සංස්කරණ
414
ක්
('ටෝගෝ ටෝගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
No edit summary |
||
ටෝගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙරටෙහි දේශ සීමාවන් වේ. එය දකුණු දෙසින්, ලෝමේ (Lome) නම් වූ අගනගරය පිහිටා ඇති, ගිණියා බොක්ක දක්වා විහිදෙයි. ටෝගෝ රාජ්‍යය,දළ වශයෙන් වර්‍ග කිලෝමීටර් 57000 (වර්‍ග සැතපුම් 22,000) ක් භූගෝලීය වශයෙන් ආවරණය කෙරේ. මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.7 කි.
ටෝගෝ රාජ්‍යය, බෙහෙවින් ම කෘෂිකර්මාන්තය මත යැපෙන ඝර්ම කලාපීය රටක් වන අතර වගා කෙරෙන බව භෝග මනාසේ පැලවීමට උපයෝගී වන්නා වූ යහපත් දේශගුණයක් මෙහි තිබේ රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කෙසේ වෙතත්, ටෝගෝ හි භාවිතා කෙරෙන අනෙකුත් බොහෝ භාෂාවන් ද වෙයි. දළ වශයෙන් ජනගහනයෙන් හරි අඩක් පමණ ජාත්‍යන්තර වශයෙන් නිර්නය කෙරැනු දෛනික පහල ආදායම් මට්ටම වන අමෙරිකන් ඩොලර් 1.25 ට වඩා අඩු ආදායම් ලබමින් ජිවත් වන්නෝය.ටෝගෝ, ප්‍රංශය වෙතින් නිදහස ලබා ගත්තේ වර්ෂ 1960 දී ය. වර්ෂ 1967 දී 'ඥසිංබෙ අයඩෙමා' (Ganassingbe Eyadema) ගේ නායකත්වයෙන් සාර්ථ හමුදා කුමන්ත්‍රණයක් දියත් වූ අතර අනතුරැව ඔහු ටෝගෝ හි ජනාධිපතිවරයා විය. ඔහුගේ මරණය සිදුවු 2005 වන විට අයඩෙමා (Eyadema), නූතන අප්‍රිකා ඉතිහාසයෙහි ලා දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයක් දැරෑ පුද්ගලයා බවට පත්ව සිටියේ ය. ඔහු ජනාධිපති ධූරය හෙබවූ කාලය අඛණ්ඩව වසර 38 ක් විය. අනතුරැව වර්ෂ 2005 දී ඔහුගේ පුත් 'ෆාරේ ඥාසිංබේ' (Faure Gnassinbe) නව ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තෝරාපත් කර ගන්නා ලදි.
|
සංස්කරණ
ක්