"ජයගත් හොලිවුඩය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'මේ වන විට ප්‍රංශ හා ඉතාලි චිත්‍රපට ගෝලීය වශයෙන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:52, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

මේ වන විට ප්‍රංශ හා ඉතාලි චිත්‍රපට ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ වී තිබිණි. නමුත් යුරෝපීය චිත්‍රපට කර්මාන්තයට පළවන ලෝක යුද්ධය හේතුවෙන් අතිප්‍රබල බිඳ වැටීමක් සිදු වන විටත් එක්සත් ජනපදය වේගවත් ජයග්‍රහණයක් ලබා තිබිණි. ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය නැතහොත් හොලිවුඩය භූගෝලීය කලාපය කැලිපෝනියාව ලෙස හඳුනා ගැනීමත් සමඟ ලෝකයේ චිත්‍රපට නිෂ්පාදනාගාරය ලෙස තම නිෂ්පාදන බොහෝ රටවලට අපනයනය කර බොහෝ චිත්‍රපට පාලනය කිරීමත් වෙනුවෙන් තමන් ලැබූ ස්ථාවරය එ‍තැන් සිට මේ දක්වාම පවත්වා ගන්නා ලදී.

1920 වන විට වාර්ෂිකව චිත්‍රපට 800 ක් නැතහොත් ලෝකයේ සංචිත නිෂ්පාදනයෙන් 82% ක් නිෂ්පාදනය කරමින් තම හොඳම යුගය එක්සත් ජනපදයට ළඟා විය. චාලිචැප්ලින්ගේ හා Buster Keaton ගේ විහිළු Douglas  Fairbanks ගේ මැර ක්‍රියාවන්  Clara Bow ගේ ප්‍රේම වෘත්තාන්තයන් මීට සරල නිදසුන් වන අතර මොවුන්ගේ මූහුණු ලොව සෑම මහාද්වීපයකම ප්‍රචලිත විය. දෘෂ්‍යමාන ධර්මතාවය වන සම්භාව්‍ය සම්බන්ධිත සංස්කරණය සංවර්ධනය හා අපනයනය කළද ජපානය වැනි ඇතැම් බටහිර නොවන රටවල් ප්‍රබල කලා හා නාට්‍ය සම්ප්‍රදායන්ගෙන් තොරව මෙම ක්‍රමය ඉතා සෙමෙන් යොදා ගන්නා ලදී. මෙම සංවර්ධන චිත්‍රාගාර ක්‍රමය හා දශකයක් පුරා ඇමෙරිකාන් චිත්‍රපටවල ලක්ෂණය වූද, එහි ප්‍රචාර ක්‍රමය වූද තරු ක්‍රමය හා සමඟ සමකාලීන වූ අතර නව ආදර්ශයක් චිත්‍රපට කර්මන්තයට සපයන ලදී. චිත්‍රාගාරවල කාර්යක්ෂමතාවය, නිෂ්පාදනයනිහි සෑම ස්ථාවරයකටම ඉහළ පහළ පාලනය තාක්ෂණික විදග්ධතාවයට හා සැමදා වර්ධනය වන අධික වියදම් සහගත නිෂ්පාදනයන්ට මඟ සකස් කරන ලදී.

මේ අතරම පද්ධතියේ වානිජ්‍ය ක්‍රමිකකරණය හා අලංකාරවත් විපලායනයට යොමු වීම, නිර්භීතකමට හා අනාගත බලාපොරොත්තුව විශාල වශයෙන් අධෛර්යයට පත් කළ අතර මීට මූලිකම උදාහරණය පුරාවෘත්තයන්හි සඳහන් 19 වන සියවසේ අගභාගයේ හා 20 වන සියවසේ Erich Von Stroheim නම් පිළිගත් මතයක්ට පහරදෙන චරිත මෙහෙයවීමයි.



Reference: http://en.wikipedia.org/wiki/History_of_film#Hollywood_triumphant



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ජයගත්_හොලිවුඩය&oldid=89339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි