"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු robot Adding: ru:Фонсека, Сарат
61 පේළිය: 61 පේළිය:
[[no:Sarath Fonseka]]
[[no:Sarath Fonseka]]
[[pl:Sarath Fonseka]]
[[pl:Sarath Fonseka]]
[[ru:Фонсека, Сарат]]
[[ta:சரத் பொன்சேகா]]
[[ta:சரத் பொன்சேகா]]

07:53, 26 ජනවාරි 2010 තෙක් සංශෝධනය

සරත් ෆොන්සේකා
ගොනුව:General Sarath Fonseka.jpg
ජෙනරල් ජී.එස්.සී. ෆොන්සේකා RWP, RSP, USP, RCDS, PSC, SR
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව
පදවියජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
අණදීම්ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි
යුද්ධ හමුදාපති
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය,
1987-89 කැරැල්ල
ප්‍රදානරණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
විශිෂ්ඨ සේවා විභූෂණය,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර

1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.

මරුවා පරදවා දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.

එවන් අභිමානවත් තත්ත්වයක්‌ දිනා ගනිමින් කීර්තිමත් යුද හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.

ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක ගෞරවාන්විත හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග වදියි.

තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය. 2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් ද විනාශ කළ ජෙනරාල් ෆොන්සේකා තමා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකළ අයෙකි.

ආශ්‍රිත

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_ෆොන්සේකා&oldid=82690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි