"බිල් ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'විලියම් ජෙෆර්සන් ක්ලින්ටන් ඇමරිකානු එක්සත් ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
66 පේළිය: 66 පේළිය:
== References ==
== References ==
http://en.wikipedia.org/wiki/Bill_Clinton
http://en.wikipedia.org/wiki/Bill_Clinton

----
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

14:58, 6 ජනවාරි 2010 තෙක් සංශෝධනය

විලියම් ජෙෆර්සන් ක්ලින්ටන්


ඇමරිකානු එක්සත් රාජධානියේ 42 වන ජනපති

ජනවාරි 20, 1993 - ජනාධිපති 20, 2001

උප ජනාධිපති - ඇල්බට් ඒ. ජෝර්ජ් ‍ පෙර සිටි - ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්

පසුව සිටි - ජෝර්ජ් ඩබ්. බුෂ්

අකර්නාස්හි 42 වන ආණ්ඩුකාරවරයා

ජනවාරි 11, 1983 - දෙසැම්බර් 12, 1992

Lieutenant - වින්ස්ටන් බ්‍රයන් (1983-1991) ජිම් ගයි ටකර් (1991 – 1992)

පෙර සිටි - ෆ්‍රෑන්ක් ඩී. වයිට්

පසුව සිටි - ජීම් ගයි ටකර්

අකර්නාස්ති 40 වන ආණ්ඩුකාරවරයා

1979 ජනවාරි 09 – 1981 ජනවාරි 19

Lieutenant - ජෝ. පුසෙල

පෙර සිටි - ජෝ පුසෙල් (වැඩ බලන)

පසුව සිටි - ෆ්‍රෑන්ක් ඩී. වයිට්

පෙර සිටි - ජිම් ගයි ටකර්

පසුව සිටි - ස්ටීව් ක්ලාර්ක්

උපත - 1946 අගෝස්තු 19 (වයස 61) හෝප්, අකර්නාස්

දේශපාලන පක්ෂය - ඩෙමොක්‍රටික්

බිරිඳ - හිලරි රොඩාබ් ක්ලින්ටන්

දරුවන් - ඩෙල්සී ක්ලින්ටන්

Alma mater - ජෝජ්ටවනු විශ්ව විද්‍යාලය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය

බිල් ක්ලින්ටන්

1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම නිව් යෝර්ක් සෙනෙට් සාමාජික හා 2008 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොබාට් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.

නව ප්‍රජාතනත්‍රවාදියෙක් හා තෙවන දාර්ශනික පාලනයක් ගෙන ගිය පාලකයෙකු ලෙස ක්ලින්ටන්ව විස්තර කළ හැකිය. ඔහුගේ පාලන කාලසීමා දෙකෙහිදී ම මේ බව මැනවින් පිළිඹිබු වේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ එකඟතාවය හා ශුභ සිද්ධිය ගොඩනැංවීමේ දී ඔහුගේ ප්‍රතිපත්ති මත ඔහුව මැදහත් දේශපාලන මත දරන්නෙකු ලෙස හඳුන්වන ලදී. සාමය පවතින කාලයේ ඇමරිකානු ඉතිහාසයේ විශාල කාල පරාසයක් පුරාවට ආර්ථිකමය ප්‍රසාරණයක් ඇති කිරීමට ක්ලින්ටන් මුලසුන ගෙන කටයුතු කරන ලදී. ඒ සඳහා සමතුලිත අය වැයක් හා වාර්තාගත ෆෙඩරල් ලාභයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලයේ ගිණුම්කරණ නීති පදනම් කර ගනිමින් ක්ලින්ටන් තම ජනාධිපතිධූරයේ අවසාන භාගයේ වාර්තාගත ලෙස ඩොලර් බිලයන 559 ක ලාභයක් හිමිකර දීමට සමත් විය. ඩිමොක්‍රටික් කොංග්‍රසය සමඟ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා වූ අසාර්ථක වෑයමේ දී සිවු වසරක කාලයක් පුරාවට ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගන්නා ලදී. ක්ලින්ටන්ගේ දෙවැනි කාලය සමයේ දී හෙතෙම ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය විසින් බලවත් දෝෂාරෝපණයට ලක් කරන ලදී. ඒ සාධාරණත්වයේ නාමයෙන් බොරුකීම හා බාධා පැමිණවීම් අරමුණු කොට ගෙනය. නමුත් පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් ඔහුව එකී චෝදනාවලින් නිදහස් කළ අතර ඔහුට තම ජනාධිපතිධූර කාල සීමාව සම්පූර්ණ කිරීමේ හැකියාව ද හිමි විය.

දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ වැඩිම කාල ප්‍රතිශතයක් තම ධූරයේ රැඳී සිට එකී ධූරයෙන් සමුගත්එකම ජනපතිවරයා ඔහු විය. ජනපති ධූරයෙන් සමුගැනීමත් සමඟම ක්ලින්ටන් පොදු ජනයා ඇමතීමටත්, මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමටත් පෙළඹිණි. අන්තර්ජාතික වශයෙන් බලපෑ ගැටළු මර්ධනය කිරීම හා වළක්වා ගැනීමෙහි ලා ඔහු පුරෝගාමීව කටයුතු කළේය. HIV ඒඩ්ස්, පාරිසරික උෂ්ණත්වය වැනි ගැටළු ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගත් ඒවා විය. මෙහි ලා ඔහු විසින් නිර්මාණය කෙ‍රුණු විලියම් ජේ. ක්ලිටන් අරමුදල ද විශේෂ තැනක් ගනී. 2004 වර්ෂයේ දී ඔහු විසින් තම ජීවිත කථාව පාථකයන් වෙත නිකුත් කරන ලදී.



References

http://en.wikipedia.org/wiki/Bill_Clinton


"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=බිල්_ක්ලින්ටන්&oldid=81332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි