විවාහ නීතිය - ශ්‍රී ලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී ලංකාවේ විවාහ නීතිය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
Scales of justice
පවුල් නීති
 
විවාහයට ඇතුලත් වීම
විවාහ පොරොන්දුව
විවාහය
Common-law marriage
සමලිංගික විවාහය
විවාහයට සමාන
නෛතික තත්ත්ව
Cohabitation · Civil union
Domestic partnership
Registered partnership
Putative marriage
විවාහය අවසාන වීම
Annulment · දික්කසාදය · Alimony
ළමුන්ට බලපාන කාරණා
පිතෘත්වය · Legitimacy
Adoption · Legal guardian
Ward · Emancipation of minors
Foster care Parental responsibility
Contact (including visitation)
Residence in English law
Custody · Child support
Related areas
Spousal abuse · ළමා අපයෝජනය
Child abduction · Child marriage
Adultery · Bigamy · Incest
Conflict of laws
Marriage · Nullity · Divorce

බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන‍ ‍තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාර‍යෙන් පෝෂණය වී ඇත. ඒ අනුව,

  1. උඩරට නීතිය
  2. මුස්ලිම් නීතිය
  3. සාමාන්‍ය නීතිය

ආදී තත්වයන් යටතේ විවාහය බලාත්මක වන ආකාරය මෙමගින් විස්තර ‍කෙරේ.

පටුන

විවාහය යනු කුමක්ද?[සංස්කරණය කරන්න]

M.jpg

විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් මෙම විවාහය නම් වූ ආයතනය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිවන නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය.

එම නෛතික අයිතිවාසිකම් ලෙස එකිනෙකා අතර ඔවුන්ගේ පෞද්ගලික දේපල, ලිංගිකත්වය හා අන්‍යෝන්‍ය අනන්‍යතාවයන් හා අයිතිවාසිකම් තීරණගැනීම් ආදිය පොදුවේ තබාගැනීමේ අයිතිය හා දරුවන් සඳහා උරුමකම් නිතැතින් ලබාදීම නීත්‍යානුකූල වේ. එක් අයකුගේ මරනින් පසු ඒ අයගේ නිශ්චල හා චංචල දේපල වලින් අඩක් සඳහා උරුමය අනෙකා වෙත ලැබේ. වියපත්වීම හෝ පසුව ඇතිවන රෝගාබාධ බෙලහීන තත්වයක් මත අනෙකා පෝෂනය නොකිරීම නීත්‍යානුකූල නොවන්නේය. තවද අනෙකාගේ අවසරයකින් තොරව අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්මයකට බඳුන්වීම,දේපල විකිනීම, යම් වෘත්තියක නිරතවීම, වෙනත් අයකු හා ලිංගික කාර්ය්‍යයක නිරතවීම, ලියාපදිංචි නිවසින් පිටත වෙනත් තැනක නේවාසික වීම, ද්වේශ සහගතලෙස අනෙකා පෝෂනය ප්‍රතික්ෂේප කිරීම හෝ විදේශගතවීම අතිශයින්ම තහනම් වන අතර නීතියෙන් දඬුවම් ලැබියහැකිවේ.

වලංගු විවාහයක් ඇතිවීම සඳහා

  • ස්වෙඡ්ඡාවෙන් ඇති විය යුතුය.
  • ජීවිත කාලය පුරාම පවුල් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙන් ඇතිකර ගත යුතුය.
  • විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවිය යුතුය.
  • එක් භාර්යාවක් හා එක් පුරුෂයෙක් අතර පමණක් ඇති විය යුතුය (මෙය සෑම නීති පද්ධතියක් යටතේම අනිවාර්ය නොවේ).

සාමාන්‍ය නීතිය යටතේ විවාහය[සංස්කරණය කරන්න]

මේ සඳහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.

සාමාන්‍ය නීතිය බලපාන්නේ කාටද?[සංස්කරණය කරන්න]

  • පහතරට සිංහලයන්ට
  • ස්ව කැමැත්ත මත උඩරැටියන්ට
  • තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
  • ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට

සාමාන්‍ය නීතිය විවාහය වලංගු වීමට නම්[සංස්කරණය කරන්න]

  1. අවම වයස් සීමාව.
  2. තහනම් ඥාති සබඳතා නොපැවතීම.
  3. වලංගු පෙර විවාහයක් නොපැවතීම.

අවම වයස් සීමාව[සංස්කරණය කරන්න]

සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් වේ. නමුත් 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ‍ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාව‍යට පටහැනි විවාහ (බාල වයස්කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.

තහනම් ඥාති සබඳතා නොපැවතීම[සංස්කරණය කරන්න]

ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 18 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

තහනම් ඥාති සබඳතා[සංස්කරණය කරන්න]
  • මව-පුතා
  • පියා-දියණිය
  • සහෝදර-සහෝදරිය
  • මාමා-ලේලි
  • ආච්චි-මුණුපුරා
  • සීයා-මිණිබිරී
  • විවාහයෙන් පසුව කලත්‍රයන්ගේ දියණිවරු හා පුතුන් අතර

වලංගු පෙර විවාහයක් නොපැවතීම[සංස්කරණය කරන්න]

නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී.සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වගන්තියේ මේ බව දක්වයි.

ඉහත කරුණු වලට අමතරව දෙපාර්ශවයේම කැමැත්ත අවශ්‍ය වේ.ඉහත අවශ්‍යතා සපුරාලන අයෙකුට නීතිය පිළිගන්නා වලංගු විවාහයක් සිදුකර ගත හැකිය.

සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් සිදු කිරීම[සංස්කරණය කරන්න]

Niro.JPG

සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය.විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ටාර්වරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි.

විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය[සංස්කරණය කරන්න]

(ලියාපදිංචිය සිදු කරන්නේ විවාහ රෙජිස්ටාර් වරයාද ක්‍රිස්තියානි පූජක වරයාද යන්න මත අනුගමනය කරන කාර්යය පටිපාටිය වෙනස් වේ.)

  • විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍ර‍දේශයේ විවාහ ලේකම් වරයාට දැනුම් දිය යුතුය (පන‍තේ 23, 24 වගන්ති).
  • එම දැනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.
  • නියමිත කාලසීමාව අවසානයේදී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ.එසේ නිකුත් කරනු ලබන්නේ ඒ සඳහා විරුද්ධත්වයක් වේනම් එය අධිකරණය වෙත ‍යොමුකළ යුතුය.එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි (පනතේ 31 (1) (2) වගන්තිය).
  • විවාහය විවාහ ලේකම්ගේ කාර්යාලයේදී සිදුකරනු ලබන්නේනම් එහදී සාක්‍ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ සිදුකළ යුතුය (පනතේ 35 වන වගන්තිය).
  • පූජක වරයකු ඉදිරියේ සිදුකරනු ලබන විවාහද චාරිත්‍ර අනුගමනය කර සාක්‍ෂිකරුවන් ඉදිරියේ සිදුකල යුතුය (2001 අංක 11 දරණ සංශෝධන පනතේ 11 වගන්තිය).

උඩරට නීතිය යටතේ විවාහය[සංස්කරණය කරන්න]

Wed.JPG

උඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟිනි. උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.

උඩරට නීතිය යටතේ විවාහය වලංගු වීමට නම්[සංස්කරණය කරන්න]

  1. නිසි වයස් සීමාව.
  2. තහනම් ඥාති සම්භන්ධතා නොතිබීම.
  3. වලංගු පූර්ව විවාහයක් නොතිබීම.

නිසි වයස් සීමාව[සංස්කරණය කරන්න]

විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමයි (පනතේ 4 වගන්තිය). නමුත් සාමාන්‍ය නීතියට වඩා වෙනස් තත්ත්වයක් උඩරට නීතිය යටතේ දක්නට ලැබේ.එනම් පනතේ 4 (2) වගන්තිය දක්වන අවශ්‍යතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වේ.

තහනම් ඥාති සම්බන්ධතා නොතිබීම[සංස්කරණය කරන්න]

උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිලිගනී.පනතේ පස්වන වගන්තිය යටතේ මේ පිළිබද ප්‍රතිපාදන දක්වා ඇත.එය සාමාන්‍ය විවාහ ආඥාපනතේ දැක්වෙන ප්‍රතිපාදන හා සමාන වේ.

වලංගු පූර්ව විවාහයක් නොතිබීම[සංස්කරණය කරන්න]

උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ව විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැක.මීට අමතරව,

  • පාර්ශවයන් දෙදෙනාම උඩරැටියන් විය යුතුය.
  • ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍යය වේ.
  • විවාහය උඩරට ප්‍රදේශ වල පමණක් සිදු කළ යුතුය.
  • දෙපාර්ශවයම සමකුල විය යුතුය.

උඩරට නීතියේ විවාහ කාර්යය පටිපාටිය[සංස්කරණය කරන්න]

උඩරට විවාහ නීතිය යටතේ විවාහය සිදු කිරීමේ කාර්යය පටිපාටියද සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ කාර්යය පටිපාටියට සමාන වේ.මීට අමතරව

  • පාර්ශවකරුවන්ගේ වාසය පළිබඳ විස්තර ඉදිරිපත් කරමින් විවාහය ගැන දැනුම් දිය යුතුය.දැනුම් දීමට දින 4කට පෙර උඩරට ප්‍රදේශයේ පදිංචිව සිටිය යුතුය.(පනතේ 16 වන වගන්තිය)
  • එසේම පනතේ 23 (1) අ (ii)වගන්තියේ දැක්වෙන පරිදි පාර්ශවය විවාහක ද, දික්කසාද ද, වැන්දඹුවක් ද යන වග දැක්විය යුතුය.
  • පනතේ 23 (1) අ (ii)වගන්තියේ දැක්වෙන පරිදි විවාහයේ ස්වභාවය (දීග විවාහයක් ද, බින්න විවාහයක් ද) දැක්විය යුතුය.

මුස්ලිම් නීතිය යට‍තේ විවාහය[සංස්කරණය කරන්න]

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.

වලංගු විවාහයක් සඳහා[සංස්කරණය කරන්න]

  • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
  • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
  • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
  • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.

මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලියාපදිංචිය[සංස්කරණය කරන්න]

මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් නොවේ.ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති.පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි.මුස්ලිම් විවාහ නීතිය යට‍තේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලි වරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය).නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

සියවස් ගණනාවක සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ නීති පද්ධති තුනක් යට‍තේ විවාහය යන්න පෝෂණය වී ඇති ආකාරය මෙහිදී සැකෙවින් සඳහන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විවාහයට බලපාන නීති පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය උපකාරී වනු ඇත.

මේ අඩවිත් බලන්න[සංස්කරණය කරන්න]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය කරන්න]

LawNet වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=විවාහ_නීතිය_-_ශ්‍රී_ලංකා&oldid=389351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි