Jump to content

වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායය

විකිපීඩියා වෙතින්
The Houses of Parliament in Westminster
වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායය විසින් එම නම ලැබීමට හේතුකාරකවූ වෙස්ට්මිනිස්ටර් මාළිගය. එය එරා පාර්ලිමේන්තුවෙහි නිවහන වෙයි.

වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායය, හෝ වෙස්ට්මිනිස්ටර් මාදිළිය, යනු ව්‍යවස්ථාදායකයක් ක්‍රියාත්මක කිරීම සඳහා උපයෝගී කර ගත හැකි පටිපාටි මාලාවක් අන්තර්ගත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් වන අතර, පළමුවෙන් ප්‍රවර්ධනය කෙරුණේ එංගලන්තය තුලය. මෙම සම්ප්‍රදායයෙහි ප්‍රධාන අංගයන් අතර, ව්‍යවස්ථාදායකයෙහි සාමාජිකයන් වෙතින් සමන්විත සහ ව්‍යවස්ථාදායකයට වගකියන විධායක ශාඛාවක්; පාර්ලිමේන්තුවෙහි විපක්ෂ දේශපාලන පක්ෂ පැවතීම; රජයෙහි ප්‍රධානියා වෙතින් විභේද වන චාරිත්‍රානුකූල රාජ්‍ය නායකයෙක් යන දේවල් වෙති. මෙම පදය ව්‍යුත්පන්නව ඇත්තේ එංගලන්තයෙහි සහ පසුව 13වන සියවසෙහි සිට එක්සත් රාජධානියෙහි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ස්ථාපිත ස්ථානය වූ වෙස්ට්මිනිස්ටර් මාළිගය අනුව යමිනි. එක්සත් ජනපදයෙහි සම්භවය ලැබූ ජනාධිපතිමය සම්ප්‍රදායය හෝ ,[1] ප්‍රංශයෙහි රජය මත පදනම්ව ඇති අර්ධ-ජනාධිපතිමය සම්ප්‍රදායය සමග බොහෝවිට වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායය විසින් විලක්ෂණයක් දක්වයි.

  1. "වැරයටීස් ඔෆ් පබ්ලික් රෙප්‍රසන්ටේෂන්". පොලිටිකල් රෙප්‍රසන්ටේෂන්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2010. ISBN 978-0521128650.