වීර මොණරවිල කැප්පෙටිපොළ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොළ
ගොනුව:කැප්පෙටිපොළ
වීර මොනරවිල කැප්පෙටිපොළ දිසාව
උපතමාතලේ, සිංහලේ
මරණයක්‍රි.ව. 1818 නොවැ 26
මහනුවර, බ්‍රිතාන්‍ය ලංකාව
මරණයට හේතුවහිසගසා ඝාතනය කිරීම
අවසන් කටයුතුශ්‍රී ලංකාව
නිවහනමහනුවර
වෙනත් නම්මොනරවිල කැප්පෙටිපොළ, කැප්පෙටිපොළ දිසාව
වාර්ගිකත්වයසිංහල
පුරවැසිභාවයසිංහල, සිලෝනිස්
වෘත්තියදිසාව (මාතලේ සහ ඌව)
ප්‍රසිද්ධ වන්නේ1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය මෙහෙයවීම
වාස නගරයමාතලේ
ආගමථේරවාද බුද්ධාගම
කලත්‍රයා(යන්)දෙල්වල එතනහාමි (රත්නපුර)
දරුවන්පුතුන් දෙදෙනෙක්
දෙමාපියන්ගොලහෙළ දිසාව(පියා), මොනරවිල කුමාරිහාමි (මව)

රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොළ (වීර මොනරවිල කැප්පෙටිපොළ ලෙස වඩාත් ප්‍රසිද්ධ වූ) ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි. ඔහු 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය. බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් ‍රැසක් අත් අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මරණ දණ්ඩනය පනවන ලදී. වර්ෂ 1818 නොවැම්බර් මස 26 අද වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ ජාතිය වෙනුවෙන් දිවි පිදූහ. මොනරවිල කැප්පෙටිපොළ දිසාව සිය මරණ දඬුවම ක්‍රියාත්මක අවස්ථාවේ පෑ අසාමාන්‍ය ධෛර්යය නිසා වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර එතුමා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු ලෙස සැලකේ. කැප්පෙටිපොල නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලය වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලය නමින් නම්කර ඇති අතර එය කැප්පෙටිපොල උපන් ගම් ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ මොනරවිල ග්‍රාමයට ආසන්නයේ පිහිටා ඇත.