සතරවරම් දෙවිවරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී ලංකාවේ සතරවරම් දෙවිවරු වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

හෙල ජනතාව බුද්ධ ධර්මය ඇතිවීමට පෙර සිට දේවි දේවතාවුන් වන්දනා කලහ. ඉන් ප්‍රධානතම දෙවිවරු හතරදෙනා සතරවරම් දෙවිවරු ලෙස සලකන ලදී. බුද්ධාගම වැලඳ ගැනීමෙන් පසුවද සාමාන්‍ය සිංහල ජනතාව තම සාම්ප්‍රදායික ඇදහිලි අත්නොහැරි අතර ඔවුන් තුරුණුවන් ප්‍රමුඛ කොට සැලකුවද ඊට පහල නමුත් දෙවි දේවතාවුන්ගෙන් ප්‍රධාන ස්ථානයේලා 'සතරවරම් දෙවිවරුන්ට පූජා පවත්වන ලදී.

අනුරූපී හින්දු ඇදහිලි[සංස්කරණය කරන්න]

ඒඅනුව ලෝකයේ ප්‍රධාන දිශා හතර භාර දෙවිවරු හතර දෙනෙකු පත් වු අතර අනු දිශාශාවන් භාර දෙවිවරුන්ද පත්වුනිමේ අයුරින් භාරතයේ මුල් යුගයේ පිළිගත් ලෝක පාලක සතරවරම් දෙවිවරුන් වුයේ අග්නි, යාම, ශ්විති, හා රුද්‍රය. ක්‍රිස්තුපුර්ව සයවැනි සිවසේදි පමණ දේව කණ්ඞායමේ තත්වය හා සැකැස්ම වෙනස්වී ගොස් එම තනතුර සදහා පිළිවෙලින් ඉන්,දු යම්, වරුණ, හා කුවේර පත්විය. මේ අතර භාරතිය භූරිදත්ත ජාතකයේ මෙය දැක්වෙන්නේ මෙසේය.

ද්‍රතෝ විධාතෝ වරුණෝ කුවේරෝ සෝමෝ යමෝ චන්දිමෝ වාසු සුරියෝ.."

කාලානුරූපීව සතරවරම් දෙවිවරු වෙනස්වීම[සංස්කරණය කරන්න]

මුල් යුගයේ සතරවරම් දෙවිවරු[සංස්කරණය කරන්න]

සිංහලන්ගේ ලෝක පාලක සතරවරම්දේවිවරු සංකල්පය හින්දුන් විසින්පිළිගනු ලැබු උක්ත දෙවිවරු නොවුහ. ඔවුන් අතරින් කුවේර දෙවියන් පමණක් බෞද්ධයන් විසින් පිළිගනු ලැබුහ. ඒ අනුව මුල් යුගයේ සතරවරම් දෙවිවරු පහත දැක්වේ.

  1. දෘතරාෂ්ට
  2. විරෑඪ
  3. විරූපාක්ෂ
  4. වෛශ්‍රවණ (කුවේර)

එමෙන්ම දීඝනිකායේ ආටනාටිය සුත්‍රය දේශනා කරන්නේද සතරවරම් දෙවිවරුන්ටය. මෙම ලෝක පාලක දෙවිවරුන් ලාංකික දෙවිවරුන් ලෙස ලංකාවේ ව්‍යවහාරයට පත්විම පිළිබද සාක්ෂි දක්නට ඇත. 1896 දි අනුරාධපුර විජයාරාමය කැනිමේදී සොයාගත් දේවරූප එච්.සි.පි.බෙල් විසින් සතරවරම් දේවරූප ලෙස අර්ථ දැක්වීය.

මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු[සංස්කරණය කරන්න]

වරින්වර එල්ල වු චෝල ආක්‍රමණ නිසා රාජධානි නිරතදෙසට සංක්‍රමණය විමක්ද ඒ සමගම සමාජමය වෙනස්කම්ද ආරම්භ විය. මෙකි වෙනස්කම් මධ්‍යයේම සමාජයේ ඇදහිලි විශ්වාසයන්ද ර්‍ර්ට සමාන්තරව වෙනස් වි ඇත.දේවධුරාවලියක් නිර්මානය වනනේද එලෙසිනි. මෙලෙස වෙනස්වූ මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු පහත දැක්වේ.

  1. සමන්බෝක්සල්
  2. කතරගම දෙවියෝ
  3. උපුල්වන්
  4. විභිෂණ

ලංකා තිලක විහාරය ඉඳි කරිමේදි පිහිටුවා ඇති සෙල්ලිපියේ මුලින්ම සකන්ධකුමාර සමන්බෝක්සල් කිහිරැලි උපුල්වන් හා විභිෂණ වැනි දෙවිවරුන්ගේ රූප නෙලූ බවට සදහන් වේ. එය නතන දේවා ධුරාවලියේ මෙකි දෙවිවරුනගැන වු මුල්ම සාක්ෂියයි. එහෙත් මේ අවස්ථාවේ වුවද දේශිය සතරවරම් දේව කණ්ඞායමට දී ඇත්තේ දෙවැනි ස්ථානයකි. එනිසා දේශිය සතරවරම් දේව සංකල්පයේ ආරම්භය ර්‍ර්ට තරමක් පුර්ණකාලින අවධිය ස අනුමාන කල හැකිය.

කෙසේ වෙතත් ලංකාව ආරක්ෂා කිරිම සදහා මෑත මධ්‍යකාලින අවධියේ පටන් පත් වි වි සිටින දේශිය සතරවරම් දේව කණ්ඞායමක් පිළිබඳ මෙරට සාහිත්‍ය හා අභිලේඛ මුලාශ්‍රයන්හි දක්නට ලැබෙනඅතර ඒපිළිබඳ විමර්ශනය යෙදුනු මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්වන්නේ මෙම ස්කන්ධකුමාර සමන් උපුල්වන් හා විභිෂණ යන දෙවිවරු දේශිය සතරවරම් දෙවිවරු වන බවයි.

මධ්‍ය කාලීනසතරවරම් දෙවිවරු[සංස්කරණය කරන්න]

වර්තමානයේ කාලීනසතරවරම් දෙවිවරු ලෙස නැවතත් මුල් යුගයේ සතරවරම් දෙවිවරු සලකනු දක්නට ලැබේ.

කතරගම දෙවියෝ[සංස්කරණය කරන්න]

Kataragama deviyo.jpg

සිංහලයන්ගේ පුදපුජාවන්ට ලක් වි ඇති මෑතකාලින සතරවරම් දෙවිවරු අතරින් රුහුණු ප්‍රදේශයේ වර්තමාන කතරගම නැමති ස්ථානයේ වැඞ සිටින බවට සලකනු ලබන කතරගම දෙවියෝ ප්‍රධාන ස්ථානයක් ගනි. (මෙම කතරගම දෙවියෝ මෑත කාලින මුලාශ්‍රවල කඳකුමරු, ස්කන්ධකුමරු, යන නම් වලින්ද එසේම කලාතුරකින් මහාසෙන්, යනුවෙන්ද සදහන්ව ඇත.) මෙම දෙවියන්ගේ ඇදහල්ලේ මුලාරම්භය ශ්‍රිලකාවේම සිදු වුවක්ද එසේ නැත්නම් භාරතිය පෞරාණික දේව ඇදහිලි අතර කාර්තිකේය නමින් හැදින් වු දෙවියන්ද යන්න විවාදාත්මකය. ස්කන්ධ දෙවියන් ගැන අපගේ මුලාශ්‍රවල ප්‍රථමවට සදහන් වන්නේ 2 කාශ්‍යප රජුගේ පුත්‍ර මාන නම් යුවරජුගේ ජේෂ්ඨ සහෝදර මානවට්ටා කුමාරයා ස්කන්ධ වරය ලබාගැනිමේ සිද්ධිය හා සම්බන්ධ කතා පුවතේය. කතරගම ස්කන්ධ දේවාලය පිළබද තොරතුර ලැබෙන්නේ 6 වනසියවසේආරම්භයේය. එනම් ජිනකාල මාලනියේ සිට වුවත් ලංකාවේ ස්කන්ධ දෙවියන්පිළිබද විශ්වාසය ර්ට වඞා තරමක් හේ ඈතට දිවයන්නකි.හින්දු විශ්වාස අනුව මොහු යුද්ධයට අදිපති දෙවියෙකිග සුරයන්ගේ හමුදාවේ යුද්ධ සේනාධි පතිවරයා වු මෙහු ශ්‍රිව හා පාර්වති දෙදෙනාගේ පුත්‍රයකුසේ සැලකේ. මෙරට වැසියන් අදහන පරිදි කඳකුමරුගේ භාර්යාවන් දෙදෙනා වන්නේ දේවසේනා හා වල්ලිඅම්මාය. මේ දෙදෙනා ඔහු සතු බලවේග දෙකක් වන්නේ ක්‍රියාශක්ති හා ඉච්ජාශක්තියයි. එසේම කතරගම දේවාලය හා සම්බන්ධ ඇසළ පෙරහැරද සුවිශේෂි වු අංගයකි. උත්සවයට දින 4 ,5කට පෙර කප්සිටුවිමේ මංග්‍යයට කනු කැපිමේ මංග්‍යයය පැවැත්වේ. පෙරහැර වතාවත් වල්ලි අම්මා දේවාලය හා සෘජුවමසම්බන්ධ වන අතරම මේවා ලිංගිකත්වය හා බඳි චාරිත්‍රයක් සේ සැළකේ. මෙයට වැදි ජනතාවගේද අංගයන් එකතුවිම තුළින් වල්ලිඅම්මා හා බැදි අතිත කතාවන් ඉස්මතු කරවයි.වර්තමාන පෙරහැරේ ඉදිරියෙන්ම සිටින්නේ ගිනිපාගත් පිරිසකි. වර්තමාන පෙරහැරේ අංග පුරාණයට සාපේක්ෂව වෙනස් වෙමින්පවති.

සමන් දෙවියෝ[සංස්කරණය කරන්න]

Saman deviyo.jpg

බුදු හිමිගේ සිරිපදලස ස්ථානය සමන්ගිර සමනොළකන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඞවිය වශයෙන් පෙරසිටි විශ්වාසය නිසාය. එමෙන්ම මහාවංශය සමනොළ කන්දට අධිපති සමන් දෙවියන්ට අමතරව වෙනත් සමන් දෙවිවරයකු ගැනද දක්වයි. එහි දැක්වෙන පරිදි සමනොළ අධිපති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඬිගමනේද සෝවාන් ඵලයට පත් දෙවිකෙනෙකි. එහි සදහන් අනෙක් සමන් දෙවියන් වන්නේ බුදු හිමියන්ගේ දෙවැනි ලංකාගමනේදි උන්වහන්සේ සමග පැමිණි ජේතවන දොරටුවෙහි රැකවලෙහි යෙදි සීටි න සමිද්ධ සුමනය. සමන් දෙවියන් පිළිබද විශ්වාසය බුදු සමය පැමිණිමෙන් පසුව වුව ද චිරාගත ජන ඇදහිලි අනුව තවතවත් තහවුරු වුවා මිස අඞුවු බවක් නොපෙනේ. දැනට සමන් දෙවි ඇදහිල්ලේ මූලස්ථානය ලෙස සැළකෙන්නේ සබරගමු මහසමන් දේවාලයයි. මෙම ස්ථානයේ ඊට පෙර තිබි ඇත්තේ බෞද්ධ විහාරයකි. වර්තමානයේදි සිරිපාවන්දනා කරුවන් මුලින්ම සිරිපා කරුණාවට අවසර ලබාගන්නේ සමන් දෙවියන්ගෙනි. සිරිපා මලුවේ සමන් දෙවියන්ට වෙන් වු දේවාලයක් ඉදි කරතිබිමෙන් මෙය මනාව දැක්වේ. වාර්ෂිකව අලි ඇතුන් සහභාගි කොටගත් මහසමන්දේවාල පෙරහැර 22 පැරකුම් රජ සමයේ භාණ්ඞාගාරයේ පුජා භාණ්ඞද යොදා ගනිමින් පවත්වා ඇතිබව සන්නස් පත් වල දැක්වේ.

විෂ්ණු දෙවියෝ[සංස්කරණය කරන්න]

Vishnu deviyo.jpg

විෂ්ණු දෙවියන් මෙරට දේශිය සතරවරම් දේව කණ්ඞායම පත්විම මෙරට නිරිත දිග ශිෂ්ටාචාර සමය ආරම්භයත් සමග සිදු වි ඇතිබව පෙනේ. මහාවංශයේ දැක්වෙන්නේ බුදුරදුන් වදාළ මෙහෙවරින් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ශ්‍රි ලංකාව ආරක්ෂා කිරිම සඳහා භාර දී ඇත්තේ උන්වහන්සේටය. එමෙන්ම ශක්‍ර දේව අණ පරිදි පරිබ්‍රාජක වේෂයෙන් මෙහි පැමිණි විෂ්ණු දෙවියන් විජය ඇතුලු පිරිසට පිරිත් පැන් ඉස ආරක්ෂාව පිණිස ඔවුන්ගේ අත්හි පිරිත් නුල් බැඳ ඇත. මේ අනුව විෂ්ණු දෙවියන් බෞද්ධයෙකි. එසේම මයුර සංදේශයේ සදහන්වන පරිදි බුද්ධත්වය ලබා ගන්නා මොහොතේ එය වැලැක්විම සදහා පැමිණි මාර සෙනග දුටු අනෙකුත් දෙවිවරු පැන දුවද්දි ඔවුනට නොබියව මුහුණ දි ආරක්ෂාව සපයා දි ඇත්තේ විෂණු දෙවියන්ය. එමෙන්ම මහාවංශ ටීකාවේ දැක්වෙන ලෙස මෙම දෙවිඳු මෙරටට පැමිණෙන විට ලාට දේශයේ පිදුම්ලත් දෙවි කෙනෙකි. මෙසේ මතයන් රාශියක්ම පැවතුනත් වර්තමාන ලංකා සමාජයේ විෂ්ණු දෙවියන් ඉහළින් සිටි. හත්වන සියවසේ මධ්‍ය භාගයේ දකුණුදිග ප්‍රදේශයේ විෂ්ණු දෙවියන් ට දේවාලයක් ඉදිවී දේව ප්‍රතිමාවක්ද නිර්මාණය වී තිබූ බවට පූජාවලියේ දැක්වේ.

විභිෂණ දෙවියෝ[සංස්කරණය කරන්න]

Vibishana deviyo.jpg

සතරවරම් දෙවිවරු අතුරින් අපගේ ඉතිහාස මුලාශ්‍රවල පසුකාලිනවම අසන්නට ලැබෙන්නේ විභිෂණ දෙවියන් පිළිබදවයි. විභිෂණ රජ දෙවියකු සේ සැලකීම පිළිබද පළමුවරට එසේ සදහන් වන්නේ දොලොස්වන සියවසේදි මහ පැරකුම් රජුගේ උපත ගැන සදහන් කිරමේදිය එතුමන්ගේ දෙමාපියන් දරුවෙකු ලබා ගැනිමට මෙම දෙවියන් වෙත ගොස් භාර වු බව සදභන් වෙයි. විභිෂණ දෙවියන් ගැන ප්‍රථමවරට විස්තර දැක්වෙන්නේ වැල්මිකිගේරාමායනයේය. එහි දැක්වෙන ලෙසට විභිෂණ දෙවියන් යක්ෂ ගෝත්‍රිකයෙකි. කෝටිටේ යුගයේ ලියැවුණු සංදේශ සාහිත්‍යය ග්‍රන්ථයන්හි විභිෂණ දෙවියන් යනු පුලස්ති සෘෂිවරයාගේ පරපුරෙන් පැවත එන්නකි. මෙරට සමාජයේ කෝටිටේ යුගයේදි විභිෂණ දෙවියන් ඉතා ජනප්‍රිය වු බව පෙනේ. කැළණියේ මහා විභිෂණ දේවාලය ඉඳි කොට ඇත. මේ යුගයේ අනෙක් දේවාලවල මෙන්ම මෙහිද දේව වන්දනාව උදෙසා ගැයුම් වැයුම හා රැගුම් දැක්වු කතුන් සිටි බවද සාහිත්‍යයේ දැක්වේ. කෙසේ වෙතත් විභීෂණ දේව වන්දනාව කෝටිටේ අවධියෙන් පසු වැදගත්කම අඞු වෙමින් පවතින බව පෙනෙයි. අනෙක් සතරවරම් දෙවිවරු හා සැසදිමේදි මෙම දෙවියන් කැළණි දේවාලයට පමණක් සිමා වී සිටින බවක්ද පෙන්නුම් කෙරේ.

පින්තුර ගැලරිය[සංස්කරණය කරන්න]


ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]

වැඩිදුර කියවීම්[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සතරවරම්_දෙවිවරු&oldid=304972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි