Jump to content

ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා

විකිපීඩියා වෙතින්
(වූ සේ ටියෑන් (2014 රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා
武媚娘傳奇
ද එම්ප්‍රස් ඔෆ් චයිනා (චීන) නිල පෝස්ටරය
මෙලෙසද හැඳින්වේවූ සේ ටියෑන්
ප්‍රභේදයඓතිහාසික ප්‍රබන්ධ
තැනුවේෆැන් බිංබිං කලාගාරය
අධ්‍යක්ෂණය කලේගෝ යික් චුන්
රඟපෑමෆැන් බිංබිං
චෑං ෆෙංයි
ආරිෆ් රහ්මාන්
ජැනින් චෑං
ඇරඹුම් තේමාවචීනය සහ තායිවානය:
වසර දහස් ගණනක් (千秋) - සුන් නන් විසිනි
හොං කොං:
අධිරාජිනිය (女皇) - ජෝයි යුං විසිනි
සම්භව රටචීනය
භාෂාව(න්)මැන්ඩරින්
කථාංග ගණනමුල් ප්‍රභේදය: 82
හුනාන් ටීවී: 96
TVB: 75
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)වූ හොංලියෑං
මෙං ක්විංහන්
ලි චාඕ
නිෂ්පාදක(යෝ)ෆැන් බිංබිං
ස්ථානය(න්)ප්‍රධාන චීන භූමිය
හෙංඩියෑන් වර්ල්ඩ් ස්ටූඩියෝස්
CCTV වුෂි චිත්‍රපට සහ රූපවාහිනී පදනම
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 40~50 පමණ
නිෂ්පාදන සමාගමෆැන් බිංබිං ස්ටූඩියෝ
චයිනා ෆිල්ම් සමූහ සංස්ථාව
චේජියෑං ටැලන්ට් ටෙලිවිෂන් ඇන්ඩ් ෆිල්ම්
එවර්ග්‍රෑන්ඩ් ෆිල්ම් සමා.
ඩුෂ් ප්‍රකාශන මාධ්‍ය සමා.
ප්‍රචාරණය
මුල් නාලිකාවහුනාන් රූපවාහිනිය
රූප ආකෘතියDTMB1080i
ශබ්ද ආකෘතියස්ටීරියෝ
Original airingදෙසැම්බර් 21, 2014
බාහිර සබැඳි
නිල වෙයිබෝ පිටුව
නිෂ්පාදන වෙබ් අඩවිය
ද එම්ප්‍රස් ඔෆ් චයිනා
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).

ද එම්ප්‍රස් ඔෆ් චයිනා (සරල චීන: 武媚娘传奇; සම්ප්‍රදායික චීන: 武媚娘傳奇; පින්යින්: wǔ mèi niáng chuán qí; ජ්‍යුට්පිං: mou5 mei4 noeng4 cyun4 kei4) යනුවෙන් හැඳින්වෙන්නේ 2014දී විකාශය වූ චීන රූපවාහිනී මාලා නාට්‍යයක් වන අතර, එය 7වන සහ 8වන සියවස්වල චී‍නයේ ටෑං රාජවංශයේ වූ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වී ඇත. මෙහි ප්‍රධාන චරිතය වන චීන ඉතිහාසයේ විසූ එකම රාජ්‍ය කරන අධිරාජිනිය වූ වූ සේටියෑන් අධිරැජිනියගේ චරිතය නිරූපණය කරන්නේ මෙහි නිෂ්පාදිකාව වන ෆැන් බිංබිං විසිනි.

ෆැන් බිංබිං ස්ටූඩියෝ ආයතනය විසින් නිෂ්පාදනය කළ තෙවන රූපවාහිනී නිර්මාණය මෙයයි. ¥ මිලියන 300ක් (දළ වශයෙන් ඇ.ඩො. මිලියන $49.53) මෙයට වැයවූයේ යැයි පැවසේ.[1] මේ නිසා චීන ඉතිහාසයේ නිර්මාණය වූ වඩාත් වියදම් අධිකම රූපවාහිනී කතාමාලාවක් ලෙස මෙය සැලකේ.[2] මීට පෙර එම වාර්තාවට හිමිනම් කීයේ ¥ මිලියන 280ක වියදමින් තැනූ Heroes in Sui and Tang Dynasties (2013) නැමැති රූපවාහිනී කතාමාලාවයි.[3] මෙම කතාමාලාව මුලින්ම විකාශය කරන ලද්දේ 2014 දෙසැම්බර් 21වන දින සිට චීන මහා භූමියේ හුනාන් රූපවාහිනී නාළිකාව ඔස්සේ ය.

සාරාංශය

[සංස්කරණය]

ටෑං රාජවංශයේ දෙවන අධිරජුගේ රාජ්‍ය සමයේ දාහතර හැවිරිදි වූ රුයි (ෆැන් බිංබිං) රාජ මාලිගයට ඇතුළු වන්නේ අහිංසක කයිරෙන් (දක්ෂ ආර්යාව) වරියක ලෙසයි. ඇය ටයිෂොං අධිරාජයා (චෑං ෆෙංයි) ගේ බිසවක වී ඔහුට සේවය කිරීමට අපේක්ෂා කරයි. ඇය පිළිබඳ මඳ කාලයකින්ම පැහැදෙන ටයිෂොං අධිරාජයා ඇයට පෙම් කරයි. මේ නිසා ඇයට බොහෝ දෙනකු ඊර්ෂයා කිරීමට පෙළඹේ. කුමන්ත්‍රණකරුවන් විසින් ඇයව සොරකමකට, මිනීමැරුමකට සහ රාජද්‍රෝහී චෝදනාවකට හසු කිරීමට ප්‍රයත්න දරනු ලබයි. නමුත් ඇය සිය බුද්ධිය මෙහෙයවා ඉන් ජයගැනීමට සමත් වේ. නමුත් ටයිෂොං අධිරාජයා විසින් ඇයව සිය අතේ දුරින් තබාගන්නේ වූ වංශයේ කාන්තාවක ටෑං රාජවංශය පැහැර ගන්නා බවට වූ අනාවැකියක් හේතුවෙනි. ටයිෂොං අධිරාජයා මියගිය පසුව, ඇයව ආරාමයක් වෙත යැවෙන්නේ භික්ෂුණියක බවට පත්වීම පිණිසයි. කෙසේනමුත්, අධිරාජයාගේ බාලම පුත්‍රයා වන ලි චි (ආරිෆ් රහ්මාන්) ගඔෂොං අධිරාජයා ලෙස සිහසුනට පත්වේ. ගඔෂොං කුඩා වියේ සිටම වූ හට ප්‍රේම කරයි. ඇයව නැවත මාලිගය වෙත රැගෙන එන ඔහු, ඇයව සිය උපබිසවක බවට පත් කරගනියි. ටයිෂොං අධිරාජයාගේ සමයේ සුළු භාර්යාවක ලෙස සිටි ඇයට රාජ මාලිගය ක්‍රියාකාරීව පාලනය කරන ආකාරය පිළිබඳ හසල දැනුමක් තිබිණි. එම දැනුම යොදා ගනිමින්, ඇය ලි චි හට ඔහුගේ අනුරාජයාගෙන් සිහසුන ලබාගැනීමට උපකාර කරයි. පසුව අධිරජුගේ අධිරාජිනිය පදවියට පත්වන ඇය සිය දියණිය වෙනුවෙන් පලිගනියි. ලි චිගේ මරණය වනතෙක් ඇය විසින් ඔහු සමග හවුල් පාලනයක් ගෙනයන ලදී. ඔහුගේ මරණින් පසු ඇය අධිරාජ්‍යයේ රාජ්‍ය කරන අධිරාජිනිය ලෙසින් තනිව සිය පාලනය ගෙනගියා ය.

චරිත නිරූපණය

[සංස්කරණය]

ප්‍රධාන චරිත

[සංස්කරණය]

ටයිෂොං අධිරාජයාගේ අන්තඃපුරය

[සංස්කරණය]
  • චෑං ටිං, රාජකීය වෙයි බිසව ලෙස (ගුයි ෆෙයි)
  • කැති චෞ, පවිත්‍ර යැං බිසව ලෙස (ෂු ෆෙයි)
  • චෑං ටොං, ගුණවත් යින් බිසව ලෙස (ඩේ ෆෙයි)
  • චෑං ඩිං හන්, වෙන්ඩේ අධිරාජිනිය / චෙං වැන්යෑන් ලෙස
  • නියේ මෙයි, සමර්ථ ලියු බිසව (ෂියෑන් ෆෙයි)
  • සුන් ජියා ක්වි, ෂියාඕ ක්වියෑං ලෙස
  • චෑං ෂි ටිං, ෆෙං කයිරෙන් ලෙස
  • ලියු චි ෂි, චෙන් ගුයිරෙන් ලෙස

ගඔෂොං අධිරාජයාගේ අන්තඃපුරය

[සංස්කරණය]

රාජකීය පවුල

[සංස්කරණය]

අමාත්‍යවරුන් සහ සෙන්පතීන්

[සංස්කරණය]

සේවකයින්

[සංස්කරණය]
  • ෂෙන් බඔපිං, වං දේ; ටයිෂොං අධිරාජයාගේ පෞද්ගලික සහායකයායි.
  • හේ ෂින්, චෙංෂින්; කිරුළහිමි කුමරුගේ මිතුරායි.
  • වං චෙන්, චුන් යිං ලෙස; වෙයි බිසවගේ පෞද්ගලික සහායිකාවයි.
  • චෙන් සි සි, ක්විං ෂුන් ලෙස; යැං බිසවගේ පෞද්ගලික සහායිකාවයි.
  • ටු ලිමන්, ලියු සියාඕ ලෙස; ඩේ බිසවගේ පෞද්ගලික සහායිකාවයි.
  • වං යනාන්, වෙන් නියෑං ලෙස; ෂු හුයිගේ පෞද්ගලික සහායිකාවයි.
  • ගඔ යුවාන්, රුයි ආන් ලෙස

වෙනත්

[සංස්කරණය]

නිෂ්පාදනය

[සංස්කරණය]

චේජියෑං ටැලන්ට් ටෙලිවිෂන් ඇන්ඩ් ෆිල්ම්, චයිනා ෆිල්ම් ගෲප් සංස්ථාව, එවර්ග්‍රෑන්ඩ් ෆිල්ම් සමාගම, ඩුචේ ප්‍රකාශන මාධ්‍ය සමාගම, ජිලින් රූපවාහිනිය, සහ ගුවාන්ෂි රූපවාහිනිය විසින් මෙම කතාමාලාව සඳහා සම-මූල්‍ය දායකත්වය ලබාදෙන ලදී.

ව්‍යාපෘති සමාරම්භක පුවත් සමුළුව 2012 දෙසැම්බර් 28 දින පැවැත්විණි. එහි දී අධ්‍යක්ෂක ලෙස ලියු ජියෑං තෝරාගැනිණි.[4] නමුත් පසුව කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහු විසින් මෙය අත්හැර දමන ලදී.

2014 පෙබරවාරි 12 දින රූපවාහිනී කතාමාලාවේ එන චරිතවල ඡායාරූප මුදාහැරිණි. මෙම ඡායාරූප මුදාහැරීම චීන නව වසර වෙනුවෙන් නිර්මාණ කණ්ඩායමෙන් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට පිදෙන ත්‍යාගයක් ලෙස හැඳන්විණි. ෆැන් විසින් පවසන ලද්දේ මෙම චරිතය ඇය රැඟුමට සිහින මවමින් සිටි චරිතක් බවයි. පරම්පරා ගණනක් පුරා ඇය පිළිබඳ නොයෙකුත් අර්ථකථන පැවතිය ද, එම චරිතය තමන්ගේම ක්‍රමයට නිරූපණය කිරීමට උත්සාහ ගන්නා බව ඇය පැවසුවා ය.[1]

රූගත කිරීම් 2013 දෙසැම්බර් 28 දින ඇරඹිණි.[5] එය අවසන් වූයේ 2014 අගෝස්තු 16 දින ය. රූගත කළ ස්ථාන අතරට වුෂි,[6][7] හෙංඩියෑන් වර්ල්ඩ් ස්ටූඩියෝස්, නැන්ජිං, සහ ෂාඕෂිං යන ස්ථාන ඇතුළත් විය.[8]

විකාශන පුවත් සමුළුව 2014 දෙසැම්බර් මස 18 දින බෙයිජිංහි පැවැත්විණි.[9] රූපවාහිනී කතාමාලාවේ ෆැන් බිංබිං වෙනුවෙන් වස්ත්‍ර කට්ටල 260කට අධික සංඛ්‍යාවක් නිමැවුණු අතර, සම්පූර්ණ පිරිස වෙනුවෙන් වස්ත්‍ර කට්ටල 3,000ක් පමණ නිර්මාණය කිරීමට සිදු විය. මින් වඩාත් මිලාධිකම වස්ත්‍රය වූයේ 500,000 CNY කට අධික මිලකින් යුත් මකර ලෝගුවයි. නිෂ්පාදකවරුන්ගෙන් අයකු වූ වූ හොංලියෑං පැවසූයේ නාට්‍ය කණ්ඩායමට මිනිසුන් 600කට අධික පිරිසක් දායක වූ බවත්, රූගත කිරීම් මාස 10ක් පමණම පැවති බවත්, පිටපත් රචනය වෙනුවෙන් විවිධ රචකයින් වර්ෂ තුනක් පමණ වෙහෙස වූ බවත් ය.[10]

මෙම කතාමාලාවේ චීන නම ලෙස මුලින් වූ සේටියෑන් යන්න යොදා ගැනීමට තීරණය කළ මුත්, පසුව එය වූ සේටියෑන්ගේ පුරාවෘත්තය ලෙස වෙනස් කෙරිණි. විකාශන දිනයට දින දෙකකට පෙර, එහි නම නැවත වූ මෙයිනියෑංගේ පුරාවෘත්තය ලෙස වෙනස් කෙරිණි. මෙය ගුවන්විදුලි, චිත්‍රපට සහ රූපවාහිනී පරිපාලන ආයතනයේ (SARFT) නියමය අනුව සිදුකෙරුණකි.

සංගීතය

[සංස්කරණය]

මෙම කතාමාලාවේ සංගීත විහ්නය නිර්මාණය කොට ඇත්තේ ඩොං ඩොංඩොං විසිනි. ඔහු විසින් මීට පෙර No Man's Land සහ Beijing Love Story වැනි චිත්‍රපට සඳහා ගීත රචනා කොට ඇත. පළමුව, නිෂ්පාදන සමාගම විසින් කොරියාව, ජපානය සහ චීන මහාභූමියෙන් සංගීතඥයින් ගෙන්වා ගැනීමට අදහස් කළ ද, චීනයේ රූපවාහිනී කතාමාලා පිළිබඳ වාරණ ප්‍රතිපත්ති අනුව එම අදහස් වෙනස් කිරීමට සිදු විය. මූලිකව එක් රූපවාහිනී කතාමාලාවක් චන්ද්‍රිකා නාළිකා හතරක විකාශය කළ යුතු යැයි සම්මතයක් වුව ද, 2015දී එම නාළිකා සංඛ්‍යාව දෙකක් දක්වා ශෝධනය කෙරිණි. නිෂ්පාදන වියදම සහ කාර්යබහුප පශ්චාත්-නිෂ්පාදන ක්‍රියාදාමය සලකා නිෂ්පාදන සමාගම විසින් ස්වදේශික නිර්මාණකරුවකු වූ ඩොං ඩොංඩොංට ආරාධනා කරන ලදී.

ආරම්භක ගීතය වන ක්වියෑන් ක්වියු (චීන: 千秋; සාහිත්‍යමය: වසර දහස් ගණනක් පුරා) ගායනා කරන්නේ සුන් නැන් විසිනි.

අවසන් තේමා ගීතය වන වු ෂි බෙයි (චීන: 无字碑: සාහිත්‍යමය: Wordless Tablet) ගයනු ලබන්නේ ජේන් චෑං විසිනි. එහි ගීත රචනය වින්සන්ට් ෆැං විසිනුත්, සංගීත නිර්මාණය ආරිෆ් රහ්මාන් විසිනුත් සිදුකරන ලදී. මෙම ගීතය පළමුවරට එළිදැක්වුණේ 2014 දෙසැම්බර් 16 දින සයිනා සැසියේදී ය. මිලියන 1.37කට අධික පිරිසක් විසින් ශ්‍රවණය කළ මෙය නව ගීත දර්ශකයේ ඉහළින්ම වැජඹිණි.

හොං කොංහි TVB නාළිකාවේ විකාශය සඳහා තේමා ගීතය ලෙස ජෝයි යුං විසින් ගායනා කරන "රැජින" ගීතය යොදාගැනිණි.

චීනය සහ තායිවානය

[සංස්කරණය]
අංකය. ගීතයගී පදසංගීතයගායක(යා) කාලය
1. "වසර දහස් ගණනක් පුරා" (千秋)චෙන් ෂිඩොං ඩොංඩොංසුන් නන් 2:42
2. "වදන් රහිත ඵලකය" (無字碑)වින්සන්ට් ෆැංආරිෆ් රහ්මාන්ජේන් චෑං 3:04
3. "ලොව පාලනය කිරීමේ අභියෝගය" (敢為天下先)චෙන් ෂිඩොං ඩොංඩොංජේන් චෑං 3:33
4. "දෙව්ලොව" (蒼天)ක්‍රිස් ෂුම්ලියොන් කෝජැකී ච්‍යූං සහ ඉවෝන් හ්සු 4:04

හොං කොං

[සංස්කරණය]
අංකය. ගීතයගී පදසංගීතයගායක(යා) කාලය
1. "අධිරාජිනිය" (女皇)හේයස් යූංඇලන් ච්‍යූංජෝයි යුං 3:32
2. "කඳුළේ රහස" (眼淚的秘密)සැන්ඩි චෑංඇලන් ච්‍යූංජිනී න්ග් 3:35
3. "කුමක් සිදුවුවත් කම් නැත" (不顧一切)සැන්ඩි චෑංඩේමන් චුයි සහ ජොනී යිම්ලින්ඩා චුං 4:13

විකාශය

[සංස්කරණය]

ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා කතාමාලාව 2014 දෙසැම්බර් 21 දින සිට විශේෂයෙන්ම හුනාන් රූපවාහිනිය ඔස්සේ චීන මහාභූමියේ විකාශය කෙරිණි. එසේම තායිවානයේ චුං ටියෙන් රූපවාහිනී නාළිකාවෙන් ද, හොං කොංහි TVB නාළිකාවෙන් ද, තායිලන්තයේ ගෝල්ඩන් ටවුන් ෆිල්ම් සමාගම විසින් ද විකාශය කරන ලදී.

චීන මහාභූමිය

[සංස්කරණය]

2014 දෙසැම්බර් 28 සිට 2015 ජනවාරි 1 දක්වා මෙම කතාමාලාව තාවකාලිකව විකාශය අත්හිටුවන ලදී. හුනාන් රූපවාහිනිය සිය නිල සයිනා වෙයිබෝ ගිණුමෙහි නිවේදනය කළේ "ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා රූපවාහිනී කතාමාලාව 'තාක්ෂණික' හේතූන් මත ඉරිදා දින සිට අත්හිටුවන බවත්, 2015 ජනවාරි 1 දින යළි තැරගත වීම අරඹන බවත් ය."[11] කෙසේනමුත්, මෙම අත්හිටුවීමට සෑබෑ හේතුව ලෙස වාර්තා වූයේ මෙහි එන වස්ත්‍ර 'බෙහෙවින් නිරාවරණය' වූ ඒවා නිසා බව ය. විශේෂයෙන්ම ලය පෙදෙස් නිරාවරණය වන වස්ත්‍ර එහි අන්තර්ගත විය. මේ නිසා විකාශන අධිකාරීත්වය මගින් විකාශකයාට රූපවාහිනී කතාමාලව සංස්කරණය කරන මෙන් පවසා තිබේ.[12][13][14] 2015 ජනවාරි 1 දින මෙම කතාමාලාව විකාශය යළි ඇරඹිණි. නමුත් සංස්කරණයේ දී පයෝධර අතර පිහිටි බෙත්ම අන්තර්ගතවන බොහෝ දසුන් ඉවත් කොට තිබිණි.[15] මෙම බෙත්ම පෙදෙස නිරාවරණය වන ප්‍රමාණය අවම කිරීමට සමීප දසුන් සහ පුළුල් දසුන් භාවිතා කොට තිබේ‍.[16] චීන අන්තර්ජාල භාවිතා කරන්නන් වෙයිබෝ ඔස්සේ මෙම වාරණය පිළිබඳ පැමිණිලි කොට ඇත. බොහෝ දෙනකු පැවසූයේ ඉන් තමන්ට ෆැන් බිංබිංගේ සිය ගණනක් වූ වස්ත්‍රයන්ගේ වෙනස්කම් දැකගැනීමට තමන්ට අවස්ථාව නොලැබෙන බවයි.[17] ඇතැම් වාර්තාවන් සඳහන් කොට තිබුණේ පුරාතන චීනයේ විශිෂ්ඨතම රාජවංශයක් වන ටෑං රාජවංශ සමයේ කාන්තාවන් එලෙස නිරාවරණය වූ වස්ත්‍ර පැළඳ ඇති බවකි.[14]

එලෙසම, ප්‍රධාන චරිත අතර සමීපභාවය සහ ආදරය නිරූපණය වන දර්ශන (ස්නාන හෝ සිප ගැනීම් දර්ශන) ද සම්පූර්ණයෙන් ඉවත් කොට ඇත. මේ නිසා කතාමාලාවේ සිදුවීම් වටහා ගැනීමට ඇතැම් අවස්ථාවල බාධා පැමිණේ.

තායිවානය

[සංස්කරණය]
තායිවානයේ CTi ටීවී නාළිකාවේ ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා නිල පෝස්ටරය.

2015 මාර්තු 30 දින සිට, තායිවානය විසින් මෙම කතාමාලාව CTi ටීවී නැමැති කේබල් රූපවාහිනී නාළිකාව සහ CTV නිදහස් නාළිකාව ඔස්සේ විකාශය කරන ලදී. මෙම නාළිකා දෙකෙන්ම විකාශය වූයේ කපා කොට නොමැති, වාරණය නොකළ නොඉඳුල් කතාමාලාවයි.

හොං කොං

[සංස්කරණය]
ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා සඳහා හොං කොංහි TVB නාළිකාවේ නිල පෝස්ටරය.

හොං කොංහි TVB ජේඩ් නැමැකි නිදහස් නාළිකාව මගිව් මෙම නාට්‍යය 2015 අප්‍රේල් 26 දින සිට විකාශය අරඹන ලදී. මෙම කතාමාලාවේ දීර්ඝභාවය නිසා එය කථාංග දහයකින් අඩු කෙරිණි. එසේම TVB නාළිකාව විසින් එහි විකාශන කාල ප්‍රාන්තරය ලෙස ඉරිදා සිට සෙනුසරාදා දක්වා සම්පූර්ණ සතියේම දින තෝරාගන්නා ලදී.[18] චීන මහාභූමියේ මෙන් ළැම පෙදෙස නිරාවරණයේ ගැටලුව වැළැක්වීමට TVB නාළිකාව විසින් CGI විශේෂඥයින් ගෙන්වාගෙන ළැම මැද නිරාවරණය වන පෙදෙස් ආවරණය කරමින් වස්ත්‍ර යොදා ප්‍රයෝගයක් සිදුකරන ලදී. එසේම TVB නාළිකාව විසින් මුල් නාදපථයම සහ එහි කැන්ටනීස් හඬ කැවූ ප්‍රභේදයක් ජේඩ් නාළිකාව ඔස්සේ විකාශය කරන ලදී.[19]

විකාශය

[සංස්කරණය]
ජාලය style="width:2%"|රට style="width:6%"|විකාශන දිනය style="width:15%"|ධාවන කාලසීමාව style="width:6%"|වෙළඳ දැන්වීම් රහිත ධාවන කාලයප්‍රභේද
හුනාන් ටීවීසැකිල්ල:CHNMLදෙසැම්බර් 21, 2014ඉරිදා - බ්‍රහස්පතින්දා ප.ව. 7:30-10:00ට (කථාංග 3)
සිකුරාදා - සෙනුසරාදා ප.ව. 7:30-8:10
ආසන්න. මිනිත්තු 40කැපූ සහ සංස්කරණය කළ ප්‍රභේදය
ZJSTVජනවාරි 14, 2015ඉරිදා - බ්‍රහස්පතින්දා ප.ව. 7:30- 9:30 (කථාංග 2)
සිකුරාදා - සෙනසුරාදා ප.ව. 7:30-9:10 (කථාංග 2)
හෙනාන් ටීවීඅප්‍රේල් 1, 2015ඉරිදා - සෙනසුරාදා (කථාංග 2)
ගුවාංෂි ටීවී
BTVඅප්‍රේල් 26, 2015ඉරිදා (කථාංග 5)
CTi TVසැකිල්ල:TWNමාර්තු 30, 2015සඳදා - සිකුරාදා ප.ව. 8:00-9:30ආසන්න. මිනිත්තු 45නොකැපූ
CTV
ELTA TVඅප්‍රේල් 2, 2015
TVB ජේඩ්සැකිල්ල:HKඅප්‍රේල් 26, 2015ඉරිදා - සෙනසුරාදා ප.ව. 9:30-10:30ආසන්න. මිනිත්තු 45කැපූ, සංස්කරණය කළ සහ කැන්ටනීස් හඬ කැවූ
TVB ජේඩ් HD
ඇස්ට්‍රෝ ඔන් ඩිමාන්ඩ් මලයාසියාවඅප්‍රේල් 26, 2015ඉරිදා - සෙනසුරාදා ප.ව. 9:30-10:15ආසන්න. මිනිත්තු 45TVB ප්‍රභේදය, කැන්ටනීෂ් හඬකැවූ
VV ඩ්‍රාමා Singaporeඅගෝස්තු 12, 2015සඳුදා - ඉරිදා ප.ව. 9:00-10:00TVB ප්‍රභේදය, මුල් නාදපථය
CTV8 HDසැකිල්ල:KHMනොවැම්බර් 11, 2015සඳුදා - සිකුරාදා පෙ.ව. 12:00 - ප.ව. 1:00 සහ ප.ව. 7:00 – 8:00ආසන්න. මිනිත්තු 45TVB ප්‍රභේදය, කැන්ටනීස් නාදපථය
චැනල් ජින්ජා ජපානයජූලි 18, 2016සඳුදා - සිකුරාදා ප.ව. 11:00-0:00නොකැපූ, මුල් නාදපථය; ජපන් උපසිරැසි සමග

පිළිගැනීම

[සංස්කරණය]

ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා රූපවාහිනී කතාමාලාව ආර්ථික අතින් ඉමහත් සාර්ථකත්වයක් හිමිකර ගත්තේ ය. මෙම වැඩසටහනේ පළමු කථාංගයම රූපවාහිනී නාට්‍ය විචාරකයන්ගේ වාර්තා බිඳ හෙළීමට සමත් විය.[11] SARFT සතුටු කරවීමට මෙය යළි-සංස්කරණය කෙරුණු මුත් ද එම්ප්‍රස් ඔ‍ෆ් චයිනා රූපවාහිනී කතාමාලාවට ප්‍රේක්ෂක ප්‍රතිශතයේ උච්චස්ථානයේ රැඳී සිටීමට එය බාධාවක් නොවිණි.[16]

මෙම නාට්‍යය මිශ්‍ර මෙන්ම ඍණාත්මක විචාරයන්ට ද ලක් විය. මෙහි අලංකෘත වස්ත්‍ර පිළිබඳ පැසසූ ප්‍රේක්ෂකයෝ කථාව සෙමෙන් ගලා යාම පිළිබඳ චෝදනා නගන්නට වූහ.[20] පෙරටු සේයාවන්ගෙන් තොරව කථාව නාට්‍යානුකූලව ගලා යන මුත්, එය නිසි පරිදි අමුණා නැති බවයි, ඔවුන්ගේ මතය වූයේ. ඇතැම් වාර්තා සඳහන් කොට ඇත්තේ මෙම නාට්‍යය මේරි සූ කථාව වැනි බවයි.[21][22] මෙම කතාමාලාව සැබැවින්ම ඓතිහාසික සිදුවීම්වල යථා ප්‍රතිනිර්මාණයක් නොවේ. ඉතිහාසය අනුව වූ සේටියෑන්හට ඇගේ සතුරා වූ චැංසුන් වුජි සමග සටනෙහි නිරත වීමට සිදු විය. නමුත් මෙම නාට්‍යයේ, ඇය නිරූපණය කොට ඇත්තේ අහිංසක කාන්තාවක ලෙසයි.[23]

චීන මහා භූමිය
සැකිල්ල:CHNML [[]] premiere ratings
EpisodeDateCSM50CSM ජාතික ජාලය
RatingShareRankingRatingShareRanking
1-3දෙසැම්බර් 21, 20142.2806.05012.146.132
4-6දෙසැම්බර් 22, 20142.3966.68112.457.231
7-9දෙසැම්බර් 23, 20142.7147.77412.657.981
10-12දෙසැම්බර් 24, 20142.4696.93612.667.691
13-15දෙසැම්බර් 25, 20142.6787.37812.778.091
16දෙසැම්බර් 26, 20142.4296.51312.546.561
17දෙසැම්බර් 27, 20142.5466.7481
18-20ජනවාරි 1, 20152.5796.94412.657.271
21ජනවාරි 2, 20152.5336.8381
22ජනවාරි 3, 20152.4006.2741
23-25ජනවාරි 4, 20152.6977.40112.527.331
26-28ජනවාරි 5, 20152.7227.30412.467.061
29-31ජනවාරි 6, 20152.8577.71212.577.251
32-34ජනවාරි 7, 20152.7167.20912.587.261
35-37ජනවාරි 8, 20152.8497.72112.597.481
38ජනවාරි 9, 20152.4436.47212.667.231
39ජනවාරි 10, 20152.8307.3901
40-42ජනවාරි 11, 20152.7737.4091
43-45ජනවාරි 12, 20152.6487.23512.677.611
46-48ජනවාරි 13, 20153.1218.36312.958.281
49-51ජනවාරි 14, 20152.7807.38913.098.681
52-54ජනවාරි 15, 20152.9828.07013.158.731
55ජනවාරි 16, 20152.4176.42413.148.451
56ජනවාරි 17, 20153.0677.9521
57-59ජනවාරි 18, 20152.9837.9381
60-62ජනවාරි 19, 20153.0348.23513.289.201
63-65ජනවාරි 20, 20153.0628.24313.409.411
66-68ජනවාරි 21, 20153.0888.28213.339.211
69-71ජනවාරි 22, 20153.4118.85513.9610.691
72ජනවාරි 23, 20152.6346.98113.469.361
73ජනවාරි 24, 20152.7117.2771
74-76ජනවාරි 25, 20153.2648.4201
77-79ජනවාරි 26, 20153.3788.89813.529.811
80-82ජනවාරි 27, 20153.5519.27314.0010.911
83-85ජනවාරි 28, 20153.7379.62314.3511.851
86-88ජනවාරි 29, 20153.5159.10814.1011.161
89ජනවාරි 30, 20152.6576.99213.719.991
90ජනවාරි 31, 20152.4346.4071
91-92පෙබරවාරි 1, 20153.3138.7631
93-94පෙබරවාරි 2, 20154.10210.90114.6412.801
95-96පෙබරවාරි 3, 20154.23411.17115.0813.681
සම්පූර්ණ සාමාන්‍යය2.9597.9262014දී 13.178.812014 දී 1
  1. The data determined by CSM.
  2. Ratings ranked above not including CCTV.
  3. තොරතුරු ප්‍රභවය: කිමි_冲克顿传媒数据中心卫视这些事儿卫视小露电青春剧透社
තායිවානය
සැකිල්ල:TWN [[]] premiere ratings (AC නීල්සන්)
EpisodeWeekDateRatingRanking
1-51මාර්තු 30, 2015 - අප්‍රේල් 3, 20151.214
6-102අප්‍රේල් 6, 2015 - අප්‍රේල් 10, 20151.504
11-153අප්‍රේල් 13, 2015 - අප්‍රේල් 17, 20151.644
16-204අප්‍රේල් 20, 2015 - අප්‍රේල් 24, 20151.903
21-255අප්‍රේල් 27, 2015 - මැයි 1, 20151.803
26-306මැයි 4, 2015 - මැයි 8, 20151.913
31-357මැයි 11, 2015 - මැයි 15, 20151.903
36-408මැයි 18, 2015 - මැයි 22, 20152.213
41-459මැයි 25, 2015 - මැයි 29, 2015
46-5010ජූනි 1, 2015 - ජූනි 5, 2015
51-5511ජූනි 8, 2015 - ජූනි 12, 2015
56-6012ජූනි 15, 2015 - ජූනි 19, 2015
61-6513ජූනි 22, 2015 - ජූනි 26, 2015
66-7014ජූනි 29, 2015 - ජූලි 3, 2015
71-7515ජූලි 6, 2015 - ජූලි 10, 2015
76-8016ජූලි 13, 2015 - ජූලි 17, 2015
81-8517ජූලි 20, 2015 - ජූලි 24, 2015
8618ජූලි 27, 2015
  1. The data determined by AGB.
  2. තොරතුරු ප්‍රභවය: 中時娛樂凱絡媒體週報
හොං කොං
සැකිල්ල:HK TVB ජේඩ් ඇගයීම්
# කාල සීමාව (HKT) සතිය කථාංග(ය) සාමාන්‍ය අගය උච්ච අගය
1
ඉරිදා – සෙනසුරාදා 21:30ට
26 අප්‍රේල් 2015
1
23
24
2
27 අප්‍රේල්-3 මැයි 2015
2-8
23
28
3
04-10 මැයි 2015
9-15
24
30
4
11-17 මැයි 2015
16-22
25
28
5
18-22 මැයි 2015
23-28
25
26
6
25-31 මැයි 2015
29-34
27
30
7
01-7 ජූනි 2015
35-41
28
26
8
08-14 ජූනි 2015
42-48
24
26
9
15-21 ජූනි 2015
49-55
26
30
10
22-28 ජූනි 2015
56-61
31
40
11
29 ජූනි-5 ජූලි 2015
62-67
27
31
12
06-12 ජූලි 2015
68-74
30
33
සම්පූර්ණ සාමාන්‍යය

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 "Fan Bingbing's Empress Wu Zetian Makeup Released". womenofchina.cn. පෙබරවාරි 12, 2014. 2015-01-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය පෙබරවාරි 12, 2014.
  2. (චීන) 范爷3亿“讨”江山 සංරක්ෂණය කළ පිටපත 2014-08-09 at the Wayback Machine
  3. (චීන) 《隋唐演义》2.8亿刷新最烧钱电视剧纪录 සංරක්ෂණය කළ පිටපත 2014-08-09 at the Wayback Machine
  4. 《武则天》启动 范冰冰与刘江合作 (චීන බසින්). 29 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2012.
  5. "范冰冰亮相《武则天》开机仪式 俏皮装束卖萌". hexun.com. 28 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2013.
  6. (චීන) 电视剧《武则天》无锡开机 女神范冰冰亮相 සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
  7. "Fan Bingbing flaunts full bust for new role "Wu Zetian"". msn.com. 14 පෙබරවාරි 2014. 2014-08-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 පෙබරවාරි 2014.
  8. (චීන) 范冰冰在绍兴拍《武则天》 粉丝跟紧紧(图) සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
  9. "TV Series Featuring Fan Bingbing as Empress Wu Zetian to Air Soon". womenofchina.cn. 19 දෙසැම්බර් 2014. 2019-04-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2014.
  10. 《武则天传奇》年底登陆湖南卫视. 163.com (චීන බසින්). 19 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2014.
  11. 1 2 "Hit show's suspension leads to widespread speculation". http://english.sina.com. දෙසැම්බර් 30, 2014. සම්ප්‍රවේශය දෙසැම්බර් 30, 2014. {{cite news}}: External link in |work= (help)
  12. "Chinese drama 'The Empress of China' taken off air for being 'too sexy'". http://www.shanghaiist.com. දෙසැම්බර් 30, 2014. සම්ප්‍රවේශය දෙසැම්බර් 30, 2014. {{cite news}}: External link in |work= (help)
  13. "TV drama cut over too-sexy outfits". thestandard.com.hk. දෙසැම්බර් 30, 2014. සම්ප්‍රවේශය දෙසැම්බර් 30, 2014.
  14. 1 2 "The Empress Of China returns to TV without cleavage". dramafever. 4 ජනවාරි 2015. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.[permanent dead link]
  15. "TV show 'The Empress of China' returns". china.org.cn. ජනවාරි 4, 2015. සම්ප්‍රවේශය ජනවාරි 4, 2015.
  16. 1 2 "The Empress of China" Censors Cleavage After Re-broadcast". jaynestars. 4 ජනවාරි 2015. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
  17. "Sexy China TV drama busted, returns to air more sedate". රොයිටර්ස්. ජනවාරි 3, 2015. සම්ප්‍රවේශය ජනවාරි 3, 2015.
  18. TVB to Air Select Dramas 7 Days a Week. සම්ප්‍රවේෂණය මැයි 17, 2015
  19. TVB Uses CGI to Censor Cleavage in “The Empress of China”. සම්ප්‍රවේෂණය මැයි 17, 2015
  20. "《武媚娘传奇》一波未平一波又起". qnsb.com. 22 නොවැම්බර් 2015. 2015-02-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 ජනවාරි 2015.
  21. "新版武媚娘 换个马甲的甄嬛?". why.com.cn. 24 දෙසැම්බර් 2015. 2015-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2015.
  22. "武媚娘"拦截"一剧四星末班车". why.com.cn. 4 ජනවාරි 2015. 2015-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
  23. "武媚娘传奇》穿帮镜头多 剧情改编离谱遭批". http://ent.scol.com.cn. සම්ප්‍රවේශය 18 මාර්තු 2015. {{cite web}}: External link in |website= (help)

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Hunan Television Golden Eagle Theatre සැකිල්ල:2015 TVB