"මනෝ ව්‍යාධි වේදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය: 12 පේළිය:


පොදුවේ ගත් කළ ප්‍රජානනයේ හෝ ස්නායුක ප්‍රජානන පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වයේ බිඳ වැටීමක් නිසා ඇති වන හැසිරීම් හෝ අත්දැකීම්වල පීඩනයක් , අකර්මණ්‍යතාවයක් ලෙස මනෝ ව්‍යාධික විද්‍යාව වර්ග කළ හැක.
පොදුවේ ගත් කළ ප්‍රජානනයේ හෝ ස්නායුක ප්‍රජානන පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වයේ බිඳ වැටීමක් නිසා ඇති වන හැසිරීම් හෝ අත්දැකීම්වල පීඩනයක් , අකර්මණ්‍යතාවයක් ලෙස මනෝ ව්‍යාධික විද්‍යාව වර්ග කළ හැක.

[[en:Psychopathology]]

13:12, 20 මැයි 2010 තෙක් සංශෝධනය

මානසික රෝග මානසික පීඩන හෝ මානසික රෝග පිළිබිඹු කරන හැසිරීම් / අත්දැකීම් ගැන කරන අධ්‍යයනය මනෝ ව්‍යාධි විද්‍යාවයි. සායනික මනෝවිද්‍යාවේ එන මානසික රෝග ගැන වර්ගීකරණය සහ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික සඟරාවක් ද මේ නමින් හැඳින්වේ. මනෝ ව්‍යාධි විද්‍යාව මානසික රෝග ගැන කරන අධ්‍යයනයක් ලෙස මානසික රෝග ගැන අධ්‍යයනය සඳහා බොහෝ විවිධ ආකාරයේ වෘත්තිකයින් පෙළඹී ඇත. බොහෝ විට මනෝ රෝග චිකිත්සකයින් සායනික මනෝවිද්‍යාඥයින් විශේෂයෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර සහ එහි සම්භවය සඳහා පර්යේෂණ කිරීමට සහ එහි වර්ධනය සඳහා උනන්දු වෙයි. මනෝ ව්‍යාධි විද්‍යාවේ දී බොහෝ උප ක්ෂේත්‍ර ඉවහල් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ස්නායු විද්‍යාඥයින් මානසික රෝගවලදී මොළයේ සිදුවන වෙනස්කම් ඉලක්ක කොට අධ්‍යයනය කරයි. එමනිසා මනෝ ව්‍යාධි විද්‍යාඥයෙක් ලෙස හඳුන්වනුයේ එම ක්ෂේත්‍රයේ විශේෂ පුහුණුවක් ලද බොහෝ වෘත්තිකයන්ගෙන් එක් අයෙකි.

මනෝ චිකිත්සකයින් බොහෝ විට විශ්ලේෂණාත්මක මනෝ ව්‍යාධි විද්‍යාව සඳහා උනන්දු වෙයි. එමගින් ඔවුන්ගේ ඉලක්කය වන රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ සමූහයක එකතුව සපුරා ගනී. එමගින් රෝගිය‍ාගේ රෝග නිර්ණය ද (රෝගියාගේ අත්දැකීම් පවතින වර්ගීකරණය හා සසදා බැලීම) රෝග නිර්ණක පද්ධතියක් සකස් කිරීම ද, (DSM වර්ගීකරණය) කිසියම් රෝග නිර්ණයකට අදාල අත්දැකීම් හා හැසිරීම් ගොණු කරන ආකාරය සඳහා ද උදව්වක් ‍ලබාගනී.

නමුදු මෙය පෞර්ෂත්වයේ රෝගයක් වන මනෝ ව්‍යාධික හැසිරීම හා පටලවා නොගත යුතුය.

මනෝ ව්‍යාධික විද්‍යාව විශ්ලේෂණාත්මක පදයක් ලෙස

ඇතැම් විට ‍කිසියම් රෝගයක් නිර්ණය නොවූවද මනෝ ව්‍යාධික විද්‍යාව මගින් මානසික රෝගයට අදාල හැසිරීම් විස්තර කෙරේ.

මායාවන් හෝ භ්‍රාන්තිය (නොපවතින දෙයක් පිළිබඳ සංවේදනය) මනෝ ව්‍යාධියාගේ ලකුණක් ලෙස සැලකුව ද DSM වර්ගීකරණයේ එක් රෝගයකට අදාල රෝග නිර්ණායක සියල්ල සපුරන්නේ නැත.

පොදුවේ ගත් කළ ප්‍රජානනයේ හෝ ස්නායුක ප්‍රජානන පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වයේ බිඳ වැටීමක් නිසා ඇති වන හැසිරීම් හෝ අත්දැකීම්වල පීඩනයක් , අකර්මණ්‍යතාවයක් ලෙස මනෝ ව්‍යාධික විද්‍යාව වර්ග කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මනෝ_ව්‍යාධි_වේදය&oldid=94617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි