"දේශපාලන පක්ෂ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Salin813 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
5 පේළිය: 5 පේළිය:


ප්‍රබල පක්ෂ ක්‍රමයකදී පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ. සමහර අවස්ථාවලදී දේශපාලන,සමාජ හා ආර්ථික තත්ත්ව සහ මහජන මතවාද මෙයට හේතුවේ.තවත් සමහර අවස්ථාවලදී එනම් ප්‍රජාතන්ත්‍රවාදය එතරම් තහවුරු වී නැතිවිට,රාජ්‍ය අනුග්‍රහය හා මැතිවරණ දූෂණ යොදාගනමින් අධිපති පක්ෂය බලයේ රැදේ.මෙවන් විට ඒක පක්ෂ ක්‍රමය සහ ප්‍රබල පක්ෂ ක්‍රමය අතර වෙනස අතුරුදහන්වේ. ප්‍රබල පක්ෂ ක්‍රමයට උදාහරණ ලෙස සිංගප්පූරුවේ “ පීපල්ස් ඇක්ෂන් පාටි ” සහ දකුණු අප්‍රිකාවේ “ඇෆ්‍රකන් නැෂනල් කොංග්‍රසය ” දැක්විය හැක. ප්‍රබල ඒක පක්ෂ ක්‍රමක් 1990 දශකය දක්වා මෙක්සිකෝවේ “ඉන්ස්ටිටියුශනල් රෙවලුෂණරි පාටි ” පැවති අතර ඩි‍මොක්‍රටික් පක්ෂය හරහා ඇමරිකාවේ 1930 සිට 1970 දක්වා පැවතුණි. “පාටි ඕෆ් ද ෆන්ක්ෂනල් ගෲප්ස් ” හරහා [[1970]] සිට 1998 දක්වා ඉන්දුනිසයාවේ ද පැවතී ඇත.
ප්‍රබල පක්ෂ ක්‍රමයකදී පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ. සමහර අවස්ථාවලදී දේශපාලන,සමාජ හා ආර්ථික තත්ත්ව සහ මහජන මතවාද මෙයට හේතුවේ.තවත් සමහර අවස්ථාවලදී එනම් ප්‍රජාතන්ත්‍රවාදය එතරම් තහවුරු වී නැතිවිට,රාජ්‍ය අනුග්‍රහය හා මැතිවරණ දූෂණ යොදාගනමින් අධිපති පක්ෂය බලයේ රැදේ.මෙවන් විට ඒක පක්ෂ ක්‍රමය සහ ප්‍රබල පක්ෂ ක්‍රමය අතර වෙනස අතුරුදහන්වේ. ප්‍රබල පක්ෂ ක්‍රමයට උදාහරණ ලෙස සිංගප්පූරුවේ “ පීපල්ස් ඇක්ෂන් පාටි ” සහ දකුණු අප්‍රිකාවේ “ඇෆ්‍රකන් නැෂනල් කොංග්‍රසය ” දැක්විය හැක. ප්‍රබල ඒක පක්ෂ ක්‍රමක් 1990 දශකය දක්වා මෙක්සිකෝවේ “ඉන්ස්ටිටියුශනල් රෙවලුෂණරි පාටි ” පැවති අතර ඩි‍මොක්‍රටික් පක්ෂය හරහා ඇමරිකාවේ 1930 සිට 1970 දක්වා පැවතුණි. “පාටි ඕෆ් ද ෆන්ක්ෂනල් ගෲප්ස් ” හරහා 1970 සිට 1998 දක්වා ඉන්දුනිසයාවේ ද පැවතී ඇත.





01:13, 5 ජනවාරි 2021 තෙක් සංශෝධනය

ඒක පක්ෂ

ඒක පක්ෂ ක්‍රමය දී බලය හැදෑරීමට ‍නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි.කුඩා පක්ෂ වලට සමහර අවස්ථාවන්වලදී ඉඩ ලැබුණද නීතියට අනුව ඔවුන් බලවත් පක්ෂයේ නායකත්වය පිළිගත යුතුය.මෙම පක්ෂය සෑමවිටම ආණ්ඩුවට සමාන නොවුණත් සමහර විට ආණ්ඩුවේ තනතුරු වලට වඩා පක්ෂයේ තනතුරු බලවත් විය හැක.චීනය වැනි කොමියුනස්ට් රාඡ්‍යයන් ,ජර්මනිය වැනි ෆැසිස්ට් රාඡ්‍යයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුව ඒක පක්ෂ ක්‍රමය සාමාන්‍යයෙන් ඒකාධිපතිවාදයට සහ ප්‍රජා පීඩනයට සමාන කොට සැලකේ.


ප්‍රබල පක්ෂ ක්‍රමයකදී පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ. සමහර අවස්ථාවලදී දේශපාලන,සමාජ හා ආර්ථික තත්ත්ව සහ මහජන මතවාද මෙයට හේතුවේ.තවත් සමහර අවස්ථාවලදී එනම් ප්‍රජාතන්ත්‍රවාදය එතරම් තහවුරු වී නැතිවිට,රාජ්‍ය අනුග්‍රහය හා මැතිවරණ දූෂණ යොදාගනමින් අධිපති පක්ෂය බලයේ රැදේ.මෙවන් විට ඒක පක්ෂ ක්‍රමය සහ ප්‍රබල පක්ෂ ක්‍රමය අතර වෙනස අතුරුදහන්වේ. ප්‍රබල පක්ෂ ක්‍රමයට උදාහරණ ලෙස සිංගප්පූරුවේ “ පීපල්ස් ඇක්ෂන් පාටි ” සහ දකුණු අප්‍රිකාවේ “ඇෆ්‍රකන් නැෂනල් කොංග්‍රසය ” දැක්විය හැක. ප්‍රබල ඒක පක්ෂ ක්‍රමක් 1990 දශකය දක්වා මෙක්සිකෝවේ “ඉන්ස්ටිටියුශනල් රෙවලුෂණරි පාටි ” පැවති අතර ඩි‍මොක්‍රටික් පක්ෂය හරහා ඇමරිකාවේ 1930 සිට 1970 දක්වා පැවතුණි. “පාටි ඕෆ් ද ෆන්ක්ෂනල් ගෲප්ස් ” හරහා 1970 සිට 1998 දක්වා ඉන්දුනිසයාවේ ද පැවතී ඇත.


තුළත බහු පක්ෂ ක්‍රමය

වර්තමාන එක්සත් ජනපදයේ පවත්නා මෙන්ම ද්වීපක්ෂ ක්‍රමයක් නවීකරනය කර ඡන්දදායකයාගේ අදහස් වඩා හොදින් පෙන්නුම් කිරීම සඳහා ප්‍රතිශේධන ඡන්ද බලයක් ලබාදීමෙන් තුලිත බහුතර ඡන්ද ක්‍රමයකට ළගාවිය හැකි බව ඩොනල්ඩ් ආතර් ක්‍රොනෝස් විසින් සිදුකරන ලද අධ්‍යනයන්වලින් හෙළිවී ඇත.සම්ප්‍රදායික සරල බහුතර ඡන්ද ක්‍රමයේ ඇති දුර්වලකම් නම් එක් අපේක්ෂකයෙකු පත්වීම වැලැක්වීම උත්සාහ කිරීමේ දී ඉහලින් සිටින අපේක්ෂකයෙකුට ව්‍යාජ ප්‍රතිජානන ඡන්දයක් හිමිවීමය. තුලිත බහුතර ක්‍රමයකදී ඡන්දදායකයාට තම සැබෑ ප්‍රතිශේදන ඡන්දය සටහන් කිරීමට අවස්ථාවක් හිමිවන බැවින් ප්‍රතිජානන ඡන්ද මතු නොවේ.

තුලිත බහු පක්ෂ ක්‍රමයක් මගින් ප්‍රසිද්ධ වූ එහෙත් ජනප්‍රිය නොවන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ජය ගැනීම වැල‍කේ. එසේ වන්නේ ඔහුට අකමැති ඡන්දදායකයන්ට වඩා නිවරදිව සිය කැමැත්ත ලකුණු කිරීමට අවස්ථාවක් හිමිවන බැවිනි.මේ සඳහා ප්‍රතිශේදන ඡන්ද මෙන්ම ප්‍රතිජානන ඡන්දද වැදගත් වේ. තුලිත වීම සදහා මැතිවරණයක දී සියළු ඡන්දදායකයින්ට මෙම අවස්ථාව ලැබිය යුතුය.පක්ෂ දෙකකට පමණක් අසාධාරණ වාසීන් ගෙන දෙන ප්‍රතිචාර ලුපයද මේ හරහා ඉවත් කෙරේ.සාම්ප්‍රදායික සරල බහුතර ක්‍රමයේ දී ප්‍රතිජානන ඡන්ද පමණක් ලබාදිමට හැකි විට ඡන්දදායකයා ප්‍රතිශේදන මනාපයක් නියෝජනය කිරීමට උත්සාහ දැරීමේ මෙම ප්‍රතිචාර ලුපය ඇතිවේ.ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ ජයග්‍රහන අවම වන විකල්ප තෝරා ගැනීමට මෙහිදී ඡන්ද දායකයාට අවස්ථාවක් ලැබේ.එය උදාහරණයකින් මෙසේ සලකා බැලිය හැකිය.සාමාන්‍ය දිර්ඝ ඉතිහාසයක් ඇති පක්ෂයකින් අපේක්ෂකයින්ගේ ජය ලැබීම සිදුවේ.වෙනත් අපේක්ෂකයකුට පරාජය කරවීමට ඡන්දදායකයාට කළ හැකි එක් කර්යයක් වනුයේ එවන් ඉතිහාසයක් සහිත පක්ෂයකට ඡන්දය දීමයි.ඔහු අකමැති අපේක්ෂකයා ඉදිරිපත් වන්නේ දීර්ඝතම ඉතිහාසක් ඇති පක්ෂයකින් නම්,ඡන්දදායකයා කල යුත්තේ දෙවන දීර්ඝතම ඉතිහාසය සහිත පක්ෂයට ඡන්දය ලබා දීමයි. මේ අනුව ඉතිහාසයක් ගොඩනගාගත් පක්ෂ දෙකකට පමණක් ප්‍රරෝහණ ශක්තියක් පවතින අතර ප්‍රතිචාර ලුපයෙන් වාසි ලබන ඡන්දධායකයන්ට එය අහිමිවේ.

ප්‍රතිශේදන ඡන්ද ක්‍රමයක් මහජන ඡන්දයට හෝ මැතිවරණ විද්‍යාල ඡන්දයක් සදහාද භාවිතා කල හැක. මැතිවරණ විද්‍යාලය මහජන ඡන්දය නියෝජනය කරන්නේ නම්, විද්‍යාලයට මෙන්ම,මහජනතාවට ද තුලිත මැතිවරණ අවස්ථාව ලබාදිය යුතුය.

බහු පක්ෂ

බහුපක්ෂ ක්‍රමය යනු පක්ෂ දෙකකට වැඩියෙන් තරග කරන ක්‍රමයකි.

යුරෝපියන් පාර්ලිමේන්තු ඡන්දයේදී පක්ෂවල නම් ලැයිස්තුව පෝස්ටර් යොදාගෙන පෙන්වා ඇති අයුරු

ප්‍රබල පක්ෂ දෙකකට අමතරව සාර්ථක තුන්වන පක්ෂයක්ද පවතින රටවල් බහු පක්ෂ ක්‍රමයට ගැනේ. උදාහරණ ලෙස කැනඩාව,අයර්ලංතය සහ එක්සත්‍ රාජධානිය දැක්විය හැක. මෙම තෙවන පක්ෂය මැතිවරණවලදී දෙවන ස්ථානය ලබාගන්නා අතර එය ප්‍රධාන පක්ෂ දෙකට තර්ජනයක් වූවත් තවමත් රජයක් පිහිටුවා ගෙන නැත.මෙවන් පක්ෂයක් විශේෂයෙන් වැදගත් වනුයේ එහි සහයෝගයන් හෝ විරෝධයෙන් සුළුතර රජයක් පවත්වා ගැනීමට හෝ නිමා කිරීමට හැකි බැවිනි.

පක්ෂ තුනම එකම කාලයක බලයට පත්වන අවස්ථා දුබලය.එවැනි අවස්ථාවකට උදාහරණයක් ලෙස ෆින්ලන්තය දැක්විය හැකිය. කොලොම්බියාව ද්වී පක්ෂ ක්‍රමයක් පැවති රටක් වුව ද 2002 මැතිවරණයෙන් පසු ඇල්වරෝ උරිවේගේ දර්ශනය නිසා එම රජයට පක්ෂ හයකට නායකත්වය දීමට අවස්ථාව හිමිවිය.

පක්ෂ තුනක් හෝ වැඩි ගණනක් පවතින විට දී සුලබව සිදුවන්නේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගත නොහැකි වීමයි. ඔවුන් එකිනෙකා සමග එක්වී සන්ධාන ගත රජයන් පිහිටු වීමය. අයර්ලන්තයේ සහ ජර්මනියේ මෙය සිදුව ඇත. සන්ධාන ගත රජයක ප්‍රධාන දුර්වලකම වන්නේ එය අස්ථාවර වීම සහ වෙනස්කම් නිසා අනතුරුවලට භාජන වීමට හැකවීමය.


ප්‍රධාන දෙපක්ෂය

එක්සත් ජනපදය හා ජැමෙයිකාව වැනි පක්ෂ දෙකක් පවත්නා රටවල තුන්වන පක්ෂයක් යටතේ තරඟ කොට මැතිවරණ ජයග‍්‍රහණය කිරීම ඉතා අසීරු කරුණකි. බොහෝ විට මෙහිදී එක් දක්ෂිණාංශික සන්ධානයක් සහ එක් වාමාංශික සන්ධානයක් දක්නට ලැබේ. එහෙත්, මෙබඳු රටවල සියලූ පක්ෂ ඇතුළත්ව සකස් වන පුළුල් සන්ධානයන් ද දක්නට ලැබේ.

බහුවිධි ඡන්ද ක‍්‍රමය (එක්සත් ජනපදය වැනි) සාමාන්‍යයෙන් පක්ෂ දෙකක් සහිත ක‍්‍රමයක් කරා මඟ පාදන අතර, මෙය මවුරිස් ඩුවර්ජර් (Maurice Duverger) විසින් ඩුවර්ජර්ගේ නීතිය ලෙස ද හඳුන්වා දී තිබේ.


පක්ෂ විරහිත බව

පක්ෂ රහිත ක‍්‍රමයක් තුළ පිළිගත් දේශපාලන පක්ෂ නොපවතින අතර, සමහර අවස්ථාවලදී පවත්නා දේශපාලන පක්ෂ මත නීතිමය සීමාවන් දක්නට ලැබේ. මෙම ක‍්‍රමය තුළ සෑම අපේක්ෂකයකුම තම පෞද්ගලික සුදුසුකම් මත තේරී පත් වේ. ව්‍යවස්ථාදායකය තුළ විධිමත්ව පක්ෂ නිර්මාණය වන ආකාරය දක්වා නොමැත. ජෝර්ජ් වොෂින්ටන්ගේ පරිපාලනය සහ එක්සත් ජනපද කොන්ග‍්‍රසයේ පළමු සැසිවාර අපක්ෂපාති ඒවා විය. එසේම, වොෂින්ටන් තම සමුගැනීමේ කතාව තුළ ද දේශපාලන පක්ෂවලට එරෙහිව කතා කළේය. එක්සත් ජනපදයේ වර්තමාන එකම පක්ෂ විරහිත ආණ්ඩුක‍්‍රමය වන්නේ නෙබුස්කා හි (Nebraska) ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයයි. බොහෝ නගර හා කෝරළ ආණ්ඩු පක්ෂ රහිත ය. කැනඩාවේ, වයඹ දිග කලාපයන්හි ව්‍යවස්ථාදායකයන් සහ නුනාවුට් (Nunavut) හි පවතින්නේ පක්ෂ රහිත ක‍්‍රමයකි. මෙය වඩාත් ජනප‍්‍රිය වන්නේ රාජ්‍යයෙන් පිටත ආයතන තුළය. දේශපාලන පක්ෂවලට විරුද්ධ යම් නීතියක් පවතින්නේ නම් මිස, මෙබඳු ක‍්‍රම තුළ ද පසුකාලීනව පක්ෂ බවට පරිවර්තනය විය හැකි බොහෝ බෙදීම් දක්නට ලැබේ.


සටහන්

| Political party - Balanced multiple party systems |}

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලන_පක්ෂ_ක්‍රම&oldid=472190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි