැපැල් ඡන්දය

[සංස්කරණය]

මුලින් තැපැල් ඡන්දය 2025 අප්‍රේල් 22 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර, අප්‍රේල් 28 සහ 29 යන දිනවල පෙර දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයින් සඳහා වෙන් කරන ලදී.[58][59] කෙසේ වෙතත්, අප්‍රේල් 17 වන දින, මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල නැවත කාලසටහන්ගත කළේය.[60][61] එය පූර්ව අනුමත අයදුම්කරුවන්ට සීමා වේ, ප්‍රධාන වශයෙන් මැතිවරණ රාජකාරි නිසා මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන රජයේ සේවකයින්ට.

තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 24 වන දින ආරම්භ වූ අතර නියමිත පරිදි අප්‍රේල් 29 වන දින අවසන් විය.[62] [63]

ඡන්ද දිනය

[සංස්කරණය]

ඡන්දය ප්‍රකාශ කිරීම 2025 මැයි 6 වන දින පෙ.ව. 07:00 ට ආරම්භ වී ප.ව. 16:00 ට අවසන් විය.[64][65] [66][67]

ප්‍රතිළුලය

[සංස්කරණය]

ජාතික වශයෙන්

[සංස්කරණය]
පක්ෂයඡන්ද%ආසන
සමස්ත+/-
ජාතික ජන බලවේගය4,503,93043.263927+3493
සමගි ජන බලවේගය2,258,48021.691767New
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ954,5179.17742-2694
එක්සත් ජාතික පක්‍ෂය488,4064.69381-2052
පොදු ජන එක්සත් පෙරමුණ387,0983.72300-748
ඉලංගෙයි තමිළ් අරසු කච්චි307,6572.96377New
සර්වජන බලය294,6812.83226New
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය139,8581.34116+43
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය89,1770.86106New
වෙනත් පක්ෂ සහ ස්වාධීන987,0069.48851
Total10,410,810100.0087930
වලංගු ඡන්ද10,410,81098.07
වලංගු නොවන/හිස් ඡන්ද205,2771.93
මුළු ඡන්ද10,616,087100.00
ලියාපදිංචි ඡන්ද දායකයින්/ප්‍රතිශතය17,156,33861.88
මූලාශ්‍ර: ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව,[ER 1] අද දෙරණ,[ER 2] Newswire[ER 3]

දිස්ත්‍රික්කය

[සංස්කරණය]
NPP දිනූ දිස්ත්‍රික්ක
ITAK දිනූ දිස්ත්‍රික්ක
2025 ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම දිස්ත්‍රික් ප්‍රතිඵල
පළාත් මැතිවරණ
දිස්ත්‍රික්ක
NPP SJB ITAK වෙනත් මුළු ඡන්ද
ප්‍රතිශතය
ඡන්ද%ආසනඡන්ද%ආසනඡන්ද%ආසනඡන්ද%ආසනමුළු ඡන්ද විමසීමලියාපදිංචි ඡන්ද දායකයන්ආසන
බස්නාහිරකොළඹ476,18247.80%297195,38019.61%161324,66432.59%1751,016,6111,773,46058157.32%
ගම්පහ599,90654.48%402225,04320.44%141276,24525.08%1741,122,1061,896,30471759.17%
KAL269,37741.56%207151,80023.42%109226,93135.02%160660,6631,033,20647663.94%
මධ්‍යමKAN323,95744.58%307189,24626.04%166213,41129.38%181746,8331,202,55865462.10%
මාතලේ117,56543.61%13964,91724.08%6887,10032.31%87276,015434,24629463.56%
NUW133,39135.59%131101,08526.97%82140,27737.44%113386,232610,11732663.30%
දකුණුGAL233,12945.85%222122,35323.01%97176,17031.14%138541,435856,35545763.23%
MTR203,40048.87%20793,54322.48%82119,26228.74%105424,993693,54939461.28%
HAM161,65548.55%14667,20720.18%55104,13131.27%83338,234526,59928464.23%
උතුරුJAF56,61520.45%814,1031.48%488,44331.95%135127,63646.12%189281,744498,14040956.56%
KIL10,55217.65%122,6834.49%229,17348.80%3617,37729.06%2061,185102,3877059.76%
MAN14,13321.09%1913,92820.78%1811,05616.50%1827,89741.63%3767,73291,3739274.13%
VAV17,98422.24%2610,59613.10%1513,38516.55%1638,90048.11%4982,512129,29310663.81%
MUL9,53417.96%124,5838.63%720,08037.83%2618,88835.58%2454,09887,8006961.62%
නැගෙනහිරBAT53,00218.62%4420,5057.20%2091,81832.25%85119,35141.93%104287,739455,52025363.17%
AMP92,57929.24%11441,85113.22%5122,3087.05%25159,89250.49%161320,160478,66935166.89%
TRI52,56924.34%6834,32815.89%3631,39414.53%3697,71945.24%90218,853319,39923068.52%
වයඹKUR414,94447.83%331225,39525.98%163227,12326.19%163880,1511,430,28665761.54%
PUT159,24242.31%14488,99123.65%72128,10734.04%106381,746668,52532257.10%
උතුරු මැදANU245,30750.12%212111,91022.86%86132,23927.02%98497,365750,10139666.31%
POL115,29653.84%9751,04023.83%4047,81922.33%38217,863354,11117561.52%
ඌවBAD188,26942.36%203107,89124.27%93148,32733.37%133458,890712,40142964.41%
MON120,05845.56%10871,89727.28%5371,55127.16%53268,915403,51921466.64%
සබරගමුවRAT235,84142.12%210144,99025.89%109179,10231.99%134571,277932,85545361.24%
KEG199,44344.99%188113,21525.54%89130,62429.47%107452,735715,56538463.27%
Total4,503,93043.26%3,9272,258,48021.69%1,767307,6572.96%3773,340,74332.09%2,72210,616,08717,156,3388,79361.88%

බලය පිහිටුවීම

[සංස්කරණය]

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමි කර ගනු ලැබ ඇති පළාත් පාලන ආයතන 161කට අදාළව සභා පිහිටුවීම 2025 ජුනි 2 දින සිදුවිය. අනෙක් ආයතන වල බලය පිහිටුවීම විවිධ දින වලදී සිදුවිය.

බස්නාහිර පළාත

[සංස්කරණය]

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්විය. සීතාවක ප්‍රාදේශීය සභාව‌වේ පළමු සභා වාරය දින නියමක් නොමැතිව කල් ගියේ සභාපති තේරීමේ ඡන්ද විමසීම පිළිබද වු මතභේද හේතුවෙනි. මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත් විය.[68]

වයඹ පළාත

[සංස්කරණය]

කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උඩුබද්දාව ප්‍රාදේශීය සභාව සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමත් විය.[69]

දකුණු පළාත

[සංස්කරණය]

නාගොඩ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.[68]

මධ්‍යම පළාත

[සංස්කරණය]

වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබල වේගය විසින් පිහිටවිය.[68]කොටගල ප්‍රාදේශීය සභාවේ සහ ආගරපතන ප්‍රාදේශීය සභාවේ බලය ලංකා කම්කරු කොංග්‍රසය ලබා ගැනීම සමත් විය.

සබරගමුව පළාත

[සංස්කරණය]

ඌව පළාත

[සංස්කරණය]

හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් විසින් පිහිටවිය.

උතුරු මැද පළාත

[සංස්කරණය]

උතුරු පළාත

[සංස්කරණය]

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමත් විය.[68]

නැගෙනහිර පළාත

[සංස්කරණය]

කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන ඇත්තේ ස්වාධීන කණ්ඩායමකි.

සටහන්

[සංස්කරණය]
  1. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරඟ වැදුණි.
  2. 1 2 මේ දේශපාලන ව්‍යාපාරය නිර්මාණය වූයේ පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුවය. එබැවින් එය නව පක්ෂයකි.
  3. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ලෙස තරඟ වැදුණි.
  4. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ලෙස තරඟ වැදුණි.
  5. 1 2 මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ වැදුණි.
  6. 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සන්ධානයක් ලෙසය.
  7. දෙවන මනාප ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල නොමැතිව
ප්‍රතිළුලය
  1. "Live Sri Lanka Local Government Election Results 2025". results.elections.gov.lk. 6 මැයි 2025. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  2. "Local Authorities Election 2025 Results - Sri Lanka". election.adaderana.lk. 6 මැයි 2025. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  3. "Sri Lanka Local Government Election Results 2025". election.newswire.lk (English බසින්). 7 මැයි 2025. සම්ප්‍රවේශය 7 මැයි 2025.{{cite web}}: CS1 maint: unrecognized language (link)

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "පුංචි ඡන්දෙට නව ඡන්ද දායකයින් ලක්ෂය ඉක්මවූ පිරිසක්". අද දෙරණ. 11 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  2. 1 2 "පුංචි ඡන්දය". දේශය වෙබ් අඩවිය. 22 පෙබරවාරි 2025. 26 මාර්තු 2025 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  3. 1 2 "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025 ඡන්ද විමසීම් දිනය දැනුම්දීම" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 20 මාර්තු 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  4. "පුංචි ඡන්දය මැයි 06". අද දෙරණ. 20 මාර්තු 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  5. "පළාත් පාලන මැතිවරණය: පොදු ජන පෙරමුණ ඉදිරියෙන්". බී.බී.සී. සිංහල සේවය. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  6. "ගෝඨාභයගේ ඉතිහාසය". අද දෙරණ. 17 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  7. "මහ මැතිවරණය 2020 - මොකද වුණේ ?". අද දෙරණ. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  8. ජෝෂි, ස්වාති (14 ජූලි 2022). "ගෝඨාභය රාජපක්ෂ: ජනාධිපති යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රස්තාර 7 කින්". බී.බී.සී. සිංහල සේවය. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  9. "ශ්‍රී ලංකාවේ අර්බුදය: යුද වීරයින් දුෂ්ටයන් බවට පත්වූ හැටි". බී.බී.සී. සිංහල සේවය. 30 මැයි 2022. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  10. "ගෝඨාභය රාජපක්ෂ: ජනපති රටින් පිටව යයි,ධුරයේ රාජකාරී අගමැතිට". බී.බී.සී. සිංහල සේවය. 12 ජූලි 2022. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  11. "රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙයි". නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලය. 21 ජූලි 2022. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  12. "නව ජනපති අනුර". අද දෙරණ. 22 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  13. 1 2 "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  14. 1 2 3 "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — මහා නගර සභා ආඥාපනත — 10(2)(ආ) වගන්තිය යටතේ නියමය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2424/02). රාජගිරිය, ශ්‍රී ලංකාව. 17 පෙබරවාරි 2025. 24 අප්‍රේල් 2025 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  15. කාර්ය මණ්ඩල ලේඛකයා (21 ජනවාරි 2023). "පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා - ජාතික මැතිවරණ කොමිසම". නිව්ස් ෆර්ස්ට්.lk. සම්ප්‍රවේශය 21 ජනවාරි 2023.
  16. සවරනමුත්තු, සී; ද සිල්වා, ලසන්ත; කළුපතිරණ, උදය (14 පෙබරවාරි 2023). "2023 පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් පිළිබඳ මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශය" (PDF). මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය. කොළඹ, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  17. දිසානායක, සම්පත් (20 පෙබරවාරි 2023). "පළාත් පාලන මැතිවරණය 2023:ඡන්ද කල් දැමීමෙන් රටට අත්විය හැකි ප්‍රතිවිපාක මොනවාද?". බී.බී.සී. සිංහල සේවය. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  18. "පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා නො පැවැත්වෙන බවට කොමිසමින් ප්‍රකාශයක් (විඩීයෝ)". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 24 පෙබරවාරි 2023. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  19. ප්‍රේමලාල්, අනුර (12 අප්‍රේල් 2023). "පුංචි ඡන්දය යළි කල් යයි". දිනමිණ. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  20. "හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්". අද දෙරණ. 22 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  21. "පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්". අද දෙරණ. 3 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  22. "පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ". දිනමිණ. 7 ජනවාරි 2025. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  23. මැදගෙදර, නෙල්කා (27 ජනවාරි 2023). "පුංචි ඡන්දය යළි කල් යයි". දිනමිණ. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  24. "පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට කියයි". සියත ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 14 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  25. "පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ". දිනමිණ. 17 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  26. "පළාත් පාලන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය". අද දෙරණ. 17 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  27. "පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ". දිනමිණ. 19 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  28. "පළාත් පාලන ආයතන ඡන්ද විමසිම - 2025 පුනාකරි, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශිය සභාවල ඡන්ද විමසන දිනය දැනුම් දීම" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව (LAE/2025/27). රාජගිරිය, ශ්‍රී ලංකාව. 27 මාර්තු 2025. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.
  29. 1 2 3 "පළාත් පාලන ආයතන ඡන්ද විමසිම - 2025 — නාමයෝජනා භාරගැනීම" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව (2424/02). රාජගිරිය, ශ්‍රී ලංකාව. 3 මාර්තු 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  30. "ජනාධිපතිවරණ ප්‍රතිඵල - 2024". ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 22 සැප්තැම්බර් 2024. 26 ඔක්තෝබර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  31. 1 2 "වසර 7කට පසු පැවැත්වෙන 2025 පළාත් පාලන මැතිවරණය ගැන දැනගත යුතු කරුණු". බී.බී.සී. සිංහල සේවය. 7 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  32. නිශ්ශංක, මහින්ද (19 මාර්තු 2025). "මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්". ලංකාදීප ප්‍රවෘත්ති වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  33. "පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට." නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලය. 17 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  34. "පළාත් පාලන මැතිවරණය මැයි 06 වැනිදා". දිනමිණ. 7 ජනවාරි 2025. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  35. "පළාත් පාලන ආයතන 336ක පුංචි ඡන්දය මැයි 6දා". දිවයින ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 21 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  36. "පළාත් පාලන ආයතන 274ක නිල කාලය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදයනක්". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 19 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  37. 1 2 Local council elections:
  38. "EC sets voter eligibility for 2025 LG polls". island.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 9 මාර්තු 2025. 9 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 මාර්තු 2025.
  39. 1 2 "The Gazette Extraordinary, No. 2425/70 of 1 March 2025: Government Notifications" (PDF). www.documents.gov.lk. 1 මාර්තු 2025. 14 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 14 මාර්තු 2025.
  40. "Over 400 nominations for LG Election rejected". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 21 මාර්තු 2025. 23 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  41. "420 Nomination Papers Rejected for LG Poll". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 21 මාර්තු 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  42. "Complications in female, youth representation leads to most rejected nomination lists at LG polls: EC". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 22 මාර්තු 2025. 22 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  43. "Rejection of nominations: Court orders to accept around 37 nominations". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 4 අප්‍රේල් 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  44. "LG polls : SC dismisses over 50 petitions on rejected nominations". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 4 අප්‍රේල් 2025. 6 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  45. "Court orders to re-accept 35 more rejected LG Polls nominations". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 10 අප්‍රේල් 2025. 10 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2025.
  46. "Stay order issued on poll-related activities of several LG bodies including CMC". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 7 අප්‍රේල් 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  47. "Injunction against LG Elections' activities in some areas including Colombo Municipal Council". www.hirunews.lk (ඉංග්‍රීසි බසින්). 7 අප්‍රේල් 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  48. "Court lifts stay order issued on elections for several LG bodies including CMC". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 11 අප්‍රේල් 2025. 11 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2025.
  49. Farzan, Zulfick (11 අප්‍රේල් 2025). "LG Elections To Proceed On May 6 Following Court Order". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 11 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2025.
  50. "Rejected nominations : Notice from EC to political parties & groups". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 15 අප්‍රේල් 2025. 15 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2025.
  51. "Dan Priyasad injured in shooting". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 22 අප්‍රේල් 2024. 23 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2025.
  52. Samarawickrama, Chathuranga Pradeep (23 අප්‍රේල් 2025). "Dan Priyasad dies after shooting". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 23 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2025.
  53. "Dan Priyasad murder: Three arrested on suspicion". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 23 අප්‍රේල් 2025. 23 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2025.
  54. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NWS-10M නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  55. "2024 Electoral Register, 2024(1), 2024(2), 2024(3) Supplementary Electoral Registers – Number of Registered Electors" (PDF). elections.gov.lk. මැයි 2025. 5 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 5 මැයි 2025.
  56. "2025 LG Polls: Preparation of polling stations begins". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 5 මැයි 2025. 5 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 මැයි 2025.
  57. Farzan, Zulfick (5 මැයි 2025). "Over 17 Million Eligible to Vote Tomorrow in Islandwide Local Polls". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 5 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 මැයි 2025.
  58. "Postal voting dates announced for LG Polls". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 27 මාර්තු 2025. 27 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.
  59. "Postal voting dates announced for Local Council Election". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 27 මාර්තු 2025. 27 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.
  60. "Local government elections - 2025.05.06: Postal voting - Revised dates (LAE/2025/55)" (PDF). elections.gov.lk. 17 අප්‍රේල් 2025. 20 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2025.
  61. "EC revises postal voting dates for LG elections". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 17 අප්‍රේල් 2025. 20 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2025.
  62. "Smooth start to postal voting for LG Polls, says Elections Commission". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 24 අප්‍රේල් 2025. 25 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2025.
  63. "Final Day To Cast Postal Votes For Local Government Elections". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 29 අප්‍රේල් 2025. 29 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2025.
  64. "Voting for 2025 Local Govt. Election begins". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  65. "Voting Underway For 2025 Local Government Elections". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  66. "Polls close for Sri Lanka's Local Govt Elections". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  67. "Local Government Elections Conclude Peacefully". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  68. 1 2 3 4 "අදත් පළාත් පාලන ආයත කිහිපයක බලය පිහිටුවයි". කොළඹ: අද දෙරණ. 30 ජුනි 2025.
  69. https://www.bbc.com/sinhala/articles/czeydnrd7yxo. {{cite web}}: Missing or empty |title= (help)