Jump to content

විස්මෘතිය

විකිපීඩියා වෙතින්
විස්මෘතිය
වෙනත් නම්ඇම්නෙසික් සින්ඩ්‍රෝමය, ඇම්නීසියාව, ඇම්නෙසියා
වීඩියෝ පැහැදිලි කිරීම
විශේෂඥතාවමනෝචිකිත්සාව, ස්නායු විද්‍යාව
රෝග ලක්ෂණඅතීත සිදුවීම් සිහිපත් කිරීමේ හැකියාව නැතිවීම[1]
හේතූන්හිසට සිදුවන තුවාල, තයමින් ඌනතාවය, ආඝාතය, වලිප්පුව, ඩිමෙන්ශියාව, මත්පැන් වලට ඇබ්බැහි වීම, මොළයේ පිළිකා, ඇතැම් ඖෂධ, එන්සෙෆලයිටිස්, අස්ථිර ගෝලීය මතක ශක්තිය නැතිවීම, දැඩි මානසික ආතතිය[1]
රෝග විනිශ්චය ක්‍රමයරෝග ලක්ෂණය මත පදනම්ව, ස්නායු මනෝවිද්‍යාත්මක පරීක්ෂණ මගින් [1]
ප්‍රතිකාරහේතුව අනුව[1]

විස්මෘතිය නැතහොත් මතකය අමතක වීම යනු අතීත සිදුවීම් සිහිපත් කිරීමේ හැකියාව නැති වීමයි.[1] මෙය යම් නිශ්චිත කාල පරාසයක් තුළ මතකය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් නැතිවීමක් විය හැක.[1] සාමාන්‍යයෙන් ක්‍රියා කිරීමේ හැකියාව පවතින අතර අතර කරුණු මතක තබා ගැනීමේ හැකියාව පමණක් නැති වී යයි.[1] මතකය නැතිවීම කෙටි කාලීන විය හැකි අතර, ස්ථිරවම මතකය නැතිවීම, නැතහොත් ක්‍රමයෙන් නරක අතට හැරීම ද සිදු විය හැකිය.[1]

ඊට බලපාන හේතු අතර හිසට සිදුවන තුවාල, තයමින් ඌනතාවය, ආඝාතය, වලිප්පුව, ඩිමෙන්ශියාව, මත්පැන් භාවිතය හේතුවෙන් ඇතිවන තත්ත්වයන්, මොළයේ පිළිකා, ඇතැම් ඖෂධ, එන්සෙෆලයිටිස්, තාවකාලික සීමාගත නොවන විස්මෘතිය සහ දැඩි මානසික ආතතිය ඇතුළත් වේ.[1] මොළයේ විවිධ ප්‍රදේශ ඊට හේතුකාරක විය හැකි වුවද, මෙයට බලපාන යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම වටහාගෙන නොමැත.[1] හේතුකාරක සිදුවීමට පෙර සිදුවීම් සම්බන්ධයෙන් ඇතිවන ප‍්‍රතිගාමි විස්මෘතිය, හේතුකාරක සිදුවීමෙන් පසු සිදුවීම් සම්බන්ධයෙන් ඇතිවන පූර්වක‍්‍රමික විස්මෘතිය සහ නිශ්චිත සංවේදන පද්ධතියකට අදාළ විස්මෘතිය ලෙස වර්ග කළ හැකිය..[1] රෝග විනිශ්චය රෝග ලක්ෂණ මත පදනම් විය හැකි අතර විධිමත් පරීක්ෂණ මගින් එය තහවුරු කිරීමට සහාය ලබාගත හැකිය.[1] එය අභිප්‍රේරණය, අවධානය හෝ තර්ක කිරීමේ හැකියාව දුර්වල වීම යන තත්ව වලට වඩා වෙනස් වේ.[2]

ප්‍රතිකාරයේදී මෙම තත්වය ඇති වීමට පාදක වූ හේතුවට ප්‍රතිකාර කිරීම සිදු කරයි.[1] මතක ආධාරක හෝ උපදේශනය ඒ සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.[3] විස්මෘතියට ප්‍රතිකාර කිරීමට උපකාරී වන බව තහවුරු වූ ඖෂධ හෝ පෝෂණ අතිරේක නොමැත.[3] ස්ථිර හෝ ක්‍රමයෙන් වර්ධනය වන මතක ගැටලු ඇති පුද්ගලයන්ට බොහෝ විට දෛනික ජීවිතයේදී දුෂ්කරතා ඇති වේ.[1]

විස්මෘතියේ සමස්ත ව්‍යාප්ති අනුපාත පැහැදිලිව හඳුනාගෙන නොමැත.[3] හිහිසට සිදුවන තුවාලයකින් පසු පුද්ගලයන්ගෙන් 12%කට පමණ මතක ගැටලු ඇති විය හැකි අතර, 18%ක් දක්වා පිරිසකට මානසික ආතතිය හා සම්බන්ධ මතක ගැටලු ඇති විය හැකිය.[3] මතකය මොළය හා සම්බන්ධ බව මධ්‍යතන යුගය වන විටත් දැන සිටි කරුණකි.[4] Amnesia යන ඉංග්‍රීසි නම පැමිණෙන්නේ පුරාණ ග්‍රීක භාෂාවේ ‘අමතක වීම’ යන අර්ථය ඇති පදයකිනි. එය a- (‘නොමැති’) සහ mnesis (‘මතකය’) යන කොටස්වලින් එකතු වී සෑදී ඇත.[5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Amnesia - Brain, Spinal Cord, and Nerve Disorders". Merck Manuals Consumer Version. 26 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2021. සංරක්ෂිත පිටපත, https://www.merckmanuals.com/home/brain,-spinal-cord,-and-nerve-disorders/brain-dysfunction/amnesia, ප්‍රතිෂ්ඨාපනය 25 September 2026
  2. ↑ "Amnesias - Neurologic Disorders". Merck Manuals Professional Edition. 24 June 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 February 2021. සංරක්ෂිත පිටපත, https://www.merckmanuals.com/professional/neurologic-disorders/function-and-dysfunction-of-the-cerebral-lobes/amnesias?query=Amnesia, ප්‍රතිෂ්ඨාපනය 25 September 2026
  3. 1 2 3 4 Sharma, Sangeeta (2019). The 5-Minute Clinical Consult 2020 (ඉංග්‍රීසි බසින්). Wolters kluwer india Pvt Ltd. pp. 40–41. ISBN 978-93-89702-05-7. 2021-06-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-04-24.
  4. ↑ Parkin, Alan J. (2013). Memory and Amnesia: An Introduction (ඉංග්‍රීසි බසින්). Psychology Press. p. 85. ISBN 978-1-135-06436-5. 2021-06-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-04-24.
  5. ↑ Kaufman, David Myland; Milstein, Mark J. (2012). Kaufman's Clinical Neurology for Psychiatrists E-Book (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. p. 109. ISBN 978-1-4557-4004-8. 2021-06-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-04-24.
"https://si.wikipedia.org/w/index.php?title=විස්මෘතිය&oldid=800259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි